පොහොට්‍ටුවේ පළුවක් ගැලවීමට ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් යොදවලා

0
643

පලාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානමින් සිටියි.මෙම හේතුව නිසා පවතින දේශපාලන වාතාවරණය ගැන දේශපාලන පක්ෂ සහ බුද්ධි අංශ සමීක්ෂණ කිහිපයක් සිදු කොට ඇත .රටේ පවතින වාතාවරණය ගැන විශේෂ වාර්තාවක් ජනාධිපති රනිල් වෙතද යවා ඇත . පහත දැක්වෙන්නේ එවැනි වාර්තාවකින් උපුටා ගත් කරුණු සමූහයකි.

1. මැතිවරණය සූදානම අතින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ඉදිරියෙන්ම සිටියි, ජවිපෙ සහ සජබ බිම් මට්ටම ආවරණය කරන දීපව්‍යාප්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කොට ඇත.

2. මැයි 9 ගැ‍ටුම් වලදී ගම් මට්ටමේ පොහොට්‍ටු දේශපාලකයන් 542 කගේ දේපල හානි වී ඇත. ඔවුන් කිසිවෙකුට මේ දක්වා වන්දි ලැබී නැත. මේ හේතුව නිසා බිම් මට්ටමේ පොහොට්‍ටු ක්‍රියාකාරීන් රාජපක්ෂලා කෙරේ කලකිරී සිටියි

3. මැයි 9 අරලියගහ මැදුරට පැමිණි බස් 42 ක් ගිණිබත් කොට ඇත. ඒවාටද සතයක් වත් වන්දි ලැබී නැත. මේ හේතුව නිසා එම බස් ‍රැගෙන ආ ගමේ පොහොට්‍ටු දේශපාලකයන් අසරණ වී සිටියි

4. මාර්තු 31 සිට මැයි 15 දක්වා සිදුවූ දේපොළ හා ජීවිත හානි විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති පත්කළ කොමිසම වින්දිතයන්ටම පාරාවලල්ලක් වූ අවනඩුවක් බවට පත්ව ඇත .ඊට හේතුව කොමිසම තමන්ගේ එකක් යයිසිතු ඇතැම් දේශපාලකයන් කෝටි 50-100 අතර වන්දි ඉල්ලූහ. නමුත් රනිල්ගේ පැමිනීම සමග තත්වය වෙනස් විය පොහොට්‍ටු දේශපාලකයන් ලබා දුන් තක්සේරු වාර්තා අයතා ඉපයීම් පිළිබද නඩු නිමිති බවට පත්ව ඇත.

5. ගමේ පොහොට්‍ටු දේශපාලකයන්ට වන්දි නොලැබුනද ජාතික මට්ටමේ දේශපාලකයන් විවිධ ක්‍රම ඔස්සේ හානිපූරනය සිදුකරගෙන ඇත.මේ හේතුව නිසා පොහොට්‍ටු බිම් මට්ටම දෙදරා ගොස් ඇත.

6. එජාපයේ සහ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධාන කටයුතු මේ දක්වා ආරම්භ වී නොමැත.පක්ෂ මූලස්ථානයේ පවතින ගැ‍ටුම් මීට හේතු වී ඇත.

7. පොහොට්‍ටුවෙන් ස්වාධින වූ දේශපාලනඥයන්ද මේ දක්වා බිම් මට්ටම කරා ගොස් නැත.

බිම් මට්ටම දෙදරා යාම ගැන පොහොට්‍ටු මන්ත්‍රීවරයකුගෙන් අප විමසිමක් කළෙමු. මැය 9 දේපල හානි සම්බන්ධව තමන්ට හෝ කිසිදු මන්ත්‍රීවරයෙකුට මේ දක්වා සතයකවත් වන්දියක් ලැබී නැති ඔහු කීවේය . නමුත් රජය විසින් වන්දි ගෙවූ බවට පුවතක් ශූක්ෂමව ජනගත කොට ඇති බව ඔහු කීවේය .

මෙය බරපතල කුමන්ත්‍රණයක් බව ඔහු කීවේය. මෙම කුමන්ත්‍රණය පි‍ටුපස බුද්ධි අංශ සහ රජයේ නිළධාරීන් පිරිසක් සිටිය හැකි බව ඔහු කීවේය.මේ වන විට ශවේන්ද්‍ර , කමල් ගුණරත්න ඇතුලු ඉහළ නිළධාරීන් බොහොමයක් රනිල්ගේ කීකරු ගෝලයන් වී ඇති බව ඔහු කීවේය . දෙරණ හිරු ඇතුළු මාධ්‍ය ආයතනද රනිල්ට පක්ෂ වී ඇති බව කීවේය .

එදා පොහොට්ටූව ආරක්ෂා කළ ඔවුන් අද පොහොට්‍ටුවට එරෙහිවී වී ඇති බව ඔහු කීවේය මේ හේතුව නිසා මහජනතාව සහ ප්‍රාදේශීය දේශපාලකයන් හමුවේ දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔහු කීවේය. තමන් උපන් ගෙදර අනාථභාවයට පත්ව ඇති බව ඔහු වැඩි දුරටත් කීවේය .

පවතින දේශපාලනය , ආර්ථිකය සහ එජාපයේ ප්‍රතිසංවිධාන පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ප්‍රභලයෙකුගෙන්ද අප විමසීමක් කළෙමු. ආර්ථිකය ගොඩගැනීමට හැකි නමුත් ඊට සැත්කමක් කළ යුතු බව ඔහු කීවේය. එය එක් අවයවයක් ඉවත් කොට ජීවිතයක් බේරා ගැනීමක් බදු සැත්කමක් බව ඔහු කීවේය

මේ වනවිට ප්‍රධාන දක්ෂිනාශික කන්ඩායම් එකතු වී ඇති නිසා එය අපහසු නොවන බව ඔහු කීවේය.මැතිවරණයට පෙර පොහො‍ටුවේ , ශ්‍රී.ල.නි.ප සහ සජබ පිරිසක් එජාපය සමග එකතුවීමට නියමිත බව ඔහු කීවේය. ඒ අනුව එජාපය ලාංකික දේශපාලනයේ නව පි‍ටුවක් පෙරලීමට නියමිත බව ඔහු කීවේය.