සංචාරක ඇමති ඩයනා මද කිපී රනිල්ට සහ චීනයට පුප පෙන්වූවාද ?

0
464

තායිවානයේ ජාතික දිනය ඔක්තෝබර් මස 10 වෙයි . ඊට  සමගාමීව ඔක් මස 11 දින කොළඹ කිංස්බරි හෝටලයේ රාත්‍රී භෝජනයක් පැවැත්වුණි. එම රාත්‍රී භෝජන  සංග්‍රහය පිලිබදව,  2022 ඔක් මස 11 දිනැති ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවක් පල කොට ඇත.  ඩේලි නිවුස් ශ්‍රී ලංකා රජය විසින් පාලනකරන මාධ්‍ය ආයතනයකි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, චෙන්නායි නුවර සිටින තායිවාන් ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බෙන් වැන්ග්ය . ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය ඇමති ඩයනා ගමගේ සහභාගි විය.

ඩේලි නිවුස් පුවත් පත කිංස්බරි හෝටලයේ පැවති උත්සවය වාර්තා කිරීමට යොදා ගත් ශීර්ෂය පහත පරිදිය. ”ශ්‍රී ලාංකේය සංචාරක ඉතිහාසයේ නව පරිච්ඡේදයක් විවෘත කරමින්, තායිවන් ජාතිකයන්ට සුවහනීය ලෙස  මෙරටට පැමිණිය හැකි පරිසරය කිරීමට ශපත කරයි”.

තවද තායිවාන් ජාතිකයන්ට ඉන්දියාව විසින්  අනුගමනය කරන වීසා මාදිලිය හදුන්වා දීමට ඩයනා ගමගේ පොරොන්දු වූ බව ඩේලි නිවුස් පුවත් පත වාර්තා කොට ඇත. ඒ පිලිබදව ඇය ජනපති රනිල් සමග සාකච්ජා කොට අවශ්‍ය කටයුතු යොදන බව එහිදි ප්‍රකාශ කොට ඇත.

විසා ගැටළුවට විසඳුමක් ලැබුන හොත්, මාලදිවයින සහ ඉන්දියාව හරහා ගුවන් ගමන් ආරම්භ කරන බව,  බෙන් වැන්ග්  පවසා ඇත . කරුණු එසේ හෙයින්  කිංග්ස්බරි  හෝටලයේ පැවති උත්සවය සංචාරක අමාතංශය විසින් සංවිධානය කළ නිළ උත්සවයක් බව නිගමනය කළ හැක.

මේ වන විට චීනය සහ තායිවානය අතර යුධ උණුසුමක් වර්ධනය වී ඇත. චීනය තායිවානය දකින්නේ තම රටෙන් බිඳී ගිය ‘පළාතක්’ ලෙස ලෙසය.තායිවානය යලි චීන දේශය  හා බද්ධ කරගැනිමට චීන රජය අනවරත උත්සාහයක නියලී සිටියි. මෙම ක්‍රියාදාමය ”එක් චීනයක්;; ප්‍රතිපත්තිය ලෙස හඳුන්වයි.

මෙරට ජනපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු මාසයේදී තායිවානය සම්බන්ධයෙන්  වැදගත්  ටිවිටර් පනිවිඩයක් නිකුත් කළේය. එහිදී  ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවෙන බව රනිල් ප්‍රකාශ කළේය.

කරුණු එසෙ හෙයින්, නැෂනල් ඇලට් පහත කරුණු ඩයනාගේ අවධානයට යොමු කරයි.

1. තායිවානයේ ජාතික දිනය යනු ”එක් චීනයක්”  ප්‍රතිපත්තියට කරන  අභියෝගයේ  තිඹිරිගෙය වෙයි.

2. එක් චීනයක් ප්‍රතිපත්තියට  අභියෝග කරන උත්සවයකට, ශ්‍රීලංකාවේ ඇමති වරියක් සහභාගි වීම, බරපතල කාරනයකි

3. චීනය සමග ගැ‍ටුමකට යාම , චීන  ණය  ප්‍රතිව්‍යුහගත කරීමේ  කාර්යට,  බාදා කරයි

4.ඉන්දියාව සහ චීනය අතර බරපතල ගැ‍ටුම් ඇත . එම සන්දර්භය තුල ඔවුන්  සතුරු රාජ්‍යන් වෙයි. නමුත් ලංකාව සහ චීනය පරම මිතුරන් වෙයි. එවැනි තත්වයක් තුල ඉන්දියාව තායිවානය කෙරේ  අනුගමනය කරන වීසා ප්‍රතිපත්තිය අපට අනුගමනය කළ නොහැක.

5. ජනපති රනිල් එක් චීනයක් ප්‍රතිපත්තියට කැපවන බව ප්‍රකාශ කොට තිබියදී , ඩයනා ඊට අභියෝග කළේ, මෝඩකම නිසාද , දාමරික බව නිසාද ?

සංචාරක ඇමති ඩයනා භූ දේශපාලන පිළිබද දැනුම ඉතා අල්ප බව පැහැදිළිව නිගමන කළ හැක . තවද  ඩයනාට රනිල්ගේ ප්‍රතිපත්ති ගැනවත් දැනුමක් නැත . අල්ප දැණුම අතිශ්‍ය භයානක එකකි. එමතත්වය ලංකාව තවත්  කාලකන්නි කිරීමට නිසැක හේතුවක් වනු ඇත

තායිවාන් නිළධාරියාට නිළ දුන් භෝජන  සංග්‍රහය පිලිබදව  ඩෙලි නිවුස් ලිපිය පහත දිගුවෙන් කියවන්න