බලලා මල්ලෙන් එලියට-ලෝකල් ඉලෙක්ෂන් එක ෂුවර් නෑ..!මැතිවරණ කොමසාරිස් කියයි!

0
230

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (24) පැවැත් විය. එම සාකච්ඡාවෙන් පසු හිරු නාලිකාවට අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මෙතෙක් සැගවූ යථාර්තය ය මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය. ලෝකල් ඉලෙක්ෂන් එක පැවැත්වීම පිළිබදව තමාටද විශ්වාසයක් නැති බව ඔහු එහිදී කීවේය.

මැතිවරණ කොමිසම විසින් ලෝකල් ඉලෙක්ෂන් එක මාර්තු 9 දින පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමත් සමග එම තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත. රට බංකොලොත් වී තිබියදී ලෝකල් ඉලෙක්ෂන් එක වෙනුවෙන් මුදල් වැය කිරීම ආර්ථික අර්බුධය උත්සන්න කරන බව විශ්‍රාමික කර්නල් වරයා  පෙත්සම මගින් ප්‍රකාශ කොට ඇත.

එම නඩුව විභාගයට ගත් අධිකරණය මැතිවරණය වියදම් සම්බන්ධයෙන් මුදල් වැය කළ හැකිද-නොහැකිද යන්න යන්න පිලිබදව මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළේය.ඊට පිළිතුරු ලෙස දිවුරුම් පෙත්සමක් මගින් කරුණු දැක්වූ මුදල් අමාත්‍යංශයේ ලේකම් මැතිවරණය වෙනුවෙන් මුදල් වැය කිරීමට ඇති නොහැකියාව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මැතිවරණය සදහා රුපියල් බිලියන 10ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම විසින් ගනන් බලා ඇත .එම මුදල ලබා දිය හැකිද නැද්ද යන්න අද දින මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යංශයෙන් ලිඛිතව විමසා ඇත. මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණයට මුදල් වැයකිරීමට ඇති නොහැකියාව අධිකරණයට ලිඛිතව දන්වා ඇති පසුබිමක ඊට වෙනස් පිළිතුරක් මැතිවරණ කොමිසම වෙත ලැබීමට හේතු නැත .

මේ අතර අද දින මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මුජිබර් රහුමාන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කොට ඇත පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලය,නිතිපතිවරයා ඇතුලු 35 දෙනකු නම්කර ඇත

තවද මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කර තිබුනද ඊට අදාල ගැසට් පත්‍රය මේ දක්වා මුද්‍රණය කොට නැත.අදාල ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සදහා මැතිවරණ කොමිසම මේ දක්වා කිසිදු ඉල්ලීමක් කොට නැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මාධ්‍යට පවසා ඇත.