කලාපයේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, කළු සල්ලි වලින් ගේම් දෙන මාලදිවයින් ජනපතිගේ හෙළුව

0
224

මාලදිවයිනේ වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි කලාපයේ සිටින දූෂිතම දේශපාලනඥයන්ගෙන් කෙනෙකි. මේ වනවිට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති සෝලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත .

විශේෂයෙන්ම සොලීගේ මාමණ්ඩිය වන සික්කා අහමඩ් ඊබ්‍රාහිම්ට  එරෙහිව ත්‍රස්තවාදය, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධ  චෝදනා පවතියි.

මෙම තත්වය තුල සිය  මාමන්ඩිය වන  සික්කා අහමඩ් ඊබ්‍රාහිම්ට භූ දේශපාලන ආරක්ෂාව සපයන ලෙස මාලදිවයින් ජනපති සෝලි මෙරට ජනපති රනිල්ගෙන් ඉල්ලා ඇත

National Alertවෙත වාර්තා වූ පරිදි සික්කා අහමඩ් ඉබ්‍රාහිම්  ජීවත් වන්නේ කොළඹය .තවද දීර්ඝ කාලයක් මෙරට වාසය කිරීමට හැකි  වීසා  බලපත්‍රයක් ඔහුට නැත . ඔහු පාස්කු ප්‍රහාරය ඇතුලු අන්තවාදී මෙහෙයුම හිපයකටම අනුග්‍රයය දැක්වූ බවට වාර්තා ඇත.
තවද අල්කයිඩා සංවිධානයට මුදල් පොම්ප කළ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම  සදහා  උදර්පන නීතිය යටතේ ඔහු ඇමෙරිකාවට ‍රැගන යාමට ඇමෙරිකානු විමෂණ අංශ සැලසුම් කොට ඇත  National Alertට වාර්තා වූ අන්දමට  සෝලිහ් රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ මාමණ්ඩියට බේරා ගැනීමටය.
සෝලිගේ මාමණ්ඩිය පමණක් නොව, වත්මන් මාලදිවයින් ජනපති  සෝලිද කලාපයෙන් අතුගා දමිය යුතු පිළිලයකි.ඔහුට එල්ලවී ඇති චෝදනා වලින් බිඳක් පහත පරිදිය
1. යහපාලන ආන්ඩු කාලයෙදී බොරු චෝදනා ඉදිරිපත් කොට රනිල් වික්‍රමසිංහ සහ  මුදල් ඇමති රවි කරුණානයක ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණය්ක් දියත් විය . සෝලි තිරය පි‍ටුපස සිට එම කුමන්ත්‍රණයට  සහයෝගය දුන්නේය  . සොලි, ලංකාවේ කුප්‍රකට පෞද්ගලික නාලිකා හිමිකරුවෙකු සමහ එක්ව රනිල්ට එරෙහිව වැඩ කළේය . විශේෂයෙන් රනිල් ඉවත් කිරීමට පක්ෂව  ඉන්දීය රජයට කරුණු කීවේය

2. මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතියෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇත.  . එම ණය වලින් 90% පමන බොල් ණය වී ඇත . මෙම  ගණුදෙණු බොහොමයක් සිදුවූයේ සොලිගේ මැදිහත්වීම නිසාය. මාලදිවයින් බොල්ණය බංකොලොත් ශ්‍රී ලංකාවට විශාල බරක් වී ඇත3.

3. පසුගියදා මාලදිවයින් ජනාධිපති සෝලි ජවිපෙ නායකයින් සමඟ මාලේහිදී නුවරදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී මාලදිවයිනේ කථානායක නෂිඩ් ශ්‍රිලංකාවේ දූතයෙකු ලෙස  ඊජිප්තුවේ පැවති දේශගුණික විපර්යාස සැසිවාරයට  (COP 27)  සහභාගී කරගෙනීම ගැන මෙරට ජනපති රනිල්ට  දොස් මුරයක් තබා ඇත

4. ජනාධිපති සෝලිහ් කොළඹ ව්‍යාපාර කිහිපයක  මුදල් ආයෝජනය කර ඇත. විශේෂයෙන්ම තිළිණි ප්‍රියමාලිගේ තිකෝ වංචාවට කෝටි ගණන් ආයෝජනය කළ අය අතර සෝලි ද සිටී.

5. සෝලිගේ පාලන සමයේදී, මාලදිවයින් පොලිසිය ශ්‍රී ලාංකික ධීවරයන්ට එරෙහිව ඉතා අමානුෂික ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත, විශේෂයෙන් ශ්‍රී ලාංකික ධීවරයින් මාලදිවයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා විට, ඔවුන්ට පහර දී ධීවරයින්ගේ මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ලකෑ බවට සාක්ෂි ඇත

6. මාලදිවයින් ජනාධිපති සෝලිහ්, ශ්‍රී ලංකාව  තුල භයානක දේශපාලන ක්‍රීඩාවක නිරත වනවා පමනක් නොව  බෞද්ධ විරෝධී වැඩසටහන්වලට ද දායක වී ඇත . සෝලිහ්  මෑතකදී ශ්‍රීලංකාවේ  මාලදිවයින් මහ කොමසාරිස් ලෙස බෞද්ධ විරෝධී පුද්ගලයෙකු පත් කළේය.

7. මාලදිවයින් දේශපාලකයන්ගේ ජන ප්‍රසාදය අඩුවන විට තම ජනප්‍රියත්වය පවත්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස තමන් විසින් තමන්ටම බෝම්බ තබා ගැනීමේ කූට උපක්‍රමයක් භාවිත කරයි. එවැනි ‘False flag ops ” සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය , වෙඩික්කරුවන් ලබා ගන්නේ ලංකාවෙනි

මාලදිවයින් ජාතිකයින් 52000 ක් පමන නිසි  වීසා නොමැතිව ලංකාවේ වාසය කරයි. ඔවුන් මෙරට පුරවැසියන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙතන් සුභදාසන පහසුකම් භුක්ති විඳියි.  කරුණු එසේ හෙයින් ශ්‍රී ලංකා රජය  මාලදිවයින් ජාතිකයන් වහා නියාමනය කළ යුතුව ඇත.

1. සොලිගේ ජාවාරම්කාර  මාමන්ඩිය ලංකාවෙන් නෙරපීම

2. මාලදිවයින් වැසියන්ට වීසා සීමා සහ සංක්‍රමණ නීති පැනවීම

2. මාලදිවයින් වැසියන් පිළිබඳ සෝදිසි මෙහෙයුම් සිදු කිරීම

4. ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත මාලදිවයින් යාත්‍රා පිළිබඳ සෝදිසි මෙහෙයුම් දැඩි  කිරීම සහ අවශ්‍ය තැන්වලදී අත්අඩංගුවට ගැනීම සහතික කිරීම