තිළිනිගේ පියා හිටපු ජවිපෙ නායකයා බව හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ට මරණ තර්ජන

0
284

තිලිනි ප්‍රියමාලි විසින් ලෝක වෙළද සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ආයෝජන සමාගම පිලිබදව මුල් අවස්ථාවේ සිට වැඩිම අනාවරන ප්‍රමාණයක් කළේ ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනය.

පසුගියදා ‘ටෘත් විත් චමුදිත” වැඩසටහන කෙස් කෙලින් කරන තවත් අනාවරනයක් කළේය. තිළිනිගේ පියා හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ බව ටෘත් විත් චමුදිත’ වැඩසටහන හෙළි කළේය. ඔවුන් මේ බව හෙලිදරව් කළේ සාක්ෂි සහිතවය.

එම හෙළිදරවත් සමග කීර්ති රත්නායක වෙත මරණ තර්ජන එල්ල වී ඇත. එපමනක් නොව, ඔහු පීඩාවට පත්කරන ආකාරයේ දුරකථන ඇමතුම් ගලා එමින් පවතියි.

මේ වන විට ” ටෘත් විත් චමුදිත ” යූ ටියුබ් නාලිකාවට සහ මුහුණු පොතේ පි‍ටුවට පාඨක ප්‍රතිචාර දහස් ගණනක් ලැබී ඇත. ඒවා සියුම්ව විශ්ලේෂණය කිරීමේදී ඒ තුල චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක ඉලක්ක කොටගත් මෙහෙයුමක් හඳුනාගත හැකිය.

එම මෙහෙයුම දියත්කොට ඇත්තේ ජවිපෙ කාඩරයන් විසින් බවත් ඔවුන් සිය කැම්පේන් එක තුලින් කරුණු කිහිපයක් අවධාරණය කරන බව හදුනාගත හැක

1. චමුදිත සහ කීර්තිගේ අභිලාෂය ජවිපෙට මඩගැසීම බව පැවසීම

2. ජවිපෙට විශාල ජනතා ප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බවත් චමුදිත සහ කීර්ති දේශපාලන මඩ කොන්ත්‍රාත් එකක් ඉ‍ටුකරන බව පැවසීම

3. ජවිපෙ රටේ බලය ලබා ගැනීමට සූදානම් බැවින්, ඔවුන් විවේචනය කිරීමෙන් වැළකිය යුතුය යන පණිවිඩය ලබා දීම

4. ජවිපෙට එරෙහි සියළු විවේචන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ ලෙස ලෙස පෙන්වා දීම

ජවිපෙ දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූ දින සිට අද දක්වා රටේ සෑම පක්ෂයක්ම නිර්දය ලෙස විවේචනය කරයි. ජවිපෙයට අනුව ඔවුන් හැර අනෙක් සියළු දෙනාම හොරුන්, වංචාකරුවන්, සහ අපරාධකරුවන් ය. ජවිපෙ සිය දේශපාලනය සඳහා ප්‍රධාන මූලෝපාය 3ක් භාවිතා කළේය .

1. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දේශප්‍රේමය
2. අධිරාජ්‍යවාදී බිල්ලන් මැවීම
3. ත්‍රාඩ භාවිතාව

2005දී රාජපක්ෂලා, ඉහත මූලෝපාය ජවිපෙන් සොරකම් කළේය. ඉන්පසු රාජපක්ෂලා මැතිවරණ දිණුවේ එම මූලෝපාය භාවිතා කරමිනි. ජවිපෙ භාවිතාව සහ රාජපක්ෂ භාවිතාව එකම කාසියේ දෙපැත්ත මෙනි.

කීර්ති සහ චමුදිත වැනි මාධ්‍යවේදීන් රාජපක්ෂ පාලනය තුලදී දැඩි පලිගැනීම වලට ලක්විය.මොවුන් දෙදෙනා නිතර සී.අයි.ඩී ය වෙත කැඳවූයේය . ඇතැම්විට සිරගතවීමට පවා සිදුවිය.

ජවිපෙ පිලිබදව එක් විවේචනයක් කළ පමනින්, සංවිධානාත්මකව මාධ්‍යවේදීන්ගෙන් පලිගැනීම කනගා‍ටුවට කරුණකි.