අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 11

මුස්ලිම් විවාහ නීතිය සංශෝදනය ට්‍රෝජන් අශ්වයෙක්, සැත්කම සදහා මාරයා වෙදා ලෙස පැමින ඇත  !

0

‘එක් රටක් එක් නීතියක්’ පාඨය ගෝඨාභය නැමති මෝඩ පාලකයාගේ මැතිවරන ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් විය.ගෝඨාභය බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරය මතිනි. ගෝඨාභය අයි.එස් බිල්ලෙක් පෙන්වා  ඊට විසදුම තමා බවට කැම්පේන් කළේය. එපමනක් නොව සහෝදර  මුස්ලිම් ජනයා සතුරෙකු ලෙස වර නැගුවේය.  ‘එක් රටක් එක් නීතියක්’ යන සටන් පාඨයේ ඉලක්කය මුස්ලිම් ජනයා විය.

‘එක රටක් එක නීතියක්’ යන සටන් පාඨය හුදෙක් මුස්ලිම් විවාහ  නිතිය ඉලක්ක කරගත් එකකි. රටේ ප්‍රගමනයට අදාල වන ගැඹුරු කතිකාවක් එහි නොවීය . සැබැවින්ම ගෝඨා කළේ  සිංහල ජනයා පිනවීමේ කූට රංගනයකි . විශේෂ නීතියක් හරහා  සිංහලයන්ට නැති වරප්‍රසාද මුස්ලිම් ජනයා භුක්තිවිඳින බව පෙන්වූයේය. සිංහලයා තුල මුස්ලිම් ජනයා කෙරේ වෛරයක් ඇති කළේය. තමා බලයට පැමිනිය හොත් සිංහල ජනයා රජවී මුස්ලිම් ජනයා දෙකේ කොලයට වැටෙන ආකාරයේ චිත්‍රය මැවූයේය. පැහැදිලිවම එය දේශපාලන ව්‍යාපෘතියකි.

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේ කමි‍ටු වලට පත් කළේ මුස්ලිම් කඩ වර්ජන කරන ලෙසට කැම්පේන් කළ සිංහල අන්තවාදීන්ය.ජාතිවාදයෙන් රට ගිණි තැබූ ඥානසාර භික්ෂුව එම කමි‍ටු තුල විය.සිංහල-මුස්ලිම් සංහිදියාව විනාශ කළ ඊනියා උගතුන් ඒ තුල විය . තවත් අතෙකින් මුස්ලිම් ජනයාගේ වෛරයට පාත්‍රවූ මුස්ලිම් ජාතිකයන් එම කමි‍ටුවලට පත් කළේය. Ya ටී.වී අයිතිකරු හිල්මි අහමඩ් එවැන්නෙකි.(මොහු උතුරේ යුද්ධය පවතින විට  LTTE සංවිධානයට පක්ෂව කැම්පෙන් කළ අයෙකි)

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම, හලාල් විරෝධය, වඳ කොත්තු , වඳ සැත්කම් ඉන්දියාවේ BJP රජය විසින් දියත් කළ දේශපාලන ව්‍යාපෘතීන්ය.එම කාලකන්නි ව්‍යාපෘති ලංකාවට හඳුන්වා දුන්නේද ඉන්දියාව විසිනි.එම ව්‍යාපෘති බුද්ධි අංශ සෙවනේ සරුවට වැඩුනේය . එවැනි තත්වයක් තුල මුස්ලිම් විවාහ නීතිය අවිචාරශීලි ලෙස සංශෝදනය කිරීම බිහිසුණු ක්‍රියාවකි. එය සියළු ජනයාගේ පරිහානියට හේතුවන්නකි.

නීතියට අණ්ඩ දැමීම ඕනෑම සමාජයක සිදුවිය යුත්තකි. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේ අරමුණ නීති පද්දතිය ක්‍රමවත් කිරීම නම්  ප්‍රමුකත්වයෙහිලා කළ යුතු සංශෝධන ඕනෑ තරම් ඇත. රටේ පවතින වාණිජ නීති බොහොමයක් ව්‍යාපාර පැවැත්මට අහිතකරය. Payment gateway, credit card වංචා සම්බන්ද නීති රීති ලංකාවේ ඇත්තේම නැත. නීති පද්දතියේ අඩුලුහුඩුකම් නිසා e commerce ක්ෂේත්‍රයේ අප තවම සිටින්නේ ගල් යුගයේය.

PTA සහ අධිකර්ණයට  අපහාස කිරීම සම්බන්ධ නීති  වෙනස් කරන ලෙස ජාත්‍යන්තරය  රතු නිවේදන නිකුත් කොට ඇත.දූෂණයට සහ වංචාවට එරෙහිව නීති සම්පාදනය කරන ලෙස එජා සංවිධානය  බල කොට ඇත .නමුත් ඒවා ගැන වගේ වගක් නැත

කොරෝනා මෘත ශරීර බලහත්කාරයෙන් ආදාහනය කිරීම නිසා ජාත්‍යන්තරය හමුවේ   ලංකාවේ රජයට බල්ලා මාක් එක වැදුණි. එම තත්වය නිසා මුස්ලිම් රටවලින් අපට ලැබුණු ආර්ථික ප්‍රතිලාභ අහිමි විය. එය ආර්ථික අර්බුධය උග්‍ර වීමට බල පෑවේය. මුස්ලිම් රටවල සහාය අහිමිවීම රට බංකොලොත් වීමටද බල පෑවේය

එවැනි පසුබිමක සියළු ප්‍රමුඛතා පසෙකලා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට යාම බිහිසුණු කුමන්ත්‍රණයක් මිස අන් යමක්  නොවේ. එම ක්‍රියාදාමය නිසා ඉදිරියේදී  UNHRC  සභාවේ  මුස්ලිම් රටවල සහාය ලංකාවට අහිමිවනු ඇත.ලොව පිලිගත් මුස්ලිම් ප්‍රාඥයන්ගේ සහාය ලංකාවට අහිමිවනු ඇත. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම යනු සතුරන් විසින් එවූ ට්‍රෝජන් අශ්වයකි. නිති සංශෝධන සැත්කම සදහා මාරයා වෙදා ලෙසින් පැමින ඇත

විදුලි අර්බුධයට ජවිපෙ දුන් විසදුම විමසා බලමු !

0

රටේ ආර්ථිකය හැසිරවීමෙහිලා අප අසාර්ථකය .එහි ප්‍රතිඵල ලෙස ජනයාගේ සුභ සිහින ඛේදවාචක බවට පත්වී ඇත. අපට මේ අවාසනාවන්ත  ඉරණම අත්වූයේ  බටහිර කුමන්ත්‍රණ නිසා නොව අපගේම මිත්‍යාඇදහිලි නිසාය .

ජනතාව මුලා කිරීමේ හැකියාව අතින්  ධනවාදී පක්ෂ වලට වඩා වම්මු ඉදිරියෙන් සිටියි.  රතු තොප්පි සහ දේශප්‍රේමි සටන් පාඨ රටට කර ඇති  විනාශය අපමණය.

අතීතයේ මුඩු බිමක් වූ  සිංගප්පූරුව  වෙළඳ පුරවරයක් ලෙස නැගී සිටියේ නිවැරදි ප්‍රතිපත්ති හේතුවෙනි.  අපේ රටේ ඇතිවූ වැඩ වර්ජන, ජනසතුකරනය  වැනි කාලකන්නි  ව්‍යාපෘති සිංගප්පූරුවට ආශිර්වාදයක් විය.50 දශකයේදී ලංකාවේ දියත් වූ වැඩ වර්ජන නිසා  වරාය සේවාව  සිංගප්පූරුව වෙත විතැන් වූ අයුරු  ලී ක්වාන්යූ ලියූ පොත් තුල මනාව පැහැදිලි කර ඇත.

60 දශකයේ වම්මු  ජනසතුකරණය නම් කාලකන්නි ව්‍යාපෘතියක් ගෙන ආවේය.   ඒ සමගම ෂෙල් සමාගම් ඇතුළු බලශක්ති සමාගම් ගණනාවක් ලංකාව හැර ගියේය .  අගතියට පත් එම  සමාගම් ලීක්වාන්යූ විසින් රතු පලස් එලා පිළිගත්තේය. අද අප එදා එලවා දැමූ  සිංගප්පූරු සමාගම්වලින් තෙල් මිලදී ගන්නා රටකි

70 දශකයේදී රටවල ආර්ථික විවෘත්ත කරන විට වම්මු මෙරට ආර්ථිකය සංවෘත කිරීමට බල කළේය.සාපේක්ෂ වෙළද වාසිය අමතක කළේය. නිෂ්පාදනයේ පිරිවැය නොසලකා හැර සෑම දෙයක්ම මෙරට නිෂ්පාදය කිරීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙමින් තිබූ ලෝකයේ අප තනි වූයේය.

80 දශකයේ ආර්ථිකයේ වෙළදපොල ආර්ථිකය හඳුන්වා දුන්නද වම්මුන්ගේ සන්නද්ධ අරගල නිසා සංවර්ධනය අඩාල විය. මෙරට ඇතිවූ කැරලි කෝලාහල නිසා ආයෝජකයන් මැලේසියාව, තායිලන්තය,වියට්නාමය වැනි රටවලට ඇදී ගියේය.

90 දශකයෙන් පසුවද වම්මුන්ගේ බලපෑම සුළුප‍ටු නොවීය.  සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාමට ඔවුන් බල කළහ. වෙළදපොල කේන්ද්‍ර කොටගත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩක් නොලැබුණි.

ඒ අනුව බලයට පත්වූ සෑම රජයක්ම ගිනි පොලියට ණය ගෙන මෙරට ජනයාට සහනාධාර දුන්හ . ඊනියා සුභ සාදන ව්‍යාපෘති වලට මුවාවී  මුවාවී දේශපාලකයන්ද සොරකම් කළහ.

කොරෝනා වසංගතය  සමග මෙරට ආර්ථිකය අර්බුධයට ලක් විය . නමුත් එය තාවකාලික එකක් විය. විදේශයකින් ණයක් ගෙන අර්බුධයෙන් ගොඩයාමට හැකියාව තිබුණි.නමුත්  රට බංකොලොත් යයි ප්‍රකාශ කිරීම නිසා ණයක් ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. අප ඊනියා දේශප්‍රේමය නිසා විනාෂ වූ රටකි.

මේ වනවිට ලංකාවේ බලශක්ති අර්බුධයක් ඇත . නමුත් එය තාවකාලික එකකි. රන්ජන් ජයලාල්, තෙල්, වරාය සහ විදුලිය යන අංශ වල ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරුය. මොහු පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදී, ජවිපෙන් තරඟ කළ අයෙකි.

ඊයේ මොහු රටේ විදුලි අර්බුධයට පිළියමක් දුන්නේය . විදුලි බිල්  නොගෙවන ලෙසත් ඔවුන් විදුලිය විසන්ධි කිරීම සදහා  නොපැමිනෙන බවත් කීවේය.

මෙය විදුලි අර්බුධයට ජයලාල් දුන් විසදුම නොව ජවිපෙ දුන් විසදුම විය හැක.ජවිපෙ ප්‍රතිපත්ති ගැන බුද්ධිමත් ජනයා අවධියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත

රට හෙල්ලූ, දිනේෂ් ශාෆ්ටර් ඝාතනය ඇතුලේ වැඩක් ?

0

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය වාර්තා වූ විගස ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් පලමු මාධ්‍යවේදියා මෙම ලියුම්කරුය.2022 දෙසැම්බර් 19 දින උදේ 9 .56 ට මෙම ලියුම්කරු දිනේෂ් ශාෆ්ටර්ගේ පියා වන චන්ද්‍රා ශාෆ්ටර්ට කථා කළේය .

දිනේෂ් නිවසින් එළියට යාමට පෙර බිරිදට බ්‍රයන් ‍තෝමස් හමුවීමට යන බව පෑවසූ බව ඒ වනවිට මාධ්‍ය වාර්තා කර තිබුණි.ඒ අනුව මෙම ලියුම්කරු එහි සත්‍ය අසත්‍යතාව චන්ද්‍රා ශාෆ්ටර්ගෙන් විමසා සිටියේය .නමුත් චන්ද්‍රා ශාෆ්ටර් එවැන්නක් දැන සිටියේ නැත. තවද ඔහු එම ප්‍රශ්නයට පිලිතුරු දීමෙන් වැලකී සිටියේය .

මේ වනවිට මෙම ලියුම්කරු CID හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇති අතර , එහිදී ඉහත කාරණය අතිශ්‍ය වැදගත් සාක්ෂියක් ලෙස සටහන් කරගත්තේය.

මේ වන විට දිනේෂ්ගේ බිරිද CID යට කටඋත්තරයක් ලබා දී ඇති අතර , එම ප්‍රකාශය තුලද එවැන්නක් සදහන් කොට නැත.සැබැවිනම දිනේෂ් නිවසින් එලියට යන විට ඔහු බ්‍රයන් ‍තෝමස් හමුවීමට යන බවක් බිරිදට පවසා නැත.එය ගෙතූ එකක් බවට සාක්ෂි ඇත

බ්‍රයන් ‍තෝමස් හමුවීමට යන බව සමාජගත කොට ඇත්තේ , GPS හරහා දිනේෂ්ගේ මෝටර්රථය සොයාගත් සමාගම් අධ්‍යක්ෂකවරයා බවටද සාක්ෂි ඇත.

මෙම කරුනු පාදක කොටගෙන දිනේෂ්ගේ ඝාතණය ඇතුලත ආරවුලක් නිසා සිදූවූ බවට සැක කිරීමට ප්‍රමාණවත්ය

ඉන්දීය නාවික ප්‍රධානියා කොළඹදී හයිජැක් කළා වගේ මෙහෙයුමක්

0

දෙසැම්බර් (12) ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ලංකාවට පැමිනියේය. එය දින 6ක නිළ සංචාරයකි. ජනාධිපති, අග්‍රාමාත්‍ය, ආරක්‍ෂක රාජ්‍ය ඇමති, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාධිපතිවරුන් හමුවීමට නියමිත විය. තව ද ත්‍රිකුණාමලය නාවික ඇකඩමියේ නාවික නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.

කෙසේ වුවද මෙතරම් වැදගත් නිළ සංචාරයකට පැමිණි ඉන්දීය නාවික ප්‍රධානියා ත්‍රාසයට පත්කරන සිදුවීමක් ඊයේ වාර්තා වී ඇත. කිසිවෙකු විසින් ඉන්දීය නාවික ප්‍රධානියාගේ ජංගම දුරකථනයක් සොරාගෙන ඇත.

ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ පසු මිත්‍ර බලවතුන්ගේ පාලනයට නතු විය. බටහිර කොටස ඇමෙරිකාවටත් නැගෙනහිර සෝවියට් දේශයටත් නතුව පාලනය විය.බර්ලින් නුවර නැගෙනහිර බටහිර යාකළ මර්මස්ථානය විය. වෙනත් වචන වලින් කිවහොත් බර්ලිනය කේ.ජී.බී සහ සී.අයි.ඒ ඔත්තු සේවාවල පොරපිටිය විය

අද කොළඹ නගරය, එදා බර්ලිනය මෙනි. අර්ථික යුද්ධයෙන් පරාජය වු ලංකාව, චීනයේ සහ ඉන්දියාවේ පොරපිටියක් වී ඇත.ඉන්දීය නාවික ප්‍රධානියාට ජංගම දුරකථනය අහිමි වූයේ එම සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. ස්මාට් ජංගම දුරකථනයක් දත්ත ගබඩාවකි . ඒ අනුව ඉන්දීය නාවික ප්‍රධානියාගේ ජංගම දුරකථනය පැහැරගැනීම ඔහු පැහැර ගත්තා හා සමානය.

 

NPP නීතිවේදීන්ගේ PTA විරෝධය මනමාලිය නොමැති මගුල් ගෙයක් !

0

ඊයේ (10) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු“ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. එහි ප්‍රධාන කථාව කරනු ලැබුවේ ජනාධිපති නීතීඥ සුමන්තිරන් විසිනි.

JRගේ ඥාතියෙකු වූ බුල් වීරතුංග, 1979 දී උතුරේ ත්‍රස්තවාදය මැඩලීම සදහා විශේෂ පනතතකින් බලය ලබාදෙන ලෙස ඉල්ලාසිටි බව සුමන්තිරන් කීවේය.

ඒ අනුව, තාවකාලික පනතක් ලෙස මාස 6කට බලපවත්වන පරිදි ත්‍රස්ත විරෝධී පනත හදුන්වාදුන් බව හෙළි කළේය. හමුදාවට විශේෂ පනතකින් බලය දුන්නද, බුල් වීරතුංගට ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට නොහැකි විය. නමුත් එය දැවැන්ත යුද්ධයක් දක්වා වර්ධනය වූ බව සුමන්තිරන් කීවේය.

එමෙන්ම මාස 6කට බලය දුන් පනත පසුව නීතියක් වු බවත් මේ වන විට එය දේශපාලන පලිගැනීම් සදහා භාවිතා කරන මෙවලමක් වී ඇති බව කීවේය.

PTA භාවිතා කොට විවිධ පුද්ගලයන් සිරගත කළ අයුරු සුමන්තිරන් විසින් හෙළිදරව් කලේය.තිස්සනායගම් වැනි නම් ඔහු එහිදී හයිලයිට් කළේය . සුමන්තිරන් සඳහන් කළ පුද්ගලයන් සියල්ලන් අතීත වින්දිතයන් විය

ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතිවේදියෙකු වන JM විජේබණ්ඩාර ද එහිදී අදහස් දැක්වූයේය.විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සහ රජීව් ගාන්ධිට නාවික හමුදා සෙබලෙකු විසින් පහරදීම PTA යටතට නොගත් බව ඔහු කීවේය . නමුත් මදූෂ්, කොස්ගොඩ තාරක වැනි පාතාල නායකයන් PTA යටතේ සිරගත කොට මරා දැමුවේය,

NPP කථිකයන්,අතීත වින්දිතයන් මතක් කළද PTA නිසා අද දුක් විදින කිසිවකු ගැන සඳහන් කළේ නැත.

1. ජෙයරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අවු 13ක් තිස්සේ ඇප නැතිව සිටින, ලක්ෂ්මන් කුරේ ගැන NPP කථිකයන් වචනයක් කතා කළේ නැත

2. කොරෝනා මෘතශරීර ආදාහනය කිරීම ගැන වීඩියෝවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වසර 2ක් ඇප නැතිව සිටින මොහොම්ඩ් ෆසල් ගැන NPP කථිකයන් වචනයක් කතා කළේ නැත

තිස්සනායගම්ලා PTA යටතේ සිරගතකළේ යුද්ධයක් පවතින සමයකය නමුත් අද එනම් යුද්ධයක් නොමැති කාලයක සියගනනක පිරිසක් PTA යටතේ සිරගත කොට ඇත

සල්ලාලකම බුදු පහනින් වැසීමට ගිය චාමිකට, දිවැසිවරයා දඩුවම් කළාද ?

0

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝකයේ දූෂිතම ආයතනය බවට පත්ව ඇත.ගුරා හිටගෙන  මූත්‍රා කරන විට ගෝලයන් දුවමින් මූත්‍රා කරන බවට කථාවක් ඇත. පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරය තුලදී විනයක් නැති ලංකාවේ ක්‍රිකට් ලෝක අපවාදයට ලක් විය.

ධනුෂ්ක ගුණතිලකට කාන්තාවන් අපහැරණය කිරීම සම්බන්ධ චෝදනා වලට ලක් විය.චාමික කැසිනෝ ශාලාවක ගැටුමක් ඇතිකර ගත් බවට චෝදනා එල්ල විය. කාන්තාවන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධ චෝදනාවක් ද චාමිකට එරෙහිව විය

චාමිකට එරෙහිව වූ කැසිනෝ ගැ‍ටුම පිලිබද චෝදනාව ඔප්පු වුවහොත් ඔහුට වසරක  ක්‍රිකට් තරග තහනමක් පැනවීමට නියමව තිබුණි.

විනය විරෝධී ක්‍රියා නිසා චාමික අෆ්ගන් සංචාරයෙන් ඉවත් කොට තිබුණි.  කන්ඩායමෙන්  ඉවත් කිරීම සම්බන්ධයෙන් චාමික විශාල බොරුවක් සමාජ ගත කළේය. ඔහු ඉවත් කළේ එක්තරා ආගමික කන්ඩායමක (බෝන් අගේන්) බල පෑම නිසා බව චාමික කීවේය. ඔස්ට්‍රේලියාවේදි  බුදු පහන තියනවාට පවා එම ආගමික කන්ඩායම විරුද්ධ වූයේ යයි  චාමික කීවේය

නමුත්, චාමික කියන කතා  අමූලික බොරුය. බුදු පහනේ ගැ‍ටුම  සමබන්ධයෙන්  ප්‍රමෝදය වික්‍රමසිංහ කරුණු පැහැදිලි කිරීමක් කොට ඇත.ක්‍රිකට් කන්ඩායම  නවාතැන් ගත් හෝටලයේ කාමරය තුල චාමික හඳුන්කූරු සහ පහන් පත්තු කිරීම සිදු කොට ඇත.  නමුත් හෝටල් බල ධාරීන් ඊට විරුද්ධ වී ඇත. ඔස්ට්‍රේලියානු ගිණි ආරක්ෂණ  නීති අනුව සංචාරක හෝටල් වල පහන් පත්තු කිරීම තහනම් කොට ඇත.  ඒ අනුව පවතින නීති වලට අවනත වන ලෙස චාමිකට දන්වා ඇත.

අහෝ ! චාමික සාහසික බොරුවක් සමාජගත කළ අරුමය. එය කොතෙක්දයත්  ආගමික ගැ‍ටුමක් දක්වා වර්ධනය විය. චාමික සමාජගත කල බොරුවට ක්‍රීඩා ඇමතිවරයා පවා හසුවිය. නීතිය ක්‍රියාත්මක වන රටකනම් චාමික ICCPR යටතේ අත්අඩංගුවට ගත යුතුය.

කෙසේ වුවද අවසානයේ බොරුව ආගම කොට ගත් සහ සිය සල්ලාලකම් බුදු පහනින් වසා ගත් චාමිකට එරෙහිව ස්වභාවධර්මය ක්‍රියාත්මක විය .පසුගියදා සූරියවැව ක්‍රීඩාගනයේ ක්‍රිකට් තරගයක් අතරතුර උඩපන්දුවක් ‍රැකගැනීමට යාමේදී බරපතල අනතුරකට මුහුණ දුන්නේය. චාමිකගේ  බොරු කී  කටේ දත් 4ක් කැඩී ගියේය.
NationalAlert.lk

 

රනිල්ගේ උපමාව පුපුරායයි, ඩින් ඩියම්ට සමානකළේ සජිත්!

0

අයවැය විවාදය අතර තුර රනිල් අමුතු කථාවක් කීවේය. ”ඩින් ඩියම්ලට (Đình Diệm) ලංකාවේ ඉඩක් නෑ” යයි කීවේය. රනිල්ගේ ක්‍රියා බැලූ බැල්මට තේරුම් ගත නොහැක. බොහෝ විට රනිල්ගේ කතා වල ඉලක්කය රාජ්‍ය තාන්ත්‍රිකයින් මිස සමාන්‍ය ජනයා නොවේ.

රනිල් සිය කාලගුණ විපර්යාස උපදේශකයන් ලෙස එරික් සෝල්හයිම් සහ මොහොමඩ් නෂීඩ් පත් කළේය. බොහෝ දෙනෙක් මෙම තීන්දුව හාස්‍යට ලක් කළේය. බංකොලොත් වූ රටකට කාලගුණ උපදේශකයන් මොකටදැයි ඇසූහ.

නමුත් රනිල්ගේ සැලසුම අපූරු එකකි. බංකොලොත් රටකට කිසිවෙකු ණය ආධාර දෙන්නේ නැත. නමුත් බංකොලොත් රටකට ආධාර ලබාගත හැකි විකල්ප ක්‍රම 2ක් ඇත. එනම් මානුෂීය ආධාර සහ පරිසරය සු‍රැකීම සඳහා වන ආධාරය.

පරිසරය සු‍රැකීම ගෝලීය වගකීමකි. දියුණු රටවල් ගෝලීය පරිසරය සු‍රැකීම උදෙසා ඩොලර් බිලියන ගණනින් වෙන් කරයි.සොල්හයිම් සහ නෂීඩ් ජනපති උපදේශකයන් ලෙස පත්කර, පරිසරය සු‍රැකීම සදහා වෙන් කර ඇති ලෝක අරමුදල්ලංකාවට ලබාගැනීමට, රනිල් දැන් උත්සාහ කරයි.

ඩින් ඩියම් කතාව බැලූ බැල්මට තේරුම්ගත නොහැක.රනිල් විසින් ‘ඩින් ඩියම්’ කතාව කීවේ මහින්දගේ කථාවෙන් පසුවය. මහින්ද අයවැය විවාදයට එක්වෙමින්, ගෝඨාභයගේ ආණ්ඩුව පලවාහැරියේ විදේශ බලවේග විසින් යයි කීවේය.

එම කතාවට පසු, ඩීන් ඩියම් වැනි රූකඩ පාලකයන්ට ලංකාව තුළ බිහිවෙන්න ඉඩ තියන්නේ නැතැයි රනිල් කීවේය.

ඩීන් ඩියම් වියට්නාමයේ (vietnam) සිටි ඇමෙරිකන් ගැති පාලකයෙකි. ඩින්ඩියම්ට ඇමෙරිකානු ක්‍රිස්තියානි බලවේග වල අනුග්‍රයය ලැබුනේය.ඩීන් ඩියම් විට්නාමයේ කාඩිනල්වරයා සමග එක්වී විවිධ කුමන්ත්‍රණ කළේය.

රනිල්, සිය කතාව තුල ඩින් ඩියම්ට සමාන කළේ සජිත් ප්‍රේමදාසය. අද සජිත් යැපෙන්නේ ක්‍රිස්තියානි බලවේග මතය. ඇමෙරිකාව ඩින් යියම් යොදාගෙන වියට්නාම අස්ථාවර කිරීම උත්සාහ කළාසේ සජිත් යොදාගෙන ලංකාව අස්ථාවර කිරීමට උත්සාහ කරන බව රනිල් කියයි. රනිල් සිය කතාව හරහා මෙරට කාදිනල් මැල්කම් රන්ජිත්හිමිද විත්තිකාරයෙකු කළ බව අමතක නොකල යුතුය

මාලදිවයින් මිලිටරිය ජාත්‍යන්තර මුදුදේ මසුන් මැරූ ලාංකික යාත්‍රා තුනකට පහරදී අත් අඩංගුවට ගනී

0

ජාත්‍යන්තර මුහුදේ ධීවර යාත්‍රා නිවැරැදි ලෙස යාත්‍රා කළ මෙරට ධීවර බෝට්ටු තුනක් මාලදිවයින් හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාලදිවයින් හමුදාව ධීවරයින්ට අමානුෂික ලෙස පහර දී පහර දී ඇතුවා මෙන්ම සාක්ෂි විනාශ කිරීම සඳහා ධීවර යාත්‍රාවලට සහ GPS උපකරණවලට හානි කොට ඇත

මෙම සිදුවීම අතරතුර මාලදිවයින් හමුදාව මෙරට ධීවරයන් සතුව තිබූ  මරිය මාතාවගේ ඡායාරූප සහ ශුද්ධ කුරුසය මුහුදට විසි කොට ඇත.

මෙම යාත්‍රා දැනට මාලදිවයින් මිලිටරිය සතු වෙරළාරක්ෂක නෞකාවක් වන Ghazi භාරයේ පවතී. මාලදිවයින් මිලිටරිය වැඩිදුර තොරතුරු ලබා දී නැත

මාලදිවයිනට ආසන්නව ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදෙන ලාංකික යාත්‍රා වලට  එල්ල කරන ප්‍රහාර මේ වන විට වැඩිවී ඇත. මෙය  ජාත්‍යන්තර නාවික නීතිය උල්ලංඝනය කිරීමකි.

මාලදිවයින් ජාතිකයින් 52000 ක් නිසි වීසා ලබා නොගෙන ශ්‍රී ලංකාවේ ජීවත් වෙයි.  ඔවුන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ තවත් බොහෝ සුබසාධන ප්‍රතිලාභ දේශීය බදු ගෙවන්නන්ගේ මුදලින් ලබා ගනියි.

කරුණු එසෙ හෙයින් මාලදිවයිනේ  බලධාරීන් , වින්දිත ලාංකික යාත්‍රාවලට සහ ධීවරයන්ට වන්දි ගෙවා මෙරටට එවිය යුතුය. තවද ශ්‍රී ලංකා රජය මාලදිවයින් ජාතිකයන්  සම්බන්ධයෙන් නිසි ක්‍රියාමර්ග ගත යුතුව ඇත

1.වීසා සීමා පැනවීම
2.මාලදිවයින් වැසියන් පිළිබඳ සෝදිසි මෙහෙයුම් සිදු කිරීම
3.ශ්‍රී ලංකාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන මාලදිවයින් යාත්‍රා සියල්ල අත්අඩංගුවට ගැනීම
4.මාලදිවයින් ජාතිකයන් මෙහිදී ලබන  සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීම

2024 පොදු අපේක්ෂකයා රට පාවාදුන් නන්දලාල් , මෙන්න සාක්ෂි !

0

පසුගියදා ජනපති රනිල්ගේ පාර්ලීමේන්තු කටයුතු උපදේශක  ආශු මාරසිංහ ITN දේශපාලන සංවාදයකදී කෙස් කෙලින් කරන හෙළිදරව්වක් කළේය . මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මීලග ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමට සූදානම් වන බව ඔහු හෙලිදරව් කළේය.

එම හෙළිදරව්ව සමග රනිල්  සමීපයේ සිටින  ඉන්දීය ප්‍රොක්සියක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වහා ක්‍රියාත්මක වූයේය. ඔහු ආශුගේ ප්‍රකාශය ගැන රනිල්ට අනතුරු ඇඟවූයේය.

වහාම ක්‍රියාත්මක වූ රනිල්, අදාල ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කරගන්නා ලෙස ආශුට දැනුම් දුන්නේය.ඒ අනුව ITN කැමරා කන්ඩායමක් නිවසට ගෙන්වා ගත් ආශු, මහබැංකු අධිපති නන්දලාල් ගැන කළ ප්‍රකාශය පදනම් විරහිත සහ අසත්‍ය බව කීවේය

කෙසේ වුවද නන්දලාල් පොදු අපේක්ෂකයා වීමට සූදානම් වන බවට ආශු මාරසිංහ කළ ප්‍රකාශය සත්‍ය බවට නැෂනල්ඇලට් සතුව සාක්ෂි ඇත. එපමනක් නොව එම වැඩසටහන මෙහෙය වන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවය බවටද  සාක්ෂි ඇත .

1. මේවන විට ඉන්දියාව සිටින්නේ මහින්ද ,රනිල් සහ සජිත් යන දේශපාලනඥයන් තිදෙනාගෙන් කිසිවෙකුට සහාය නොදක්වන ස්ථාවරයකය. ඔවුන් විශ්වාස කරන එකම පුද්ගලයා නන්දලාල් වීරසිංහය.  නන්දල්ලාල්  පොදු අපේක්ෂකයා කිරීම රෝ ඔත්තුසේවයේ සැලසුමකි.

2. පසුගියදා  රෝ ඔත්තුසේවයේ ප්‍රධානී සමන්ත කුමාර් ගෝලෙ ලංකාවට පැමිනියේය . ඔහු මහින්ද සහ රනිල් සමග ලංකාවේ අනාගත දේශපාලනය ගැන ගැඹුරු සාකච්ජාවක නිරත විය. අඩසියවසක දේශපාලන අද්දැකීම් ඇති රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ  ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා කළ ඉල්ලීම් වලට එකග වූයේ නැත.

3.පසුගිය කාලයේදී ශවේන්ද්‍ර සිල්වා පොදු අපේක්ෂකයා වීමේ අරමුනින් ඉන්දියාව සමග රහසිගතව ගණුදෙනු කළේය.එකල ශවේන්ද්‍රට ඉන්දියාවේ අනුග්‍රහය ලැබුණි. එම කාලය දැන් අවසාන වී ඇත. නමුත් ශවේන්ද්‍රට  අළුත්ම තත්වය ගැන අවබෝධයක් නැත. ශවේන්ද්‍ර  , රෝ ප්‍රධානියා ලංකාවට පැමිණි පසු  ඔහු හමුවීමට  උත්සාහ කලේය. නමුත්  ශවේන්ද්‍ර පයිසයකට ගනන් ගත්තේ නැත  . මක්නිසාදයත් ශවේන්ද්‍රගේ තැන නන්දලාල් වීරසිංහ විසින් පුරවා ඇත.

5.  අප මීට පෙර ප්‍රකාශ කළ පරිදි ලංකාව බංකොළොත්බව ප්‍රකාශ කිරීම භූ දේශපාලන කුමන්ත්‍රණයකි. නන්දලාල් වේදිකාවට එන්නෙ ඒඅතරය . එම කුමන්ත්‍රණය පි‍ටුපස සිටි ප්‍රධාන චරිත පහත පරිදිය .

Shaym Saran- ඉන්දියාවේ ඉන්දියාවේ විදේශ ලේකම් ධූරය දැරූ අයෙකි.

Dr. Faris Hadad Zervos – ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරන විට බැග්ඩෑඩ් වල ඇමෙරිකන් තානාපති වූයේ මොහුය.

Shivshankar Menon- ඉන්දියාවේ විදේශ ලේකම් ධූරය සහ  ජාතික ආරක්ෂක උපදේශක ධූරය දැරූ අයෙකි.

Indhrajit Kumaraswamy-  ලංකාවේ හිටපු මහ බැංකු අධිපති කෙනෙකි.  ඉන්දියාව සමග ඉතා කිට්‍ටු සම්බන්ධයක් පවත්වන අයෙකි.  නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයට නිර්දේශ කළේ මොහුය

Asoka Milinda Moragoda & Pathfinder Foundation – චීනය සමග බල තුලනයක් ඇතිකරන මුවාවෙන් කලාපයේ ඉන්දු-ඇමෙරිකා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ඒජන්තයා මොහුය.

Presidential Advisory Group on Multilateral Engagement and Debt Sustainability- මෙය ඉන්දියාවේ උපදෙස් පරිදි ජනපති ගෝඨාබය විසින් පත් කළ කමි‍ටුවකි. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දෙවරාජන් සහ ශ්‍යාමිනි කුරේ එහි සාමජිකයන් විය . ක්‍රිප්ටො ක්‍රිස්තියානින් සහ දෙමල ජාතිකයක් මිස එකදු සිංහලයෙකු එම කමි‍ටුවේ සිටියේ නැත. 2022 අප්‍රියෙල් 12 දින නන්දලාල් වීරසිංහ විසින්  ලංකාවට ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කළේ ඉහත කමි‍ටුව දුන් උපදෙස් අනුවය. එම ප්‍රකාශය නිසා ලංකාවට අතිවිශාල   ආර්ථික සහ දේශපාලන විනාෂයක් සිදුවිය. එය දන්නා ඉතිහාසය තුල ලංකාවේ සිදුවූ විශාලතම ඛේදවාචකය ලෙස හැදින්වුවද වරදක් නැත.

6. පසුගියදා ඉන්දීය රෝ බුද්ධි අංශයේ ප්‍රධානියා පමනක් නොව  NIA ඉහල පෙලේ නියෝජිතයන් පිරිසක්ද මෙරටට පැමිනියේය. ඔවුන් සතියක් මෙරට ‍රැදී සිටියේය. ඔවුන් නිල වශයෙන් පලමු හමුවීම සිදුකළේ ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේ සමගය. සුරේෂ් සලේ එහිදී හැසිරුනු ආකාරය සහ ඉන්පසුව සිදුවූ දෑ පිළිබදව ඉන්දීය නියෝජිතයන් දැඩිසේ කනස්සල්ලට පත්වූයේය. කෙටියෙන් කිවහොත් මේ වන විට ඉන්දියාවට රාජපක්ෂලා,වික්‍රමසිංහලා එපාම වී ඇත

7. මේ වනවිට  හර්ෂද සිල්වා පක්ෂය තුල  නිල නොවන  වාරණයකට ලක්වී ඇත. එම වාරණය  පනවා ඇත්තේ සජිත් ප්‍රේමදාස විසිනි. ඊට හේතුව මීලග පොදුඅපේක්ෂකයා හෝ අගමැති අපේක්ෂකයා  වීමට හර්ෂ ඉන්දීය නියෝජිතයන් සමග ගණුදෙනු කරන බවට තොරතුරු ලැබීමය.

8. නන්දලාල් වීරසිංහ හා බැඳුන  භූදේශපාලන මෙහෙයුම ප්‍රසිද්ධ  රහසකි. නමුත් නන්දලාල් ඉවත් කිරීමට රාජපක්ෂලාට හෝ වික්‍රමසිංහලාට නොහැක.මක්නිසාදයත් ඉන්දු ඇමෙරිකා කඳවුර විසින් නන්දලාල් ඉවත් නොකරන ලෙස බලපෑම් කරනු ලබයි

9. පසුගිය මාසයක සන්ඩෙ ටයිම්ස් පුවත් පත ,  “New revelations over SL foreign debt default” යන ශිර්ශයෙන් ලිපියක් පල කොට නන්දලාල් වීරසිංහ විවේචනය කළේය.ඊට ප්‍රතිචාර ලෙස නන්දලාල් Sundaytimes කතෘ  සිංහ රත්නතුංගට  සහ business times  කර්තෘ බන්දුල සිරිමාන්නට තර්ජනය කළේය.

10. මේ වනවිට නන්දලාල්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම, PR සමාගමකට බාර දී ඇත.  දේශීය වශයෙන් නන්දලාල් ඔසවා තැබීම මෙරට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට බාරදී ඇත.එපමනක් නොව නන්දලාල් විවේචන කරන පාර්ෂවයන්ට, බර අවි වලින් පහරදීම ආරම්භ කොට ඇත.

11. ජවිපෙ මුල් කාලයේදී නන්දලාල් වීරසිංහ ආරක්ෂා කරන ප්‍රතිපත්තියක විය. නමුත්  මේ වන විට ජවිපෙ, නන්දලාල් දැඩි ලෙස විවේචනය කරමින් සිටියි. ඊට හේතුව නන්දලාල්ගේ දේශපාලන ආගමනයයි.

12. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉන්දු ඇමෙරිකා කඳවුරේ ඒජන්තයෙකි.රට ගොඩ නැගීම සම්බන්ධයෙන් මෙරට ජනයා විසින් ඉහලම විශ්වාසයක් තබා ඇති පුද්ගලයා නන්දලාල් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පසුගියදා හෙළිකළේය.

ඉන්දීය හමුදාව පැය 24ක් තුල ලංකාවේන් ඉවත් නොවුව හොත තම සිරුරට ගිණි තබා ගන්නා බවට සජිත්ගේ පියා තර්ජනය කල බව ජේ.එන් ඩීක්සිත්ගේ කලම්බු ඇසයිග්න්මන්ට් පොත් ලියා ඇත.ඉන්දියාව රාජපක්ෂලා , වික්‍රමසිංහලා ප්‍රේමදාසලා සමග තවදුරටත් ගණුදෙණු කරන්නේ නැත. කරුනු එසේ හෙයින් 2014 දී ඉන්දීය කොන්ත්‍රාත්තුව ඉ‍ටුකිරීමට සිරිසේන තොරාගත්තේ යම් සේද  2024දී එම කොන්ත්‍රාත්තුව සදහා ‍තෝරාගෙන ඇත්තේ නන්දලාල් වීරසිංහය.

විසල් අභිරහසක් ඉතිරි කොට, යකඩ ගැහැනිය ශමිලා දිවි සැරිය නිමකරයි

0

ආන්දෝලනාත්මක සමාජ ක්‍රියාකාරිණියක්වූ ශමිලා ලියනආරච්චි රාගම රෝහලේදී මරණයට පත්වී ඇත. මිය යාමට පෙර ඇය සති 2ක් පමන රෝහල්ගතව සිට ඇත. හදිසියේ රෝහල් ගතවීමට හේතුව ‘ස්ට්‍රෝක්’ එකක් යයි වාර්තා වී ඇත.එමෙන්ම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී ඇති බව වාර්තා වෙයි.

ශමිලා ජීවතුන් අතර සිටියදී ආන්දෝලනාත්මක චරිතයක් විය .

1. ඇය බන්දුල සෙනරත් නම් සිරකරුවෙකු සමග විවාහ විය. ඔහු වැලිකඩ සිරකරුවන් ඝාතණයේ ප්‍රධාන සාක්ෂිකරු විය. ශමිලා ඔහු සමග විවාහ වූයේ ඔහු සිරගතව සිටියදීමය.

2. 2019 වසරේ මුල් භාගයේදී කුප්‍රකට ව්‍යාපාරිකයකු වන ප්‍රියාන් මැනික් කුඩා දැරිවියකු අපයෝජනය කළ බවට ඩිජිටල් සාක්ෂි ‍රැසක් ලීක් විය. එම හෙළිදරව්ව කළේ ශමිලාය .

3. ශමිලා තදබල ලෙස රාජපක්ෂ රෙජීමය විවේචනය කළාය.

4. ශමිලා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසියට එරෙහිවද තදබල විවේචන එල්ල කළේය.

ශමිලා නීතීඥ සේනක පෙරෙරා පිහිටවූ සිරකරු අයිතීන් සු‍රැකීමේ සංවිධානය සමග එක්ව වැඩ කළාය. ශමිලා ජීවත්ව සිටියදී ආන්දෝලනාතමක කරුණු ගණනාවක් හෙළිකළා පමනක් නොව ඇය රහස් ගබඩාවක් විය

ශමිලා ජීවත්ව සිටියදී නැෂනල් ඇලට් සමගද අදහස් බෙදාගත්තාය. ඇයගේ ජීවිතයට විශාල තර්ජනයක් පවතින බව ඇය නිතර කීවාය . ශමිලාගේ රහස් ගබඩාවේ තොරතුරු නීතීඥ සේනක පෙරේරා සහ අචලා සෙනෙවිරත්න වෙත ලබා දී ඇති බව එහිදී ඇය කීවාය .

ශමිලා පිළිබදව විමසීමට අප සේනකට කථාකළේය . කෙසේ වුවද නීතීඥ සේනක පෙරේරා මේවන ශිෂ්‍යත්වයක් ලැබ  විදේශ රටක සිටියි. පවතින තත්වය අනුව තීරණාත්මකව මැදිහත්වීමට නොහැකි බව ඔහු අප සමග පැවසුවේය

කරුනු කෙසේ වෙතත් මෙම මරණය පිටිපස විශාල අබිරහසක් පවතින බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත