ඉන්දියානුවා රාජකීය අන්තංපුරයට බඩු සපයන ඒජන්තයා වූයේ නිකම් නොවේ – ඉන්දියාව එදා සහ අද

0
233

කාලය  – ක්රි. ව. 60

ස්ථානය – අනුරාධපුර රජවාසල

ආචාර සමාචාර මැද රජතුමා සිංහාසනාරූඪ විය. පුරෝහිත ඇතුළු ඇමතීන් පසග පිහි‍ටුවා රජුට නමස්කාර කළහ. මේ අතර දොරටුපාලයා රාජ සභාවේ සිදුවන දෑ බලා සිනාසීමට පටන්ගත්තේය. වහා ක්‍රියාත්මක වූ රජතුමා දොරටුපාල මරා දැමීමට අණ කළේය. යසලාලක තිස්ස එනම් නියම රජු දොර‍ටුපාල ලෙසත් සුභ නම් දොර‍ටුපාලයා රජු ලෙසත් වෙස් මාරු කර ගත් කවට කෙළිය එලෙස අවසන් වූ බව අප කියවා ඇත.

අප කියවූ දෑට වැඩි යමක් මෙහි ඇත. යසලාලක තිස්ස රජුගේ මරණයත් සමග ශ්රී ලංකාවේ මෝර්ය රාජ වංශය අවසන් විය. ඉන් අනතුරුව ලම්බකර්ණ වංශිකයෝ බලයට ආහ. ඉතිහාස කතාව අනුව යසලාලක විනෝදකාමී රජෙකි. දොරටුපාල රජුගේ සෙල්ලම් සගයා විය. රජු සහ දොරටුපාල රූප ස්වභාවයෙන්ද සමාන විය . දෛවෝපගත දිනයේ රාජසභාව සිනා ගැන්වීමට රජු සහ දොරටුපාල නිළ ඇදුම් මාරු කර ගත්හ.

සුළු වේලාවකට රාජාභරණ පැළඳගත් දොරටුපාලයාට රජුගේ හිස ගසා දැමීමට තරම් එඩිතර වූයේ කෙසේද? නියම රජු දං ගෙඩියට රැගෙන ගොස් හිස ගසා දැමීම දක්වා දීර්ඝ ක්රියාපටිපාටිය නිම කිරීමට හැකි වූයේ කෙසේද ? නිසැකවම රාජ සභාවේ ප්රබලයින්ගේ සහාය දොරටුපාලයාට ලැබී ඇත. මෙය සැලසුම් සහගත මහා කුමන්ත්රණයකි . දොරටුපාලයා මෙම කුමන්ත්රණයේ ඉත්තෙකි. කුමන්ත්රණය දියත් කළේ ලම්බකර්න වංශිකයන්ය.

යසලාලක රජුගේ ඝාතණයත් සමග මෝර්ය රාජවංශය අවසන් විය .ඒ ඇවෑමෙන් ලම්බකර්ණ වංශයේ වසභ රාජ්‍යත්වයට පත් විය. වසභ රටේ කොදුනාරටිය වන් වූ කෘෂිකර්මාන්තය ඉංජිනේරු ශිල්පය හා බද්ධ කළේය. විශාල වැව්, ඇල වේලි සහ මාර්ග තැනීම පටන් ගත්තේය . අනතුරුව වෙළදාම දියුණු කළේය. ලංකාව ආර්ථික බලවතෙක් බවට පත් කළේය.

මෝර්ය පාලන කාලය තුල ඉන්දීය බලපෑම් සුලභ විය.ඔවුන් ඉන්දීය ගැත්තන් වීම බලපෑම් වැඩිවීමට හේතු විය. නමුත් මොවුන් පෙනී සිටියේ සිංහල බෞද්ධයන්ගේ එකම ගැලවුම්කරු ලෙසිනි. මෝර්ය රජෙක් වූ වලගම්බාගේ කාලයේදී ථේරවාදී බුදුදහමේ හදවත වූ මහාවිහාරට ගිණි තැබුවේය.මහා විහාර පුස්ථකාලය දින 7ක් පුරා ගිණි ගත් බව කියවෙයි. එය ඉන්දියානු කුමන්ත්‍රණයක් බවට සාක්ෂි ඇත

නමුත් ලම්බකරණ වංශය එසේ නොවීය .ඔවුන් ආගම , ආර්ථිකය ,භූ දේශපාලනය මනා ලෙස කළමනාකරණය කළේය. ඔවුන් ඉන්දියන් ගැත්තන් වූයේ නැත.ඉන්දියානු කුමන්ත්රණ ගැන ඔවුන්ට හොද අවබෝධයක් තිබුනි . වසභගෙන් පසු රාජ්යත්වයට පත් වූ ලම්බකර්ණ රජෙක් වූ ගජබාහු වරක් ඉන්දියාව ආක්රමනය කළේය.

ඉතිහාසය පුරා ඉන්දියානුව කළේ බොරදියේ මාලු බෑමය . වතුර මඩ වී නැත්නම් මඩ කර හෝ මාලු බෑම ඉන්දියානුවාගේ ක්‍රමය විය. පලමුව ලංකාව අභ්යන්තර ගැටුම් අවුලුවා ඉන් පසු ආක්රමනය දියත් කිරීම ඔවුන්ගේ උපක්රමය විය.

මෙරට රජු සශ්රීක අනුරාධපුර පොළොන්නරු රාජධානි අතහැර දකුණට පලා ගියේ ඉන්දියානු ආක්රමනය වලට බියෙනි. අවසානයේ රජු කන්ද උඩරට පටු බිම්තීරුවක නතර විය. නමුත් මෙරට රජුට එහිද ගැලවීමක් නොවුනි.ඉන්දියාව මහනුවර රජවාසලේ රාජකීය අන්තංපුරයට කාන්තාවන් සපයන ඒජන්න්තයා බවට පත්විය. ඉන්දියානුවන් ඒ හරහා මෙරට රජ්යත්වය පැහැර ගත්තේය.

අද ඉන්දියාව ලංකාවට උදව් කරන බව පැවසුවද එය රැවටිමකි. බංකොළොත් බව ප්රකාශ කිරීමට පෙර ලංකාව IMF හමුවට ගෙන යාමට ඉන්දියාව ක්රියා කළේ නැත. නමුත් ලංකාවට බංකොලොත් ලේබලය ඇලවීමේ කුමන්ත්රණය පිටුපස ඉන්දියාව සිටියේය. තවද මේ වනතුරු කිසිම රටක් බංකොළොත් ලංකාවේ ණය සම්බන්ධයෙන් දැනෙන සහනයක් ලබා දීමට එකග වී නැත.

ඉන්දියානුවා අද කරන්නේද එදා කළ දේමය. කරුණු එසේ හෙයින් ලමබ කර්ණයන පන්නයේ මෙහෙයුමක් අද මෙරට දියත් කළ යුතුව ඇත