ඉන්දීය විදේශ ඇමතිවරයා නවාතැන් ගත් හෝටල් කාමරය රහසිගතව ආවේක්ෂණය කරලා !

0
224

ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් පසුගිය 19 වැනිදා දෙදින නිළ සංචාරයක් ලංකාවට පැමිනියේය. ජයශංකර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි , රවුෆ් හකීම් ඇතුලු මෙරට දේශපාලනඥයන් පිරිසක් සමග සාකච්ච්ඡා පවත්වා තිබුණි.

ඉන්දීය දූත පිරිසේ ආරක්ෂාව භාරව කටයුතු කළේ, ඉන්දියාවෙන් පැමිණි විශේෂ ප්‍රභු ආරක්ෂක කන්ඩායමකි. ඉන්දීය විදේශ ඇමතිවරයා නවාතැන් ගත්තේ කොළඹ තාජ් සමුද්‍රා හෝටලයෙහිය.

ඉන්දීය විදේශ ඇමතිවරයා නවාතැන් ගත් හෝටල් කාමරය අධිතාක්ෂණික උපකරණ හරහා රහසිගතව ආවේක්ෂණය කොට ඇති බවට පුවතක් වාර්තා වී ඇත. මෙම එස්පියොනාජෙ මෙහෙයුම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ, ඉන්දියාව සමග නිරන්තර බල අරගලයක නියලී සිටින රටක ඔත්තු සේවයක් වෙතය.

වර්තමානයේ රහසිගතව සිදුකරන Hotel spying රාජතාන්ත්‍රිකයන් ඇතුලු ප්‍රභූන් මුහුණ දෙන බරපතල අභියෝගයක්වී ඇත . කෙසේ වුවද කොළඹ තාජ් හෝටලය ඉන්දියානුවෙකු සතු දේපලකි. එවැනි ස්ථානයක් සතුරු චරපුරුෂ සේවාවක් විසින් ආක්‍රමණය කිරීමෙන් පැහැදිළි වන්නේ කොළඹ නගරය විදේශ ඔත්තුසේවාවන්ගේ පොරපිටියක් වී ඇති බවය.

මෙම තත්වය නිසා නිළ හෝ පෞද්ගලික සංචාර සඳහා ලංකාවට එන්නේ නම් විශේෂ ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන ලෙස ඉන්දීය රාජතාන්ත්‍රිකයන්ට අවධාරණයෙන් දැනුම් දී ඇත