අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 13

සංචාරක ඇමති ඩයනා මද කිපී රනිල්ට සහ චීනයට පුප පෙන්වූවාද ?

0

තායිවානයේ ජාතික දිනය ඔක්තෝබර් මස 10 වෙයි . ඊට  සමගාමීව ඔක් මස 11 දින කොළඹ කිංස්බරි හෝටලයේ රාත්‍රී භෝජනයක් පැවැත්වුණි. එම රාත්‍රී භෝජන  සංග්‍රහය පිලිබදව,  2022 ඔක් මස 11 දිනැති ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවක් පල කොට ඇත.  ඩේලි නිවුස් ශ්‍රී ලංකා රජය විසින් පාලනකරන මාධ්‍ය ආයතනයකි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, චෙන්නායි නුවර සිටින තායිවාන් ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බෙන් වැන්ග්ය . ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය ඇමති ඩයනා ගමගේ සහභාගි විය.

ඩේලි නිවුස් පුවත් පත කිංස්බරි හෝටලයේ පැවති උත්සවය වාර්තා කිරීමට යොදා ගත් ශීර්ෂය පහත පරිදිය. ”ශ්‍රී ලාංකේය සංචාරක ඉතිහාසයේ නව පරිච්ඡේදයක් විවෘත කරමින්, තායිවන් ජාතිකයන්ට සුවහනීය ලෙස  මෙරටට පැමිණිය හැකි පරිසරය කිරීමට ශපත කරයි”.

තවද තායිවාන් ජාතිකයන්ට ඉන්දියාව විසින්  අනුගමනය කරන වීසා මාදිලිය හදුන්වා දීමට ඩයනා ගමගේ පොරොන්දු වූ බව ඩේලි නිවුස් පුවත් පත වාර්තා කොට ඇත. ඒ පිලිබදව ඇය ජනපති රනිල් සමග සාකච්ජා කොට අවශ්‍ය කටයුතු යොදන බව එහිදි ප්‍රකාශ කොට ඇත.

විසා ගැටළුවට විසඳුමක් ලැබුන හොත්, මාලදිවයින සහ ඉන්දියාව හරහා ගුවන් ගමන් ආරම්භ කරන බව,  බෙන් වැන්ග්  පවසා ඇත . කරුණු එසේ හෙයින්  කිංග්ස්බරි  හෝටලයේ පැවති උත්සවය සංචාරක අමාතංශය විසින් සංවිධානය කළ නිළ උත්සවයක් බව නිගමනය කළ හැක.

මේ වන විට චීනය සහ තායිවානය අතර යුධ උණුසුමක් වර්ධනය වී ඇත. චීනය තායිවානය දකින්නේ තම රටෙන් බිඳී ගිය ‘පළාතක්’ ලෙස ලෙසය.තායිවානය යලි චීන දේශය  හා බද්ධ කරගැනිමට චීන රජය අනවරත උත්සාහයක නියලී සිටියි. මෙම ක්‍රියාදාමය ”එක් චීනයක්;; ප්‍රතිපත්තිය ලෙස හඳුන්වයි.

මෙරට ජනපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු මාසයේදී තායිවානය සම්බන්ධයෙන්  වැදගත්  ටිවිටර් පනිවිඩයක් නිකුත් කළේය. එහිදී  ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවෙන බව රනිල් ප්‍රකාශ කළේය.

කරුණු එසෙ හෙයින්, නැෂනල් ඇලට් පහත කරුණු ඩයනාගේ අවධානයට යොමු කරයි.

1. තායිවානයේ ජාතික දිනය යනු ”එක් චීනයක්”  ප්‍රතිපත්තියට කරන  අභියෝගයේ  තිඹිරිගෙය වෙයි.

2. එක් චීනයක් ප්‍රතිපත්තියට  අභියෝග කරන උත්සවයකට, ශ්‍රීලංකාවේ ඇමති වරියක් සහභාගි වීම, බරපතල කාරනයකි

3. චීනය සමග ගැ‍ටුමකට යාම , චීන  ණය  ප්‍රතිව්‍යුහගත කරීමේ  කාර්යට,  බාදා කරයි

4.ඉන්දියාව සහ චීනය අතර බරපතල ගැ‍ටුම් ඇත . එම සන්දර්භය තුල ඔවුන්  සතුරු රාජ්‍යන් වෙයි. නමුත් ලංකාව සහ චීනය පරම මිතුරන් වෙයි. එවැනි තත්වයක් තුල ඉන්දියාව තායිවානය කෙරේ  අනුගමනය කරන වීසා ප්‍රතිපත්තිය අපට අනුගමනය කළ නොහැක.

5. ජනපති රනිල් එක් චීනයක් ප්‍රතිපත්තියට කැපවන බව ප්‍රකාශ කොට තිබියදී , ඩයනා ඊට අභියෝග කළේ, මෝඩකම නිසාද , දාමරික බව නිසාද ?

සංචාරක ඇමති ඩයනා භූ දේශපාලන පිළිබද දැනුම ඉතා අල්ප බව පැහැදිළිව නිගමන කළ හැක . තවද  ඩයනාට රනිල්ගේ ප්‍රතිපත්ති ගැනවත් දැනුමක් නැත . අල්ප දැණුම අතිශ්‍ය භයානක එකකි. එමතත්වය ලංකාව තවත්  කාලකන්නි කිරීමට නිසැක හේතුවක් වනු ඇත

තායිවාන් නිළධාරියාට නිළ දුන් භෝජන  සංග්‍රහය පිලිබදව  ඩෙලි නිවුස් ලිපිය පහත දිගුවෙන් කියවන්න

පලිගැනීම සහ කුමන්ත්‍රණ එපා! ලක්ෂ්මන්, ෆසල් ඇතුලු PTA ‍රැඳවියන් වහා නිදහස් කරනු !

0

51 වැනි UNHRC සැසියෙන් පසුව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (PTA) එරෙහි ජාත්‍යන්තර විරෝධය තීරනාත්මක තැනකට ලගා වී ඇත. PTA අමානුෂික බව සහ එය ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 3 යටතේ අවභාවිතා කොට ඇති බව මානව හිමිකම් කවුන්සිලයේ තක්සේරුව වී ඇත.

1. වාර්ගික පලිගැනීම් ,
2. දේශපාලන පලිගැනීම්
3. පුද්ගලයන් බියට පත්කිරීමේ සහ දඩුවමට ලක් කිරීමේ උපකරණයක් ලෙස

මේ හේතුව නිසා PTA යටතේ රඳවාගෙන සිටින සැකකරුවන් ‍රැසක් ඉදිරි සති 2 තුල නිදොස් කොට නිදහස් කීරීමට රජය තීරණය කොට ඇත.

කෙසේ වුවද PTA යටතේ රඳවාගෙන සිටින, සැකකරුවන් නිදහස් කරන ක්‍රියාපටිපාටිය විනිවිදභාවයකින් තොරවීම ගැටලුවකි. ‍රැඳවියන් නිදහස් කරන ක්‍රමවේදය සුජාත නම් මුලින්ම නිදහස් විය යුත්තේ PTA පනතින් වඩාත් පීඩාවට පත්වූ අයවළුන්ය.

නමුත් අවු 13 ක් ඇප නොමැතිව රඳවාගෙන සිටින ලක්ෂ්මන් කුරේට, අවු ගණනාවක් නිකරුනේ රඳවාගෙන සිටින මොහොමඩ් ෆසල්ට නිදහස ලැබෙන සලකුණක්වත් තවම නැත.ඔවුන්ගේ කථා සන්දර්භය තුල නිදහස යනුවෙන් අදහස් කරන්නේ නිදොස්කොට නිදහස්කිරීම නොව ඇප පිට නිදහස් කිරීමකි.

සහරාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා, අසාත්සාලි වෙනුවෙන් පෙරට

0

කෝටි ගණනක මුදල් වංචාවකට සැකපිට බන්ධනාගාර ගතකොට සිටින තිලිණි ප්‍රියමාලි ඊයේ කො‍ටුව මහේස්ත්‍රාස් හමුවට ඉදිරිපත් කළේය.කරුණු සලකා බැලූ විණිසුරු තිලිනි සහ ඇගේ සහකරු ඉසුරු බණ්ඩාර නොවැ 2 දක්වා යලි බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එදින,මුදල් තැනපත්කරුවන් වෙනුවෙන්ද නීතීඥයන් පිරිසක් පෙනීසිටිනු දැකිය හැකි විය.එහිදී  අසාත් සාලිගේ කල්ලිය  වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා කාගේත් අවධානයට ලක් විය. මෙම නීතීඥයා 2017 වසරේදී පාස්කු බෝම්බ ප්‍රහාරක සහරාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා වීම ඊට හේතුවය.

2017 මාර්තු 10 වෙනිදා සහරාන් කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් අතර කාන්තන්කුඩියේ දී ගැටුමක් ඇති විය.ඒ පිළිබදව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවති අතර සහරාන් හෂීම් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ අද අසාත් සාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාය.

කොළඹ සිටින මෙම නීතිඥයා අදාළ නඩුවට නැගෙනහිර පලාතට කැඳවා ගෙන ගියේ සහරාන් හෂීම්ගේ බිරිඳගේ සොහොයුරා වන අන්වර් විසින් බව විමර්ෂණ වලදී හෙළි විය.

තිළිනිගේ ව්‍යාපාරික ගිණුමේ මිලියන 3000 වැඩි මුදලක් තැන්පත්වී ඇති බවට සාක්ෂි ඇතත් එම මුදල් අතුරුදහන්වී ඇතැයි සී.අයි.ඩී ය ඊයේ අධිකරණයට ප්‍රකාශ කළේය .කෝටිපති ව්‍යාපාරික කමල් හසන් ප්‍රකාශ කරන අන්දමට මෙම මුදල් වංචාවේ මහ මොළකරු අසාත් සාලිය

සාරා ජෙස්මින්ගේ ආන්දෝලනාත්මක තුන්වන DNA වාර්තාව අධිකරණයට

0

සයින්දමරුදු පිපිරීමෙන් පසු, මිය ගිය මෘත ශරීර 16න් ලබාගන්නා ලද DNA සාම්පල කිසිවක්, පුලස්තිනිගේ මවගේ DNA සාම්පල සමග සැසඳුනේ නැත. පුලස්තිනි විවාහවී සිටියේ ක‍ටුවාපිටිය බෝම්බකරු මොහොමඩ් හස්තූන් සමගය . විවාහයෙන් පසු ඇය සාරා ජෙස්මින් නම් විය

සාරා ජෙස්මින්, සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය බව තහවුරු වී නොමැති බව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දී ඇත.

සාරා ජෙස්මින් සම්බන්ධ DNA වාර්තාව අතිශය ගුප්ත එකකි. මේ වන විට ඇය සම්බන්ධ DNA වාර්තා 2 ක් නිකුත් කොට ඇත .

සාරාගේ DNA වාර්තාවට සම්බන්ධ ඉහල පොලිස් නිළධාරීයෙක් හදිසියේ මිය ගිය බවද වාර්තා වී ඇත. සාරා ගැන විමර්ෂණය කළ තවත් ඉහල නිළධාරියෙක් රට හැර ගොස් ඇත

සාරාගේ DNA වාර්තාවේ සැක කටයුතු බව නිසා තෙවන ඩී.එන්.ඒවාර්තාව කැඳවීමට අධිකරණය අවසර දුන්නේය .

2022 අප්‍රේල් 27 වනදා සයින්ද මරුදු ප්‍රහාරයෙන් මිය ගිය 16 දෙනාගේ සිරුරු කොටස් කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයට අනුව ගොඩ ගත්තේය.

සාරා සම්බන්ධ තුන්වන DNA වාර්තාව මේ වන විට සම්පූරන කොට ඇත. 2022 ඔක්17 වන දින රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා ලබා දී ඇත.

තිලිනිගේ සිදුවීම පසුපස දේශපාලන ගේම්

0

මේ වනවිට ගම්මන්පිල, සෝභිත හිමි, ජවිපෙ වසන්ත ඇතුලු හත් දෙනෙක් තිලිනිගේ සිදුවීම සම්බන්ධව CID යට පැමිණිලි කොට ඇත. සමාජ ජාලා තුල සංවිධානාත්මකව සිදුකරන ව්‍යාජ ප්‍රචාර ගැන පරීක්ෂණ කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

නමුත් ද්වේශ සහගත ප්‍රචාර වර්ධනය වනවා මිස අඩුවීමක් නම් නැත. අද දින දෙරණ අරුණ පුවත්පතද ද්වේශ සහගතව ව්‍යාජ පුවතක් පල කොට තිබුණි. CIDය ස්ථානීය පරීක්ෂාවක් සඳහා 15 වැනිදා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙත ගිය බවත් එහිදී ක්‍රිෂ් විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනගෙන් කටඋත්තරයක් ගත් බව වාර්තා කොට තිබුණි. මෙය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයකි.

මෑතකදී ට්විටර් සමාජ ජාලාව උණුසුම් කරමින්දිලිත් ජයවීර සහ නාමල් අතර ‍ ගැ‍ටුමක් ඇතිවූ බව රහසක් නොවේ . ඇන්ටිජන් කට්ටල් මිලදී ගැනීම සම්බන්ධව, දිලිත්ට එරෙහිව කැම්පේන් කළේ, ඇතුලත පිරිසක් බවට, දිලිත් චෝදනා කළේය.

ක්‍රිෂ් සමාගම ලංකාවට ගෙන ආවේ නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි. තිලිනිගේ සිදුවීමත් සමග මේ වනවිට ක්‍රිෂ් සමාගම දරුණු ප්‍රහාරයකට ලක් වී ඇත.දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත ව්‍යාජ පුවත් පල කරන්නේ ඊට එකකට එක කිරීම සඳහා විය හැකි සම්භාවිතාවක් ඇත .

රන්ජන් රාමනායක කෝටි 8 ක් තිලිනිගේ සමාගමේ තැන්පත් කල බවට පලවන පුවතද අසත්‍ය එකකි.රන්ජන් වසරකට වැඩි කාලයක් සිටියේ සිරගතවය. රන්ජන් එලියට පැමිණි පසු හෝ තිලිනි සමග ව්‍යාපාරික ගණුදෙණු සිදු කොට නැත. මෙය හුදෙක්ම රන්ජන්ගේ අනාගත දේශපාලන ගමන අඩාල කිරීමට කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයකි

තමා තිලිනිගේ සමාගමේ මුදල් ආයෝජනය කළේ රට වෙනුවෙන් බවට කමල් හසන් කියන කියන කතාව මිත්‍යාවකි. ඔහු එම මුදල් ආයෝජනය කළේ පලමු ගණුදෙණුවේදී විශාල ලාභයක් ලබුණු නිසාය . තවද ඩොලර් විශාල ප්‍රමාණයක් ලග තබා ගැනීම වැනි ඔහුම කියන කථා නීතිය අනුව දඩුවම් ලැබිය යුතු වැරදි වෙයි.

කෙසේ වුවද කමල් හසන්ද මේ වන විට දේශපාලන පක්ෂයට සම්බන්ධ වී සිටින අතර  ඔහු ඉදිරි පාර්ලීමෙන්තු මැතිවරණයට තරග කළ හොත් පුදුම විය යුතු නැත.

තිලිණි නිසා වින්දියන් ප්‍රමාණය දිනෙන් දින වැඩි වනවා මිස යුක්තිය ඉ‍ටුවන බව නම් පෙනෙන්නට නැත

මහ බැංකු අධිපති දේශද්‍රෝහියෙක්ද ? – උත්තර සභාගය ප්‍රශ්න කරයි

0

වත්මන් මහ බැංකු අධිපති IMF ආයතනයේ සේවය කරලා විශ්‍රාම වැටුපක් ලබා ගන්නා කෙනෙක් බවත් එය එය බැඳියාවන් අතර ගැ‍ටුමක් බව පා.ම විමල් වීරවංශ සඳහන් කළේය.කරුනු එසේ හෙයින් නන්දලාල්  සේවය කරන්නේ IMF එකෙන් ලැබෙන  වැටුපට ද එසේ නොමැතිනම්  ලංකාවේ මහ බැංකු අධිපති ලෙස ලැබෙන වැටුපට ද යන්න  විසඳා ගත යුතු ප්‍රශ්නයක් බව විමල් සඳහන් කළේය.

තවද ලංකාවේ මහ බැංකු  අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙනස් නොකරන ලෙසට IMF ආයතනය බලපෑම්  කරන බව ඔහු හෙළිදරව් කළේය.මහ බැංකු  අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙනස් නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිනියද මෙරට රජයට  දන්වා ඇති බව විමල් වීරවංශ හෙළිදරව් කළේය.

මහබැංකු අධිපති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත අයෙක් බව  සජිත් ප්‍රේමදාස පාර්ලීමේන්තුවේ කළ කතාවකින් හෙළි විය.අජිත් නන්දලාල් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ගෝලයෙකු වන අතර, ඉන්ද්‍රජිත් ඉන්දියාව සමග ඉතා කිට්‍ටු සම්බන්ධයක් පවත්වන අයෙකි.

ගෝලීය ලෝකය තුල රජයේ ඉහල නිලධාරියෙක් විවිධ රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම  හොද දෙයකි.නමුත් ජාත්‍යන්තර සම්බන්ධකම් ඔස්සේ ලංකාවට යම් වාසියක් ලබා ගත යුතුය. නන්දලාල් විදේස රටවල කුලී හේවායෙක් ලෙස වැඩ කරනවා නම් මව් බිමට විශාල විනාශයක් සිදු වෙයි

අජිත් නන්දලාල් සතු ජාත්‍යන්තර කන්ටැට්ස් වලින් ලංකාවට මේ  දක්වා  සෙතක් අත් වී නැත නමුත් විදේශ රටවල් එනම් ඇමෙරිකාව සහ ඉන්දියාව ලැබූ වාසි බෝහෝය

ජාවාරමේ මහ මොළකරු අසාත් සාලි බව කෝටිපති ව්‍යාපාරික කමල් හසන් කියයි

0

තිලිනි ප්‍රියමාලි , ඉසුරු බණ්ඩාර සහ අසාත් සාලි එක් කන්ඩායමක් බවත් මෙම ජාවාරමේ මහ මොළකරු අසාත් සාලි බවත් කෝටිපති ව්‍යාපාරික කමල් හසන් ප්‍රකාශ කරයි. කමල් හසන් අසාත් සාලිගේ ඉතා කිට්‍ටු හිතවතෙකි.

තමා ඈතුළු තැන්පත්කරුවන් මුදල් ඉල්ලා සිටින විට චෙක් පත් ලබා දෙමින් මෙම ජාවාරම සී.අයි.ඩී එක වෙත ගෙනයාම අසාත් සාලි විසින් ප්‍රමාද කළ බව ඔහු ප්‍රකාශ කරයි.

මෙම මුදල් වලින් 5% පමන වියදම් කොට ඇති බවත් 95% ජාවාරම් කරුවන් සතුව තිබෙන ඔහු හෙලිකොට ඇත

ආන්දෝලනාත්මක හෙළිදරව්වට අදාල හඬ පටිය මෙන්න

https://youtu.be/ZvK2kIdv_DQ

තිලිනිගේ ඉන්සයිඩ් ස්ටෝරිය ලියූ නැෂනල් ඇලට් වෙත එන්තර වාසියක්

0

තිලිණිගේ ඊනියා ආයෝජන සමාගමේ ඇතුලත කථාව මුලින්ම හෙළිදරව් කළේ නැෂනල් ඇලට් වෙබ් අඩවිය විසිනි. මේ වන විට එහි ප්‍රධාන කතෘට එරෙහිව එන්තරවාසියක් ලැබී ඇත . නඩු නිමිත්ත  රිට්ස් කාල්ටන්  සහ තිලිනිගේ ඊනියා ආයෝජන සමාගම අතර සම්බන්ධයක් ඇති බව පැවසීමය. කෙසේ වුවද අප පුවතේ මූලාශ්‍රය වූයේ තැන්පත් කරුවන් නැෂනල් ඇලට් වෙත කළ ප්‍රකාශයන්ය . එම  හඬ පට අප සතුව ඇත.  ඒ අනුව රෙදි ගැලවෙන්නේ කාගේද කියා ඉදිරියේදී බලා ගත හැක .  

ලංකාවේ ඉහල ආරක්ෂක  නිළධාරීන් සුපිරි වරප්‍රසාද භුක්ති විදින පිරිසකි.  ලක්ෂ ගණනනක් වැ‍ටුපක්, වාහන , කොළඹින් නිවසක්,  ඉන්ධන , සංග්‍රහ දීමනා ඇතුළු වරප්‍රසාද රාශියක් ඔවුන්ට හිමිය. ඒ සියළු වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන් සොරුන් සහ තක්කඩි සමග යහන්ගත වීම අවාසනාවකි.තිලිනිගේ සමාගමේ මුදල් තැන්පත් කළ අයට එම මුදල් යලි ලබා ගත හැකි ක්‍රමයක් නැත. තැන්පත් කරුවන් විවිධ අනීතික මාර්ග ඔස්සේ එම මුදල් යලි ලබා ගැනීමට උත්සාහ කොට ඇත. එම මෙහෙයුම් වලට ආරක්ෂක අංශයේ දූෂිත නිලධාරීන් සමබන්ධ වූ බවට සාක්ෂි ඇත. පිරිසක් එසේ බලපෑම් කරන විට තවත් දූෂිතයන් පිරිසක් තිලිනී ආරක්ෂා කළ බවට වාර්තා ඇත.

තිකො ඉන්වෙස්මන්ට් සමාගමට එරෙහිව CIDට පැමිණිලි කළේ කොළඹකොළඹ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ කමල් විසිනි අසාත් සාලි නොවේ.  තිකො ඉන්වෙස්ට්මන්ට් සහ රිට්ස් කාල්ටන් සම්බන්ධ කළේ අසාත් සාලි විසිනි. තවද  අසාත් සාලි   සහ තිලිනි අතර අනියම් සම්බන්ධයක් පැවති බවට  අප වෙත වාර්තා විය. ඊට අදාල ඩිජිටල් සාක්ෂියද අප වෙත  ලබා දී ඇත.තිලිනි සහ අසාත් සාලි එක්ව රිට්ස්  කාල්ටන් රෙසිඩන්ස් වල  නිවාස  ලබා ගැනීමට ගත් උත්සාහයක් ගැන අප වෙත සාක්ෂි ලැබී ඇත. 

ඉහත කරුණු පිලිබදව අප අසාත් සාලිගෙන් විමසා සිටියේය. තිලිනි සමග අනියම් සම්බන්ධයක් තියා සාමාන්‍ය සම්බන්ධයක්වත් නැති බව අසාත් සාලි අප සමග කීවේය. අසාත් සාලි සහ තිලිනි එක්ව   රිට්ස් කාල්ටන් වල නීවාස ලබා ගැනීමට දියත් කළ කුමන්ත්‍රණය  අසාත් සාලි ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද අසාත් සාලි සහ තිලිනි අතර අනියම් සම්බන්ධයක් තිබූ බවට සහ ඔවුන් දෙදෙනා රිට්ස් කාල්ටන් වල නිවාස ලබා ගැනීමට උත්සාහ කළ බවට අප සතුව සාක්ෂි ඇත. රිට්ස් කාල්ටන් වල නිවාස ලබා ගැනීවේ කුමන්ත්‍රණයට තිළිනි සම්බන්ධවී ඇත . තිලිනි අවසන් කාලයේදී රෙද්ද උස්සා පමනක් නොව තව  එකෙකුගේ බෙල්ල කපා හෝ  ගැලවීමට  උත්සාහ කොට ඇත.

කෙසේ වුවද රිට්ස් කාල්ටන් වලින් නිවාස ලබා ගැනීමට  දියත් කළ කුමන්ත්‍රණය අසාර්ථක විය. මේ හේතුව නිසා අසාත් සාලි විසින් රිට්ස් කාල්ටන් නාමය තිලිනිගේ  ආයෝජන ජාවාරමට සම්බන්ධ බවට ජනගත කිරීමට නැෂනල් ඇලට් වෙබ් අඩවිය භාවිතා කළේයමේ සියළු කරුනු සනාථ කිරීමට අප සතුව සාක්ෂි ඇත. නැෂනල් ඇලට් යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැත. කරුණු එසේ හෙයින් උසාවියේදී ගණුදෙනු බේරා ගැනීමට නැෂනල් ඇලට් අප වඩා කැමතිය .

තිලිණි ප්‍රියමාලිගේ මුදල් වංචාව මිලියන 4000 කට ආසන්නයි, ප්‍රභල දේශපාලනඥයන් දෙදෙනෙක් ඒ අතර

0

මුදල් ආයෝජනය සමාගමක් මවා පාමින්,  WTC, 34 වැනි මහලේ, කාර්යාලයක් පවත්වාගෙන ගිය කාන්තාවක් CID විසින් (5දා) අත්අඩංගුවට ගෙන ඇත.   CID අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ නම ,  තිළිණි  ප්‍රියමාලි වෙයි

තිළිණි  ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත්තේ  ප්‍රකට වෛදවරයෙකු කළ පැමිණිල්ලක් පදනම් කරගනිමිණි. කෙසේ වුවද අත් අඩංගුවට ගන්නා විට මෙම  කාන්තාවට එරෙහිව පැමිණිලි ගණනාවක් පොලිස් පොත්වල තිබී ඇත. මෙම කාන්තාව, ආරක්ෂක අංශයේ ඉහලම නිළධාරීන් ගණනාවක් සමග ඉතා  කිට්‍ටුවෙන් වැඩ කොට ඇත . එම සම්බන්ධකම් භාවිතාකර, ඇයට එරෙහි පැමිණිලි ශූක්ෂමව යටපත් කොට ඇත.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරු වලට අනුව ඇය වංචා කොට ඇති මුදල මිලියන 4000කට ආසන්න බව හෙළිවී ඇත. වංචාවන්ට ලක්වූ පුද්ගලයන් අතර කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෘත්තීකයන් ඇතුළු විශාල පිරිසක් වෙයි.

තවද  මුදල් ලබා දුන් ප්‍රභූන් සමග ලිංගික  සම්බන්ධතා පවත්වා,  එම ජවනිකා උපයෝගි කරගනිමින් ප්‍රභූන් බ්ලැක් මේල් කොට ඇති බවද හෙළි වී ඇත.මේවා සම්බන්ධව සියළු සාක්ෂි අප වෙතද ලැබී ඇත

ඇය WTC .කාර්යාලයේ කුලිය ලෙස මාසිකව  ලක්ෂ 16ක් ගෙවා ඇත.

මෙම ජාවාරමට ඇයගේ සහකරු ලෙස පෙනී සිටින ඉසුරු ශම්මික බණ්ඩාර යන අයද සම්බන්ධ බව පරීක්ෂණ වලදි හෙළිවී ඇත. මොහු 2020 වසරෙදී වැලිගම පිහිටි ඇකඩමියකින් කිසියම් සහතියයක් ලබා ගෙන ඇති අතර එය BA උපාධියක් ලෙස වරනගා ඇත. ඉන් පසු 2021 වසරේ සිට, ආචාර්ය උපාධිධාරියෙකු ලෙස පෙනී සිටියි.

මෙම යුවල එක් ‍රැයකින් ප්‍රකෝටිපතියන් බවට පත්වූ අය වෙයි. නමුත් මුදල් විශුෂ්ධිකරණය යටතේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත.තවද පොලිසිය භාර අමාතංශය විසින් කොළඹ ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමි‍ටු පිහි‍ටුවීමේ උත්සව සදහා මෙම තක්කඩි කාන්තාව ප්‍රධාන ආරධිතයෙකු ලෙස ගෙන්වා ඇත.මෙවැනි සිදුවීම හරහා ලංකාවේ විමර්ශන ආයතන මොන තරම් අකාර්ෂක්ෂමද  යන්න පැහැදිලි කරයි

මෙම කාන්තාව ආරක්ෂාව භාර ඉහලම පුද්ගලයෙකු සමහ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් විමර්ෂණ යට ගැසීමට විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවත්   තොරතුරු දුන් පුද්ගලයා අප සමග පැවසුවේය

ශ්‍රී ලාංකික ගුවන් මගියාගෙන් අල්ලස් ඉල්ලූ මාලදිවයින් නිළධාරියා ගැන දෙවන හෙළිදරව්ව

0

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකුගෙන් බලය අයුතු ලෙස භාවිතා කර අල්ලසක් ඉල්ලා සිටීමේ සිද්ධියක්  2022 ඔක්තෝම්බර් 1 වන දින National Alertවෙබ් අඩවිය විසින් වාර්තා කළේය

අල්ලස් ඉල්ලපු නිලධාරියා  මූසා හලීම් නම් අයෙකි. ඔහුගේ ඡායාරූපයක්ද එම පුවත සමග පල කලේය.

එම ප්‍රවෘත්තිය පළ කිරීමෙන් පසු 2022 ඔක්තෝම්බර් 2 සහ 3 යන දිනවල මූසා හලීම් 009607788245 අංකයෙන් National Alert ප්‍රධාන කර්තෘ වෙත  කතා කළේය.  ඔහු තමා පිළිබඳ පුවත ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. තවද, National Alert වෙබ් අඩවිය එසේ කරන්නේ නම්, ඒ වෙනුවෙන් යමක් පිරිනැමීමට ඔහු සූදානම් බව දැනුම් දුන්නේය.

ජාතික අනතුරු ඇඟවීමේ වෙබ් අඩවිය සාක්ෂි සහිතව ප්‍රවෘත්ති පළ කරන අඩවියකි. එහි පල කරන පුවතක් මුදල් හෝ බලය යොදවා කිසිවෙකුට ඉවත් කළ නොහැක