සුද්දෙක්, ලංකාවේ දිලෙන තරුව සහ ගැලවුම්කරු වූ අදානිගේ කලිසම ගලවයි

0
228

අදානි ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවන ස්ථානයේ පසුවිය. නමුත් 24 ජන 2023 දින වෙබ් අඩවියක පලවූ වාර්තාවක් නිසා ඔහුට එම ස්ථානය අහිමි විය. අදානිට එරෙහි වාර්තාව පල කළේ Nathan Anderson මෙහෙය වන www.hindenburgresearch.com වෙබ් අඩවියයි. එම වාර්තාව නිසා එක් ‍රැයක් තුල අදානිට වූ පාඩුව ඇ.ඩො බිලියන 5.5කි

Hindenburgre search වාර්තාව ඕනැම අයෙකුට තේරුම් ගත හැකි සරල එකකි. අදානිට එරෙහිව ඔවුන් ප්‍රධාන චෝදනා 5 ක් එල්ල කොට ඇත , ඒවානම්
1. කූට කොටස් ගණුදෙණු
2. ගිණුම්කරණ අක්රමිකතා
3. මූළ්‍ය අවකල්ක්‍රියා
4. ඉහල ණය සහඌන ද්‍රවශීලතාව
5. අදානි, දේශපාලන අධිකාරිය විසින් පිම්බූ බැලුමක් වීම

අදානිගේ ප්‍රධාන සමාගම් 7ක් ඇත. වසර 3 ක් ඇතුළත එහි ශුද්ධ වටිනාකම USD බිලියන 20 සිට බිලියන 120 දක්වා ඉහල ගියේය. එවැනි වර්ධනයක් අත්පත්කර ගත්තේ, කොටස් අගය 819% තෙක් කෘතීමව පිම්බීමෙන් බව Hindenburgre පෙන්වා දී ඇත.

කෙසේ වුවද අදානි සමාගම විසින් Hindenburg වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කොට ඇත. Hindenburg ආයතනයේ නිර්මාතෘ Nathan Anderson යුදෙව් සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතිකයෙකි. ඔහු ඩබල් ගේම් කාරයෙකි.

Nathan Anderson ලැයිස්තුගත සමාගම් වල වැරදි හෙලිකරයි . නමුත් ඔහු එවා හෙළිදරව් කරන්නේ සද්භාවයෙන් නොවේ. Nathan Anderson ද සුදු කරපටි ජාවාරම් කාරයෙකි.

Nathan Anderson සිදු කරන ජාවාරම Short selling ගනුදෙනු හා බැඳුන එකකි. Short selling කොටස් වෙළද පොලක දැකිය හැකි විශේෂිත ගණුදෙනු වර්ගයකි.

සාමාන්‍යයෙන් කොටස් මිල ඉහල යන විට ආයෝජකයෙකු ලාභ ලබයි .Short selling යනු කොටස් මිල පහල යන විට ආයෝජකයෙකුට ලාභ ලැබිය හැකි ක්‍රමයකි. යම් සමාගමක කොටස් මිල පහල යන බව නිෂ්චිතවම දන්නේ නම් , තීරණය වි ඇති ඉහල මිලට කොටස් විකුනා මිල අඩුවූ සැනින් යලි මිලදී ගැනීම මෙහිදී සිදුවෙයි. දිනය අවසානයේ ගිණුම බැලන්ස් කරන විට ලාභයක් එහි වෙයි .

දැන් Nathan Anderson කරන ජාවාරම තේරුම් ගැනීමට හැකිය . පලමුව ඔහු ප්‍රකට සමාගමක දූෂණ කිහිපයක් සොයා ගනියි. අදාල දූෂණය හෙළි කිරීම සමාගමේ කොටස් අගය අඩුවීමට  බලපාන බව ඔහු දනියි . ඒ අනුව Nathan Anderson සැලසුම සහගතව Short selling හරහා විශාල ලභයක් ලබයි.

ලංකාව තුල Short selling ගණුදෙනු වලට ඉඩක් නැත. යම් හෙයකින් Short selling ගණුදෙනු වලට ඉඩ ලැබුන හොත් Nathan Anderson රෝල් එක දිලිත් ජයවීර වැනි පුද්ගලයින් විසින් අත්පත් කරගනු ඇත. ඒ කෙසේ වුවද ලංකාවටද Short selling ගණුදෙනු හදුන්වා දිය යුතුව ඇත. එවිට කොටස් වෙළද පොල තුල සිටින, බැටළු හම් පොරවාගත් වෘර්කයින් හෙලිදරව් වනු ඇත.

කොටස් අගය  කෘතීමව පිම්බූ හැටි පහත වගුවෙන් බලන්න