බඩගෝස්තර යූ ටියුබ් කාරයින් නිසා විනාශ වන ජනමාධ්‍ය  බල කණුව

0
87

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත  පාර්ලීමේන්තුවට ඉදිරි පත් වූයේ 2023 ඔක් මස 3 දිනය.

රටක  මාධ්‍ය නියාමනයක්  තිබිය යුතුය. අනිසි සමාජ මාධ්‍ය භාවිතාව නිසා වින්දිතයන් වන්නේ පාලකයන් පමනක් නොවේ විශේෂයෙන් මේ රටේ සාමාන්‍ය පුරවැසියන් දහස් ගනනින් අනිසි සමාජ මාධ්‍ය නිසා වින්දියන් බවට පත්වී ඇත.

විදේශ රටවල සිට දේශපාලන ‍රැකවරණ ලබන පුද්ගලයන් මුදල් ඉපයීමේ පහසු මාර්ගයක් ලෙස යූ ටියුබ්  නාලිකා ක්‍රියාත්මක කරයි. තවද එම නාලිකා වල රීච් වැඩි කර ගැනීමට අසද්ධ බොරු ජනගත කරයි.

එංගලන්තයේ  සිට යූ ටියුබ් නාලිකාවක් කරන  අජිත් ධර්මපාලගේ හැසිරීම මීට හොද උදාහරණයකි.

අධිවේගී මාර්ගයේ රාජකාරී අතර තුර මිය ගිය SI රුවන් කුමාරගේ සිදුවීමේදී , ඊට අදාල කාන්තාව ඉනෝකා රාජපක්ෂ යයි ඔහු කීවේය. නමුත් එය අසද්ධ බොරුවකි.

අජිත් පසුගියදා කවිඳු 1 බහුදින යාත්‍රාව වටලා  අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය කිලෝ 200  ගැනද අමූලික බොරු  කීවේය.

මාධ්‍යකරණයේ මුවාවෙන් අජිත් ධර්මපාල සිදුකරන අපරාධ පොඩි නැත . ඔහු නියම අපරාධකරුවන් සඟවනවා පමනක් නොව  නිර්දෝෂී පුද්ගලයන්ට අපරාධ ලේබලය අලවයි.

අජිත් ධර්මපාල ප්‍රස්තුත ගත මත්දව්‍ය කිලෝ 200 යේ සිදුවීමට අම්බලන්ගොඩ දසුන් ලයාන්  යන අය සම්බන්ද කළේය. ඔහු එම සිදුවීමට කිසිදු සම්බන්දයක් නැති අයෙකි

අජිත් ධර්මපාලගේ ව්‍යාජ ප්‍රවෘත්තියෙන් අගතියට පත් දසුන් ලයාන් ලංකාවේ මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය ආයතන ගණනාවකට තමන්ගේ දුක කීවේය. ඔහු අජිත් ධර්මපාලටද කථා කළේය.එහිදී අජිත් ධර්මපාල තමා අතින් වරදක් සිදුවූ බව පිලිගත්තේය.

නමුත් දසුන් ලයාන්ට සාධාරණයක් ඉ‍ටු වූයේ නැත. එමෙන්ම අජිත් ර්මපාල අසද්ධ බොරු වගකීමෙන් ප්‍රකාශ කිරීම දිගින් දිගටම කරමින් සිටියි.

සමාජ මාධ්‍ය නියාමනය  ගැන නීති සම්පාදනය කිරීමට යන කාල වකවානුවක මෙවැනි සිදුවීම ඇති වීම කනගා‍ටුවට කරුනකි. මාධ්‍ය නියාමනය නීති ගත  වීමට මෙවැනි සිදුවීම නියත විවරණ දෙනු ලබයි