වරදකරුවෙකුගේ ශරීර භාෂාව ලොවට පෙන්වමින් ගෝඨා ලංකාවට ගොඩ බසියි

0
533

ගොල්ෆේස් කැරලිකරුවන්ට බියේ රටින්  පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද  අළුයම යලි ලංකාවට පැමිනියේය . ඔහු පිළිගැනීමට පොහොට්‍ටුවේ මන්ත්‍රීන් පිරිසක් ගුවන් තො‍ටුපොල වෙත ගොස් තිබුණි.  ගෝඨාගේ ජනප්‍රිය සිනහවෙන් ‍රැස්ව සිටි පිරිසට කථා කළා විනා ඉන් එහා කිසිවක් නොකී බව එහි ගිය  මන්ත්‍රීවරයෙක් අපට කිවේය.තවද එහිදී දේශපාලනයට සම්බන්ධ කිසිවක් කතා කොට නැත.

එම අවස්ථාවට අදාල ඡායාරූප සමූහයක්  මේ වන විට වෛරල් වී ඇත.  ගෝඨා අයි කන්ටැක්ට් පවා මහහැර  සිටින අන්දම එම ඡායා රූප මගින් දැකිය හැක. තමන්ගේ ඉදිරි දේශපාලනය තියා රටේ දේශපාලනය ගැනවත් ගෝඨා කතා නොකළ බව අපට තොරතුරු දුන් මන්ත්‍රීවරයා  කිවේය

ගෝඨාගේ පැමිනිම පිළිබදව  ගුවන්තො‍ටුපොල වෙත නොගිය පොහොට්‍ටු මන්ත්‍රීවරයෙක්ද අප සමග අදහස් බෙදා ගත්තේය. අද අප සිටින්නේ ගම්පෙරලිය කතාවේ මෙන් සුවිශේෂ  සමාජ සහ දේශපාලන පරිනාමයක් සිදුවන අවධියක බව ඔහු කීවේය. ප්‍රභූ සමාජ ක්‍රමය බිඳ වැටී  නව  සමාජ ක්‍රමයක නැගිටීම දැන් සිදුවන බවත් එය වැලැක්විය නොහැකි බව ඔහු කීවේය.

ගෝඨා පිළිගැනීමට රාජපක්ෂ පවුලේ සහෝදර පිරිසද ගුවන් තො‍ටුපොල වෙත පැමින සිටියහ. දිනෙන් දින පිරිහී යන රාජපක්ෂ පවුල් දේශපාලනය ‍රැක ගැනීමට ඔවුන් දරණ උත්සාහය එහිදී පැහැදිලි විය

රාජපක්ෂ දේශපාලනය මේ ආකාරයෙන් බැස යන විට ඩලස් සහ විමල් විරවංශ ලාංකීය දේශපාලනයේ අලුත් පි‍ටුවක් පෙරලීමට සූදානම් වී සිටියි. ඩලස් පසුගියදා විපක්ෂයේ වාඩි වූයේය, විමල් ස්වාධීන පක්ෂ එකමුතු කොට නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම  අරඹා ඇත

එහි මංගළ මහා සමුළුව හෙට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. උත්තම දේශපාලන සභාගය ජනසතු  කීරිම ලෙස එය නම් කොට ඇත

ලක්ෂ 10 අනුගාමිකයන් සිටන ගෝඨාගේ මුහුණු පොත ජූලි 13 සිට අක්‍රිය වී ඇත ගෝඨාගේ අවසන් මාධ්‍ය නිවේදනයට ලැබී ඇති ප්‍රතිචාරය,  හා හා 9.2 K, ඇන්ග්‍රි මූඩ් 2.2 K, ලයික් 1.9.K.එය ගෝඨාගේ අනාගතය කියාපාන කැඩපතකි