මිනීමරුවන්ට සහ ආර්ථික ඝාතකයන්ට අබ සරණයි – ‘හික්’ ගෑවෙන ස්ටෝරිය මෙන්න

0
581

UNHRC 51 වැනි සැසිවාරය දැන් ආරම්භ වී ඇත.එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය . මෙම සැසිවාරය  අතිශ්‍ය තීරණාතමක එකක් වී ඇත . ඒසේ වීමට බල පෑ ප්‍රධාන හේතු 3කි

1.  ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම

2. ආර්ථිකය විනාශ කළ අයට එරෙහිව  නීතිය ක්‍රියාත්මක  කිරීමට යෝජනා කිරීම

3. පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් තමන් සිදු කළ කොන්ත්‍රාත් ඝාතණ ගැන  පාපොච්චාරණයකට සූදානම් වීම

නව යෝජනා සම්මතය ගෙන එන්නේ පෙර  සම්මත වූ 46/1 යෝජනාවළියට ඌණ පූරණයක් ලෙසිනි.  කරුනු එසේ හෙයින් සමස්ත කතාව තේරුම්  ගැනීමට නම් 46/1 යෝජනාවේ තිබූ දෑ මතක්කර ගත යුතුය. 46/1 ( 6) වැනි ජේදය යටතේ ලංකාවේ අධිකරණ බලප්‍රදේශයට පිටින් යුධ අපරාධ පිළිබදව  සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණයක් පිහි‍ටුවීමට යෝජනා කර ඇත.

දැන් නව  යෝජනාව හරහා තවත් පියවර කිහිය ඉදිරියට තබා ඇත .නඩු විභාග කිරීමට   තාවකාලික විශේෂ අධිකරණයක් පිහිටුවීමට  යෝජනා කොට ඇත. එමෙන්ම  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව  ජාත්‍යන්තර සහාය ඇතිව  විනිවිද පෙනෙන පරීක්ෂණයක් ස්ථාපිත කිරීමට  යෝජනා කොට ඇත.

ආර්ථික අපරාධ පිළිබදව විමර්ශනය කරන ලෙස සහ   සොරකම් කළ වත්කම් සෙවීමට කටයුතු කරන ලෙස   ලංකාවට යෝජනා කොට ඇත.

පිල්ලෙයාන් පාර්ශවයේ හිටපු සාමාජිකයන් පිරිසක් තමන් සිදුකළ කොන්ත්‍රාත් ඝාතණ ගැන UNHRC එකේදී පාපොච්චාරණයක් කිරීමට සූදානමින් සිටියි. එහිදී ජෙයරාජ් ඝාතණය, මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතණය , රවිරාජ් ඝාතණය , ජෝශප් පරරාජසිංගම් ඝාතනය ඇතුලු ඝාතණ ඝානනාවක තිරය පු‍ටුපස කථාව හෙළිදරව් කිරීමට සූදානමින් සිටියි

යුධ අපරාධ සිදුකළ හමුදා නිළධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවලට යෝජනා කොට ඇත .මේ අනුව ඉදිරියේදී  කමල් ගුනේ , ශවේන්ද්‍ර  ඇතුළු යුධ අපරාධ චූදිතයන්ට  ඉන්දියාව බලා යාම පවා භයානක  වනු ඇත.