රාජ්‍ය බිඳ වැට්ටිමට නන්දලාල්, හර්ෂ, සබ්‍රි සහ සජිත් එක්ව කුමන්ත්‍රණය කරලා , මෙන්න සාක්ෂි !

0
730

එකෝමත් එක රටක සාදු  කෙනෙක් හිටියා. මේ සාදු  ලස්සන බන කීවේය . ඒ නිසා සාදු  සිල්වත් යැයි මිනිස්සු සිතුහ. නමුත් ඇත්ත එය නොවීය.  සාදුට  ගෑනු හුටපටයක්ද තිබුනේය. මේ කතාව ගමේ සුලු පිරිසක් දැන සිටියහ. දවසක්  රෑ   සාදු  කාන්තාව බැලීමට ගියේය.  ඔය අතර ගමේ කොල්ලො සෙට් එක ගේ වට කළහ. සාදු ජනේලෙන් පැන නොපෙනී ගියේය . නමුත්  සාදු සිවුර වෙනුවට ඇඳ ගෙන ගොස් තිබුනේ කන්තාවගේ චීත්තයය.

පසුගියදා මෙවැනි සන්තෑසියක්   පාර්ලීමේන්තුවේ   සිදු විය. හර්ෂ පසුගිය කාලය පුරාම ආර්ථිකය ගැන බන කීවේය . උඩින් බන කීවද යටින් ආර්ථිකය බුන්වත් කිරීමට කුමන්ත්‍රණය කළේය .හර්ෂගේ වැඩ වලට නන්දලාල් බලල් අතක් විය.

පසුගිය 30 වැනිදා අර්ථික බනක්  කිරීමට  නන්දලාල් පාර්ලීමේන්තු ආවේය.  නන්දෙගේ බන ඇතුලේ අතුරු  බනක් කීමට හර්ෂ සූදානම් වී සිටියේය . නමුත් හර්ෂ – නන්දලාල් අනියම් සම්බන්ධය පාර්ලීමේන්තු මන්ත්‍රීවරු  බොහෝ දෙනෙක් දැන සිටියහ.ඒ අනුව මන්ත්‍රීවරු  නිසි ප්‍රතිචාර දැක්වූහ .එම ප්‍රතිචාර හමුවේ හර්ෂ පැන ගියේය.

දැන් හර්ෂ- නන්දලාල් කල්ලියේ ආරක්ෂාවට තවත් පිරිසක් පැමින ඇත. නන්දලාල් ක්‍රියාත්මක කළේ මුදල් ඇමති ලෙස තමා දුන් නියෝගය යයි අලි සබ්‍රි කීවේය . නන්දලාල්ගේ ද්විත්ව පුරවැසි භාවය පාදක කොට ගෙන ඔහු ඉවත් කිරීමට යන බව සජිත් කීවේය. මේවා පුහුල් හොරා කරෙන් දැනේ වැනි සිදුවීම්ය .

මේ ඉඟි වලින් තේරෙන්නේ හර්ෂ-සජිත්-නනදලාල් සහ අලි සබ්‍රි එකම රහස්  කණ්ඩායමක සාමාජිකයන් බවය. කරුණු එසේ හෙයින් මොවුන්ගෙන් ඇසීමට ප්‍රශ්න කිහියක් ඇත

1. අලි සබ්‍රි සහ නන්ද ලාල් ඇමෙරිකාවේ සිදුකළ  IMF වන්දනාවට වියදම් කළ මුදල කොපමනද ?

2. ලංකාවේ ආර්ථිකය  නැමති ලෙඩා මිය යාමට පෙර IMF සංචාරය නොකළේ ඇයි ( රට බුන්වත් බව ප්‍රකාශ කිරීමට කලින් IMF  සංචාරය නොකලේ ඇයි  )

3. කොළඹ  IMF නියෝජිතයෙක් සිටියි. රට බුන්වත් බව ප්‍රකාශ කිරීමට පෙර  IMF කොළඹ නියෝජිතයා සමගවත් සාකච්ඡාවක් නොකලේ ඇයි ?

4. ගෝත්‍රික ඇන්ගෝලාව , නයිජීරියාව වැනි රටවල් පවා රට බුන්වත් යයි කීමට පෙර පාර්ලීමේන්තුව දැනුවත් කළහ , IMF සමග කතා කළහ, අහෝ ලංකාවේ මහ බැංකු ලොක්කා අත්තනොමතික ලෙස  බුන්වත් බව ප්‍රකාශ කළේය. නන්දලාල්ගේ ක්‍රියාව රටට සිදු කළ මහා විනාශයකි.  වෙන රටක නම් මේ පිලිබදව නන්දලාල්ගෙන් මුලින්ම ප්‍රශ්න කරන්නේ විපක්ෂ නායකයා සහ මුදල් ඇමතිය. අහෝ! ලංකාවේ විපක්ෂ නායකයා සහ මුදල් ඇමති සබ්‍රි  නන්දලාල්ගේ ආරක්ෂකයන් විය

‘ගෝ ගෝඨා’ අරගයලට සජිත් – හර්ෂ- නන්දලාල් සහ අලි සබ්‍රි සහාය දුන් බවට තවත් සාක්ෂිද ඇත. අරගලයට වැඩිම මුදල් ප්‍රමාණයක් එවා ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. ඔවුන් බොහෝ දෙනෙකු අලි සබ්‍රිගේ හිතවතුන්ය. මින් පෙනී යන්නේ මොවුන් සියල්ල රට අරාජික කොට බලය අල්ලන කුමන්ත්‍රනයක කොටස් කරුවන් වී ඇති බවය