පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් නම් වන්දි නඩුව එහි දිගුවක් පමනි !

0
243

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනපති සිරිසේන ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට සිදුවීම දෙස් විදෙස් අවධානය දිනාගත් පුවතක් බවට පත්වී ඇත. මාතෘකා ගත නඩුව මූලික අයිතිවාසිකම් පෙත්සමකි . මෙම නඩු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් ගොණු කළද ඒ පි‍ටුපස රහස්‍ය පිරිසක් සිටියහ. එම පිරිස පහත පරිදිය

ජනත් එස්. විදානගේ

මූලික අයිතිවාසිකම් නඩුකරවල පලමු නඩු දෙක ජනත් විදානගේට අයත් විය.ජනත් විදානගේ ගෝඨාභයගේ හෙංචයියෙකි. වියත්මග සහ යුතුකම සංවිධාන වල  සාමාජිකයෙකි. ගෝඨා විසින් මොහුව පොහොර සංස්ථාවේ සභාපති ධූරයට පත් කළේය.

හිල්මි අහමඩ් 

හිල්මි අහමඩ් කුප්‍රකට ඩිල් කාරයෙකි. මොහු LTTE  ප්‍රොක්සියක් වූ  ආර්නි පියටොෆ් සමග එකට වැඩ කළේය .කොටි ත්‍රස්තවාදීන්ට පක්ෂව Young Asia  tv , World vision ආයතන මෙහෙය වූයෙ මොහුය.මොහු මුස්ලිම් සමාජයට එක් මුහුණකුත් , ජාත්‍යන්තරයට තවත් මුහුණකුත් පෙන්වමින් ලෝකය රවටන තක්කඩියෙකි.  හිල්මි අහම්ඩ් ගෝඨා සමග හොරෙන් ගණුදෙණු කළ පුද්ගලයෙකි

අගුළුගල්ලේ ජිනානන්ද හිමි

මොහු බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධයක්ෂ ලෙස පෙනී සිටින භික්ෂුවකි. ගෝඨා බලයට පත්කිරීමට දායක වූ භික්ෂුවකි. අගුළුගල්ලේ ජිනානන්ද හිමිගේ ක්‍රියා කලාපය ආහමික සංහිදියාවට බාදාවකි.

කතෝලික සාමාජික හා සාමයික කේන්ද්‍රය

මෙය ක‍තෝලික සභාවේ ශාඛාවකි. මේවන විට සිරිසේන, පූජිත, හේමසිරි වග උත්තරකරුවන් කරමින් දිසා අධිකරණයේ සිවිල් නඩු 289ක් පවරා ඇත. මෙම නඩුවල මූලික අරමුන වන්දි ලබා ගැනීමය. එම සිවිල් නඩු 289 තවම අසා ඉවර නැත. එම නඩු 289 ට වන්දි ගෙවීමට සිදුවුව හොත් දැන් පවතින කුරුස- ධර්මචක්‍ර උණුසුම ගැ‍ටුමක් දක්වා ගෙන යනු ඇත.

දැනටමත් කුරුස ධර්ම චක්‍ර ගින්නක් ඇවිලී ඇත.

මේ වන විට තමන් බෞද්ධ නිසා තමන්ට විශාල අසාධාරණ සිදුවන බව  දේශබන්දු ඇතුළු ඉහල පොලිස් නිළධාරීන් පිරිසක්  මහනායක හිමිවරුන්ට කියා ඇත. දලදාවට අපහාස කළා යැයි සේපාල හිරේ දමා ඇත. ප්‍රොපට් ජෙරම්ට එරෙහිව කොමිසම් පත් කොට ඇත .

දරුවන්ගේ මෘත ශරීර නිවස තුල තිබියදී උසාවි ගිය පියාගේ කතාව විශ්වාස කළ හැකිද ?

පසුගියදා චමුදිත නීතිඥ ගාමිනි පෙරේරා සමග සංවාදයක් කළේය. මොහු ජනත් එස් විදානගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා විය. ප්‍රහාරයෙන් දින තුනකට පසු  එනම් අප්‍රියෙල් 24 දින FR නඩුව ගොනුකළ බව ඔහු කීවේය. එනම් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටත්  පෙර  වන්දි  ඉල්ලන නඩුව පවරා ඇත.

සංවාදය අතරතුරදී චමුදිත පාස්කු  ප්‍රහාරය කාගේ වැඩක් දැයි  ප්‍රශ්නයක් යොමු කළේය.  නීතීඥ ගාමිනි පෙරෙරා ඊට පිළිතුරු දුන්නේ අභූතයෙනි. ඔහු ‘Defeating ISIS; නමින් පොතක් පෙන්වූයේය. එය  Malcolm Nance නම්  CIA  කුලී ලියන්නෙකු ලියූ පොතකි.  IS සංවිධානය හැදුවේ  CIA  විසිනි. එම පොත කියවීම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩකි.

නීතීඥ ගාමීනි පෙරේරා පොත පෙරලුවේ දැනුවත්වද නොදැනුවත්වද යන්න ප්‍රශ්නාර්ථයකි. මක් නිසාදයත් පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් නම් මෙම නඩුව එහි දිගුවක් පමනි.