මේ වන විට රනිල්- රාජපක්ෂ ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය කල් දැමීමට පසුබිම හදා අවසානය. එපමනක් නොව ස්වාධීන කොමිෂන් සභා වලට නව සාමාජිකයන් පත් කරන බව නිළ වශයෙන් ප්‍රකාශ කොට ඇත .
ඒ අනුව පාළු ගෙයි වළ බිඳින මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුලු පිරිසගේ කාලය අවසන් වනු ඇත. දැනටමත් මැතිවරණ කොමිසම අකර්මන්‍ය වී ඇති බව පැවසීම වැරදි නැත.
පලාත් පාලන මැතිවරණය සම්බන්ධව අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මත රැදී ඇත. කෙසේ වුවද ”මාර්තු 9 මැතිවරණය පැවැත්විය යුතුය” වැනි දැඩි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට හේතු නැත.
මේ වනවිට, මැතිවරණයට වියදම් කිරීමට මුදල් නැතිබව මුදල් අමාත්‍යංශය අධිකරණයට දන්වා ඇත. අධිකරණබලය යොදවා මැතිවරණය පැවැත්විය හැකි වුවද එය දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන්නකි.
මැතිවරණය විධායකය මත බලහත්කාරයෙන් පැටවුව හොත් එනයින් විධායකය සහ අධිකරණය අතර ගැටුමක් නිර්මානය වනු ඇත. එහි ප්‍රතිඵලය තෙල් පෝලීම් ගෑස් පෝලිම් යලි ඇති වීමය. කරුණු එසේ හෙයින් අහක යන නයි, අධිකරණය විසින් තමන්ගේ ඔඩොක්කුව තුලට දමා ගනීවියයි සිතිය නොහැක
රජය සහ මැතිවරණ කොමිසම අන්නෝන්‍ය වශයෙන් එකඟ වූ දිනක මැතිවරණ පවත් වන ලෙස අධිකරණය තීන්දු කරනු ඇත. එම තීන්දුව ලැබෙන විට, නිමල් පුංචිහේවා සිටින්නේ මැතිවරණ කොමිසමේ නොව ගෙදරය. ඔහු වෙනුවට එහි සිටින්නේ අළුත් මුහුණුය.ඔවුන් නිසැකවම ආණ්ඩුවේ ගැත්තන්ය. ඒ අනුව මැතිවරණ තීන්දු කරන්නේ රනිල්- රාජපක්ෂ ආන්ඩුවය .
මේ වන විට, පළාත් පාලන මැතිවරණය කල් දමා පලමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. සමාන්‍ය තත්වය යටතේ මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුතු වන්නේ 2024 නොවැම්බර් 17 වැනි දිනය. කෙසේ වූවද බලයේ සිටින ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් එය 2023 නොවැම්බර් 17 වනදාට පසුව කැඳවිය හැක. ඊට අදාල ව්‍යවස්ථාව පහත පරිදිය,
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 30 (3) (අ) වගන්තිය ය ප්‍රකාරව බලයේ සිටින ජනාධිපතිවරයාට දෙවැනි වරටත් තරග කිරීමේ අභිලාෂයක් තිබේ නම් තමන්ගේ ධුර කාලයෙන් වසර 04 ගතවූ තැන නව ජනාධිපතිවරණයක් කැඳවිය හැක
කෙසේ වුවද මීට ප්‍රතිවිරුද්ධ තර්කයක් ඇත. ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය’ අනුප්‍රාප්ත ජනාධිපතිවරයකුට හිමි නොවන බව එම තර්කයයි. නමුත් 19 වන ව්‍යවස්ථාව හැදු ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට අනුව 2023 නොවැම්බර් වලින් පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැක.
මේ වනවිට බිම්මට්ටම තුල පවතින්නේ සජිත් ප්‍රේමදාසට වාසිදායක තත්වයකි.සජිත් චීනයෙන් හොර රහසේ ගත් මුදල් වලින් නත්තල් පප්පා මෙන් තෑගි බෙදමින් සිටියි. සජිත් චීනයෙන් ලබා ගත් මුදල් වලින් ඉන්දියන් බස් බෙදමින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කොට ඇත . නමුත් සජිත්ට වියදම් කිරීමට මුදල් ලැබුන හැටි ලෝකය නොදන්නවා නොවේ,
කෙසේ වුවද පවතින තත්වය නොවැමබර් වන විට උඩු යටිකුරු වීම වුවද විය හැක. රනිල්, ජනාධිපති ධූරයට නිර්දේශ කළේ ඇමෙරිකාව විසිනි. තමන්ගේ ඉත්තා පරාජය වන තුරු ඇමෙරිකාව නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටින්නේ නැත. ඇමෙරිකාවට IMF සහන පැකේජය අනුමත කොට ලංකාව තුල මූල්‍ය ස්ථායි බව ඇති කළ හැක. එසේ වුවහොත්, රනිල්ට වාසිදායක පිටියක් බිහි වීම කිසිවෙකුට වැලැක්විය නොහැක







