පකිස්තාන-ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක ගිවිසුම (AFDD) ගැන අවුලක් !

0
232

2022 නොවැම්බර් 16-17 දිනවල මැතකදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආරක්ෂාව සම්බන්ධයෙන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණි. එය සිදුවූයේ   කරච්චියේ Expo Center හි පැවැත් වුණු    පකිස්තාන-ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයේ (AFDD) අතරතුරය .පකිස්ථාන දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) Hamood uz Zaman Khan විසිනි. ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විය.

එහිදී, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සබඳතාවල  විෂය පථය සමාලෝචනය කොට ඒවා තවත් වර්ධනය කිරීමට  ගිවිස ගත්තේය  .

පකිස්තානය සහ ශ්‍රී ලංකාව  කලාපීය සහ ජාත්‍යන්තර සෑම වේදිකාවකදීම එකිනෙකාට අඛණ්ඩව සහයෝගය ලබා දීමට එකඟ විය. ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ( Defence industry), හමුදා පුහුණුව සහ ඒකාබද්ධ අභ්‍යාස ඉහළ ඉහල නැංවීමට ගිවිස එහිදී ගිවිසගෙන ඇත.

පසුගියදා ජනවාරි 19 දින ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් මෙරටට පැමිනියේය. ඔහුගේ සාකච්ඡා න්‍යායා පත්‍රය තුල දී AFDD ගැන විමසිමක් සිදු කොට ඇත. පකිස්තානය සමග ගිවිසුම් ගතවූ කරුනු වලට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුනේද ? ඒ පිළිබදව ශ්‍රී ලංකාවේ පාර්ලීමේන්තුව දැනුවත් කළේද යන්න ඉන්දීය විදේශ ඇමතිවරයා විසින් ප්‍රශ්න කොට ඇත