ඉන්දීය නාවික ප්‍රධානියා කොළඹදී හයිජැක් කළා වගේ මෙහෙයුමක්

0
255

දෙසැම්බර් (12) ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ලංකාවට පැමිනියේය. එය දින 6ක නිළ සංචාරයකි. ජනාධිපති, අග්‍රාමාත්‍ය, ආරක්‍ෂක රාජ්‍ය ඇමති, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාධිපතිවරුන් හමුවීමට නියමිත විය. තව ද ත්‍රිකුණාමලය නාවික ඇකඩමියේ නාවික නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.

කෙසේ වුවද මෙතරම් වැදගත් නිළ සංචාරයකට පැමිණි ඉන්දීය නාවික ප්‍රධානියා ත්‍රාසයට පත්කරන සිදුවීමක් ඊයේ වාර්තා වී ඇත. කිසිවෙකු විසින් ඉන්දීය නාවික ප්‍රධානියාගේ ජංගම දුරකථනයක් සොරාගෙන ඇත.

ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ පසු මිත්‍ර බලවතුන්ගේ පාලනයට නතු විය. බටහිර කොටස ඇමෙරිකාවටත් නැගෙනහිර සෝවියට් දේශයටත් නතුව පාලනය විය.බර්ලින් නුවර නැගෙනහිර බටහිර යාකළ මර්මස්ථානය විය. වෙනත් වචන වලින් කිවහොත් බර්ලිනය කේ.ජී.බී සහ සී.අයි.ඒ ඔත්තු සේවාවල පොරපිටිය විය

අද කොළඹ නගරය, එදා බර්ලිනය මෙනි. අර්ථික යුද්ධයෙන් පරාජය වු ලංකාව, චීනයේ සහ ඉන්දියාවේ පොරපිටියක් වී ඇත.ඉන්දීය නාවික ප්‍රධානියාට ජංගම දුරකථනය අහිමි වූයේ එම සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. ස්මාට් ජංගම දුරකථනයක් දත්ත ගබඩාවකි . ඒ අනුව ඉන්දීය නාවික ප්‍රධානියාගේ ජංගම දුරකථනය පැහැරගැනීම ඔහු පැහැර ගත්තා හා සමානය.