අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 12

තිළිනිගේ පියා හිටපු ජවිපෙ නායකයා බව හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට මරණ තර්ජන

0

තිලිනි ප්‍රියමාලි විසින් ලෝක වෙළද සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ආයෝජන සමාගම පිලිබදව මුල් අවස්ථාවේ සිට වැඩිම අනාවරන ප්‍රමාණයක් කළේ ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනය.

පසුගියදා ‘ටෘත් විත් චමුදිත” වැඩසටහන කෙස් කෙලින් කරන තවත් අනාවරනයක් කළේය. තිළිනිගේ පියා හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ බව ටෘත් විත් චමුදිත’ වැඩසටහන හෙළි කළේය. ඔවුන් මේ බව හෙලිදරව් කළේ සාක්ෂි සහිතවය.

එම හෙළිදරවත් සමග කීර්ති රත්නායක වෙත මරණ තර්ජන එල්ල වී ඇත. එපමනක් නොව, ඔහු පීඩාවට පත්කරන ආකාරයේ දුරකථන ඇමතුම් ගලා එමින් පවතියි.

මේ වන විට ” ටෘත් විත් චමුදිත ” යූ ටියුබ් නාලිකාවට සහ මුහුණු පොතේ පි‍ටුවට පාඨක ප්‍රතිචාර දහස් ගණනක් ලැබී ඇත. ඒවා සියුම්ව විශ්ලේෂණය කිරීමේදී ඒ තුල චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක ඉලක්ක කොටගත් මෙහෙයුමක් හඳුනාගත හැකිය.

එම මෙහෙයුම දියත්කොට ඇත්තේ ජවිපෙ කාඩරයන් විසින් බවත් ඔවුන් සිය කැම්පේන් එක තුලින් කරුණු කිහිපයක් අවධාරණය කරන බව හදුනාගත හැක

1. චමුදිත සහ කීර්තිගේ අභිලාෂය ජවිපෙට මඩගැසීම බව පැවසීම

2. ජවිපෙට විශාල ජනතා ප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බවත් චමුදිත සහ කීර්ති දේශපාලන මඩ කොන්ත්‍රාත් එකක් ඉ‍ටුකරන බව පැවසීම

3. ජවිපෙ රටේ බලය ලබා ගැනීමට සූදානම් බැවින්, ඔවුන් විවේචනය කිරීමෙන් වැළකිය යුතුය යන පණිවිඩය ලබා දීම

4. ජවිපෙට එරෙහි සියළු විවේචන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ ලෙස ලෙස පෙන්වා දීම

ජවිපෙ දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූ දින සිට අද දක්වා රටේ සෑම පක්ෂයක්ම නිර්දය ලෙස විවේචනය කරයි. ජවිපෙයට අනුව ඔවුන් හැර අනෙක් සියළු දෙනාම හොරුන්, වංචාකරුවන්, සහ අපරාධකරුවන් ය. ජවිපෙ සිය දේශපාලනය සඳහා ප්‍රධාන මූලෝපාය 3ක් භාවිතා කළේය .

1. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දේශප්‍රේමය
2. අධිරාජ්‍යවාදී බිල්ලන් මැවීම
3. ත්‍රාඩ භාවිතාව

2005දී රාජපක්ෂලා, ඉහත මූලෝපාය ජවිපෙන් සොරකම් කළේය. ඉන්පසු රාජපක්ෂලා මැතිවරණ දිණුවේ එම මූලෝපාය භාවිතා කරමිනි. ජවිපෙ භාවිතාව සහ රාජපක්ෂ භාවිතාව එකම කාසියේ දෙපැත්ත මෙනි.

කීර්ති සහ චමුදිත වැනි මාධ්‍යවේදීන් රාජපක්ෂ පාලනය තුලදී දැඩි පලිගැනීම වලට ලක්විය.මොවුන් දෙදෙනා නිතර සී.අයි.ඩී ය වෙත කැඳවූයේය . ඇතැම්විට සිරගතවීමට පවා සිදුවිය.

ජවිපෙ පිලිබදව එක් විවේචනයක් කළ පමනින්, සංවිධානාත්මකව මාධ්‍යවේදීන්ගෙන් පලිගැනීම කනගා‍ටුවට කරුණකි.

 

 

36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්කිරීමට බලවතුන්ගේ අනුමැතිය

0

2022 නොවැ මාසය ලංකාවේ අරක්ෂාව සහ භූ දේශපාලනය සම්බන්ධව අතිශ්‍ය වැදගත් කාලවකවානුවක් විය . අයවැය සම්මත කිරීමට අමතරව පහත වැදගත් සිදුවීම් සිදුවිය.

1. ඉහල පෙලේ ඉන්දීය නියොජිතයන් පිරිසක් මෙරට සංචාරය කළේය
2. පකිස්තානය සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළේය
3. ආරක්ෂක අංශ ‘රයිට් සයිස්’ කිරීම පිලිබද මූලික වටයේ සාකච්ඡා ඇරඹීම

ඉහත සිදුවීම වලට සමගාමීව ලංකාවේ ඉහළ පෙලේ ආරක්ෂ පු‍ටු මාරුවක් සිදු වීමට නියමිතය. ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම ගැන්වීම සහ ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස Sr.DIG දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට තීන්දු කිරීම ඒ අතර වැදගත්ය.

මීලග පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකොන් පත්කිරීම අන්දෝලනාත්මක සංසිද්ධියකි. එම තීන්දුව වාර්තාවීමත් සමග මෙරට ආගමික සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඊට විරෝධය දැක්වීමට සැලසුම් කොට ඇත.

ආන්දෝලනයට තුඩු දී ඇති ආගමික නිකායක් නියෝජනය කරන නීතීඥ කන්ඩායමක්, දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලීමට සැලසුම් කොට ඇත.

කෙසේ වුවද පොලිස්පතිවරයා පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ජනාධිපති විසින් සිදුකළ යුතු වෙයි.

මේ වනවිට ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව, සංචාරක ක්ෂේත්‍රය, වෘත්තීකයන්, රට අරාජික කරන කැරලි වලට ඉඩ නොදිය යුතුය යන මතයකට පැමිණ ඇත. කැරලි මැඩපවැත්විය හැකි, පොලිස්පතිවරයෙක් සහ හමුදා පතිවරයෙක් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වී ඇත.

පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය නියෝජිතයන්ද මෙරට පොලීසියේ සහ ආරක්ෂක අංශවල දුර්වලතා ගණනාවක් පෙන්වා දී ඇත. කලාපීය බලවතුන්, ආරක්ෂාව පිළිබදව කතා කළ නමුත්, මානව හිමිකම් ගැන කිසිවක් කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය .

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනපතිවූ ආකාරයට, දේශබන්දු තෙන්නකෝන් අරගලයේ පිහිටෙන් ලංකාවේ 36 වැනි පොලිස් පතිවරයා වනු ඇත.

පොලිස්පති ඉණිමගේ තරඟකරුවන්

රහසේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම්

 

 

ලංකාවේ මාලදිවයින් තානාපති ලෙස බෞද්ධ විරෝධී ඒජන්තයෙක් පත්කිරීම, කාගේ කුමන්ත්‍රණයක්ද ?

0

මාලදිවයින් ජනපති මොහොමඩ් ඊබ්‍රහිම් සෝලි විසින් ලංකාව නව තානාපති ලෙස ආන්දෝලනාත්මක පුද්ගලයෙකු පත් කොට ඇත. ආන්දෝලනාත්මක පත්වීම ලැබූ පුද්ගලයා අලි ෆායිස් නම් තැතැත්තෙකි. මොහු මාලදිවයින තුල දියත්කොට තිබෙන බෞද්ධ විරෝධී ව්‍යාපාරයේ නායකයෙකි.

අබ්දුල් ගයුම්ගෙන් පසුව, 2007 දී මාලදිවයිනේ ජනපති බවට පත්වූයේ මොහොමඩ් නෂිඩ්ය. නෂිඩ් ලංකාවේ මිතුරෙකි. නෂිඩ් 2008 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකන් ආධාර ලබාගෙන කාසු දූපතේ පෞරාණික බෞද්ධ ආරාමයක් සංරක්ෂණය කිරීමට පියවර ගත්තේය. නෂිඩ් 2008 නොවැ මස 2 දින ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමග සංවාදයක යෙදෙමින් මාලදිවයින පුරා පැතිරයමින් තිබූ බෞද්ධ විරෝධී ව්‍යාපාරය ගැන හෙළි කළේය.

නෂිඩ් මාලදිවයිනේ බෞද්ධ උරුමය සංරක්ෂණය කරන විට, ඊට එරෙහිවූ ප්‍රධානම පුද්ගලයා අලි ෆායීස්ය. 2012 පෙබරවාරි 7 දින කුමන්ත්‍රණයකින් ජනපති නෂිඩ් බලයෙන් පහ කෙරුණි. නෂිඩ්ට බලය අහිමි වීමත් සමග බෞද්ධ විරෝධී ‍රැල්ල ගින්නක් සේ පැතිර ගියේය. එම රැල්ල මෙහෙයවූයේ අලි ෆායිස්ය. මොවුන් සංරක්ෂණය කළ බෞද්ධ සිද්ධස්ථාන පමනක් නොව මාලේ ජාතික කෞතුකාගාරයේ තිබූ බෞද්ධ පුරාවස්තු පවා විනාශ කළහ.

අලි ෆායිස් නෂිඩ් බලයෙන් පහකල කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු විය. නෂිඩ් චීනයේ මිතුරෙකි . නෂිඩ් බලයෙන් පහකළ කුමන්ත්‍රණය පි‍ටුපස ඉන්දියාවේ RAW ඔත්තුසේවය සිටියේය. ඒ අනුව අලි ෆායිස් එම කඳවුරේ කුලී හේවායෙක් ලෙස පැවසුවද වැරදි නැත.

2019දී මෝදිගේ BJP රජය පැහැදිලි ජයක් ලැබුවේ ලංකාවේ පාස්කු බෝම්බය නිසාය. ඉස්ලාම් බිල්ලා BJP පක්ෂයට බලය ලබා ගැනීමට හොද උපකරණයකි. මේ වනවිට ඉන්දීයව ඊලග මැතිවරණයට සූදානම් වෙමින් සිටියි.

මේ වනවිට කලාපය තුල ISIS බීජ සි‍ටුවන ව්‍යාපෘතිය යලි ආරම්භ කොට ඇත. .කාලයක් නිහඩව තිබූ බෞද්ධ – ඉස්ලාම් ගැ‍ටුම් යලි සක්‍රීය වෙමින් පවතියි. මෙවැනි තත්වයක් තුල අලි ෆායිස් එන්නේ කුමකට කියා මෙරට ආරක්ෂක අංශ සහ රජය විමසිලිමත් විය යුතුය

පොහොට්‍ටුවේ ජනපති අපේක්ෂකයා බැසිල් , රනිල්ගේ දේශපාලනය ඉවරද ?

0

බැසිල් රාජපක්ෂ,  පසුගියදා ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණියේය. ගුවන්තො‍ටුපොළේදී රාජ්‍ය නායකයෙකු ලෙස ඔහු  පිළිගැනීමට කටයුතු කළහ. බැසිල්  ලංකාවට පැමිනියේ   ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට   අදාල මූලික ලියවිලි රාජ්‍ය දේපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුවය .

බැසිල් පිළිගැනීමේ උත්සවයට SLPP  දේශපාලකයන් විශාල පිරිසක් සහභාගි විය. බැසිල් VIP  පුද්ගලයෙකු ලෙස පිළිගැනීමට ප්‍රධාන හේතු දෙකකි.

1. SLPP  අනාගත ජනාධිපතිවරන  අපේක්ෂකයා ඔහු වීම

2. එළඹෙන පලාත් මැතිවරණය සඳහා සූදානම් වීම

එළඹෙන පලාත් මැතිවරණයේදී පොහොට්‍ටුව සහ එජාපය එක් පිලක් ලෙස තරඟ කරන බවට පවතින රාවය අසත්‍ය එකකි.එමෙන්ම  එජාපය සහ SJB  එක් පිලක් ලෙස තරඟ කිරීමද කිසි විටෙක සිදු නොවනු ඇත. නමුත්  පලාත් මැතිවරණයේදී ලැබෙන  ප්‍රතිඵලය  අනුව SJB – එජාප එක්වීම  තීන්දු වනු ඇත.

අකර්මන්‍ය වී තිබෙන එජාපයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. ඉදිරි පලාත් මැතිවරණයෙදී එජාප යලි පනදීමේ  ශූක්ෂම සැලස්මක් රනිල්- රවි විසින් දියත් කොට ඇත. රනිල්-රවී සැලසුම කොතරම් ශූක්ෂමදයත්, එය බැලූ බැල්මට නොපෙනෙන, තිරය පි‍ටු පස ක්‍රියාත්මක වන්නකි.

රනිල් ජනපති පදවියට පත්වූ පසු තමාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක ලෙස රුවන් විජයගුණවර්ධන පත් කළේය. එම විෂය පිළිබදව තමාගේ ජාත්‍යන්තර උපදේශකයන් ලෙස ,  නෝර්වේ හිටපු විදේශ ඇමති එරික් සෝල්හයිම් සහ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පත්කළේය.

මෙම පත් කිරීම නිසා රනිල් බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ෂණයට ලක් විය . ”රට බංකොලොත් වෙලා තියෙන විට, කාලගුණය පිලිබදව උපදේශකයො (International Climate Adviser)  පත් කරා, රනිල්ට පිස්සු” යයි  බොහෝ දෙනෙකු කීහ.

කාලගුණය පිළිබද උපදේශකයන් පත්කිරීම ගැඹුරු කතාවකි. මේ වන විට  ලංකාවට කිසිදු රටකින් ණයක් ලබා ගත නොහැක . එමෙන්ම විශාල ඩොලර් අර්බුධයකට මුහුනදි සිටියි.නමුත් පුණ්‍ය ආධාර සහ පරිසරය සුරකින ව්‍යාපෘති වලට අරමුදල් ලබා ගැනීමට කිසිදු බාදාවක් නැත.

ලෝකයේ පරිසරය සු‍රැකීම්ට ආධාර කරන ජාත්‍යන්තර සංවිධාන රාශියක් ඇත.එම ආයතන සතුව බිලියන ගණනක් මුදල් ඇත.  රනිල් දැන් මේ සූදානම් වන්නේ සොල්හයිම් සහ නෂීඩ් යොදා එම මුදල් ටික ඩැහැ ගැනීමටය.

ජාත්‍යන්තර සංවිධාන වලින් පරිසරය සු‍රැකීමට  ලැබෙන ආධාර  ඩොලර් අර්බුධයට විසඳුමකි. තවත් අතෙකින් එම මුදල් වාසිය එජාප මැතිවරණ ව්‍යාපෘති  වලට යොදාගත හැක.

එජාපයට ඉදිරි මැතිවරණයෙදී ලක්ෂ 10 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් නිසැකවම ලබා ගත හැක. එවැනි තත්වයක් තුල සජිත් ප්‍රේමදාස කොන්දේසි විරහිතව  එජාපය සමග එක්වීමට සිදුවනු ඇත  .

කොළඹ එජා කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැත්වූ විගඩමේ ඇතුලත කතාව

0

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අද දින ගාළුමුවදොර අරගලකරුවන් යයි කියාගත් පිරිසක් ඊයේ (11) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක් කළහ.

ඊට ධානිෂ් අලි, අවඥාවට ලක්වූ වීදුරු විසේසඥයා සහ සජබ ආධාරකරුවන් පිරිසක් එක්ව සිටිනු දැකිය හැකි විය. ධානිෂ් අලි ජවිපෙ සහ අන්තරේට එරෙහිව නිතර විවේචන  එල්ල කළද කිසිවිටෙකත් සජබ විවේචනය කරන්නේ නැත. ඊට හේතුව ඔහු සජබ දේශපාලනඥයන් සමග ගනුදෙණු කිරීමය.

සජබ මෙම විරෝධවය සම්බන්ධීකරණය කිරීම සඳහාද දායක වී ඇත. වසන්ත මුදලිගේ ගේ සහෝදරයා විරෝධතාවයට සම්බන්ධ කරගැනීම සදහා මැදිහත්වී ඇත්තේ සජබ ආධාරකරුවෙකි.

එම විරෝධතාව ත්‍රස්ත පනතට එරෙහිව සිදු කරන බව කීවද , එම පනතින් සෑබෑ ලෙසම පීඩා විඳින කිසිවෙකුගේ නමක් සඳහන් වූයේ නැත.

උදාහරණයක් ලෙස හිටපු පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ PTA යටතේ අවු 13ක් සිරගතකොට ඇත. නමුත් ඊයේ පැවැති විරෝධතාව තුල ඔහුගේ නම සඳන් වූයේ නැත. PTA යටතේ අත්අඩංගුවටවත් ගත නොහැකි නමුත් වසර 3ක් සිරගතකොට තිබෙන මොහොමඩ් ෆසල් ගේ නම සඳහන් වූයේ නැත.

අඩුම තරමින් PTA පනත යටතේ සිරගත කොට සිටින සැකකරුවන් ගණන ගැන වත් ඊයේ උද්ගෝෂණ කළ උන් දැන සිටියේ නැත

ඊයේ විරෝධතාව හුදෙක් නම් 2කට පමනක් සීමා විය .ඒ වසත්න මුදලි ගේ සහ සිරිධම්ම හිමියන්ටය .මොවුන් PTA යටතේ අවම පීඩාවට පත්වූ දෙදෙනා වෙයි. මෙම ලිපිය ලියන  කීර්ති රත්නායකද කිසිම හේතුවක් නොමැතිව PTA යටතේ මාස 6ක් සිරගත කළේය .

සැබැවින්ම ඊයේ පැවැත්වූයේ PTA ට එරෙහි විරෝධතාවක් නොව අනාථ වී සිට්න සජබ දේශපාලකයන්ගේ සහ අරගල කරුවන්ගේ බඩවියත ‍රැක ගැනීමේ ගේම් එකකි. දැන් මොවුන් සැරසෙන්නේ ගාලු මුවදොර මෙන් , එ.ජා කාර්යාලය ඉදිරිපිට භූමිය අල්ලාගෙන එහි උද්ගෝෂණ ගමක් පිහි‍ටුවීමටය.

මෙවැනි දේශපාලන ගේම් නිසා සිදුවන්නේ PTA නිසා සැබෑ ලෙසම පීඩා විඳින අය නිදහස් වන දිනය තවත් කල් යැම පමනි

වහා පරීක්ෂණ කරණු – සංවේදි තොරතුරු හර්ෂට ලීක් කළේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ !

0

ආණ්ඩුව මෙතෙක් ප්‍රසිද්ධ නොකළ, IMF කොන්දේසි ඇතුළත් ගිවිසුම, හර්ෂ ද සිල්වා විසින් නොවැ 9 දින පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.

මෙම ගිවිසුම රජය විසින් ජනගත නොකිරීමට හේතු වූයේ , එය එළිදැක්වීම තුලින්, IMF සමග දැන් සිදුවෙමින් පවතින සාකච්ඡා වලට බලපෑමක් ඇතිවිය හැකි යයි වූ පූර්ව නිගමනය නිසාය

හර්ෂ මැජික් කාරයෙකු මෙන් එම ලියවිල්ල පෙන්වූයේය . එපමනක් නොව තවද හනුමාගේ භූමිකාව රඟ දක්වමින් ලියවිල්ලේ බදු සංශෝධන අඩංගුවූ පරිශිෂ්ඨය හර්ෂ විසින් කියවූයේය

එවිට වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හර්ෂගේ ක්‍රියාකලාපය ගැන අදහස් දක්වූයේය. අදාල ලියවිල්ල තුල සංවේදී කරුණු අඩංගු බැවින් වගකිව යුතු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ සමගම හර්ෂ තමා වගකියුතු ආකාරයෙන් කටයුතු කරන බවත් ඒ නිසා නිහඬ වන බවත් ප්‍රකාශ කලේය

කෙසේ වුවද හර්ෂ ක්‍රියාකරන අන්දම ලියවිල්ල කියවනවාට වඩා භයානක බව සියබලාපිටිය කීවේය.

මෙම සිදුවීම සම්බන්ධව තවත් භයානක පැතිකඩක් ඇත. එනම් මෙම ලියවිල්ල හර්ෂට ලීක් කළේ කවුද යන්න සහ ඒ හා බැදුන දේශද්‍රෝහීත්වය විභාග කිරීමය.

ලියවිල්ල තමා අතට පත්වූ ආකාරය පිලිබදව සෑබෑ තොරතුරු වසන් කරන ආකාරය ඔහුගෙන් මනාව විද්‍යාමාන විය.

එම ලියවිල්ල තමන්ට ලැබුනේ ජනාධිපතිවරයා විසින් කමි‍ටුවලට පත්කළ පුද්ගලයින්ගෙන් බව හර්ෂ ඉඟි කළේය. නමුත් එය සැබෑ තක්කඩියා වසන් කිරීම ගෙතූ කථාවකි.

මේ සම්බන්ධව නැෂනල් ඇලට් පසුගිය දින කිහිපය පුරාම විමර්ෂ්ණයක් සිදු කළේය . IMF කොන්දේසි අඩංගු ලියවිල්ල හර්ෂට ලබා දුන් පුද්ගලයා කවුද යන්න පිළිබදව වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට අපට හැකි විය.

ඒ අනුව හර්ෂට එම ලියවිල්ල ලබා දුන් පුද්ගලයා ලෙස ගම්‍ය වූයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ.

ලංකාව බංකොලොත් යයි ප්‍රකාශ කිරීම නිසා, රටට සිදුවූ පාඩුව ගණන් ඉලක්කම් වලින් කිව නොහැකි තරම් මහා පරිමාන එකකි. ලංකාව එවැනි තැනක් දක්වා ‍රැගන ඒම, කුමන්ත්‍රණයක් බව මේ වන විට ඔප්පු වී ඇත. නන්දලාල් වීරසිංහ එම කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කළ බවද ඔප්පු වී ඇත .

ධනුෂ්ක ට්‍රැප් කිරීම පි‍ටුපස ශ්‍රී ලාංකික කාන්තාවක්- සිද්ධිය උඩුයටිකුරු වන ලකුණු !

0

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවන ලිංගික අතවර චෝදනාව සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව මේ වන හෙලිවී ඇත.එම නිසා ඒ පිළිබදව විමර්ෂණය කරන ලෙස දෙස් විදෙස් ආයතන ගණනාවක් ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇත.

ධනුෂ්කට එරෙහිව චෝදනාව එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතික තරුණියගේ මිතුරියන් අතරින් දෙදෙනෙකු, ශ්‍රී ලාංකිකයින් බව මේ වන විට අනාවරණය වී ඇත .

ධනුෂ්ක dating වෙබ් අඩවියේ පෙනී සිට ඇත්තේ ව්‍යාජ නමකිනි. නමුත් ඔහු සත්‍ය ඡායාරූපය ඊට භාවිත කොට ඇත. ඒ අනුව එහි සිටි ශ්‍රී ලාංකික තරුණියන් අදාල පුද්ගලයා ධනුෂ්ක බව හඳුනාගෙන ඇත . ඉන් පසුව ධනුෂ්ක ට්‍රැප් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු තරුණිය යොදවාගෙන ඇති බව හෙලිවී ඇත.

තවද හෙළිව ඇති සාක්ෂි අනුව එය බෝන් අගේන් ආගමික කල්ලියේ කුමන්ත්‍රණයකි. මතු දිනක ධනුෂ්ක හිරෙන් නිදහස් වන්නේ බෝන් අගෙන් ආගමික කල්ලියේ පිහිටිනි

ධනුෂ්කගේ ගිනුමට ඉන්විටේෂන් එකක් එවා ඇත්තේද, ඔස්ට්‍රේලියානු කාන්තාව බව හෙලිවී ඇත

සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා තරුණිය විසින් මුලින් ඩොලර් ලක්ෂයක මුදලක් මුලින් ඉල්ලා ඇති අතර පසුව එය ඩොලර් 25000 දක්වා අඩු කොට ඇත

කෙසේ වුවද මෙම ඉල්ලීමට ධනුෂ්ක එකග වී නැත. පහරදීමක් දක්වා දුරදිග ගියේ මෙම කේවල් කිරීමය

මේ වන විට ධනුෂ්කගේ සහායට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩකයන් ‍රැසක්ම ඉන්දිරිපත් වී සිටියි

ජාතික කොඩිය පපුවේ පැලදගෙන සොරකම් කොට ජනතාව අනාත කල දේශයක,ධනුෂ්ක ජාතික කොඩිය පැළදගෙන බඩු ගැසීමට යාම ගැන පුදුම විය යුතු නැත

ඒ නිසා ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටීමට, සාධාරණය ඉල්ලීමට සහ ඔහු යලි ලංකාව වෙත ‍රැගෙන ඒමට මෙරට රජයට අත්හල නොහැකි බැඳියාවක් ඇත.

Note – මේම ඡායා රූපයේ සිටින කාන්තාව  සිද්ධියට ලක් වූ කාන්තාව නොවේ,එය සංස්කරණය කළ එකකි

අයවැය විවාදය අතරතුර කිරිඇල්ල සහ රාජිත ආණ්ඩුවට එකතු වෙයිද ?

0

SJB මන්ත්‍රීවරුන් වන රාජිත සහ කිරිඇල්ල අයවැය විවාදය අතරතුර ආණ්ඩුවවට එක්වීමට නියමිත බවට වෙබ් අඩවි ගණනාවක් විසින් වාර්තා කොට ඇත. රාජිතට සෞඛ්‍ය ඇමති ධූරයත් කිරිඇල්ලට කැබිනට් ඇමති ධූරයකුත් ලබා දීමට නියමිත බව එම වාර්තා වල දක්වා ඇත.

හිරුණිකා පසුගියදා මී මැස්සෝ යූ ටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින්, කිරිඇල්ල වයෝවෘද්ධ බවත් ඔහු දැන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බව සදහන් කළාය.

මේ පිළිබදව විමසීමට ”නැෂනල් ඇලට්” කිරිඇල්ල මන්ත්‍රීවරයාට කතා කළේය. වෙබ් අඩවි වාර්තා සත්‍ය නොවන බව එදිදී ඔහු ප්‍රකාශ කළේය . හිරුනිකා කළ ප්‍රකාශය ගැන අදහස් දැක්වීමට තමා අකමැති බව කිරිඇල්ල ප්‍රකාශ කළේය.

කෙසේ වුවද රාජිත සහ චතුර සේනාරත්න යන දෙදෙනාම සම්බන්ධ කර ගැනිමට ”නැෂනල් ඇලට්” ගත් උත්සාහය අසාර්ථක විය.

ලංකාවේ දේශපාලනය, පියාගෙන් දරුවන්ට උරුම වන බූදලයකි. මේ වන විට වයෝවෘර්ධ දේශපාලකයන් සිය දරුවන්ට දේශපාලන උරුමය පැවරීම සඳහා අනවරත අරගලයක් යෙදී සිටියි.

චතුර සේනාරත්නට SJB පක්ෂයෙන් මේ දක්වා කිසිම තනතුරක් හිමි වී නැත. සිය දේශපාලන උරුමය චතුරට පැවරීමට අවශ්‍ය බව රාජත කිහිප වරක් සජිත්ට දන්වා ඇත. නමුත් මේ දක්වා සජිත්ගෙන් ඊට නිසි ප්‍රතිචාර ලැබී නැත.

කිරිඇල්ල මන්ත්‍රීවරයාද සජිත් සමග එවැනි ගැ‍ටුම් ඇතිකරගෙන ඇත . කෙසේ වුවද කිරිඇල්ලගේ දුවට SJB පක්ෂයේ ඉහල තනතුරක් ලැබී ඇත.

නමුත් හිරුණිකා SJB පක්ෂයට සිදුකර තිබෙන වැඩ ප්‍රමාණයෙන් කුඩා කොටසක්වත් චමින්ද්‍රානි කිරිඇල්ල ඉ‍ටුකොට නැත .චමින්ද්‍රානි අඩුම තරමින් සාමන්‍ය පුරවැසියෙකු සමග අවංකව, විවෘතව කතා කිරීමටවත් නොදනියි .

ලංකාවේ දේශපාලනය පියාගෙන් දරුවන්ට උරුමවන බූදලයක් වීම ඛේදවාචකයකි. කරුනු එසේ හෙයින් රාජිත ආණ්ඩුවට යාමත් කිරිඇල්ල නොයාමත් සිදු වනු ඇත

ජනයා සජිත්ට, කුණු බිත්තර වලින් පහර දෙන දිනය වැඩි ඈතක නොවේ

0

ඊයේ (3) දින විපක්ෂය විරෝධතාවයක් පැවැත්වූයේය. ත්‍රස්තවාදය මැඩලීමේ පනත, අහෝසි කිරීම එහි ප්‍රධාන තේමාව විය. මෙරට රජය PTA නීතිය දඩයම් පිහියක් ලෙස භාවිතා කරන බව රහසක් නොවේ. එහිදී දඩයමට ලක් වන ඛාන්ඩ 5කි.

1. LTTE සැකකරුවන්
2. ISIS සැකකරුවන්
3. බරපතල ඝනයේ පාතාල සාමාජිකයන්
4. අරගල නායකයන්
6. රාජපක්ෂ රෙජීමට තර්ජනයක් වන ජනමාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරින්

ත්‍රස්ත පනත දශක 3 කට වඩා පරන එකකි. මාධ්‍යවේදීන් , සිවිල් ක්‍රියාකාරීන්, පාතාල සාමාජිකයන් කෙරේ PTA ඇප්ලයි කළ නොහැක . LTTE, ISIS සහ කැරළි නායකයන් සම්බන්ධයෙන් PTA ඇප්ලයි කිරීමෙහි වරදක් නැත

සජිත් ප්‍රේමදාසගේ PTA විරෝධය අභූත එකකි. මීට පෙර PTA යොදාගනිමින් නීති විරෝධී ආකාරයට සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, පාතාල සමාජිකයන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත . නමුත් සජිත් කළ දෙයක් නැත.

සජිත් ප්‍රේමදාසගේ PTA විරෝධය ආරම්භ වූයේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

වසන්ත ජනප්‍රිය මතෘකාවක් වූ නිසා සජිත් එම කතිකාවවට දායක විය. නමුත් PTA යටතේ අත්අඩගුවට ගෙන තිබෙන, මුස්ලිම් තරුනයන් , එල්.ටී.ටී.ඊ සැකකරුවන් , වසර 13ක් නිකරුනේ රඳවාගෙන සිටින ලක්ෂ්මන් කුරේ ගැන සජිත් කතා කරන්නේ නැත.(හඬක් නැති අය වෙනුවෙන් සජිත් පෙනී නොසිටියි )

විපක්ෂ නායකයා මේ රටේ පුරවැසියන් දවන ගැටළු ගැන මීට වඩා සංවේදී විය යුතුය. විපක්ෂ නායකයා ලෙස සජිත්ට ජනතා ගැටළු ගැන නිසි අවබෝධයක් නොමැති නම් ඔහු බලයට පත් කිරීමේ පලය කුමක්ද ?

මහජන මුදලින් සුපිරි වර ප්‍රසාද ලබමින්, ජනතාවගේ දුක් කඳුළු වලට සංවේදී නොවන නායකයන්ට කුණු බිත්තර වලින් පහර දී එළවා දැමිය යුතුය

නැෂනල් ඇලට් සුමන්තිරන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි ?

0

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ, 2015 බලයට පැමිණි එජාප ආණ්ඩුව විසිනි.ඒ වන විට රාජපක්ෂ  රෙජීමය,  18 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය හරහා  ඒකාධිපති පාලන රාමුවක් ඇති කොට තිබුනි. 2015 බලයට පැමිණි එජාප රජය 19 වන සංශෝධනය හරහා එම බලතල යලි කප්පාදු කළේය.

2019 දී ගෝඨාබය  ජනපති විය . ඔහු  20 සංශෝධනය හරහා ඒකාධිපති බලතල යලි  එකතු කළේය. 2022 අගෝස්තු මාසයෙදී ගෝඨා ඉල්ලා අස්විය. ඉන් පසු රනිල් බලයට පත් විය.  ගෝඨා විසින් එකතු කළ ඒකාධිපති බලතල, කප්පාදු කළ යුතු බවට විශාල බලපෑමක්, රනිල්ට එල්ල විය.ඒ අනුව 22 සංශෝධනය ගෙන ආවේය.

2015 දී නැතහොත්  19 සංශෝධනය හරහා   විධායක බලතල කප්පාදු කිරීම සදහා  ප්‍රධාන ක්‍රමවේද 2 හදුන්වා දුන්නේය. එම සංශෝධන, ජනමත විචාරනයකින් තොරව පාර්ලීමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බව  2015 දි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව එම සංශෝධනය පහසුවෙන් සම්මත විය. එම සංශෝධන ද්විත්වය වන්නේ,

1. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා , ජනාධිපතිවරයාට ඇති අභිමතාණුසාරි  බලය අහෝසි කිරීම

2, අමාත්‍යවරුන්  පත් කිරීමේදී, ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු වීම

එම සංශෝධනය  නිසා  ජනපතිගේ ඒකාධිපති බලතල සීමා විය . ඉහත සඳහන් කළ පරිදි ගෝඨා බලයට පැමිණි පසු 20 වන සංශෝධනය ගෙන එමින් ඒකාධිපති බලතල යලි එකතු කළේය.2022 රනිල් බලයට පැමිනි පසු, විධායක බලතල සීමාකළ යුතුබවට විශාල හඬක් ආවේය.  ඒ අනුව 2022 සැප් මාසයේදී, 22 සංශෝධනය හදුන්වා දුන්නේය.

එහිදී අගමැති ඉවත් කිරීම  සහ ඇමතිවරු පත් කිරීමේ අභිමතය සංශෝධනය කිරීමට ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.ඒ අනුව  එකම කරුණක් පිළිබදව  ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් තීරණ 2ක් දී ඇත.

මෙම තත්වය නිසා ශ්‍රේෂ්ඨාධිකරණයත් පැද්දෙන ඔංචිල්ලාවක් වගේ , එවැනි අයද ගෙදර යා යුතු බව  සුමන්තිරන් පාර්ලීමේන්තුවේදී කීවේය . එම ප්‍රකාශය නිසා අධිකරණය අපහසුතාවයට පත්වූ බවත් ඒ පිළිබදව සෙවීමට පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව අධිකරණ ඇමති කථානායක වෙත ලිඛිතව දන්වා ඇත.

මොන කමි‍ටු පත් කළද , මොන නඩු දැම්මද නැෂනල් ඇලට් අප මේ අවස්ථාවේ සුමන්තිරන් වෙනුවෙන් පෙනී සිටිමට තීන්දු කොට ඇත. ඒ අන් කිසිවක් නිසා නොව යුක්තිය වෙනුවෙනි