අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 10

බලලා මල්ලෙන් එලියට-ලෝකල් ඉලෙක්ෂන් එක ෂුවර් නෑ..!මැතිවරණ කොමසාරිස් කියයි!

0

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (24) පැවැත් විය. එම සාකච්ඡාවෙන් පසු හිරු නාලිකාවට අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මෙතෙක් සැගවූ යථාර්තය ය මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය. ලෝකල් ඉලෙක්ෂන් එක පැවැත්වීම පිළිබදව තමාටද විශ්වාසයක් නැති බව ඔහු එහිදී කීවේය.

මැතිවරණ කොමිසම විසින් ලෝකල් ඉලෙක්ෂන් එක මාර්තු 9 දින පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමත් සමග එම තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත. රට බංකොලොත් වී තිබියදී ලෝකල් ඉලෙක්ෂන් එක වෙනුවෙන් මුදල් වැය කිරීම ආර්ථික අර්බුධය උත්සන්න කරන බව විශ්‍රාමික කර්නල් වරයා  පෙත්සම මගින් ප්‍රකාශ කොට ඇත.

එම නඩුව විභාගයට ගත් අධිකරණය මැතිවරණය වියදම් සම්බන්ධයෙන් මුදල් වැය කළ හැකිද-නොහැකිද යන්න යන්න පිලිබදව මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළේය.ඊට පිළිතුරු ලෙස දිවුරුම් පෙත්සමක් මගින් කරුණු දැක්වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් මැතිවරණය වෙනුවෙන් මුදල් වැය කිරීමට ඇති නොහැකියාව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මැතිවරණය සදහා රුපියල් බිලියන 10ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම විසින් ගනන් බලා ඇත .එම මුදල ලබා දිය හැකිද නැද්ද යන්න අද දින මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යංශයෙන් ලිඛිතව විමසා ඇත. මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණයට මුදල් වැයකිරීමට ඇති නොහැකියාව අධිකරණයට ලිඛිතව දන්වා ඇති පසුබිමක ඊට වෙනස් පිළිතුරක් මැතිවරණ කොමිසම වෙත ලැබීමට හේතු නැත .

මේ අතර අද දින මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මුජිබර් රහුමාන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කොට ඇත පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලය,නිතිපතිවරයා ඇතුලු 35 දෙනකු නම්කර ඇත

තවද මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කර තිබුනද ඊට අදාල ගැසට් පත්‍රය මේ දක්වා මුද්‍රණය කොට නැත.අදාල ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සදහා මැතිවරණ කොමිසම මේ දක්වා කිසිදු ඉල්ලීමක් කොට නැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මාධ්‍යට පවසා ඇත.

නීති පද්දතියේ සිදුරු ලොවට විද්‍යාමාන කරමින් අජිත් ප්‍රසන්න හිරේ යයි !

0

අද දින අධිකරණයට අපහාස කිරීම යටතේ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඩුවම් නියම විය. අජිත් ප්‍රසන්න ගෝඨාභය රාජපක්ෂට වහල් කම් කළ බව සත්‍යකි. නමුත් ශිෂ්ඨාචාර ගත පුරවැසියන් ලෙස ඔහුට ලැබුන දඩුවම ගැන එකග විය හැකිද  ?

ලංකාව අන්ත දූෂිත රටකි. පිරිසිදුයි කිව හැකි කිසිම යාත්‍රණයක් එහි නැත. ලංකාව හොරු ,තක්ක්ඩි, මිනීමරුවන්ගෙන් ගේ පාරාදිසියකි. ඔවුන්ගේ නඩු ෆයිල් එක තැන පල් වෙමින් ඇත. එනයින් නීතියේ පාලනයේ නිරුවත ලොවට විද්‍යාමාන කොට ඇත

මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ යටතේ ටෝනි එම්මානුවෙල්, SB දිසානායක, ඥානසාර සාදු, රන්ජන්, වැනි අය හිරේ දමා ඇත .වරදකට දඩුවම් කළාට ප්‍රශ්නයක් නැත. නමුත් මෙහිදී කිවයුතු කරුණු 2ක් ඇත

1. අධිකරණයට අපහාස කිරීම යන නීතිය යොදාගෙන පෞද්ගලික හෝ දේශපාලන න්‍යාය පත්‍ර යටතේ පුද්ගලයන් දඩයම් කිරීම ගෝත්‍රික වැඩකි.

2. අධිකරණයට අපහාස කිරීම යන නීතිය නියාමනය කරන නිෂ්චිත රාමුවක් නොමැති අතර එය නිවරදි කළ යුතුය

ලෝකයේ දියුනු රටවල අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිෂ්ච්ත වන අතර එය මනා ලෙස නියාමනය කරයි. දියුනු රටවල මෙම වරද කළ අයෙකුට කරන්නේ දඩයක් ගහලා අවවාද කිරීම පමනි. බරපතල වැඩ සහිතව වසර 4ක් හිරේ දමන්නේ නැත

අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙලින්ම අසා දඩුවම් කළ විට ඒ සම්බන්ධයෙන් ඇපීල් කළ හැකි අවස්ථාව අහිමි වෙයි . අදාල පුද්ගලයා අනිවාර්යෙන්ම හිරේ යා යුතුම වෙයි

ඕනෑම සමාජයක නීති ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්යෙන් සිදු විය යුත්තකි. පාර්ලීමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225හේ කාර්ය නිසි නිෂ්චිත සහ ප්‍රායෝගික නීති හැදීමය .

අමානුෂික නීති රීති වෙනස් කරන එක පාර්ලීමේන්තුවේ අත්හල නොහැකි වගකීමකි. අවාසනාවට ලංකාවේ පාර්ලිමේන්තුව දිර්ඝ නින්දක නිරතයි.

ඉන්දීය විදේශ ඇමතිවරයා නවාතැන් ගත් හෝටල් කාමරය රහසිගතව ආවේක්ෂණය කරලා !

0

ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් පසුගිය 19 වැනිදා දෙදින නිළ සංචාරයක් ලංකාවට පැමිනියේය. ජයශංකර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි , රවුෆ් හකීම් ඇතුලු මෙරට දේශපාලනඥයන් පිරිසක් සමග සාකච්ච්ඡා පවත්වා තිබුණි.

ඉන්දීය දූත පිරිසේ ආරක්ෂාව භාරව කටයුතු කළේ, ඉන්දියාවෙන් පැමිණි විශේෂ ප්‍රභු ආරක්ෂක කන්ඩායමකි. ඉන්දීය විදේශ ඇමතිවරයා නවාතැන් ගත්තේ කොළඹ තාජ් සමුද්‍රා හෝටලයෙහිය.

ඉන්දීය විදේශ ඇමතිවරයා නවාතැන් ගත් හෝටල් කාමරය අධිතාක්ෂණික උපකරණ හරහා රහසිගතව ආවේක්ෂණය කොට ඇති බවට පුවතක් වාර්තා වී ඇත. මෙම එස්පියොනාජෙ මෙහෙයුම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ, ඉන්දියාව සමග නිරන්තර බල අරගලයක නියලී සිටින රටක ඔත්තු සේවයක් වෙතය.

වර්තමානයේ රහසිගතව සිදුකරන Hotel spying රාජතාන්ත්‍රිකයන් ඇතුලු ප්‍රභූන් මුහුණ දෙන බරපතල අභියෝගයක්වී ඇත . කෙසේ වුවද කොළඹ තාජ් හෝටලය ඉන්දියානුවෙකු සතු දේපලකි. එවැනි ස්ථානයක් සතුරු චරපුරුෂ සේවාවක් විසින් ආක්‍රමණය කිරීමෙන් පැහැදිළි වන්නේ කොළඹ නගරය විදේශ ඔත්තුසේවාවන්ගේ පොරපිටියක් වී ඇති බවය.

මෙම තත්වය නිසා නිළ හෝ පෞද්ගලික සංචාර සඳහා ලංකාවට එන්නේ නම් විශේෂ ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන ලෙස ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ට අවධාරණයෙන් දැනුම් දී ඇත

බිල්ලන් මවන්න එපා – ඇමෙරිකන් තානාපතිට කන කිස් කරන පිළිතුරක් ලැබෙයි !

0

ලංකාවේ ජනයා ‘ලොරි ටෝක්’ දෙන්න දක්ෂයෝය. ආර්ථිකය, දේශපාලනය විදේශ කටයුතු, ගැන, ඔවුන් නොදන්නා දෙයක් නැත.

ගමේ තේ කඩයක් කරන අයෙක් වුවද , එහි ආදායම, වියදම, ණය ගැන හොදින් දැනුවත් විය යුතුය. එම ගණන් ඉලක්කම් ගැන අවබෝධයකින් තොරව කටයුතු කළ හොත් තේ කඩය බංකොලොත් වනවා නියතය.

රටක තත්වයද‏ මීට සමානය. ලංකාවේ ජාතික නිෂ්පාදිතය, රජයේ ආදායම, රජයේ වියදම, ණය ගැන ගණන් හිලව් දන්නේ කීයෙන් කී දෙනාද ?

පසුගියදා කොළඹ ඇමෙරිකන් තානාපති චීන ණය සම්බන්ධයෙන් මෙරට ජනයා බියගන්වනසුළු ප්‍රකාශයක් කළේය.

ඇමෙරිකන් තානාපතිනියගේ ප්රාකාශය සමබන්ධයෙන් කොළඹ චීන තානාපති නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටියේ නැත.
ලංකාවට බරක් වී ඇත්තේ චීන ණය නොව ගිනි පොලියට ලබා ගත් වාණිජණය බව චීන තානාපති හෙළි කළේය .

ලංකාවට මහා පරිමණයෙන් වාණිජ ණය ලබා දී ඇත්තේ ඇමෙරිකාව බවද මතක් කළේය .ලංකාවට   ණය ගෙවීමට නොහැකි වූ විට ඇමෙරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව නඩු දැමූ බව කීවේය .

ඉහත රූප සටහන බලන්න . ලංකාවේ ණය වලින් අඩක් පමන ගිනි පොලියට ලබා ගත් වාණිජ ණය වෙයි. චීන තානාපති කියන පරිදි ඒවා ඇමෙරිකන් ණය වෙයි.

තවද මෙම ණය මුදල් වලින් වැඩි ප්‍රමාණය වැය කළේ මහා මාර්ග, විදුලි බලාගාර වැනි සංවර්ධන කට යුතු වලට නොවේ. ඒවා වියදම් කළේ රජයේ වැ‍ටුප් ගෙවීමට, ණය ගෙවීමට වැනි රජයේ එදිනෙදා වියදම් පියවීමටය.

ඉහත කරුණ සම්බන්ධයෙන් අද දින මෙරට ජාතික සංගම් එකමුතුව ඇමෙරිකන් තානාපතිට කන කිස් කරන ලිපියක් යවා ඇත

මැද කොළඹ ආසනයට කෙල හැලූ ප්‍රේමදාස පුංචි ඡන්දයට මුවා වී මුජිබර්ගේ බෙල්ල කැපූ හැටි

0

අද ලංකාව තුල සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාරට වාසිදායක දේශපාලන වාතාවරණයක් පවතියි. එය යතාර්ථයක් වීමට නම් මුලින් ලෝකල් ඉලෙක්ෂන් එක හෝ පාලිමන්ට් ඉලෙක්ෂන් එක පැවැත්විය යුතුය. මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමන අවසන් වීම වුවද සිදුවිය හැක. කරුණු එසේ හෙයින්, ලෝකල් ඉලෙක්ෂන් එක හෝ පාලිමන්ට් ඉලෙක්ෂන් එක මුලින් ලබා ගැනීමට සජිත් වෙහෙසෙයි.

නමුත් ලෝකල් ඉලෙක්ෂන් එක දැන් ලබා ගැනීමට ප්‍රධාන අවහිරතා 2ක් ඇත.

1. ලෝකල් ඉලෙක්ෂන් එකට ප්‍රමුඛතාවදී මුදල් වියදම් කිරීමට රජය ඉදිරිපත් නොවීම

2. ලෝකල් ඉලෙක්ෂන් එක සදහා කරන වියදම නාස්තිය ලෙස මහජනයා විශ්වාස කිරීම

සජිත් ලෝකල් ඉලෙක්ෂන් එක වෙනුවෙන් හඬ නගන්නේ එය ලබා ගැනීමට නොහැකි බව නොදැන නොවේ. එනම් මේ අවස්ථාවේ ලෝකල් ඉලෙක්ෂන් එක සිදු නොවන බව සජිත් දනියි. රජය මැතිවරණ වලට බිය බව හයිලයිට් කොට වාසියක් ලබා ගැනීම සජිත්ගේ සැලසුමය.

සජිත්ට ප්ලෑන් B එකක් ද ඇත . ඒ ජනාධිපතිවරණයට කලින් පාලිමන්ට් ඉලෙක්ෂන් එක ලබා ගැනීමය. එම පාලිමන්ට් ඉලෙක්ෂන් එකේදී සජිත් ලක්ෂ 5 වත් ඡන්ද ලබා ගත යුතුය.

කොළඹින් ලක්ෂ 5ක ඡන්ද ගැනීමට නම්, ලොකු ප්‍රේමදාසගේ ආසනය වන මැද කොළඹ පොඩි ප්‍රේමදාස විසින් අත්පත් කරගත යුතුව ඇත.

මේවන විට මැද කොළඹ ජනයා මුජිබර් රහුමාන් වට රොක් වීඇත.මුජිබර් හදුන්වන්නේ මැද කොළඹ ආදරනීය ජන නායකයා වැනි නම් වලිනි. මෙය සජිත්ගේ ඉදිරි සැලසුම් වලට බාදාවකි. සැබැවිනම සජිත් කළේ ලෝකල් ඉලෙක්ෂන් එකට මුවා වී මුජිබර්ගේ බෙල්ල කැපීමය.

යම් හෙයකින් මුජිබර් නගරාධිපති වූවා යැයි මොහොතකට සිතමු. එහිදී සිදුවන්නේ ඔහුගේ ජනප්‍රියතාව අඩු වීමකි. මක්නිසාදයත් මුජිබර් මේතරම් ජනප්‍රිය වූයේ පාලිමන්ට් එකේ ඔහු කළ කතා නිසාය.

මුජිබර් පුරපති ධූරයට යෝජනා කිරීම සජිත් විසින් දියත්කළ කුමන්ත්‍රණයකි. මුජිබර් පුරපති ධුරය සඳහා තරඟ වදින බවට මුල්ම ඉඟිය පළ කළේ නලින් බණ්ඩාරය. ඒ 22 ඔක් 2022 පැවැත්වුන මැද කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

මේ වන විට ජවිපෙට පහරදෙන ලෙස සජිත් සිය පාර්ලීමේන්තු මන්ත්‍රීන්ට දැනුම් දී ඇත.නමුත් මුජිබර් එම නියෝගයට අවනත වූයේ නැත. ඊයේ, මාලිගාවත්තේ පැවැති ජවිපෙ ‍රැස්වීමට අතිවිශාල ජනකායක් සහභාගි විය.මේ සියළු කරුණු මුජිබර් ඉවත් කිරීමට හේතු විය

අද, ප්‍රොපට් ජෙරම් සිදුකරන්නේ එදා අබ්දුල් රාසික් රඟ දැක්වූ භූමිකාවය

0

Divide And Rule ( Divide and conquer ) මූලධර්මය භූ දේශපාලනය තුල වැඩියෙන්ම භාවිතා කරන උපක්‍රමයකි. මහින්ද රාජපක්ෂ මෙම තියරිය භාවිතා කොට අති සාර්ථ්ක ප්‍රථිපල අත් කරගත්තේය.

මහින්ද මුලින් ප්‍රතිවාදි කඳවුර තුල අභ්‍යන්තර ගැ‍ටුම් නිර්මාණය කරනු ලබයි. ඉන්පසු ප්‍රතිවාදියා දෙපිලකට වෙන් කරනු ලබයි. පැරණි වාමාංශිකයන්, ජවිපෙ, ශ්‍රීලනිප, එජාපය, TNA අති සාර්ථික ලෙස දෙකඩ කළේය.

උඩරට පහතරට ලෙස සිංහල ජනයා තුල ගැ‍ටුමක් නිර්මානය කළේය. කුලය පදනම් කරගෙන ගැ‍ටුම් නිර්මානය කළේය. හමුදාව සහ අධිකරණය තුලද අභ්‍යන්තර ගැ‍ටුම් නිර්මානය කළේය .තම පක්ෂය තුලද එකෙකුට එරෙහිව තව එකෙක් කෙටවූයේය.

ගෝඨාගේ ඇතැම් ක්‍රියා නිසා සාම්ප්‍රදායික මුස්ලිම්ජනයා රාජපක්ෂලාගෙන් වෙන් විය. එවිට මහින්ද තව්හිද් ජාමාත් පිල ෆෝම් කොට මුස්ලිම් කඳවුර දෙකඩ කළේය. දැන් මුස්ලිම් සමාජය කොටස් ගනනාවකට කැඩී ඇත.

පාස්කු ප්‍රහාරය, අල්ලපු රටේ බුද්ධි අංශ සහ මෙරට බල ලෝභී දේශපාලකයන් පිරිසක් සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයකි. සහරාන් කල්ලිය ඒ සඳහා හයර් කළ පිරිසක් පමනි.

පාස්කු ප්‍රහාරය සහ සාහසික ‍රැවටීම නිසා ක‍තෝලික ජනයා රජපක්ෂලා සමග දැඩි නොසතුටකින් පසුවිය.අරගලයෙදී රාජපක්ෂලාට එරෙහි වැඩිම ප්‍රතිරෝදය එල්ලවූයේ කතොලික සහ ක්‍රිස්තියානි සමාජයෙනි.

මහින්ද දැන් ”දෙකඩ කිරීමේ තියරිය” ක‍තෝලික සහ ක්‍රිස්තියානි සමාජය වෙත ඇප්ලයි කොට ඇත. බුද්ධි අංශ වාර්තා අනුව සතියකට 600 පිරිසක් ප්‍රොපට් ජෙරම්ගේ නිකායට මාරුවන බව වාර්තා කොට ඇත. ආගම මාරු කිරීමට ලක්වන ජනයාගේ සංයුතිය පහත පහත පරිදිය

ක‍තෝලික ඇතුළු පාරම්පරික සභා – 74 %
හින්දු 11 %
බෞද්ධ 14 %
මුස්ලිම් 1%

මේ වන විට ප්‍රොපට් ජෙරම්ට එරෙහිව වැඩිම විවේචන එල්ල කරන්නේ ක‍තෝලික සභාව විසිනි. ඊට ප්‍රතිචාර ලෙස ජෙරම්ගේ අනුගාමිකයන් ක‍තෝලික සභාවට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

අද, ප්‍රොපට් ජෙරම් කරන්නේ එදා අබ්දුල් රාසික් රඟ දැක්වූ භූමිකාවය . රාසික්ගේ ගෝඩ් ෆාදර් වූයේ මහින්ද සහ ගෝඨාය . SLTJ නොහොත් සහරාන්ගේ මහගෙදර හැදීමට ඉඩම දුන්නේ රාජපක්ෂලාය . රාජපක්ෂලා මිරකල් ඩෝම් එකට දක්වා ඇති අනුග්‍රහයද පොඩි නැත

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් නම් වන්දි නඩුව එහි දිගුවක් පමනි !

0

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනපති සිරිසේන ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට සිදුවීම දෙස් විදෙස් අවධානය දිනාගත් පුවතක් බවට පත්වී ඇත. මාතෘකා ගත නඩුව මූලික අයිතිවාසිකම් පෙත්සමකි . මෙම නඩු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් ගොණු කළද ඒ පි‍ටුපස රහස්‍ය පිරිසක් සිටියහ. එම පිරිස පහත පරිදිය

ජනත් එස්. විදානගේ

මූලික අයිතිවාසිකම් නඩුකරවල පලමු නඩු දෙක ජනත් විදානගේට අයත් විය.ජනත් විදානගේ ගෝඨාභයගේ හෙංචයියෙකි. වියත්මග සහ යුතුකම සංවිධාන වල  සාමාජිකයෙකි. ගෝඨා විසින් මොහුව පොහොර සංස්ථාවේ සභාපති ධූරයට පත් කළේය.

හිල්මි අහමඩ් 

හිල්මි අහමඩ් කුප්‍රකට ඩිල් කාරයෙකි. මොහු LTTE  ප්‍රොක්සියක් වූ  ආර්නි පියටොෆ් සමග එකට වැඩ කළේය .කොටි ත්‍රස්තවාදීන්ට පක්ෂව Young Asia  tv , World vision ආයතන මෙහෙය වූයෙ මොහුය.මොහු මුස්ලිම් සමාජයට එක් මුහුණකුත් , ජාත්‍යන්තරයට තවත් මුහුණකුත් පෙන්වමින් ලෝකය රවටන තක්කඩියෙකි.  හිල්මි අහම්ඩ් ගෝඨා සමග හොරෙන් ගණුදෙණු කළ පුද්ගලයෙකි

අගුළුගල්ලේ ජිනානන්ද හිමි

මොහු බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධයක්ෂ ලෙස පෙනී සිටින භික්ෂුවකි. ගෝඨා බලයට පත්කිරීමට දායක වූ භික්ෂුවකි. අගුළුගල්ලේ ජිනානන්ද හිමිගේ ක්‍රියා කලාපය ආහමික සංහිදියාවට බාදාවකි.

කතෝලික සාමාජික හා සාමයික කේන්ද්‍රය

මෙය ක‍තෝලික සභාවේ ශාඛාවකි. මේවන විට සිරිසේන, පූජිත, හේමසිරි වග උත්තරකරුවන් කරමින් දිසා අධිකරණයේ සිවිල් නඩු 289ක් පවරා ඇත. මෙම නඩුවල මූලික අරමුන වන්දි ලබා ගැනීමය. එම සිවිල් නඩු 289 තවම අසා ඉවර නැත. එම නඩු 289 ට වන්දි ගෙවීමට සිදුවුව හොත් දැන් පවතින කුරුස- ධර්මචක්‍ර උණුසුම ගැ‍ටුමක් දක්වා ගෙන යනු ඇත.

දැනටමත් කුරුස ධර්ම චක්‍ර ගින්නක් ඇවිලී ඇත.

මේ වන විට තමන් බෞද්ධ නිසා තමන්ට විශාල අසාධාරණ සිදුවන බව  දේශබන්දු ඇතුළු ඉහල පොලිස් නිළධාරීන් පිරිසක්  මහනායක හිමිවරුන්ට කියා ඇත. දලදාවට අපහාස කළා යැයි සේපාල හිරේ දමා ඇත. ප්‍රොපට් ජෙරම්ට එරෙහිව කොමිසම් පත් කොට ඇත .

දරුවන්ගේ මෘත ශරීර නිවස තුල තිබියදී උසාවි ගිය පියාගේ කතාව විශ්වාස කළ හැකිද ?

පසුගියදා චමුදිත නීතිඥ ගාමිනි පෙරේරා සමග සංවාදයක් කළේය. මොහු ජනත් එස් විදානගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා විය. ප්‍රහාරයෙන් දින තුනකට පසු  එනම් අප්‍රියෙල් 24 දින FR නඩුව ගොනුකළ බව ඔහු කීවේය. එනම් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටත්  පෙර  වන්දි  ඉල්ලන නඩුව පවරා ඇත.

සංවාදය අතරතුරදී චමුදිත පාස්කු  ප්‍රහාරය කාගේ වැඩක් දැයි  ප්‍රශ්නයක් යොමු කළේය.  නීතීඥ ගාමිනි පෙරෙරා ඊට පිළිතුරු දුන්නේ අභූතයෙනි. ඔහු ‘Defeating ISIS; නමින් පොතක් පෙන්වූයේය. එය  Malcolm Nance නම්  CIA  කුලී ලියන්නෙකු ලියූ පොතකි.  IS සංවිධානය හැදුවේ  CIA  විසිනි. එම පොත කියවීම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩකි.

නීතීඥ ගාමීනි පෙරේරා පොත පෙරලුවේ දැනුවත්වද නොදැනුවත්වද යන්න ප්‍රශ්නාර්ථයකි. මක් නිසාදයත් පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් නම් මෙම නඩුව එහි දිගුවක් පමනි.

මැතිවරණ කොමිසම පිලාත් මෙන් අත සෝදාගයි !

0

මැතිවරණයක් සදහා විශාල මුදලක්, ශ්‍රමයක් සහ කාලයක් වැය වෙයි. එය මැතිවරණ කොමිසම විසින් සිදුකරණ තනි මෙහෙයුමක් නොව සමස්ථ රාජ්‍ය යාත්‍රණය යොදා ගෙන සිදු කරන මෙහෙයුමකි.

මැතිවරණයක් පැවැත්වීම එක් ‍රැයකින් කළ නොහැක , ඒ සඳහා පෙරසූදානමක් අවශ්‍ය වෙයි. ඡන්ද පෙට්ටි සහ ඡන්ද කුටි සෑදිය යුතුය . පැරණි ඡන්ද පෙටිටි අලුත්වැඩියා කළ යුතුය . ඡන්ද, මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙහෙයුම් මධ්‍යස්ථාන බවට පත් කළ යුතුය. එම මධ්‍යස්ථාන වල විදුලිය, ජලය, ඉන්ධන , ආහාර , ආරක්ෂාව සහතික කළ යුතුය

ඡන්ද පත්‍රිකා (ballot paper) අවශ්‍ය කඩදාසි ආනයනය කල යුතුය. මුද්‍රණය සඳහා විශේෂිත තීන්ත ආනයනය කල යුතුය. ඡන්දය භාවිතා කළ පසු ඇඟිල්ලේ උලන තීන්ත වර්ගය ආනයනය කළ යුතු එකකි. කඩදාසි සහ තීන්ත ලැබුන පසු රජයේ මුද්‍රණාලයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින 15 -20 අතර කාලයක් වැය වෙයි. කරුනු එසේ හෙයින් මැතිවරණයට මාස 3කට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි සහ තීන්ත ඇනවුම් කළ යුතුය.

නමුත් මැතිවරණය සඳහා කඩදාසි සහ තින්ත මේ දක්වා ඇනවුම් කොට නැත. අඩුම තරමින් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් හෝ සිදුව නැත. වෙන් කිරීමට මුදල්ද නැත. නීතියට අනුව පලාත් පාලන මැතිවරනය 2023 දී පැවැත්විය යුතු වුවද , එය ප්‍රායෝගිකව කළ නොහැක්කකි.

2023 මැතිවරණය සදහා රජයෙන් මුදල් නොලැඹෙන බව මැතිවරණ කොමිසම දැන සිටියේය . මෙම තත්වය සජිත් සහ අනුර කුමාරද දැන සිටියහ. නමුත් කිසිවෙකු ඇත්ත කථා කළේ නැත.

පලාත් පාලන මැතිවරණය බොඳ වීමට ප්‍රධාන හේතුව මුදල් නොමැති වීමය. නමුත් ඇත්ත කතාව පසෙක තබා සජිත් සහ අනුර බොර දියේ මාලු බෑවේය . ආන්ඩුව මැතිවරණ පැවැත්වීමට බියවී සිටින බව හයිලයිට් කොට දේශපාලන වාසියක්  ලැබීමට ඔවුන් උත්සාහ කළහ.

මැතිවරණයක් පැවැත්වීමට සම්පත් නොමැති බව දැන දැනම සජිත් සහ අනුර මැතිවරණයක් ඉල්ලා සිටියි. මැතිවරණ කොමිසමද ඇත්ත කථාව කියනවා වෙනුවට පිලාත් මෙන් අත සෝදා ගනියි.

රටකට මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැතිවූ විට ජාත්‍යන්තරය ආයතන විසින් මුදල් ලබා දුන් අවස්ථා ඇත.නමුත් ලංකාවට ආධාර දීමට කිසිදු ජාත්‍යන්තර සංවිධනයක් ඉදිරිපත් වි නැත.

යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වූව හොත් එහි වාසිය ලැබෙන්නේ අනුරකුමාරටය . එදා මෙදා තුර ඉතිහාසයේ ජවිපෙ ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රමාණය වාර්තා කරනු ඇත .

ජවිපෙ ඔසවා තැබීම චීන කොමියුනිට්ස් පක්ෂයේ ඉලක්කයකි. නමුත් ඉන්දියාවට හෝ ඇමෙරිකාවට එවැනි අපේක්ෂාවක් නැත. රනිල්ටද එවැනි අපේක්ෂාවක් නැත කරුනු එසේ හෙයින් මැතිවරණය යථාර්ථයක් නොවේ. පලාත් පාලන මැතිවරනය  හුදෙක් ජනයා ‍රැවටීමක් පමනි.

ආදර්ශා රටින් පැන්නාද? ආශු පැන යාමට පෙර ස්ථාලය වසනු !

0

ආශු මාරසිංහගේ ස්කිල් ඩෙවෙලොප්මෙන්ට් ඒජන්සිය ජපානයට වීසා ලබා දෙන මුවාවෙන් සිදුකොට ඇති වංචාව බිලියන 2 කට ආසන්නය. එහි දල සටහනක් පහත පරිදිය.

  • අයෙකුගෙන් ලක්ෂ 1.5 බැගින්, සාත්තු සේවක වෘත්තිය සඳහා  පුද්ගලයන්-  866
  • අයෙකුගෙන් ලක්ෂ 2 බැගින්, ආහාර සේවා වෘත්තිය සඳහා පුද්ගලයන්-  660
  • අයෙකුගෙන් ලක්ෂ 3 බැගින් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්-  15
  • අයෙකුගෙන ලක්ෂ 2 බැගින්, කෘෂි  සේවකයන් ලෙස පුද්ගලයන්-  44

ආශුගේ ඒජන්සිය ජපන් යවන බව පවසා 1580 දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන ඇත .මේ දක්වා එකදු පුද්ගලයෙකු වත් ජපානයට යවා නැත . අශු මාරසිංහ මහාචාරය වරයෙකු ලෙස පෙනී සිටින අයෙකි .එවැනි අයෙකු මෙවනි අපරාධයක් කිරීම මහත් ඛේදවාචකයකි.

ආශුගේ සමාගමේ අධක්ෂකවරියක් සහ ආශුගේ බිරිද බව කියන ආදර්ශා කරඳන මීට පැයකට පෙර  # Katunayaka යන ශීර්ෂයෙන් මුහුණුපොතේ ඡායාරූපයක් පලකොට ඇත.මධ්යවේදියෙකු ඇය රටින් පැන්නාද කියා විමසූ විට , රටින් පිටවූ බව සනාථ කරන අන්දමේ පිළිතුරක් ලබා දී ඇත.

කරුණු එසේ හෙයින් ආශු මාරසිංහ වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂන කළ යුතුය . මෙවැනි වංචා සම්බන්ධව නෑසු කන්ව සිටීම භායානක පූර්වාදර්ෂයක් වනු ඇත. එසේ වුවහොත් ලංකාව නීතියක් නැති මා‍ෆියා රාජ්යයක් වනු ඇත

අකුරණ ගංවතුරේ ඇත්ත කථාව මෙන්න- මා‍ෆියා කලාපයක් නිසා රට අනතුරේ !

0

පසුගිය දෙසැම්බර් 25 වැනිදා අකුරණ නගරය ගංවතුරින් යට විය. පිඟා ඔය ගැලීම ඊට හේතු විය. ගංවතුරෙන් කෝටි 300 කට වැඩි අලාභයක් සිදුව ඇත. ප්‍රදේශයට මි.ලී 40 ක පමන වර්ෂාවක් ලැබුන හොත් අකුරණ නගරය ජලයෙන් යට වෙයි. පිඟා ඔය පිටාර ගැලීමෙන් සිදුවන හානිය අකුරණ වැසියන්ට සීමා වන්නේ නැත. එම විනාශයේ  පරාසය මෙම ලිපියේ අවසාන කොටසින් සාකච්ඡා කොට ඇත

ගංවතුර උවදුර පිළිබදව අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් සහ අකුරණ මහ පල්ලියේ පූජක කියන්නේ අමුතු කථාවකි. ඔවුන් ප්‍රකාශ කරන අන්දමට ගංවතුරට හේතු පහත පරිදිය.

1. පොල්ගොල්ල ජලාශයේ වාන්දොර වැසීම.

2. පිඟා ඔයේ රොන් මඩ තැන්පත් වීම

3. පිඟා ඔය හරහා අවිධිමත් ලෙස පාලම් ඉඳි කිරීම

4. නගරයේ අනවසර ඉඳිකිරීම.(අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති කියන අන්දමට එවැනි ගොඩනැගිලි 8 ක් ඇත)

ගංවතුර තත්වයට හේතුව පොල්ගොල්ල ජලාශය නම් , එම වේල්ල අසලම ඇති ක‍ටුගස්තොට සහ අඹතැන්න ප්‍රදේශද ජලයෙන් යට විය යුතුය. නමුත් එවැන්නක් සිදුවන්නේ නැත . පහත සිතියම බලන්න 

තවද අඹනැන්නේදී  පිඟා ඔයේ ජල ප්‍රවාහය ඩබල් වෙයි.  ( එහිදී  පූජාපිටිය දෙසින් එන තවත්  ඇල මාර්ගයක් එකෙතු වෙයි. ) පොල්ගොල්ල ජලාශය 1976 වසරේ ඉඳිකරන ලද්දකි. එනම් ඊට වසර 50 ක් ඉතිහාසයක් ඇත.අකුරණ ගංවතුරට එවැනි ඉතිහාසයක් නැත. එනම් අකුරණ ගංවතුර සහ පොල්ගොල්ල ජලාශය අතර කිසිදු සම්බන්ධයක් නැත.

පිඟා ඔයේ රොන් මඩ තැන්පත් වීම ඟංවතුරට හේතුව යයි කරන ප්‍රකාශයද අසත්‍යකි. ඟංවතුර හේතුව රොන් මඩ නම් , පිඟා ඔය දෙපස අනෙකුත් ප්‍රදේශයද ජලයෙන් යටවිය යුතුය.  නමුත් එවැන්නක් සිදු නොවේ .

අවිධිමත් පාලම් ඟංවතුර ඇතිවීමට හේතුවකි. අකුරණ ප්‍රදේශය තුල අවිධිමත් පාලම් 20 කට ආසන්න ප්‍රමාණයක් ඉඳි කොට ඇත. එම අවිධිමත් ඉඳිකිරීම් වලට වගකිව යුත්තේ අකුරණ ප්‍රාදේශීය සභාවය.

අකුරණ ගංවතුරට මූලික හේතුව පිඟා ඔය දෙපස ඇති  අනවසර ගොඩනැගිලිය .අකුරණ ඇති අනවසර ගොඩනැගිලි ප්‍රමාණය 8 යයි එහි සභාපති කීවද එය මුසාවකි . අකුරණ නගරය තුල අනවසර ගොඩනැගිලි 500කට වඩා ඇත.

අතීතයේ පිගා ඔය  අඩි 40 කට වඩා පලල්ය . අද එය ඇතැම් ස්ථානවලදී අඩි 10 කට සීමා වී ඇත .

අනවසර ඉඳිකීරීම් සිදුවන්නේ අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් සහ පල්ලියේ, අස්මි ෆාරුක්ගේ අනුග්‍රහයෙනි. අකුරණ නගරයේ  අනවසර ගොඩනැගිලි සියල්ලම් පාහේ ඉඳිකොට ඇත්තේ එක් කොන්ත්‍රාත් ආයතනයක් විසිනි. එම කොන්ත්‍රාත් ආයතනයේ හිමිකරු අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිය.

අකුරණ නගරයේ ඉඩම් වල නීත්‍යානුකූල භාවය ගැන බරපතල ගැටලු ඇත . නියම හිමිකරුවන් එලවා දමා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින  දේපල අකුරණ තුල සුලභ දසුනකි. ඟං ඉවුර ගොඩකර  හැදූ හොර ඔප්පු සුලභය.

සැබැවින්ම අකුරණ යනු එක්තරා ආකාරයක කුඩා මා‍ෆියා රාජ්‍යකි.එහි ඇත්තේ ඇත්තේ මා‍ෆියා පාලනයකි .අකුරණ ප්‍රදේශීය සභාවේ සභාපති , මහ පල්ලියේ භාරකරුවන් , වෙළද සංගමය  එම මා‍ෆියා පාලනයේ කොටස්කරුවන් වෙයි.

අකුරණ මා‍ෆියා පාලනය නිසා යුක්තිගරුක පුරවැසියන්ට සිදුවන හානිය

1. අකුරණ ජලයෙන් යටවන විට  A9 මාර්ගයේ ගමනාගමය මුළුමනින්ම ඇනහිටියි. අලවතුගොඩ – මාතලේ අතර වෙසෙන අයවලුන්ට මහනුවරට ලගා වීමට දීර්ඝ ගමනක් යා යුතු වෙයි .මෙම තත්වය පාසැල් සිසුන්ට සහ කාර්යාල සේවකයන්ට මහත් හිසරදයකි.

2. අපද්‍රව්‍ය, ලිහිසි තෙල් , දැවිතෙල්, වැසිකිළි විශාල ප්‍රමාණයක් පිඟාඔයට හරවා ඇත.මෙවැනි නීති විරෝධී ක්‍රියාවලටද අකුරණ මා‍ෆියා පාලනය අනුග්‍රහය දක්වයි

3. පොල්ගොල්ල ජලාශය ධාරිතාවය ඝන මීටර් 4,100,000කි. මෙහි විදුලි බලාගාරය පිහිටා ඇත්තේ උකුවෙලය. කිලෝ මීටර්  6 ක උමගක්  දිගේ  පොල්ගොල්ලේ සිට උකුවෙලට ජලය ගෙන යනු ලබයි. මින් නිපදවන් විදුලිය මෙගාවොට් 40 කි.

4. පොල්ගොල්ල ජලාශය ඉදිකළේ උතුරුමැද පලාතේ ජල හිගයට පිළියමක් ලෙසිනි. ඒ නිසා මේ අමුණ නම් කෙරුනෙ රජරට රන් දොරටුව ලෙසිනි..මෙහි ජලය උතුරට ගලායන්නේ පහත පරිදිය . මහවැලි ගඟ > පොල්ගොල්ල > උමග  > උකුවෙල > සුදුගඟ > බෝවතැන්න > ලෙනදොර උමග > දඹුලුඔය ඉබ්බන්කටුව ජලාශය > කලාවැව

 5. පිඟා ඔය ඓතිහාසික උරුමයකි . පිඟා ඔය සහ මහවැලි ඟහ හමුවන ක‍ටුගස්තොටෙන්  රුහුණු, පිහිටි, මායා ප්‍රදේශ වෙන් විය.  මහවැලි ගගේ දකුණු ඉවුරෙන් රුහුණු රටත්, වම්  ඉවුරෙන්   ‘පිහිටි  රටත්  ‘.  පිඟා ඔයෙන් මයා  රටත්  වෙන් විය.ක‍ටුගස්තොට නගරයේ පිහිටි  ත්‍රීසිංහලාරාම පන්සල කියා සිටින්නේ මෙම කථාවය.

මේ වනවිට අකුරණ ප්‍රාදේශීය සභාපති, පල්ලිය සහ වෙළද සංගමය ඟංවතුර පිළිබද ඇත්ත කථාව ලෝකයට වසන් කරමින් සිටියි. නමුත් අකුරණ   මොහොමඩ් නුවසුඩීන් ඇතුලු දේශප්‍රේමී තරුණ පිරිසක් ඟංවතුරේ ඇත්ත කථාව සමාජ මාධ්‍ය හරහා සක්ෂි සහිතව  හෙළිදරව් කළේය. අකුරණ මා‍ෆියා පාලනය කොතරම් බලවත්දයත්  එම හෙළිදරව්වෙන් පසු  නුවසුඩීන්ට මරණ තර්ජන එල්ල විය.

කරුණු එසේ හෙයින් අකුරණ මා‍ෆියා පාලනයට අවශ්‍ය පරිදි පොල්ගොල්ල ජලාශයේ වාන් දොර‍ටු ඇරිය නොහැක. ඓතිහාසික පිඟා ඔය විනාශ කළ නොහැක. පොලගොල්ල ජලාශය සහ සහ පිඟා ඔය අකුරණ මා‍ෆියා රාජ්‍ය විසින් පාලනය කිරීමට යාම ජාතිවාදී ගැ‍ටුමකින් කෙලවර විය හැක.