මැද කොළඹ ආසනයට කෙල හැලූ ප්‍රේමදාස පුංචි ඡන්දයට මුවා වී මුජිබර්ගේ බෙල්ල කැපූ හැටි

0
248

අද ලංකාව තුල සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාරට වාසිදායක දේශපාලන වාතාවරණයක් පවතියි. එය යතාර්ථයක් වීමට නම් මුලින් ලෝකල් ඉලෙක්ෂන් එක හෝ පාලිමන්ට් ඉලෙක්ෂන් එක පැවැත්විය යුතුය. මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමන අවසන් වීම වුවද සිදුවිය හැක. කරුණු එසේ හෙයින්, ලෝකල් ඉලෙක්ෂන් එක හෝ පාලිමන්ට් ඉලෙක්ෂන් එක මුලින් ලබා ගැනීමට සජිත් වෙහෙසෙයි.

නමුත් ලෝකල් ඉලෙක්ෂන් එක දැන් ලබා ගැනීමට ප්‍රධාන අවහිරතා 2ක් ඇත.

1. ලෝකල් ඉලෙක්ෂන් එකට ප්‍රමුඛතාවදී මුදල් වියදම් කිරීමට රජය ඉදිරිපත් නොවීම

2. ලෝකල් ඉලෙක්ෂන් එක සදහා කරන වියදම නාස්තිය ලෙස මහජනයා විශ්වාස කිරීම

සජිත් ලෝකල් ඉලෙක්ෂන් එක වෙනුවෙන් හඬ නගන්නේ එය ලබා ගැනීමට නොහැකි බව නොදැන නොවේ. එනම් මේ අවස්ථාවේ ලෝකල් ඉලෙක්ෂන් එක සිදු නොවන බව සජිත් දනියි. රජය මැතිවරණ වලට බිය බව හයිලයිට් කොට වාසියක් ලබා ගැනීම සජිත්ගේ සැලසුමය.

සජිත්ට ප්ලෑන් B එකක් ද ඇත . ඒ ජනාධිපතිවරණයට කලින් පාලිමන්ට් ඉලෙක්ෂන් එක ලබා ගැනීමය. එම පාලිමන්ට් ඉලෙක්ෂන් එකේදී සජිත් ලක්ෂ 5 වත් ඡන්ද ලබා ගත යුතුය.

කොළඹින් ලක්ෂ 5ක ඡන්ද ගැනීමට නම්, ලොකු ප්‍රේමදාසගේ ආසනය වන මැද කොළඹ පොඩි ප්‍රේමදාස විසින් අත්පත් කරගත යුතුව ඇත.

මේවන විට මැද කොළඹ ජනයා මුජිබර් රහුමාන් වට රොක් වීඇත.මුජිබර් හදුන්වන්නේ මැද කොළඹ ආදරනීය ජන නායකයා වැනි නම් වලිනි. මෙය සජිත්ගේ ඉදිරි සැලසුම් වලට බාදාවකි. සැබැවිනම සජිත් කළේ ලෝකල් ඉලෙක්ෂන් එකට මුවා වී මුජිබර්ගේ බෙල්ල කැපීමය.

යම් හෙයකින් මුජිබර් නගරාධිපති වූවා යැයි මොහොතකට සිතමු. එහිදී සිදුවන්නේ ඔහුගේ ජනප්‍රියතාව අඩු වීමකි. මක්නිසාදයත් මුජිබර් මේතරම් ජනප්‍රිය වූයේ පාලිමන්ට් එකේ ඔහු කළ කතා නිසාය.

මුජිබර් පුරපති ධූරයට යෝජනා කිරීම සජිත් විසින් දියත්කළ කුමන්ත්‍රණයකි. මුජිබර් පුරපති ධුරය සඳහා තරඟ වදින බවට මුල්ම ඉඟිය පළ කළේ නලින් බණ්ඩාරය. ඒ 22 ඔක් 2022 පැවැත්වුන මැද කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

මේ වන විට ජවිපෙට පහරදෙන ලෙස සජිත් සිය පාර්ලීමේන්තු මන්ත්‍රීන්ට දැනුම් දී ඇත.නමුත් මුජිබර් එම නියෝගයට අවනත වූයේ නැත. ඊයේ, මාලිගාවත්තේ පැවැති ජවිපෙ ‍රැස්වීමට අතිවිශාල ජනකායක් සහභාගි විය.මේ සියළු කරුණු මුජිබර් ඉවත් කිරීමට හේතු විය