දේශපාලනයේදී වඩා වැදගත් වන්නේ ක්‍රියාකාරීත්වයෙන් ලබා ගන්නා වලංගුභාවයයි. හුදු විවේචනයෙන් රජුන් තැනිය හැකි නම් අන්දරේද රජෙකි – ( ජවිපෙ ගැන 5 )

0
79

2024 මැතිවරණ වර්ෂයකි. නමුත් ජයග්රාහි පක්ෂය පිලිබදව අනාවැකි කීම පහසු නැත. ඊට හේතුව ආර්ථික අර්බුධය ජනයාගේ දේශපාලන හැසිරීම් ගුප්ත ලෙස පාලනය කිරීමය . අද බොහෝ දෙනෙක් තමන්ගේ දේශපාලන කුලය සඟවන තත්වයක සිටියි . තමන්ගේ දේශපාලන කුලය ප්රදර්ශනය කරන්නේ ජවිපෙ පමනි.

ජවිපෙ, මෙතෙක් රට පාලනය කළ පක්ෂ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් කරයි. ජවිපෙ ජනප්රිය වීමට හේතුව අනෙකා වෙත වරද පවරා කරන එම විවේචනය මිස ඔවුන් රටට සාධනීය දෙයක් කිරීම නොවේ.

ලංකාවේ ආර්ථික අර්බුධයට වගකිව යුත්තේ පාලකයන් මිස බදු ගෙවන ජනතාව නොවන බව සරල තර්කයකි. තවද ආර්ථික අර්බුධය මෙරට සාමාන්ය ජනයාට වේදනාත්මකව දැනෙන දෙයකි.ඒ අනුව ආර්ථික අර්බුධයට ”අරූ වගකිව යුතුයි, මූ වගකිවයුතුයි ” ලෙසින් ජෙවීපී පවත්වන කථා සාමාන්ය ජනයාට ආනන්දජනකය. ජවිපෙ සාමාජිකයන් දේශපාලකයන්ට චෝදනා චෝදන කරමින් හදන FB පෝස්ට් ශෙයා කිරීමට ජනයා කැමතිය. මෙම තත්වය සමාජ ජාලා තුල ජවිපෙ හිට් වීමට බලපායි.

75 වසරක් රට පාලනය කළ පක්ෂ ගැන ජනයා කලකිරී සිටින බව සත්යයකි. ජාතික නායකයෙකු සම්බන්ධයෙන් රික්තයක් පවතින බව සත්යකි.ප්රශ්න විග්රහ කිරීම සහ අනෙකා විවේචනය කිරීම නිසා අනුර කුමාර ජනප්රිය වී සිටන බවද සත්යකි. නමුත් එය අනුර කුමාරට රාජය බලය දීමට තරම් හේතුවක් විය හැකිද?

කන්ද උඩරට අවසන් රාජ්ය සමයේ පැවතියේද මෙවැනි තත්වයකි. එකල රජපෙලපත මෙන්ම රදලයන් ගැන ජනයා කලකිරී සිටියහ. රාජ්ය තුල විශාල බල අරගලයක් පැවතුණි. එම අරාජිකත්වය ජනයාට වේදනාත්මක විය.මේ නිසා විකල්ප නායකයෙකුට දැඩි ඉල්ලුමක් තිබුණි. එකල අන්දරේ නම් පුද්ගලයෙකු රජු විවේචනය කිරීම නිසා රට පුරා ජනප්රිය විය. ඔහුගේ කථා ඇසීමට ජනයා රැස් කෑහ .ඔහු කරන කියන දෑ ගැන ජනයා දොරින් දොර කථා වූහ.

කොතරම් ජනප්රිය වුවද අන්දරේ රාජ්යත්වයට පත් කිරීමට ජනයා කැමති වූයේ නැත. ඊට හේතුව රාජ්යත්වය සමබන්ධ කාරනයකට ක්රියාකාරීත්වයෙන් ලබා ගන්නා වලංගුභාවයක් අවශ්යවීමය

අනුර කුමාර ජනප්රිය වුවද ඔහු රාජ්යත්වයට පත්කිරීමට ජනයා සලකා බලන්නේ නැත . හේතුව අනුර කුමාර යනු ක්රියාකාරීත්වයෙන් වලංගුතාවක් ලබාගත් පුද්ගලයෙකු නොව අන්දරේ මෙන් කථා පවත්වා ජනප්රිය වූ පුද්ගලයෙකු වීමය.

රාජ්ය පාලනයේදී වැදගත් සාධකය වන්නේ කථා පවත්වමින් ලබා ගන්නා ජනප්රියභාවය නොව ක්රියාකාරීත්වයෙන් ලබා ගන්නා වලංගුතාවයය.
www.NationalAlert.lk