2024 පොදු අපේක්ෂකයා රට පාවාදුන් නන්දලාල් , මෙන්න සාක්ෂි !

0
253

පසුගියදා ජනපති රනිල්ගේ පාර්ලීමේන්තු කටයුතු උපදේශක  ආශු මාරසිංහ ITN දේශපාලන සංවාදයකදී කෙස් කෙලින් කරන හෙළිදරව්වක් කළේය . මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මීලග ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමට සූදානම් වන බව ඔහු හෙලිදරව් කළේය.

එම හෙළිදරව්ව සමග රනිල්  සමීපයේ සිටින  ඉන්දීය ප්‍රොක්සියක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වහා ක්‍රියාත්මක වූයේය. ඔහු ආශුගේ ප්‍රකාශය ගැන රනිල්ට අනතුරු ඇඟවූයේය.

වහාම ක්‍රියාත්මක වූ රනිල්, අදාල ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කරගන්නා ලෙස ආශුට දැනුම් දුන්නේය.ඒ අනුව ITN කැමරා කන්ඩායමක් නිවසට ගෙන්වා ගත් ආශු, මහබැංකු අධිපති නන්දලාල් ගැන කළ ප්‍රකාශය පදනම් විරහිත සහ අසත්‍ය බව කීවේය

කෙසේ වුවද නන්දලාල් පොදු අපේක්ෂකයා වීමට සූදානම් වන බවට ආශු මාරසිංහ කළ ප්‍රකාශය සත්‍ය බවට නැෂනල්ඇලට් සතුව සාක්ෂි ඇත. එපමනක් නොව එම වැඩසටහන මෙහෙය වන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවය බවටද  සාක්ෂි ඇත .

1. මේවන විට ඉන්දියාව සිටින්නේ මහින්ද ,රනිල් සහ සජිත් යන දේශපාලනඥයන් තිදෙනාගෙන් කිසිවෙකුට සහාය නොදක්වන ස්ථාවරයකය. ඔවුන් විශ්වාස කරන එකම පුද්ගලයා නන්දලාල් වීරසිංහය.  නන්දල්ලාල්  පොදු අපේක්ෂකයා කිරීම රෝ ඔත්තුසේවයේ සැලසුමකි.

2. පසුගියදා  රෝ ඔත්තුසේවයේ ප්‍රධානී සමන්ත කුමාර් ගෝලෙ ලංකාවට පැමිනියේය . ඔහු මහින්ද සහ රනිල් සමග ලංකාවේ අනාගත දේශපාලනය ගැන ගැඹුරු සාකච්ජාවක නිරත විය. අඩසියවසක දේශපාලන අද්දැකීම් ඇති රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ  ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා කළ ඉල්ලීම් වලට එකග වූයේ නැත.

3.පසුගිය කාලයේදී ශවේන්ද්‍ර සිල්වා පොදු අපේක්ෂකයා වීමේ අරමුනින් ඉන්දියාව සමග රහසිගතව ගණුදෙනු කළේය.එකල ශවේන්ද්‍රට ඉන්දියාවේ අනුග්‍රහය ලැබුණි. එම කාලය දැන් අවසාන වී ඇත. නමුත් ශවේන්ද්‍රට  අළුත්ම තත්වය ගැන අවබෝධයක් නැත. ශවේන්ද්‍ර  , රෝ ප්‍රධානියා ලංකාවට පැමිණි පසු  ඔහු හමුවීමට  උත්සාහ කලේය. නමුත්  ශවේන්ද්‍ර පයිසයකට ගනන් ගත්තේ නැත  . මක්නිසාදයත් ශවේන්ද්‍රගේ තැන නන්දලාල් වීරසිංහ විසින් පුරවා ඇත.

5.  අප මීට පෙර ප්‍රකාශ කළ පරිදි ලංකාව බංකොළොත්බව ප්‍රකාශ කිරීම භූ දේශපාලන කුමන්ත්‍රණයකි. නන්දලාල් වේදිකාවට එන්නෙ ඒඅතරය . එම කුමන්ත්‍රණය පි‍ටුපස සිටි ප්‍රධාන චරිත පහත පරිදිය .

Shaym Saran- ඉන්දියාවේ ඉන්දියාවේ විදේශ ලේකම් ධූරය දැරූ අයෙකි.

Dr. Faris Hadad Zervos – ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරන විට බැග්ඩෑඩ් වල ඇමෙරිකන් තානාපති වූයේ මොහුය.

Shivshankar Menon- ඉන්දියාවේ විදේශ ලේකම් ධූරය සහ  ජාතික ආරක්ෂක උපදේශක ධූරය දැරූ අයෙකි.

Indhrajit Kumaraswamy-  ලංකාවේ හිටපු මහ බැංකු අධිපති කෙනෙකි.  ඉන්දියාව සමග ඉතා කිට්‍ටු සම්බන්ධයක් පවත්වන අයෙකි.  නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයට නිර්දේශ කළේ මොහුය

Asoka Milinda Moragoda & Pathfinder Foundation – චීනය සමග බල තුලනයක් ඇතිකරන මුවාවෙන් කලාපයේ ඉන්දු-ඇමෙරිකා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ඒජන්තයා මොහුය.

Presidential Advisory Group on Multilateral Engagement and Debt Sustainability- මෙය ඉන්දියාවේ උපදෙස් පරිදි ජනපති ගෝඨාබය විසින් පත් කළ කමි‍ටුවකි. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දෙවරාජන් සහ ශ්‍යාමිනි කුරේ එහි සාමජිකයන් විය . ක්‍රිප්ටො ක්‍රිස්තියානින් සහ දෙමල ජාතිකයක් මිස එකදු සිංහලයෙකු එම කමි‍ටුවේ සිටියේ නැත. 2022 අප්‍රියෙල් 12 දින නන්දලාල් වීරසිංහ විසින්  ලංකාවට ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කළේ ඉහත කමි‍ටුව දුන් උපදෙස් අනුවය. එම ප්‍රකාශය නිසා ලංකාවට අතිවිශාල   ආර්ථික සහ දේශපාලන විනාෂයක් සිදුවිය. එය දන්නා ඉතිහාසය තුල ලංකාවේ සිදුවූ විශාලතම ඛේදවාචකය ලෙස හැදින්වුවද වරදක් නැත.

6. පසුගියදා ඉන්දීය රෝ බුද්ධි අංශයේ ප්‍රධානියා පමනක් නොව  NIA ඉහල පෙලේ නියෝජිතයන් පිරිසක්ද මෙරටට පැමිනියේය. ඔවුන් සතියක් මෙරට ‍රැදී සිටියේය. ඔවුන් නිල වශයෙන් පලමු හමුවීම සිදුකළේ ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේ සමගය. සුරේෂ් සලේ එහිදී හැසිරුනු ආකාරය සහ ඉන්පසුව සිදුවූ දෑ පිළිබදව ඉන්දීය නියෝජිතයන් දැඩිසේ කනස්සල්ලට පත්වූයේය. කෙටියෙන් කිවහොත් මේ වන විට ඉන්දියාවට රාජපක්ෂලා,වික්‍රමසිංහලා එපාම වී ඇත

7. මේ වනවිට  හර්ෂද සිල්වා පක්ෂය තුල  නිල නොවන  වාරණයකට ලක්වී ඇත. එම වාරණය  පනවා ඇත්තේ සජිත් ප්‍රේමදාස විසිනි. ඊට හේතුව මීලග පොදුඅපේක්ෂකයා හෝ අගමැති අපේක්ෂකයා  වීමට හර්ෂ ඉන්දීය නියෝජිතයන් සමග ගණුදෙනු කරන බවට තොරතුරු ලැබීමය.

8. නන්දලාල් වීරසිංහ හා බැඳුන  භූදේශපාලන මෙහෙයුම ප්‍රසිද්ධ  රහසකි. නමුත් නන්දලාල් ඉවත් කිරීමට රාජපක්ෂලාට හෝ වික්‍රමසිංහලාට නොහැක.මක්නිසාදයත් ඉන්දු ඇමෙරිකා කඳවුර විසින් නන්දලාල් ඉවත් නොකරන ලෙස බලපෑම් කරනු ලබයි

9. පසුගිය මාසයක සන්ඩෙ ටයිම්ස් පුවත් පත ,  “New revelations over SL foreign debt default” යන ශිර්ශයෙන් ලිපියක් පල කොට නන්දලාල් වීරසිංහ විවේචනය කළේය.ඊට ප්‍රතිචාර ලෙස නන්දලාල් Sundaytimes කතෘ  සිංහ රත්නතුංගට  සහ business times  කර්තෘ බන්දුල සිරිමාන්නට තර්ජනය කළේය.

10. මේ වනවිට නන්දලාල්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම, PR සමාගමකට බාර දී ඇත.  දේශීය වශයෙන් නන්දලාල් ඔසවා තැබීම මෙරට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට බාරදී ඇත.එපමනක් නොව නන්දලාල් විවේචන කරන පාර්ෂවයන්ට, බර අවි වලින් පහරදීම ආරම්භ කොට ඇත.

11. ජවිපෙ මුල් කාලයේදී නන්දලාල් වීරසිංහ ආරක්ෂා කරන ප්‍රතිපත්තියක විය. නමුත්  මේ වන විට ජවිපෙ, නන්දලාල් දැඩි ලෙස විවේචනය කරමින් සිටියි. ඊට හේතුව නන්දලාල්ගේ දේශපාලන ආගමනයයි.

12. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉන්දු ඇමෙරිකා කඳවුරේ ඒජන්තයෙකි.රට ගොඩ නැගීම සම්බන්ධයෙන් මෙරට ජනයා විසින් ඉහලම විශ්වාසයක් තබා ඇති පුද්ගලයා නන්දලාල් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පසුගියදා හෙළිකළේය.

ඉන්දීය හමුදාව පැය 24ක් තුල ලංකාවේන් ඉවත් නොවුව හොත තම සිරුරට ගිණි තබා ගන්නා බවට සජිත්ගේ පියා තර්ජනය කල බව ජේ.එන් ඩීක්සිත්ගේ කලම්බු ඇසයිග්න්මන්ට් පොත් ලියා ඇත.ඉන්දියාව රාජපක්ෂලා , වික්‍රමසිංහලා ප්‍රේමදාසලා සමග තවදුරටත් ගණුදෙණු කරන්නේ නැත. කරුනු එසේ හෙයින් 2014 දී ඉන්දීය කොන්ත්‍රාත්තුව ඉ‍ටුකිරීමට සිරිසේන තොරාගත්තේ යම් සේද  2024දී එම කොන්ත්‍රාත්තුව සදහා ‍තෝරාගෙන ඇත්තේ නන්දලාල් වීරසිංහය.