36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්කිරීමට බලවතුන්ගේ අනුමැතිය

0
299

2022 නොවැ මාසය ලංකාවේ අරක්ෂාව සහ භූ දේශපාලනය සම්බන්ධව අතිශ්‍ය වැදගත් කාලවකවානුවක් විය . අයවැය සම්මත කිරීමට අමතරව පහත වැදගත් සිදුවීම් සිදුවිය.

1. ඉහල පෙලේ ඉන්දීය නියොජිතයන් පිරිසක් මෙරට සංචාරය කළේය
2. පකිස්තානය සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළේය
3. ආරක්ෂක අංශ ‘රයිට් සයිස්’ කිරීම පිලිබද මූලික වටයේ සාකච්ඡා ඇරඹීම

ඉහත සිදුවීම වලට සමගාමීව ලංකාවේ ඉහළ පෙලේ ආරක්ෂ පු‍ටු මාරුවක් සිදු වීමට නියමිතය. ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම ගැන්වීම සහ ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස Sr.DIG දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට තීන්දු කිරීම ඒ අතර වැදගත්ය.

මීලග පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකොන් පත්කිරීම අන්දෝලනාත්මක සංසිද්ධියකි. එම තීන්දුව වාර්තාවීමත් සමග මෙරට ආගමික සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඊට විරෝධය දැක්වීමට සැලසුම් කොට ඇත.

ආන්දෝලනයට තුඩු දී ඇති ආගමික නිකායක් නියෝජනය කරන නීතීඥ කන්ඩායමක්, දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලීමට සැලසුම් කොට ඇත.

කෙසේ වුවද පොලිස්පතිවරයා පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ජනාධිපති විසින් සිදුකළ යුතු වෙයි.

මේ වනවිට ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව, සංචාරක ක්ෂේත්‍රය, වෘත්තීකයන්, රට අරාජික කරන කැරලි වලට ඉඩ නොදිය යුතුය යන මතයකට පැමිණ ඇත. කැරලි මැඩපවැත්විය හැකි, පොලිස්පතිවරයෙක් සහ හමුදා පතිවරයෙක් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වී ඇත.

පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය නියෝජිතයන්ද මෙරට පොලීසියේ සහ ආරක්ෂක අංශවල දුර්වලතා ගණනාවක් පෙන්වා දී ඇත. කලාපීය බලවතුන්, ආරක්ෂාව පිළිබදව කතා කළ නමුත්, මානව හිමිකම් ගැන කිසිවක් කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය .

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනපතිවූ ආකාරයට, දේශබන්දු තෙන්නකෝන් අරගලයේ පිහිටෙන් ලංකාවේ 36 වැනි පොලිස් පතිවරයා වනු ඇත.

පොලිස්පති ඉණිමගේ තරඟකරුවන්

රහසේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම්