රනිල්ගේ උපමාව පුපුරායයි, ඩින් ඩියම්ට සමානකළේ සජිත්!

0
274

අයවැය විවාදය අතර තුර රනිල් අමුතු කථාවක් කීවේය. ”ඩින් ඩියම්ලට (Đình Diệm) ලංකාවේ ඉඩක් නෑ” යයි කීවේය. රනිල්ගේ ක්‍රියා බැලූ බැල්මට තේරුම් ගත නොහැක. බොහෝ විට රනිල්ගේ කතා වල ඉලක්කය රාජ්‍ය තාන්ත්‍රිකයින් මිස සමාන්‍ය ජනයා නොවේ.

රනිල් සිය කාලගුණ විපර්යාස උපදේශකයන් ලෙස එරික් සෝල්හයිම් සහ මොහොමඩ් නෂීඩ් පත් කළේය. බොහෝ දෙනෙක් මෙම තීන්දුව හාස්‍යට ලක් කළේය. බංකොලොත් වූ රටකට කාලගුණ උපදේශකයන් මොකටදැයි ඇසූහ.

නමුත් රනිල්ගේ සැලසුම අපූරු එකකි. බංකොලොත් රටකට කිසිවෙකු ණය ආධාර දෙන්නේ නැත. නමුත් බංකොලොත් රටකට ආධාර ලබාගත හැකි විකල්ප ක්‍රම 2ක් ඇත. එනම් මානුෂීය ආධාර සහ පරිසරය සු‍රැකීම සඳහා වන ආධාරය.

පරිසරය සු‍රැකීම ගෝලීය වගකීමකි. දියුණු රටවල් ගෝලීය පරිසරය සු‍රැකීම උදෙසා ඩොලර් බිලියන ගණනින් වෙන් කරයි.සොල්හයිම් සහ නෂීඩ් ජනපති උපදේශකයන් ලෙස පත්කර, පරිසරය සු‍රැකීම සදහා වෙන් කර ඇති ලෝක අරමුදල්ලංකාවට ලබාගැනීමට, රනිල් දැන් උත්සාහ කරයි.

ඩින් ඩියම් කතාව බැලූ බැල්මට තේරුම්ගත නොහැක.රනිල් විසින් ‘ඩින් ඩියම්’ කතාව කීවේ මහින්දගේ කථාවෙන් පසුවය. මහින්ද අයවැය විවාදයට එක්වෙමින්, ගෝඨාභයගේ ආණ්ඩුව පලවාහැරියේ විදේශ බලවේග විසින් යයි කීවේය.

එම කතාවට පසු, ඩීන් ඩියම් වැනි රූකඩ පාලකයන්ට ලංකාව තුළ බිහිවෙන්න ඉඩ තියන්නේ නැතැයි රනිල් කීවේය.

ඩීන් ඩියම් වියට්නාමයේ (vietnam) සිටි ඇමෙරිකන් ගැති පාලකයෙකි. ඩින්ඩියම්ට ඇමෙරිකානු ක්‍රිස්තියානි බලවේග වල අනුග්‍රයය ලැබුනේය.ඩීන් ඩියම් විට්නාමයේ කාඩිනල්වරයා සමග එක්වී විවිධ කුමන්ත්‍රණ කළේය.

රනිල්, සිය කතාව තුල ඩින් ඩියම්ට සමාන කළේ සජිත් ප්‍රේමදාසය. අද සජිත් යැපෙන්නේ ක්‍රිස්තියානි බලවේග මතය. ඇමෙරිකාව ඩින් යියම් යොදාගෙන වියට්නාම අස්ථාවර කිරීම උත්සාහ කළාසේ සජිත් යොදාගෙන ලංකාව අස්ථාවර කිරීමට උත්සාහ කරන බව රනිල් කියයි. රනිල් සිය කතාව හරහා මෙරට කාදිනල් මැල්කම් රන්ජිත්හිමිද විත්තිකාරයෙකු කළ බව අමතක නොකල යුතුය