සාරා ජෙස්මින්ගේ ආන්දෝලනාත්මක තුන්වන DNA වාර්තාව අධිකරණයට

0
459

සයින්දමරුදු පිපිරීමෙන් පසු, මිය ගිය මෘත ශරීර 16න් ලබාගන්නා ලද DNA සාම්පල කිසිවක්, පුලස්තිනිගේ මවගේ DNA සාම්පල සමග සැසඳුනේ නැත. පුලස්තිනි විවාහවී සිටියේ ක‍ටුවාපිටිය බෝම්බකරු මොහොමඩ් හස්තූන් සමගය . විවාහයෙන් පසු ඇය සාරා ජෙස්මින් නම් විය

සාරා ජෙස්මින්, සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය බව තහවුරු වී නොමැති බව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දී ඇත.

සාරා ජෙස්මින් සම්බන්ධ DNA වාර්තාව අතිශය ගුප්ත එකකි. මේ වන විට ඇය සම්බන්ධ DNA වාර්තා 2 ක් නිකුත් කොට ඇත .

සාරාගේ DNA වාර්තාවට සම්බන්ධ ඉහල පොලිස් නිළධාරීයෙක් හදිසියේ මිය ගිය බවද වාර්තා වී ඇත. සාරා ගැන විමර්ෂණය කළ තවත් ඉහල නිළධාරියෙක් රට හැර ගොස් ඇත

සාරාගේ DNA වාර්තාවේ සැක කටයුතු බව නිසා තෙවන ඩී.එන්.ඒවාර්තාව කැඳවීමට අධිකරණය අවසර දුන්නේය .

2022 අප්‍රේල් 27 වනදා සයින්ද මරුදු ප්‍රහාරයෙන් මිය ගිය 16 දෙනාගේ සිරුරු කොටස් කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයට අනුව ගොඩ ගත්තේය.

සාරා සම්බන්ධ තුන්වන DNA වාර්තාව මේ වන විට සම්පූරන කොට ඇත. 2022 ඔක්17 වන දින රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා ලබා දී ඇත.