ඇස් පනාපිට බිඳ වැ‍ටුන අපේ කාලයේ මිනිසුන්ගේ අධ්‍යාපනයේ සුභසිහිනය ( ජවිපෙ ගැන 4)

0
124

අද මෙරට දරුවෙකු පාසැල් අධ්‍යාපනය නිම කරන්නේ අවු 20 දීය. තවද පාසැල කිසිදු වෘත්තීය සුදුසුකමක් ලබා නොදෙයි. ලංකාවේ පාසැල් අධ්‍යාපන සහතිකය විදේශ ‍රැකියා වෙළද පොලේ කම්කරු ‍‍රැකියාවක් සොයා ගැනීමටවත් ප්‍රමාණවත් නැත.

එනම් ලංකාවේ අධ්‍යාපනය ගෝලීය සහ ආර්ථික ප්‍රවණතා වලට අනුරූපව වෙනස් වී නැත. විදේශ රටවල තත්වය මීට වෙනස්ය . එහි දරුවන් පාසැල් අධ්‍යාපනය නිම කරන්නේ උපාධියකිනි. තවද එය ලංකාවේ මෙන් කිසිදු වැඩකට නැති කලා හෝ වාණිජ උපාධි නොවේ.

දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය ”ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත ” කියමන අර්ථ වත් කරන එකකි. එනම් පාසැල යනු තමන්ට ගැලපෙන ඕනෑම විෂය ක්ෂේත්‍රයක වෘත්තිය දැනුම සහ උපාධිය දෙන ආයතනයකි. විදේශ රටවල දරුවන්ට අවු 18 වන විට පාසැල් අධ්‍යාපනය නිම කොට මූලික උපාධියක්ද සහිතව ‍රැකියා වෙළද පොලට ඇතුල් විය හැක

මේ වන විට ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක වටිනාකම ලංකාවේ පුරවැසියන්ට ඉතා හොඳින් දැනී ඇත.මෙරට පාසැල පරිඝණක, මෝටර් රථ , වඩුවැඩ, පෙදරේරු, ඇඳුම් නිර්මානය , ආහාර පිසීම, සංචාරක වැනි ක්ෂේත්‍ර වල දැනුම සහ උපාධිය ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුව ඈත.

මෙරට රජය මීට අවු 43 කට පෙර එවැනි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට සූදානම් වූ බව කීවොත් ඔබ එක් වරම විශ්වාස නොකරනු ඇත. නමුත් එම කථාව ඇත්තය. 1981 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ලෙසින් පාර්ලීමේන්තුවට ඉදිරිපත් වූයේ එයයි .

තමුත් ජවිපෙ ඊට එරෙහි විය. ඔවුන් ජනයාට තේ කෝප්පයේ කිඹුලන් පෙන්නුවේය. ජවිපෙ, ඊට එරෙහිව පාසැල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් , දෙමාපියන් සහ පූජ්‍ය පක්ෂය කුපිත කළේය.

ව්‍යාජ ලෙස වර නැගූ ජනතා විරෝධය නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරියට නොගියේය. එදා එපා කී යෝජනාවලියේ වැදගත්කම තේරුම් ගැනීමට මෙරට ජනයාට වසර 43 ක් ගත විය.එදා එපා කී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අද ජනයා විසින් ඉල්ලා සිටියි .

1981 රනිල් විසින් ඉදිරිපත් කොට ජවිපෙ විසින් ප්‍රතික්ෂේප කළ යෝජනාවලිය අද ජනයාට ඉල්ලීමට සිදුවීම දෛවයේ සරදමක් මෙන්ම ඛේදවාචකයකි. කෙසේ වුවද ප‍ටු දේශපාලනය සහ ජනයාගේ මුග්ධ බව පරපුරක සුභ සිහින බොඳ කිරීමට හේතු විය. අද ජවිපෙ තමන් කළ ජාතික අපරාධය ගැන නිහඬය.