සල්ලාලකම බුදු පහනින් වැසීමට ගිය චාමිකට, දිවැසිවරයා දඩුවම් කළාද ?

0
308

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝකයේ දූෂිතම ආයතනය බවට පත්ව ඇත.ගුරා හිටගෙන  මූත්‍රා කරන විට ගෝලයන් දුවමින් මූත්‍රා කරන බවට කථාවක් ඇත. පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරය තුලදී විනයක් නැති ලංකාවේ ක්‍රිකට් ලෝක අපවාදයට ලක් විය.

ධනුෂ්ක ගුණතිලකට කාන්තාවන් අපහැරණය කිරීම සම්බන්ධ චෝදනා වලට ලක් විය.චාමික තවත් වරෙක  කැසිනෝ ශාලාවක ගැටුමක් ඇතිකර ගත් බවට චෝදනා වක් එල්ල විය. කාන්තාවන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධ චෝදනාවක් ද චාමිකට එරෙහිව විය

චාමිකට එරෙහිව වූ කැසිනෝ ගැ‍ටුම පිලිබද චෝදනාව ඔප්පු වුවහොත් ඔහුට වසරක  ක්‍රිකට් තරග තහනමක් පැනවීමට නියමව තිබුණි.

විනය විරෝධී ක්‍රියා නිසා චාමික අෆ්ගන් සංචාරයෙන් ඉවත් කොට තිබුණි.  කන්ඩායමෙන්  ඉවත් කිරීම සම්බන්ධයෙන් චාමික විශාල බොරුවක් සමාජ ගත කළේය. ඔහු ඉවත් කළේ එක්තරා ආගමික කන්ඩායමක (බෝන් අගේන්) බල පෑම නිසා බව චාමික කීවේය. ඔස්ට්‍රේලියාවේදි  බුදු පහන තියනවාට පවා එම ආගමික කන්ඩායම විරුද්ධ වූයේ යයි  චාමික කීවේය

නමුත්, චාමික කියන කතා  අමූලික බොරුය. බුදු පහනේ ගැ‍ටුම  සමබන්ධයෙන්  ප්‍රමෝදය වික්‍රමසිංහ කරුණු පැහැදිලි කිරීමක් කොට ඇත.ක්‍රිකට් කන්ඩායම  නවාතැන් ගත් හෝටලයේ කාමරය තුල චාමික හඳුන්කූරු සහ පහන් පත්තු කිරීම සිදු කොට ඇත.  නමුත් හෝටල් බල ධාරීන් ඊට විරුද්ධ වී ඇත. ඔස්ට්‍රේලියානු ගිණි ආරක්ෂණ  නීති අනුව සංචාරක හෝටල් වල පහන් පත්තු කිරීම තහනම් කොට ඇත.  ඒ අනුව පවතින නීති වලට අවනත වන ලෙස චාමිකට දන්වා ඇත.

අහෝ ! චාමික සාහසික බොරුවක් සමාජගත කළ අරුමය. එය කොතෙක්දයත්  ආගමික ගැ‍ටුමක් දක්වා වර්ධනය විය. චාමික සමාජගත කල බොරුවට ක්‍රීඩා ඇමතිවරයා පවා හසුවිය. නීතිය ක්‍රියාත්මක වන රටකනම් චාමික ICCPR යටතේ අත්අඩංගුවට ගත යුතුය.

කෙසේ වුවද අවසානයේ බොරුව ආගම කොට ගත් සහ සිය සල්ලාලකම් බුදු පහනින් වසා ගත් චාමිකට එරෙහිව ස්වභාවධර්මය ක්‍රියාත්මක විය .පසුගියදා සූරියවැව ක්‍රීඩාගනයේ ක්‍රිකට් තරගයක් අතරතුර උඩපන්දුවක් ‍රැකගැනීමට යාමේදී බරපතල අනතුරකට මුහුණ දුන්නේය. චාමිකගේ  බොරු කී  කටේ දත් 4ක් කැඩී ගියේය.
NationalAlert.lk