පලිගැනීම සහ කුමන්ත්‍රණ එපා! ලක්ෂ්මන්, ෆසල් ඇතුලු PTA ‍රැඳවියන් වහා නිදහස් කරනු !

0
206

51 වැනි UNHRC සැසියෙන් පසුව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (PTA) එරෙහි ජාත්‍යන්තර විරෝධය තීරනාත්මක තැනකට ලගා වී ඇත. PTA අමානුෂික බව සහ එය ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 3 යටතේ අවභාවිතා කොට ඇති බව මානව හිමිකම් කවුන්සිලයේ තක්සේරුව වී ඇත.

1. වාර්ගික පලිගැනීම් ,
2. දේශපාලන පලිගැනීම්
3. පුද්ගලයන් බියට පත්කිරීමේ සහ දඩුවමට ලක් කිරීමේ උපකරණයක් ලෙස

මේ හේතුව නිසා PTA යටතේ රඳවාගෙන සිටින සැකකරුවන් ‍රැසක් ඉදිරි සති 2 තුල නිදොස් කොට නිදහස් කීරීමට රජය තීරණය කොට ඇත.

කෙසේ වුවද PTA යටතේ රඳවාගෙන සිටින, සැකකරුවන් නිදහස් කරන ක්‍රියාපටිපාටිය විනිවිදභාවයකින් තොරවීම ගැටලුවකි. ‍රැඳවියන් නිදහස් කරන ක්‍රමවේදය සුජාත නම් මුලින්ම නිදහස් විය යුත්තේ PTA පනතින් වඩාත් පීඩාවට පත්වූ අයවළුන්ය.

නමුත් අවු 13 ක් ඇප නොමැතිව රඳවාගෙන සිටින ලක්ෂ්මන් කුරේට, අවු ගණනාවක් නිකරුනේ රඳවාගෙන සිටින මොහොමඩ් ෆසල්ට නිදහස ලැබෙන සලකුණක්වත් තවම නැත.ඔවුන්ගේ කථා සන්දර්භය තුල නිදහස යනුවෙන් අදහස් කරන්නේ නිදොස්කොට නිදහස්කිරීම නොව ඇප පිට නිදහස් කිරීමකි.