පොහොට්‍ටුවේ ජනපති අපේක්ෂකයා බැසිල් , රනිල්ගේ දේශපාලනය ඉවරද ?

0
263

බැසිල් රාජපක්ෂ,  පසුගියදා ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණියේය. ගුවන්තො‍ටුපොළේදී රාජ්‍ය නායකයෙකු ලෙස ඔහු  පිළිගැනීමට කටයුතු කළහ. බැසිල්  ලංකාවට පැමිනියේ   ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට   අදාල මූලික ලියවිලි රාජ්‍ය දේපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුවය .

බැසිල් පිළිගැනීමේ උත්සවයට SLPP  දේශපාලකයන් විශාල පිරිසක් සහභාගි විය. බැසිල් VIP  පුද්ගලයෙකු ලෙස පිළිගැනීමට ප්‍රධාන හේතු දෙකකි.

1. SLPP  අනාගත ජනාධිපතිවරන  අපේක්ෂකයා ඔහු වීම

2. එළඹෙන පලාත් මැතිවරණය සඳහා සූදානම් වීම

එළඹෙන පලාත් මැතිවරණයේදී පොහොට්‍ටුව සහ එජාපය එක් පිලක් ලෙස තරඟ කරන බවට පවතින රාවය අසත්‍ය එකකි.එමෙන්ම  එජාපය සහ SJB  එක් පිලක් ලෙස තරඟ කිරීමද කිසි විටෙක සිදු නොවනු ඇත. නමුත්  පලාත් මැතිවරණයේදී ලැබෙන  ප්‍රතිඵලය  අනුව SJB – එජාප එක්වීම  තීන්දු වනු ඇත.

අකර්මන්‍ය වී තිබෙන එජාපයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. ඉදිරි පලාත් මැතිවරණයෙදී එජාප යලි පනදීමේ  ශූක්ෂම සැලස්මක් රනිල්- රවි විසින් දියත් කොට ඇත. රනිල්-රවී සැලසුම කොතරම් ශූක්ෂමදයත්, එය බැලූ බැල්මට නොපෙනෙන, තිරය පි‍ටු පස ක්‍රියාත්මක වන්නකි.

රනිල් ජනපති පදවියට පත්වූ පසු තමාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක ලෙස රුවන් විජයගුණවර්ධන පත් කළේය. එම විෂය පිළිබදව තමාගේ ජාත්‍යන්තර උපදේශකයන් ලෙස ,  නෝර්වේ හිටපු විදේශ ඇමති එරික් සෝල්හයිම් සහ මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පත්කළේය.

මෙම පත් කිරීම නිසා රනිල් බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ෂණයට ලක් විය . ”රට බංකොලොත් වෙලා තියෙන විට, කාලගුණය පිලිබදව උපදේශකයො (International Climate Adviser)  පත් කරා, රනිල්ට පිස්සු” යයි  බොහෝ දෙනෙකු කීහ.

කාලගුණය පිළිබද උපදේශකයන් පත්කිරීම ගැඹුරු කතාවකි. මේ වන විට  ලංකාවට කිසිදු රටකින් ණයක් ලබා ගත නොහැක . එමෙන්ම විශාල ඩොලර් අර්බුධයකට මුහුනදි සිටියි.නමුත් පුණ්‍ය ආධාර සහ පරිසරය සුරකින ව්‍යාපෘති වලට අරමුදල් ලබා ගැනීමට කිසිදු බාදාවක් නැත.

ලෝකයේ පරිසරය සු‍රැකීම්ට ආධාර කරන ජාත්‍යන්තර සංවිධාන රාශියක් ඇත.එම ආයතන සතුව බිලියන ගණනක් මුදල් ඇත.  රනිල් දැන් මේ සූදානම් වන්නේ සොල්හයිම් සහ නෂීඩ් යොදා එම මුදල් ටික ඩැහැ ගැනීමටය.

ජාත්‍යන්තර සංවිධාන වලින් පරිසරය සු‍රැකීමට  ලැබෙන ආධාර  ඩොලර් අර්බුධයට විසඳුමකි. තවත් අතෙකින් එම මුදල් වාසිය එජාප මැතිවරණ ව්‍යාපෘති  වලට යොදාගත හැක.

එජාපයට ඉදිරි මැතිවරණයෙදී ලක්ෂ 10 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් නිසැකවම ලබා ගත හැක. එවැනි තත්වයක් තුල සජිත් ප්‍රේමදාස කොන්දේසි විරහිතව  එජාපය සමග එක්වීමට සිදුවනු ඇත  .