පුහුල් හොරා කරෙන් ඇල්ලුවා සේ මත් ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සුදුකරපටි තක්කඩි හඳුනා ගනිමු

0
116

පසුගිය වසර 50 පුරා මත් දව්ය සමබන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගත්තේ නැත .මේ නිසා මත් ද්රව්ය New normal රැල්ලක් බවට පත් විය. මත් ද්රව්ය විකිනීම සහ භාවිතා කිරීම සමාන්ය දෙයක් බවට පත් විය.පාසැල මත් ද්රව්යවලට ඇබ්බැහි වීමේ තිඹිරිගෙය ගෙය බවට පත් විය.

මත් ද්රවය ජාවාරම් කරුවන් ප්රදේශයේ ප්රභූන් බවට පත් විය. ආරක්ෂක අංශ මත් ද්රව්ය ජාවාරම කරුවන් සමහ එකට නිදා ගන්නා තත්වයට පත් විය.

එම තත්වය රටේ දරුවන්ට එරෙහි නියත අනතුරක් බව අමුතුවෙන් කිව යුතු නැත.කරුණු එසේ හෙයින් පාඩු තිබුණද ටිරාන් සහ දේශබන්දු මත්ද්රව්ය මැඩලීමට දියත් කළ මෙහෙයුම කාලීන අවශ්යතාවකි.

මත්ද්රව්ය ජාවාරම මුහුදේ පාවෙන අයිස් පරයක් වැනි දෙයකි. එහි දර්ශනය වන කොටස සීමිත වන අතර දර්ශනය නොවන විශාල කොටසක් මුහුදු පත්ලට කිඳාබැස පවතියි. මේ වන විට යුක්තිය මෙහෙයුමට එරෙහිව විවිධ බලවේග ක්රියාත්මක වෙමින් පවතියි.

විශේෂයෙන් ප්රභල දේශපාලනඥයන් දෙදෙනෙකු යුක්තිය මෙහෙයුම හෑල්ලු කරන ප්රකාශ නිකුත් කරනු දැකිය හැකි විය.

1. First case – ”පොලීසිය අල්ලන කුඩු, වාර්තාව එන විට පාන් පිටි වෙනවා”. – අධිකරණ ඇමති විජේදාස කීවේය

කෙසේ වුවද අත්අඩංගුවට ගන්නා කුඩු ගැන වාර්තාව නිකුත් කරන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවය. එම දෙපාර්තමේන්තුව පවතින්නේ විජේදාස යටතේය. එම දෙපාර්ත්මේන්තුව දූෂිත එකක් බව ප්රකට කරුනකි. තවද විජේදාසගේ පුත්රයාගේ නීති සමාගම කුඩු පාතාකයන්ගේ නඩු කථා කරන බවට බරපතල චෝදනාවක් ඇත.

කරුණු එසේ හෙයින් විජේදාස , තමන් යටතේ තිබෙන ආයතනයට එල්ල වී තිබෙන චෝදනා ගැන සොයා බලනවා වෙනුවට පොලීසියේ ප්රතිරූපය හානි කරන ප්රකාශයක් කිරීම ගැටළු සහගතය

2. Second case – ”යුක්තිය මෙහෙයුම නිසා අත් අඩංගුවට පත්වන්නන්ගේ දරුවන් අනාරක්ෂිත වෙනවා” – මෙම ප්රකාශය නිතුත් කළේ පාඨලී චම්පිකය.

චම්පික විදුලි බල ඇමති කාලයේ ගල් අගුරු ටෙන්ඩරයෙන් බිලියන ගනනක් වංචාවක් සිදු කල බවට ටිරාන්ගේ මව්බිම පුවතක් පල කළේය. එම පුවතින් තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් චම්පික නඩු දැම්මේය. නඩු විභාගයේදී අපූරු දෙයක් සිදු විය. ”තමුන්ට හානි කරන්න කීර්ති නාමයක් තිබෙනවාදැයි ” ටිරාන්ගේ තීතීඥවරු තර්ක කළහ. මේ නිසා ටිරාන් සහ චම්පික අතර ගැටුමක් ඇත.

යුක්තිය මෙහෙයුමේ අඩුපාඩු තිබිය හැක . නමුත් කළ යුත්තේ ඒවා පෙන්වා දීම මිස ”යුක්තිය” මෙහෙයුම අඩාල කිරීමට කුමන්ත්රණ කිරීම නොවේ . පටු අරමුනු වෙනුවෙන් මත් දව්ය මැඩලීමේ වැඩසටහන විවේචනය කිරීම ජාතික අපරාධයකි.