රිෆා කාදර් පමනක් නොව මුස්ලිම් පාතාලයේ කුඩු සල්ලි වලට ගිජුවී සත්‍ය විකෘති කරන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුය

0
102

සිදුවීම

දෙහිවල සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත. එය කඩා බිඳ දැමුවේ රාජ්‍ය ආයතන කිහිපයක මැදිහත්වීමෙනි. හෝටලය කඩා දැමීමට හේතුව ලෙස කරුණු දෙකක් ප්‍රකාශ විය

1. ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් වීම

2. මෙම හෝටලයේ හිමිකාරත්වයට ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධ වීම

නමුත් හෝටලයේ අධ්‍යක්ෂකවරුන් වන රිෆා කාදර් සහ සම්පත් අත්තටගෙ මාධ්‍ය හමු පවත්වමින් හෝටලය නීතියානුකූල බව ප්‍රකාශ කළහ.

පසුබිම් සෝදිසි

මෙම හෝටලයේ එක් අධ්‍යක්ෂකවරයෙක් වන රිෆා කාදර් මාලිගාවත්ත ප්‍රදේශයේ අයෙකි . මාලිගාවත්ත පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සමග බැඳුණු නමකි. රිෆා කාදර්ගේ මව සිවිල් සේවයේ සිටි කාන්තාවකි. නමුත් පුත්‍රයාට එම මග යාමට හැකිවූයේ නැත.

රිෆා කාදර් තරුණ අවධියේදී මාලිගාවත්තේ රජ කළේ සුදාකරන්ගේ දෙමළ පාතාලයයි. රිෆා කාදර් මුලින්ම සම්බන්ධතා ගොඩනඟා ගත්තේ දෙමළ පාතාලය සමගය. එකල දෙමළ පාතාලයට එරෙහිව මුස්ලිම් පාතාලයක් ගොඩනැගෙමින් තිබුණි. මුස්ලිම් පාතාලය ගොඩනැගීමට කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වූ බාබර් ඉමිටියාස් විශාල සහයෝගයක් ලබා දුනි.

කුඩු නූර්,ෆාජි, ටෝජි, ආනමාලු ඉමිටියාස් , මංජල් අක්‍රම් , අයුබ් ඛාන්, මාමස්මි , මාස්ටර් ඉමිටියාස් වැනි අයවලුන් මුස්ලිම් පාතාලයේ නායකයන් විය. කෙසේ වුවද මුස්ලිම් පාතාලය ගොඩනැගීමට උදව් කළ කොළඹ නාගරික මන්ත්‍රී බාබර් ඉමිටියාස් දෙමළ පාතාලය අතින් මැරුම් කෑවේය.

කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට දී සුදාකරන්ගේ වෙඩික්කරුවකු අතින් ඔහු මරණයට පත්විය. බාබර් ඉමිතියාස් කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිටට රැගෙන ගියේ රිෆා කාදර් බවට බලවත් සැකයක් විය. මෙම අවනඩුව විභාග කළ මුස්ලිම් පාතාලය රිෆා කාදර්ගේ ලිංගේන්ද්‍රය කපා දැමුවේය.

මුස්ලිම් පාතාලයේ නැගිටීමත් සමග දෙමළ පාතාලය අතුරුදහන් විය. ටික කාලයක් ගතවෙත්ම රිෆා කාදර් , මුස්ලිම් පාතාලයේ නායකයකු වූ ෆාජීට සමීප විය. ඉන්පසු ෆාජිට කේලම් කියන්නා මෙන්ම උපදෙස් දෙන්නා වූයේ රිෆා කාදර් ය. රිෆා කාදර්, ෆාජිගේ පාතාලය යොදවා ක්ෂේත්‍ර කිහිපයක බලය අත්පත් කරගත්තේය ඒවා අතර,

1. කුරුවි වෙළඳාම. ( ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලට ගොස් ගුවන් මගින් භාණ්ඩ ගෙන ඒම)

2. මත්ද්‍රව්‍ය ජාවාරම

3. කප්පම් ගැනීම

උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් පාතාලය මර්ධනය කිරීමට කටයුතු කළේය. ෆාජි, තෝජි, මංජල් අක්‍රම්, මාමස්මී ආනමාලු ඉමිටියාස් , නූර් වැනි මුස්ලිම් පාතාල නායකයින් ඝාතනය විය. මුල් වටයේදී ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ මාමස්මීට සහ මාස්ටර් ඉමිටියාස්ට පමණි. එකල රිෆා කාදර් විසින් මාමස්මි බැංකොක් වලට රැගෙන ගිය බව බුද්ධි අංශ වාර්තාවල ඇත.

රිෆා කාදර් අනෙක් පැත්තෙන්,  ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවට පැන ගිය මාස්ටර් ඉමිටියාස් බෝට්ටුවක් මගින් ලංකාවට ගෙන්වා ගෙන ඉන්පසු කටාර් වලටත් , එහි සිට ඩුබායිවලටත් රැගෙන ගියේය.

ඩුබායි වලදී මාස්ටර් ඉමිටියාස්, රිෆාකාදර් සහ කිඹුලා ඇළ ගුණා එකට ගනුදෙනු කළ බවට සාක්ෂි ඇත. සෝල් බීචී හෝටලයේ ප්‍රාග්ධනය තුල එම මුදල් ද ඇත.

2017 කාලයේදී ගොත අසංකගේ කල්ලිය අතින් අලුත් කඩේ රිස්කාන් නම් පාතාල සාමාජිකයා මැරුම් කෑවේය. රිස්කාන්, මාකඳුරේ මධුෂ්ගේ සහ කංජිපානි ඉම්රාන්ගේ හිතෛෂියක් විය. රිස්කාන් ඝාතනය කිරීමට වලව්වත්තේ ෆයිසර් සහ මාලිගාවත්තේ බයියා උදව් කළේය. පිළිබඳව මාකඳුරේ මධුෂ් කෝපයෙන් පසුවිය.

මේ අතර මාලිගාවත්තේ බයියා සහ වලව්වත්තෙ ෆයිසර් පවුල් පිටින් ඉන්දියාවට පිටත් විය. ඊට අනුග්‍රහය දැක්වූයේ අප කතා කරන රිෆා කාදර්ය.

2018 වර්ෂයේදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අන්නාසි මොරිල්, රහිම්, ෆයිසර් සහ බයියා අතර හමුවක් සිදුවිය. එම හමුව සිදුවූයේ 79, ECR beach side road, Chennai යන ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී නිවහනයේදීය.ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේ ද රිෆා කාදර් ය.

2021 වර්ෂයේදී කිඹුලා ඇළ ගුණා ඉන්දීය අත්අඩංගුවට පත්විය.එම සිද්ධියෙන් පසු කිඹුලා ගුණාගේ පවුලෙ අය ඩුබායි වෙත රැගෙන ගියේ රිෆාකාදර් ය.

2021 වර්ෂයේදී කංජිපාණිගේ පියා ප්‍රහාරයකට ලක් විය. එම ප්‍රහාරය එල්ල කළේ මන්නාකන්නා විසිනි. ප්‍රහාරයට අණ දුන්නේ පූගුඩි කන්නාය . මේ නිසා කංජිපාණි, පූගුඩි කන්නා සමග වෛරයෙන් පසු විය. එහිදී රිෆා කාදර්, පූගුඩි කන්නාට උදව් කළේය. පූගුඩි කන්නාගේ බිරිඳ, දරුවා සහ සහෝදරයන් ඩුබායි වලට රැගෙන ගියේය.

රිෆා කාදර් ,ශිරාන් බාසික් පමණක් නොව මොහොමඩ් සිද්ධික් සහ මුජහිද් සමඟද ගනුදෙනු කරයි.

 

විශේෂ කරුණු

2015 දී වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන එක ගුවන් යානාවෙ ලංකාවට ගෙන ආවේය. වෙලේ සුදා ජීවිතාන්තය ජීවිතාන්තය තෙක් සිරගෙට ගියේය. මොහොමඩ් සිද්ධික් නිදහස් විය.

කංජිපානේ ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ් ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන එක ගුවන් යානාවෙ ලංකාවට ගෙන ආවේය. මදුෂ් මරණයට පත්විය. කංජපානි ඉම්රාන් නිදහස් විය.

ශිරාන් බාසික් මත්ද්‍රව්‍ය වලින් උපයා ගත් කෝටි ගණන් මුදල් යොදවා ලංකාවේ දේපළ අත්පත් කරගනිමින් සිටී.

මොහොමඩ් මුජහීද් ලෝකය පුරා රවුම් ගසමින් මත්ද්‍රව්‍ය ජාලය පුළුල් කරමින් සිටී.

 

නිර්දේශය

මුස්ලිම් පාතාලයට සහ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ දියත් කළ මෙහෙයුමෙන් පසු කිසිදු මෙහෙයුමක් මේ දක්වා සිදුව නැත. ගෝඨාභයගේ මෙහෙයුම සිදුවූයේ 2011 – 2013 කාලයේදීය.

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෆා කාදර් අත්අඩංගුවට ගෙන ඉහත කරුණු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කළ යුතුය. මුස්ලිම් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මැඩීමට පුළුල් මෙහෙයුමක් දියත් කළ යුතුව ඇත

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මුස්ලිම් පාතාලයේ කුඩු සල්ලි වලට යටවී, දඩ මස් ගොරකා කරන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ යුතුය

National Alert