බිල්ලන් මවන්න එපා – ඇමෙරිකන් තානාපතිට කන කිස් කරන පිළිතුරක් ලැබෙයි !

0
225

ලංකාවේ ජනයා ‘ලොරි ටෝක්’ දෙන්න දක්ෂයෝය. ආර්ථිකය, දේශපාලනය විදේශ කටයුතු, ගැන, ඔවුන් නොදන්නා දෙයක් නැත.

ගමේ තේ කඩයක් කරන අයෙක් වුවද , එහි ආදායම, වියදම, ණය ගැන හොදින් දැනුවත් විය යුතුය. එම ගණන් ඉලක්කම් ගැන අවබෝධයකින් තොරව කටයුතු කළ හොත් තේ කඩය බංකොලොත් වනවා නියතය.

රටක තත්වයද‏ මීට සමානය. ලංකාවේ ජාතික නිෂ්පාදිතය, රජයේ ආදායම, රජයේ වියදම, ණය ගැන ගණන් හිලව් දන්නේ කීයෙන් කී දෙනාද ?

පසුගියදා කොළඹ ඇමෙරිකන් තානාපති චීන ණය සම්බන්ධයෙන් මෙරට ජනයා බියගන්වනසුළු ප්‍රකාශයක් කළේය.

ඇමෙරිකන් තානාපතිනියගේ ප්රාකාශය සමබන්ධයෙන් කොළඹ චීන තානාපති නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටියේ නැත.
ලංකාවට බරක් වී ඇත්තේ චීන ණය නොව ගිනි පොලියට ලබා ගත් වාණිජණය බව චීන තානාපති හෙළි කළේය .

ලංකාවට මහා පරිමණයෙන් වාණිජ ණය ලබා දී ඇත්තේ ඇමෙරිකාව බවද මතක් කළේය .ලංකාවට   ණය ගෙවීමට නොහැකි වූ විට ඇමෙරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව නඩු දැමූ බව කීවේය .

ඉහත රූප සටහන බලන්න . ලංකාවේ ණය වලින් අඩක් පමන ගිනි පොලියට ලබා ගත් වාණිජ ණය වෙයි. චීන තානාපති කියන පරිදි ඒවා ඇමෙරිකන් ණය වෙයි.

තවද මෙම ණය මුදල් වලින් වැඩි ප්‍රමාණය වැය කළේ මහා මාර්ග, විදුලි බලාගාර වැනි සංවර්ධන කට යුතු වලට නොවේ. ඒවා වියදම් කළේ රජයේ වැ‍ටුප් ගෙවීමට, ණය ගෙවීමට වැනි රජයේ එදිනෙදා වියදම් පියවීමටය.

ඉහත කරුණ සම්බන්ධයෙන් අද දින මෙරට ජාතික සංගම් එකමුතුව ඇමෙරිකන් තානාපතිට කන කිස් කරන ලිපියක් යවා ඇත