අඟහරුවාදා, මැයි 26, 2026
Home Blog Page 9

ඉන්දියන් ස්නෝව්ඩන් වේදිකාවට, රෝ මෙහෙයුම් ගැන මාගල දිග අරියි

0

එඩ්වඩ් ස්නෝව්ඩන් පසුගිය දශකයේ ලෝකය උඩු යටිකුරු කළ අයෙකි. CIA සංවිධානය සම්බන්ධයෙන් ඔහු කල හෙළිදරව් නිසා ඇමෙරිකාව  නිරුවත් විය.

CIA සංව්ධානය විසින් දෙස් විදෙස් භූදේශපාලන නායකයන්ගේ දුරකථන ඇමතුම්, ඊ මේල් සහ සමාජ ජාලා ගිණුම වලට හොර රහසේ ඇතුල්වී තොරතුරු සොරා ගන්න බව ඔහු හෙළි කළේය. ශුද්ධෝත්තම පාප්තුමාද CIA ඉලක්කයක් වූ බව ස්නෝව්ඩන් හෙළි කළේය.

ස්නෝව්ඩන් වැනි පුද්ගලයෙක් පසුගිය සතියේ ‘ නැෂනල් ඇලට්’ වෙත කථා කළේය . නමින් ගෞරව් වන ඔහු රෝ සංවිධානයේ ඉහල ස්ථරය නියෝජනය කළ ඉන්දීය ජාතයෙකි. ඔහු හෙළි දරව්කළ කරුනු අතිශ්‍ය සංවේදීය. එම කරුණු වලින් බ්ඳක් පහත පරිදිය.

1.ශ්‍රී ලංකාව කිසිම දිනක ඉන්දීය භූමිය තුල රහසිගත මෙහෙයුම දියත්කොට නැත, නමුත් ඉන්දියාව ශ්‍රීලංකාවේ භූමිය් තුල නිරන්තරව රහසිගත මෙහෙයුම වල නියලී සිටියි

2. ගෞරව් වසර ගණනාවක් පුරා මෙරට රහසිගත මෙහෙයුම් දියත් කොට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු යලි ඉන්දියාව වෙත කැඳවා ඇත. 2019 මැතිවරණ උණුසුම තුල ඔහු යලි ලංකාවට පැමිණ ඇත

3. ගෞරව් යලි ලංකාවට පැමිණි පසු රාජපක්ෂ පවුල බලයට ගෙන ඒමට වැඩකොට ඇත.

4. ලංකාවේ සමාජ සහ දේශපාලන බලයක් හිමි පුද්ගලයන් තමන් වෙත නංමවා ගැනීම සදහා රෝ සංවිධානය අනවරත මෙහෙයුමක නිරතය .

5. මෙරට කැබිනට් ඇමතිවරු, පාර්ලීමේන්තු මන්ත්‍රීවරු, ආගමික නායකන්, අධිකරණ නිළධාරීන්, රාජ්‍ය ආයතන වල ස්ථිර ලේකම්වරු , ජනමාධ්‍යවේදීන්, හමුදාවේ සහ පොලීසියේ ඉහල නිළධාරීන්, වෛද්‍යවරු, සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මුදල් සහ වෙනත් වරදාන ලබා දී රෝ සංවිධානය වෙත ඇද ගැනීම සදහා, ගෞරව් කැපවී වැඩකොට ඇත. එම නම් ලැයිස්තුව හෙළිදරව් කොට ඇත

6. කොරෝනා වසංගතය පැමිනීමත් සමග ලංකාව බිඳ වැටෙන බව රෝ සංවිධානය නිෂ්චිත ලෙසම දැන සිට ඇත. ආර්ථිකයේ කඩා වැටීම වේගවත් කිරීමට ඔවුන් වැඩ වැඩ කොට ඇත. පාර්ලීමේන්තුවට නොදන්වා රට බංකොළොත් බවට මහ බැංකු අධිපති කළ ප්‍රකාශය රෝ සංවිධානයේ කුමන්ත්ත්‍රණයකි

7. 2022 ලංකාවේ පැනනැගුණු කැ‍රැල්ල තුල රෝ සංවිධනය විශාල කාර්ය භාර්යක් සිදු කොට ඇත . රෝ සංවිධානය තොරාගත් කන්ඩායම් කිහිපයකට මුදල් ආධාර ලබා දී ඇත.මාධ්‍ය ආයතන වලටද මුදල් පොම්ප කොට ඇත

8. ජනමූල සහ ශක්තිමත් සිංහළ සහ මුස්ලිම් නායකයන් බිහි වනවාට ඉන්දියාව කැමති නැත.රනිල් වික්‍රමසිංහ ශක්තිමත් නායකයෙකු වීම වැලැක්වීමට නිරන්තරව කටයුතු කරයි

9. පූර්ණ බලතල පලාත් සභා ක්‍රියාත්මක නොකළ හොත් ලංකාව අස්ථාවර කිරීමට රෝ සංවිධානය සැලසුම් කොට ඇත. රාමනාථපුරම් සරනාගත කදවුර සහ රෝහින්ගයා සරනාගත කඳවුරු තුල ‍තෝරාගත් පිරිසක් අදාල False flag ops සදහා පුහුණු කොට ඇත

10. ලංකාවේ විදේශ කටයුතු අමාතංශ්‍ය මුළුමනින්ම පාහේ රෝ සංවිධනයේ පාලනයට නතු වී ඇත. ඔවුන්ගේ Paid agent කෙනෙක් ලෙස කටයුතු කරන මෙරට කාන්තා නිළධාරිනියක් ගැන සියළු තොරතුරු හෙලිදරව් කොට ඇත.

භූදේශපාලන විශ්ලේෂකයන් රෝ සංවිධනය හදුන්වන්නේ කඳ පමනක් ඇති ඔළුවක් නැති යෝධයෙකු ලෙසිනි. ගෞරව් නැෂනල් ඇලට් වෙත හෙළි කළ තොරතුරු අනුව ඉහත නිර්වචය සත්‍ය බව මොනවට පැහැදිළි වෙයි.

මාලදිවයිනේ බෞද්ධ විරෝධී ව්‍යාපාරයේ නායකයා සහ එහි බෞද්ධ උරුමය වැනසූ එකා ලංකාවේ තානාපති කරයි !

0

මාලදිවයින් රජය විසින් මෙරට  තානාපති  ලෙස කළ පත්කිරීම ගැ‍ටුමක ආරම්භයකි. එය එක් අතෙකින්  සංහින්දියාවට බාදාවකි තවත් අතෙකින් බෞද්ධාගමට කළකෙනෙහිලි කමකි. මක් නිසාදයත් මාලදිවයින තුල බෞද්ධ විරෝධී මතවාදයට නායකත්වය දෙන පුද්ගලයා මොහුය.

අතීතයේ මාලදිවයින බෞද්ධ රටකි . එම ශිෂ්ඨාචාරයේ, නටඹුන්, මෑතක් වනතුරුම සු‍රැකිව තිබුණි. කාලයකට ඉහත, මාලදිවයින් පොලොවේ  වලක් කැපුවද බෞද්ධ නටඹුන් මතුවන තත්වයක් පැවතුණි. නමුත් මේ වන විට එම නටඹුන් ඉතා සංවිධානත්මක ලෙස ඉවත් කොට ඇත.

නෂිඩ් ජනපතිව සිටියදී 2008 නොවැ මස 2 දින ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමග සංවාදයක යෙදෙමින් මාලදිවයින පුරා පැතිරයමින් තිබූ බෞද්ධ විරෝධී ව්‍යාපාරය ගැන හෙළි කළේය. නෂිඩ් මාලදිවයිනේ බෞද්ධ උරුමය සංරක්ෂණය කරන විට, ඊට එරෙහිවූ ප්‍රධානම පුද්ගලයා අලි ෆායීස්ය.

2012 පෙබරවාරි 7 දින කුමන්ත්‍රණයකින් ජනපති නෂිඩ් බලයෙන් පහ කෙරුණි. නෂිඩ්ට බලය අහිමි වීමත් සමග බෞද්ධ විරෝධී ‍රැල්ල ගින්නක් සේ පැතිර ගියේය. එම රැල්ල මෙහෙයවූයේ අලි ෆායිස්ය. මොවුන් සංරක්ෂණය කළ බෞද්ධ සිද්ධස්ථාන පමනක් නොව මාලේ ජාතික කෞතුකාගාරයේ තිබූ බෞද්ධ පුරාවස්තු පවා විනාශ කළහ.

බෞද්ධ විරෝධී කැ‍රැල්ලට නායකත්වය දිමට අමතරව ෆායිස්   ලංකාවට විරුද්ධ කුමන්ත්‍රණද මෙහෙය වූවෙකි. ඒවායින් සමහරක් පහත පරිදිය.

1. මාලදිවයින තුල සිටින ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් වන අන්දමේ අණ පනත් සම්මත කිරීම

2. මේ වනවිට මාලදිවයින් ජනපති සිය කළු මුදල් අනීතික ලෙස ලංකාවේ ආයෝජනය කොට ඇත. මාලදිවයින් ජනපති තිලිණි ප්‍රියමාලි  ලගද  ආයෝජනය කල අයෙකි. ඒ අනුව ඉදිරියේදී මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලිගේ  මෙරට ආයෝජන ගැන විපරම් කිරීම ෆායිස්ට බාර වනු ඇත.

3. ෆායිස් මාලදිවයින තුල විවිධ අපචාරවලට දායක වූ අයෙක් වීම

4. රනිල්ගේ ලිංගික ජීවිතය පිළිබදව, ෆයිස් විසින් අවඥාසහගතව කතා කරන හඬ පටයක් මේ වනවිට  සමාජ ජාලතුල සංවරණය වීම (එය අපටද ලැබී ඇත)

ඉන්දීය ජාතික ආරක්ෂාවේ හදවතට ප්‍රහාරයක්, වෙඩිල්ල ආවේ කොළඹින්!

0

ජනවාරි 26 ඉන්දියාව සිය 74 වැනි ජනරජ දිනය  ඔවුන්ගේ හමුදා බලය ප්‍රදර්ශනය කරමින් වර්ණවත් පෙළපාළි සමගින් සමරනු ලැබුවේය.

ජනරජ දින ඉන්දියාව මිලිටරි සංදර්ශන පෙන්වන විට  ඔවුන්ගේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ අතිශය සංවේදී දත්ත 2TB ප්‍රමාණයක් සොරාගැනීමට ලක්වී ඇත

ශ්‍රී සත්‍යනාරායන් නන්දිලාල් නුවල් සහ ඔහුගේ   Solar Industries India Ltd  ඉන්දියාවේ ජාතික ආරක්ෂාව හා බැඳුන මර්මස්ථානයකි . Solar Industries India ලෝකයේ ප්‍රධානතම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමකි. එහි වාර්ෂික ආදායමේ විශාලතම පංගුව ලැබෙන්නේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ නිෂ්පාදනයෙනි

ශ්‍රී සත්‍යනාරායන් සහ Solar Industries India පහත සඳහන් රාජ්‍ය  ආයතනවල මහ මොළකරු ලෙස ක්‍රියා කරයි

1. ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO)

එය ඉන්දීය රජයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රමුඛතම ආයතනය වන අතර, හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරයි. ගුවන් යානා , UAVs, කුඩා අවි, කාලතුවක්කු පද්ධති, EW පද්ධති (Electronic warfare) ,යුධ ටැංකි සහ සන්නද්ධ වාහන, සෝනාර් පද්ධති,  සහ මිසයිල පද්ධති වල තාක්ෂණය නිර්මානය කිරීම මෙම ආයතනය විසින් සිදු කරයි.

2. ගෑස් ටර්බයින් පර්යේෂණ ආයතනය (GTRE)

GTRE සංවිධානය ද ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. GTRE හි ප්‍රධාන කාර්ය වන්නේ මිලිටරි යානා සහ යන්ත්‍ර සදහා සඳහා ගෑස්-ටර්බයින එන්ජින් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීමය.

ඉන්දීය ජනරජ දිනයේදී මෙම ආයතන දෙකේ මහ මොළය වන ශ්‍රී සත්‍යනාරායන් ගේ Solar Industries India ආයතනය හැකර් ප්‍රහාරයට ලක් විය .

මෙම ප්‍රහාරය  BlackCat Ransomware හැකර් කණ්ඩායම විසින් සිදු කර ඇති බවට විමර්ශකයින් විසින් සැක කරයි. CloudSEK දත්ත ආරක්ෂණ ආයතනය අදාල සිද්ධිය සහ දත්ත කාන්දුව සත්‍ය බව තහවුරු කර ඇත.

CloudSEK වාර්තාව අනුව හැකර් කන්ඩායම විසින් ඉතා රහසිගත හමුදා තොරතුරු , අවි ආයුධ වල තාක්ෂණ දත්ත  ඇතුළුව 2TB පමණ දත්ත සොරකම් කර ඇත.

සයිබර් ප්‍රහාරයේ පළමු උණ්ඩය නොහොත් malware එක පැමිණ ඇත්තේ කොළඹ පිහිටි entity එකකින් බව පරීක්ෂණ කන්ඩායම් සොයාගෙන ඇත.

ව්‍යවස්ථාව අනුව ඉක්මනින් ජනාධිපතිවරණය කැඳවීමට රජයේ අවධානය

0

මේ වන විට රනිල්- රාජපක්ෂ ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය කල් දැමීමට පසුබිම හදා අවසානය. එපමනක් නොව ස්වාධීන කොමිෂන් සභා වලට නව සාමාජිකයන් පත් කරන බව නිළ වශයෙන් ප්‍රකාශ කොට ඇත .

ඒ අනුව පාළු ගෙයි වළ බිඳින මැතිවරණ කොමිසමේ සභාපති  නිමල් පුංචිහේවා ඇතුලු පිරිසගේ කාලය අවසන් වනු ඇත. දැනටමත් මැතිවරණ කොමිසම අකර්මන්‍ය වී ඇති බව පැවසීම වැරදි නැත.

පලාත් පාලන මැතිවරණය සම්බන්ධව අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මත ‍රැදී ඇත. කෙසේ වුවද ”මාර්තු 9 මැතිවරණය පැවැත්විය යුතුය” වැනි දැඩි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට හේතු නැත.

මේ වනවිට, මැතිවරණයට වියදම් කිරීමට මුදල් නැතිබව මුදල් අමාත්‍යංශය අධිකරණයට දන්වා ඇත. අධිකරණබලය යොදවා මැතිවරණය පැවැත්විය හැකි වුවද එය දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන්නකි.

මැතිවරණය විධායකය මත බලහත්කාරයෙන් පැටවුව හොත් එනයින් විධායකය සහ අධිකරණය අතර ගැ‍ටුමක් නිර්මානය වනු ඇත. එහි ප්‍රතිඵලය  තෙල් පෝලීම් ගෑස් පෝලිම් යලි ඇති වීමය. කරුණු එසේ හෙයින් අහක යන නයි, අධිකරණය විසින් තමන්ගේ ඔඩොක්කුව තුලට දමා ගනීවියයි සිතිය නොහැක

රජය සහ මැතිවරණ කොමිසම අන්නෝන්‍ය වශයෙන් එකඟ වූ දිනක මැතිවරණ පවත් වන ලෙස අධිකරණය තීන්දු කරනු ඇත. එම තීන්දුව ලැබෙන විට, නිමල් පුංචිහේවා සිටින්නේ මැතිවරණ කොමිසමේ නොව ගෙදරය. ඔහු වෙනුවට එහි සිටින්නේ අළුත් මුහුණුය.ඔවුන් නිසැකවම ආණ්ඩුවේ ගැත්තන්ය. ඒ අනුව මැතිවරණ තීන්දු කරන්නේ රනිල්- රාජපක්ෂ ආන්ඩුවය .

මේ වන විට, පළාත් පාලන මැතිවරණය කල් දමා පලමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. සමාන්‍ය තත්වය යටතේ මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුතු වන්නේ 2024 නොවැම්බර් 17 වැනි දිනය. කෙසේ වූවද බලයේ සිටින ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් එය 2023 නොවැම්බර් 17 වනදාට පසුව කැඳවිය හැක. ඊට අදාල ව්‍යවස්ථාව පහත පරිදිය,

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තිය ය ප්‍රකාරව බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැක 

කෙසේ වුවද මීට ප්‍රතිවිරුද්ධ තර්කයක් ඇත. ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බව එම තර්කයයි. නමුත් 19 වන ව්‍යවස්ථාව හැදු ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට අනුව 2023 නොවැම්බර් වලින් පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැක.

මේ වනවිට බිම්මට්ටම තුල පවතින්නේ සජිත් ප්‍රේමදාසට වාසිදායක තත්වයකි.සජිත් චීනයෙන් හොර රහසේ ගත් මුදල් වලින් නත්තල් පප්පා මෙන් තෑගි බෙදමින් සිටියි.  සජිත් චීනයෙන් ලබා ගත් මුදල් වලින් ඉන්දියන් බස් බෙදමින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කොට ඇත . නමුත් සජිත්ට වියදම් කිරීමට මුදල් ලැබුන හැටි ලෝකය නොදන්නවා නොවේ,

කෙසේ වුවද පවතින තත්වය නොවැමබර් වන විට උඩු යටිකුරු වීම වුවද විය හැක. රනිල්, ජනාධිපති ධූරයට නිර්දේශ කළේ ඇමෙරිකාව විසිනි. තමන්ගේ ඉත්තා පරාජය වන තුරු ඇමෙරිකාව නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටින්නේ නැත. ඇමෙරිකාවට IMF සහන පැකේජය අනුමත කොට ලංකාව තුල මූල්‍ය ස්ථායි බව ඇති කළ හැක. එසේ වුවහොත්, රනිල්ට වාසිදායක පිටියක් බිහි වීම කිසිවෙකුට වැලැක්විය නොහැක

කලාපයේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, කළු සල්ලි වලින් ගේම් දෙන මාලදිවයින් ජනපතිගේ හෙළුව

0

මාලදිවයිනේ වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි කලාපයේ සිටින දූෂිතම දේශපාලනඥයන්ගෙන් කෙනෙකි. මේ වනවිට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති සෝලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත .

විශේෂයෙන්ම සොලීගේ මාමණ්ඩිය වන සික්කා අහමඩ් ඊබ්‍රාහිම්ට  එරෙහිව ත්‍රස්තවාදය, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධ  චෝදනා පවතියි.

මෙම තත්වය තුල සිය  මාමන්ඩිය වන  සික්කා අහමඩ් ඊබ්‍රාහිම්ට භූ දේශපාලන ආරක්ෂාව සපයන ලෙස මාලදිවයින් ජනපති සෝලි මෙරට ජනපති රනිල්ගෙන් ඉල්ලා ඇත

National Alertවෙත වාර්තා වූ පරිදි සික්කා අහමඩ් ඉබ්‍රාහිම්  ජීවත් වන්නේ කොළඹය .තවද දීර්ඝ කාලයක් මෙරට වාසය කිරීමට හැකි  වීසා  බලපත්‍රයක් ඔහුට නැත . ඔහු පාස්කු ප්‍රහාරය ඇතුලු අන්තවාදී මෙහෙයුම හිපයකටම අනුග්‍රයය දැක්වූ බවට වාර්තා ඇත.
තවද අල්කයිඩා සංවිධානයට මුදල් පොම්ප කළ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම  සදහා  උදර්පන නීතිය යටතේ ඔහු ඇමෙරිකාවට ‍රැගන යාමට ඇමෙරිකානු විමෂණ අංශ සැලසුම් කොට ඇත  National Alertට වාර්තා වූ අන්දමට  සෝලිහ් රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ මාමණ්ඩියට බේරා ගැනීමටය.
සෝලිගේ මාමණ්ඩිය පමණක් නොව, වත්මන් මාලදිවයින් ජනපති  සෝලිද කලාපයෙන් අතුගා දමිය යුතු පිළිලයකි.ඔහුට එල්ලවී ඇති චෝදනා වලින් බිඳක් පහත පරිදිය
1. යහපාලන ආන්ඩු කාලයෙදී බොරු චෝදනා ඉදිරිපත් කොට රනිල් වික්‍රමසිංහ සහ  මුදල් ඇමති රවි කරුණානයක ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණය්ක් දියත් විය . සෝලි තිරය පි‍ටුපස සිට එම කුමන්ත්‍රණයට  සහයෝගය දුන්නේය  . සොලි, ලංකාවේ කුප්‍රකට පෞද්ගලික නාලිකා හිමිකරුවෙකු සමහ එක්ව රනිල්ට එරෙහිව වැඩ කළේය . විශේෂයෙන් රනිල් ඉවත් කිරීමට පක්ෂව  ඉන්දීය රජයට කරුණු කීවේය

2. මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතියෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇත.  . එම ණය වලින් 90% පමන බොල් ණය වී ඇත . මෙම  ගණුදෙණු බොහොමයක් සිදුවූයේ සොලිගේ මැදිහත්වීම නිසාය. මාලදිවයින් බොල්ණය බංකොලොත් ශ්‍රී ලංකාවට විශාල බරක් වී ඇත3.

3. පසුගියදා මාලදිවයින් ජනාධිපති සෝලි ජවිපෙ නායකයින් සමඟ මාලේහිදී නුවරදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී මාලදිවයිනේ කථානායක නෂිඩ් ශ්‍රිලංකාවේ දූතයෙකු ලෙස  ඊජිප්තුවේ පැවති දේශගුණික විපර්යාස සැසිවාරයට  (COP 27)  සහභාගී කරගෙනීම ගැන මෙරට ජනපති රනිල්ට  දොස් මුරයක් තබා ඇත

4. ජනාධිපති සෝලිහ් කොළඹ ව්‍යාපාර කිහිපයක  මුදල් ආයෝජනය කර ඇත. විශේෂයෙන්ම තිළිණි ප්‍රියමාලිගේ තිකෝ වංචාවට කෝටි ගණන් ආයෝජනය කළ අය අතර සෝලි ද සිටී.

5. සෝලිගේ පාලන සමයේදී, මාලදිවයින් පොලිසිය ශ්‍රී ලාංකික ධීවරයන්ට එරෙහිව ඉතා අමානුෂික ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත, විශේෂයෙන් ශ්‍රී ලාංකික ධීවරයින් මාලදිවයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා විට, ඔවුන්ට පහර දී ධීවරයින්ගේ මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ලකෑ බවට සාක්ෂි ඇත

6. මාලදිවයින් ජනාධිපති සෝලිහ්, ශ්‍රී ලංකාව  තුල භයානක දේශපාලන ක්‍රීඩාවක නිරත වනවා පමනක් නොව  බෞද්ධ විරෝධී වැඩසටහන්වලට ද දායක වී ඇත . සෝලිහ්  මෑතකදී ශ්‍රීලංකාවේ  මාලදිවයින් මහ කොමසාරිස් ලෙස බෞද්ධ විරෝධී පුද්ගලයෙකු පත් කළේය.

7. මාලදිවයින් දේශපාලකයන්ගේ ජන ප්‍රසාදය අඩුවන විට තම ජනප්‍රියත්වය පවත්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස තමන් විසින් තමන්ටම බෝම්බ තබා ගැනීමේ කූට උපක්‍රමයක් භාවිත කරයි. එවැනි ‘False flag ops ” සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය , වෙඩික්කරුවන් ලබා ගන්නේ ලංකාවෙනි

මාලදිවයින් ජාතිකයින් 52000 ක් පමන නිසි  වීසා නොමැතිව ලංකාවේ වාසය කරයි. ඔවුන් මෙරට පුරවැසියන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙතන් සුභදාසන පහසුකම් භුක්ති විඳියි.  කරුණු එසේ හෙයින් ශ්‍රී ලංකා රජය  මාලදිවයින් ජාතිකයන් වහා නියාමනය කළ යුතුව ඇත.

1. සොලිගේ ජාවාරම්කාර  මාමන්ඩිය ලංකාවෙන් නෙරපීම

2. මාලදිවයින් වැසියන්ට වීසා සීමා සහ සංක්‍රමණ නීති පැනවීම

2. මාලදිවයින් වැසියන් පිළිබඳ සෝදිසි මෙහෙයුම් සිදු කිරීම

4. ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත මාලදිවයින් යාත්‍රා පිළිබඳ සෝදිසි මෙහෙයුම් දැඩි  කිරීම සහ අවශ්‍ය තැන්වලදී අත්අඩංගුවට ගැනීම සහතික කිරීම

ඉන්දියානුවා රාජකීය අන්තංපුරයට බඩු සපයන ඒජන්තයා වූයේ නිකම් නොවේ – ඉන්දියාව එදා සහ අද

0

කාලය  – ක්රි. ව. 60

ස්ථානය – අනුරාධපුර රජවාසල

ආචාර සමාචාර මැද රජතුමා සිංහාසනාරූඪ විය. පුරෝහිත ඇතුළු ඇමතීන් පසග පිහි‍ටුවා රජුට නමස්කාර කළහ. මේ අතර දොරටුපාලයා රාජ සභාවේ සිදුවන දෑ බලා සිනාසීමට පටන්ගත්තේය. වහා ක්‍රියාත්මක වූ රජතුමා දොරටුපාල මරා දැමීමට අණ කළේය. යසලාලක තිස්ස එනම් නියම රජු දොර‍ටුපාල ලෙසත් සුභ නම් දොර‍ටුපාලයා රජු ලෙසත් වෙස් මාරු කර ගත් කවට කෙළිය එලෙස අවසන් වූ බව අප කියවා ඇත.

අප කියවූ දෑට වැඩි යමක් මෙහි ඇත. යසලාලක තිස්ස රජුගේ මරණයත් සමග ශ්රී ලංකාවේ මෝර්ය රාජ වංශය අවසන් විය. ඉන් අනතුරුව ලම්බකර්ණ වංශිකයෝ බලයට ආහ. ඉතිහාස කතාව අනුව යසලාලක විනෝදකාමී රජෙකි. දොරටුපාල රජුගේ සෙල්ලම් සගයා විය. රජු සහ දොරටුපාල රූප ස්වභාවයෙන්ද සමාන විය . දෛවෝපගත දිනයේ රාජසභාව සිනා ගැන්වීමට රජු සහ දොරටුපාල නිළ ඇදුම් මාරු කර ගත්හ.

සුළු වේලාවකට රාජාභරණ පැළඳගත් දොරටුපාලයාට රජුගේ හිස ගසා දැමීමට තරම් එඩිතර වූයේ කෙසේද? නියම රජු දං ගෙඩියට රැගෙන ගොස් හිස ගසා දැමීම දක්වා දීර්ඝ ක්රියාපටිපාටිය නිම කිරීමට හැකි වූයේ කෙසේද ? නිසැකවම රාජ සභාවේ ප්රබලයින්ගේ සහාය දොරටුපාලයාට ලැබී ඇත. මෙය සැලසුම් සහගත මහා කුමන්ත්රණයකි . දොරටුපාලයා මෙම කුමන්ත්රණයේ ඉත්තෙකි. කුමන්ත්රණය දියත් කළේ ලම්බකර්න වංශිකයන්ය.

යසලාලක රජුගේ ඝාතණයත් සමග මෝර්ය රාජවංශය අවසන් විය .ඒ ඇවෑමෙන් ලම්බකර්ණ වංශයේ වසභ රාජ්‍යත්වයට පත් විය. වසභ රටේ කොදුනාරටිය වන් වූ කෘෂිකර්මාන්තය ඉංජිනේරු ශිල්පය හා බද්ධ කළේය. විශාල වැව්, ඇල වේලි සහ මාර්ග තැනීම පටන් ගත්තේය . අනතුරුව වෙළදාම දියුණු කළේය. ලංකාව ආර්ථික බලවතෙක් බවට පත් කළේය.

මෝර්ය පාලන කාලය තුල ඉන්දීය බලපෑම් සුලභ විය.ඔවුන් ඉන්දීය ගැත්තන් වීම බලපෑම් වැඩිවීමට හේතු විය. නමුත් මොවුන් පෙනී සිටියේ සිංහල බෞද්ධයන්ගේ එකම ගැලවුම්කරු ලෙසිනි. මෝර්ය රජෙක් වූ වලගම්බාගේ කාලයේදී ථේරවාදී බුදුදහමේ හදවත වූ මහාවිහාරට ගිණි තැබුවේය.මහා විහාර පුස්ථකාලය දින 7ක් පුරා ගිණි ගත් බව කියවෙයි. එය ඉන්දියානු කුමන්ත්‍රණයක් බවට සාක්ෂි ඇත

නමුත් ලම්බකරණ වංශය එසේ නොවීය .ඔවුන් ආගම , ආර්ථිකය ,භූ දේශපාලනය මනා ලෙස කළමනාකරණය කළේය. ඔවුන් ඉන්දියන් ගැත්තන් වූයේ නැත.ඉන්දියානු කුමන්ත්රණ ගැන ඔවුන්ට හොද අවබෝධයක් තිබුනි . වසභගෙන් පසු රාජ්යත්වයට පත් වූ ලම්බකර්ණ රජෙක් වූ ගජබාහු වරක් ඉන්දියාව ආක්රමනය කළේය.

ඉතිහාසය පුරා ඉන්දියානුව කළේ බොරදියේ මාලු බෑමය . වතුර මඩ වී නැත්නම් මඩ කර හෝ මාලු බෑම ඉන්දියානුවාගේ ක්‍රමය විය. පලමුව ලංකාව අභ්යන්තර ගැටුම් අවුලුවා ඉන් පසු ආක්රමනය දියත් කිරීම ඔවුන්ගේ උපක්රමය විය.

මෙරට රජු සශ්රීක අනුරාධපුර පොළොන්නරු රාජධානි අතහැර දකුණට පලා ගියේ ඉන්දියානු ආක්රමනය වලට බියෙනි. අවසානයේ රජු කන්ද උඩරට පටු බිම්තීරුවක නතර විය. නමුත් මෙරට රජුට එහිද ගැලවීමක් නොවුනි.ඉන්දියාව මහනුවර රජවාසලේ රාජකීය අන්තංපුරයට කාන්තාවන් සපයන ඒජන්න්තයා බවට පත්විය. ඉන්දියානුවන් ඒ හරහා මෙරට රජ්යත්වය පැහැර ගත්තේය.

අද ඉන්දියාව ලංකාවට උදව් කරන බව පැවසුවද එය රැවටිමකි. බංකොළොත් බව ප්රකාශ කිරීමට පෙර ලංකාව IMF හමුවට ගෙන යාමට ඉන්දියාව ක්රියා කළේ නැත. නමුත් ලංකාවට බංකොලොත් ලේබලය ඇලවීමේ කුමන්ත්රණය පිටුපස ඉන්දියාව සිටියේය. තවද මේ වනතුරු කිසිම රටක් බංකොළොත් ලංකාවේ ණය සම්බන්ධයෙන් දැනෙන සහනයක් ලබා දීමට එකග වී නැත.

ඉන්දියානුවා අද කරන්නේද එදා කළ දේමය. කරුණු එසේ හෙයින් ලමබ කර්ණයන පන්නයේ මෙහෙයුමක් අද මෙරට දියත් කළ යුතුව ඇත

සුද්දෙක්, ලංකාවේ දිලෙන තරුව සහ ගැලවුම්කරු වූ අදානිගේ කලිසම ගලවයි

0

අදානි ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවන ස්ථානයේ පසුවිය. නමුත් 24 ජන 2023 දින වෙබ් අඩවියක පලවූ වාර්තාවක් නිසා ඔහුට එම ස්ථානය අහිමි විය. අදානිට එරෙහි වාර්තාව පල කළේ Nathan Anderson මෙහෙය වන www.hindenburgresearch.com වෙබ් අඩවියයි. එම වාර්තාව නිසා එක් ‍රැයක් තුල අදානිට වූ පාඩුව ඇ.ඩො බිලියන 5.5කි

Hindenburgre search වාර්තාව ඕනැම අයෙකුට තේරුම් ගත හැකි සරල එකකි. අදානිට එරෙහිව ඔවුන් ප්‍රධාන චෝදනා 5 ක් එල්ල කොට ඇත , ඒවානම්
1. කූට කොටස් ගණුදෙණු
2. ගිණුම්කරණ අක්රමිකතා
3. මූළ්‍ය අවකල්ක්‍රියා
4. ඉහල ණය සහඌන ද්‍රවශීලතාව
5. අදානි, දේශපාලන අධිකාරිය විසින් පිම්බූ බැලුමක් වීම

අදානිගේ ප්‍රධාන සමාගම් 7ක් ඇත. වසර 3 ක් ඇතුළත එහි ශුද්ධ වටිනාකම USD බිලියන 20 සිට බිලියන 120 දක්වා ඉහල ගියේය. එවැනි වර්ධනයක් අත්පත්කර ගත්තේ, කොටස් අගය 819% තෙක් කෘතීමව පිම්බීමෙන් බව Hindenburgre පෙන්වා දී ඇත.

කෙසේ වුවද අදානි සමාගම විසින් Hindenburg වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කොට ඇත. Hindenburg ආයතනයේ නිර්මාතෘ Nathan Anderson යුදෙව් සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතිකයෙකි. ඔහු ඩබල් ගේම් කාරයෙකි.

Nathan Anderson ලැයිස්තුගත සමාගම් වල වැරදි හෙලිකරයි . නමුත් ඔහු එවා හෙළිදරව් කරන්නේ සද්භාවයෙන් නොවේ. Nathan Anderson ද සුදු කරපටි ජාවාරම් කාරයෙකි.

Nathan Anderson සිදු කරන ජාවාරම Short selling ගනුදෙනු හා බැඳුන එකකි. Short selling කොටස් වෙළද පොලක දැකිය හැකි විශේෂිත ගණුදෙනු වර්ගයකි.

සාමාන්‍යයෙන් කොටස් මිල ඉහල යන විට ආයෝජකයෙකු ලාභ ලබයි .Short selling යනු කොටස් මිල පහල යන විට ආයෝජකයෙකුට ලාභ ලැබිය හැකි ක්‍රමයකි. යම් සමාගමක කොටස් මිල පහල යන බව නිෂ්චිතවම දන්නේ නම් , තීරණය වි ඇති ඉහල මිලට කොටස් විකුනා මිල අඩුවූ සැනින් යලි මිලදී ගැනීම මෙහිදී සිදුවෙයි. දිනය අවසානයේ ගිණුම බැලන්ස් කරන විට ලාභයක් එහි වෙයි .

දැන් Nathan Anderson කරන ජාවාරම තේරුම් ගැනීමට හැකිය . පලමුව ඔහු ප්‍රකට සමාගමක දූෂණ කිහිපයක් සොයා ගනියි. අදාල දූෂණය හෙළි කිරීම සමාගමේ කොටස් අගය අඩුවීමට  බලපාන බව ඔහු දනියි . ඒ අනුව Nathan Anderson සැලසුම සහගතව Short selling හරහා විශාල ලභයක් ලබයි.

ලංකාව තුල Short selling ගණුදෙනු වලට ඉඩක් නැත. යම් හෙයකින් Short selling ගණුදෙනු වලට ඉඩ ලැබුන හොත් Nathan Anderson රෝල් එක දිලිත් ජයවීර වැනි පුද්ගලයින් විසින් අත්පත් කරගනු ඇත. ඒ කෙසේ වුවද ලංකාවටද Short selling ගණුදෙනු හදුන්වා දිය යුතුව ඇත. එවිට කොටස් වෙළද පොල තුල සිටින, බැටළු හම් පොරවාගත් වෘර්කයින් හෙලිදරව් වනු ඇත.

කොටස් අගය  කෘතීමව පිම්බූ හැටි පහත වගුවෙන් බලන්න 

පකිස්තාන-ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක ගිවිසුම (AFDD) ගැන අවුලක් !

0

2022 නොවැම්බර් 16-17 දිනවල මැතකදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආරක්ෂාව සම්බන්ධයෙන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණි. එය සිදුවූයේ   කරච්චියේ Expo Center හි පැවැත් වුණු    පකිස්තාන-ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයේ (AFDD) අතරතුරය .පකිස්ථාන දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) Hamood uz Zaman Khan විසිනි. ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විය.

එහිදී, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සබඳතාවල  විෂය පථය සමාලෝචනය කොට ඒවා තවත් වර්ධනය කිරීමට  ගිවිස ගත්තේය  .

පකිස්තානය සහ ශ්‍රී ලංකාව  කලාපීය සහ ජාත්‍යන්තර සෑම වේදිකාවකදීම එකිනෙකාට අඛණ්ඩව සහයෝගය ලබා දීමට එකඟ විය. ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ( Defence industry), හමුදා පුහුණුව සහ ඒකාබද්ධ අභ්‍යාස ඉහළ ඉහල නැංවීමට ගිවිස එහිදී ගිවිසගෙන ඇත.

පසුගියදා ජනවාරි 19 දින ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් මෙරටට පැමිනියේය. ඔහුගේ සාකච්ඡා න්‍යායා පත්‍රය තුල දී AFDD ගැන විමසිමක් සිදු කොට ඇත. පකිස්තානය සමග ගිවිසුම් ගතවූ කරුනු වලට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුනේද ? ඒ පිළිබදව ශ්‍රී ලංකාවේ පාර්ලීමේන්තුව දැනුවත් කළේද යන්න ඉන්දීය විදේශ ඇමතිවරයා විසින් ප්‍රශ්න කොට ඇත

චීනය ඉන්දියාවේ කනට ගහයි, යාපනයට චීන කොන්සල් ජෙනරල් කාර්යාලයක් !

0

චීනය යාපනයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් ආරම්භ කිරීමට තීන්දු කොට ඇත. චීන බලධාරීන් මේ දිනවල ඊට සුදුසු ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වල නිරතව සිටියි.උතුරු පලාතේ, ලක්ෂ 12 කට ආසන්න ජනගහනයක් වෙසෙයි. එහි සංයුතිය 93 % දෙමල, 3 % මුස්ලිම් සහ 3 % ක් සිංහලය.

දෙමළ ජනයා සහ ඉන්දියාව අතර අවු 2500 කට වැඩි ලිඛිත ඉතිහාසයක් පවතියි. නමුත් මේ වන විට උතුරේ දෙමළ ජනයා ඉන්දියාවේ ක්‍රියාකලාපය ගැන නොසතුටෙන් පසුවෙයි.ඊට ප්‍රධාන හේතු 3 කි.

1. ව්‍යාජ පොරොන්දු සහ ‍රැවටීම්
2. දෙබිඩි පිලිවෙත
3. අසාර්ථක ව්‍යාපෘති සහ දුර්වල පරිපාලනය

විශේෂයෙන් ඉන්දීය තානාපති කාර්යාලයේ ලොලිපොප් පන්නයේ ව්‍යාපෘති දෙමළ ජනයාට එපා වී ඇත.උදාහරණයක් ලෙස,වරෙක ඉන්දියාව  සුලු මුදලක් වියදම් කොට යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනය පිලිසකර කළේය. ක්‍රීඩාංගනය විවෘත කිරීමේ උළෙලට අති විශාල මුදලක් වැය කළේය. එම උලෙළට, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිද සහභාගි විය .

මෙවැනි වැඩ නිසා ඉන්දීය තානාපති කාර්යාලය දෙමළ ජනයා අතර විහිළුවක් වී ඇත.පසුගියදා යාපනයේ ඉන්දීය කොන්සල් ජනරල් කාර්යාලය බීමත් දෙමල වැසියෙකුගේ ප්‍රහාරයට පවා ලක්විය .

පසුගිය කාලය තුල, චීන බලධාරීන් උතුරේ ජනයගේ සංවේදී තැන් ස්පර්ෂ කොට ඇත. චීන ආයෝජකයන් දියත් කළ ව්‍යාපෘති හරහා උතුරේ ජනයාට ආර්ථික ප්‍රතිලාභ ‍රැසක් ලැබී ඇත. මේ වන විට කොළඹ චීන තානාපති කාර්යාලය යාපනයේ, සිදු කරන මෙහෙයුම ජාත්‍යන්තර අවධානයට ලක් වී ඇත.

1. චීන ව්‍යාපෘති හරහා දහස් ගණනකට ‍රැකියා ලැබීම
2. උතුරේ දරුවන්ගේ අධ්‍යාපන සහ පෝෂණ වැඩසටහන් සදහා අතිවිශාල මුදලක් වැය කිරීම
3. උතුරේ ධීවර කර්මාන්තයට විශාල අනුග්‍රහයක් දැක්වීම
4. යාපනය නල්ලූර් කෝවිලේ වර්ෂික උත්සවයට චීන තානාපති සාම්ප්‍රදායික හින්දු ඇඳුමෙන් යුතුව සහභාගි වීම.
5. චීන තානාපති දෙමළ වැසියන් සමග යාපනයේ රාත්‍රීය ගත කිරීම
6. චීන බලධාරීන් අති සාර්ථක PR උපක්‍රම භවිතා කිරීම

චීන බලධාරීන්, යාපනයේ පිහි‍ටුවීමට නියමිත චීන කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහා දෙමළ ජනයාගේ ජනජීවිතය සහ ආර්ථිකය සමහ බද්ධ වීමට සැලසුම කොට ඇත.

යාපනයේ චීන තානාපති කාර්යාලයක් විවෘත කිරීම ඉන්දියාවට එල්ල කරන අතුල් පහරකි

නැෂනල් ඇලට් අප එසේ කියන්නේ නිකම් නොවේ. පසුගියදා, චීන තානාපති යාපනයේ සංචාරය කළ විට, ඉන්දීය ගැති මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් චීන තානාපති අපහසුතාවයට පත් කිරීමට, ඒ පිළිබදව ප්‍රශ්න කළේය.

එහිදී චීන තානාපති කෙස් කෙලින් කරන උත්තරයකින් සංග්‍රහ කළේය . යාපනය යනු ශ්‍රී ලංකාවේ කොටසක් මිස ඉන්දියාවේ නගරයක් නොවන බව, චීන තානාපතිවරයා එහිදී කීවේය.

චීන තානාපතිවරයාගේ පිලිතුර මෙරට ජනයාට අමුතු ආනන්දයක්, ආතල් එකක් ගෙන ආ බව පැවසුවද එය වැරදි නැත

ලක්දනට බන කියන, පැලවත්තේ පොට් එකට අභියෝගයක්

0

PTA , ICCPR සහ අධිකරණයට අපහාස කිරීමේ නීතිය ඔනෑම රාජ්යක වැදගත් නීති ක්ෂේත්ර 3කි . මෙම නීති ත්රිත්වයේ පරම අපේක්ෂාව රජ්ය තුල ජාතික ආරක්ෂාව ,ජාතික සංහිඳියාව සහ ජාතික යහපාලනය පවත්වාගෙන යාමය.

ජාතීන් අතර සමගිය ජාතික ආරක්ෂාවේ පදනම වෙය. නමුත් මෙරට ආරක්ෂක අංශ PTA භාවිතා කරන්නේ ජාතීන් අතර සමගිය සුරැකෙන ආකාරයෙන්ද ? ලංකාවේ PTA නීතිය භාවිතා කරන්නේ ජාතික සමගිය පළුදුවන ආකාරයෙනි.මාස 6ක් නිකරුනේ හිරේ දැමූ මෙම ලියුම්කරු ඊට සාක්ෂිය

මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකිම සංහිදියාවේ පදනම වෙයි. නමුත් මෙරට ආරක්ෂක අංශ ICCPR භාවිතා කරන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකෙන ආකාරයෙන්ද ? ICCPR භාවිත කොට ශක්තික සත්කුමාර, සේපාල සිරගත කළේය .ලංකාවේ ආරක්ෂක අංශ ICCPR භාවිත කරන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් ඩෝසර් වන අයුරිනි

නීතියේ පාලනය අධිකරණ පද්දතියේ පදනම වෙයි. එනම් නීතියේ පාලනය සර්වත්ර කුලකය වන අතර අධිකරණය එහි උපකුලකයකි. කරුණු එසේ හෙයින් අධිකරණයට අපහාස කිරීමේ නීතිය භාවිතා කල යුත්තේ නීතියේ පාලනය ආරක්ෂා වන අයුරිනි.

රටක ආණ්ඩුක්රම ව්යවස්ථාව හෝ නීති පද්දතිය කොතරම් බහුශ්රැත වුවත් එහි ඵලය රදා පවතින්නේ පාලකයන් විසින් එය ඇප්ලයි කරන ආකාරය අනුවය . ලංකාවේ දේශපාලන අධිකාරිය සිය පටු න්යාය පත්ර ඉටු කරගනු වස් සංවේදී නීති අවභාවිත කිරීම ඛේදවාචකයකි.

අධිකරණයට අපහාස කිරීම යටතේ රන්ජන් සිරගත වූ විට හරින් ප්රනාන්දු කළු සාටකයක් පැළද බොලද රංගනයක යෙදුනේය. එහිදී හරීන් ඇතුලු පාර්ලීමේන්තුව කළ යුතුව තිබුනේ කළු සාටක පැලදීම නොව අධිකරණයට අපහාස කිරීමේ නීතිය විධිමත් කිරීමට සංශෝධන ගෙන ඒමය. කළු සාටක ගැටළුවට විසදුම නොවන බව අජිත් ප්රසන්න වසර 4ක් හිරේ යාමෙන් පැහැදිලි වී ඇත.

නීතියේ පවතින හිඩැස් වසා දමමින් ලංකාවේ අපද ශිෂ්ඨාචාරගත සමාජයක් විය යුතුය. එම වගකීම රදා පවතිනුයේ නීති සම්පාදනය සදහා පාර්ලීමේන්තු ගිය මන්ත්‍රීන් තුලය. ලංකාවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට අළුත් නීතියක් හෝ සංශෝධනයක් වෙනුවෙන් පෞද්ගලික මට්ටමින් පනත් කෙ‍ටුම්පතක් ඉදිරි පත් කළ හැක. නමුත් එම වගකීම කිසිවෙකු ඉ‍ටු කර නැති බව පෙනී යයි. තමන් වෙනස් යයි කියමින් අනෙක් පක්ෂ වලට බැන වදින ජවිපෙ මන්ත්‍රීන් වත් සිය මූලික යුතුකම ඉ‍ටුකර නැත.