මහ බැංකු අධිපති දේශද්‍රෝහියෙක්ද ? – උත්තර සභාගය ප්‍රශ්න කරයි

0
513

වත්මන් මහ බැංකු අධිපති IMF ආයතනයේ සේවය කරලා විශ්‍රාම වැටුපක් ලබා ගන්නා කෙනෙක් බවත් එය එය බැඳියාවන් අතර ගැ‍ටුමක් බව පා.ම විමල් වීරවංශ සඳහන් කළේය.කරුනු එසේ හෙයින් නන්දලාල්  සේවය කරන්නේ IMF එකෙන් ලැබෙන  වැටුපට ද එසේ නොමැතිනම්  ලංකාවේ මහ බැංකු අධිපති ලෙස ලැබෙන වැටුපට ද යන්න  විසඳා ගත යුතු ප්‍රශ්නයක් බව විමල් සඳහන් කළේය.

තවද ලංකාවේ මහ බැංකු  අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙනස් නොකරන ලෙසට IMF ආයතනය බලපෑම්  කරන බව ඔහු හෙළිදරව් කළේය.මහ බැංකු  අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙනස් නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිනියද මෙරට රජයට  දන්වා ඇති බව විමල් වීරවංශ හෙළිදරව් කළේය.

මහබැංකු අධිපති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත අයෙක් බව  සජිත් ප්‍රේමදාස පාර්ලීමේන්තුවේ කළ කතාවකින් හෙළි විය.අජිත් නන්දලාල් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ගෝලයෙකු වන අතර, ඉන්ද්‍රජිත් ඉන්දියාව සමග ඉතා කිට්‍ටු සම්බන්ධයක් පවත්වන අයෙකි.

ගෝලීය ලෝකය තුල රජයේ ඉහල නිලධාරියෙක් විවිධ රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම  හොද දෙයකි.නමුත් ජාත්‍යන්තර සම්බන්ධකම් ඔස්සේ ලංකාවට යම් වාසියක් ලබා ගත යුතුය. නන්දලාල් විදේස රටවල කුලී හේවායෙක් ලෙස වැඩ කරනවා නම් මව් බිමට විශාල විනාශයක් සිදු වෙයි

අජිත් නන්දලාල් සතු ජාත්‍යන්තර කන්ටැට්ස් වලින් ලංකාවට මේ  දක්වා  සෙතක් අත් වී නැත නමුත් විදේශ රටවල් එනම් ඇමෙරිකාව සහ ඉන්දියාව ලැබූ වාසි බෝහෝය