සඳුදා, මැයි 25, 2026
Home Blog Page 16

හෙට පාර්ලීමේන්තුවේදී මන්ත්‍රීවරු නන්දලාල්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න ටික මෙන්න

0

හෙට මහ බැංකු අධිපති  මන්ත්‍රීවරුන්ට වැඩ මුලුවක් පැවැත්වීමට් නියමිතය . මෙය එක්තරා ආකාරයකට මාරයා වෙදා ලෙස වෙස්වලා ගැනීමකි.එහෙයින් කමල් ගුනරත්නගේ නන්දිකඩාල් ජාතකයට සවන් දුන් ලීලාවෙන් නොසිට, ප්‍රශ්න කිරීම් ‍රැසක් කල යුතුව ඇත

මුදල් අච්චු ගැසීම පහසු කටයුත්තකි  . නමුත් භාන්ඩ  හා සේවා අච්චු ගැසීම එලෙස කළ නොහැක . එනම් රු 5000 නෝට්‍ටු අච්චු ගැසුවද පරිප්පු සීනි අච්චු ගැසිය නොහැක. මේ නිසා වැඩිපුර සල්ලි අච්චු  ගැසූ විට ඉල්ලුම වැඩි වෙයි. භාන්ඩ වලට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහල යයි. මේ ආකාරයට  භාණ්ඩ මිල ඉහල යාම උද්ධමය ලෙස හදුන්වයි. පසුගිය කාලයේ මහ බැංකුව  දරුණු ලෙස මුදල් අච්චු ගැසුවේය.

රජය මුදල් අච්චු ගැසූ විට විවිධ ක්‍රම ඔස්සේ එවා ජනයා අතට පත් වෙයි.  ජනයා එම මුදල් වලින් පෙට්‍රල්, සීනි, කිරි, විදුලි උපකරණ මිලදී ගැනීම කරයි . මේවා ලංකාවට ගෙන්වන්නේ ඩොලර් ගෙවාය . රුපියල් අච්චු ගැහුවද ඩොලර් අච්චු අච්චු ගැසිය නොහැක. එනයින් රටේ  ඩොලර් හිගයක් නිර්මානය වෙයි. එය පතුල නොපෙනෙන  ආර්ථික අර්බුධයකින්  කෙලවර විය

ලංකාවේ ආර්ථිකය අර්බුධයට විසදුම් ලෙස මහ බැංකුවේ බරපතල ක්‍රියා මාර්ග 2 ගත්තේය .

1. පොලී අනුපාත ඉහල දැමීම
2. ආනයන සීමා කිරීම

පොලී අනුපාත ඉහල දැමීම ගැන තේරෙන භාෂාවෙන් කතා කරමු.

මිනිසුන්  වෙළද පොලින්   භාන්ඩ මිලදී ගැනීම අධෛර්ය කොට එම මුදල් ඉතුරුම්  සදහා යොමු කර ගැනීම මින් බලාපොරොත්තු වෙයි.  එනම් වැඩි පොලියක් ලබා දී තැන්පතු වැඩි කර ගැනීමට උත්සාහ කිරීමය . මේක ආර්ථික විද්‍යාවෙ එන  තියරියකි.

මෙය තවත් සරලව කිව හැක.   එනම්  පෙට්‍රල්, කිරි, ඉලෙට්‍රොනික් උපාග මිලදී ගැනීම අධෛර්ය කොට  එම මුදල් බැංකුවේ තැන්පත් කිරීම සඳහා  පෙළඹවීමය.  ( සල්ලි අච්චු ගැසීමේ රිවස් ඇක්ෂන් එක.) මෙය ˜Cool off the economy˜ ලෙස ආර්ථික විද්‍යාවේ එන න්‍යායකි.

ඔය න්‍යාය මහ පොලොවේ වැඩ කරයිද ?. මේ වන විට බැංකු තැන්පතු සදහා  පොලිය  17 % කි. නමුත් උද්ධමය 58 %  කි.  ඒ කියන්නේ බැංකුවේ සල්ලි දැම්මොත් ලැබෙන වාසිය 17 %කි , උද්ධමය නිසා වෙන පාඩුව 58%කි. එවැනි තත්වයක් තුල මොළේ ඇති එකෙක් බැංකුවේ මුදල් තැනපත් කරන්නේ නැත .  ( වාහනයක්, ඉලෙක්ට්‍රොනික්ස්  වැනි දෑ  මිලදී ගැනීම  වාසියි. )  එනම් Cool off the economy˜ තියරිය අසාර්ථකය

පොලී අනුපාතය වැඩි කිරීම අර්බුධය උත්සන්න කිරීමට හේතු වෙයි. මේවන විට බැංකු ණය දෙන්නේ 28 % පමන ගිණි පොලියකටය .මොළේ ඇති එකෙක්  ගිණි පොලියයට ණය ගෙන ව්‍යාපාර පටන් ගන්නෙ නැත .

එමෙන්ම පොලී අනුපාතිකය ඉහළ දැමීම හරහා  බැංකුවෙන් ලබාගන්නා අයිරා  (OD) පහසුකම් වලට අධික පොලියක් ගෙවීමට සිදු වෙයි. එය ව්‍යාපාර කඩාවැටීමට හේතුවකි.

බැංකු සහ මූල්‍ය ආයතන  ලාභ ලබන ප්‍රධානම මාර්ගය ණය දීමය. පොලිය වැඩි වූ විට මිනිස්සු ණය ගැනීම අඩු කරයි. එය බැංකු පද්දතිය කඩා වැටීමට හේතුවකි

දැන් අපි  ආනයන සීමා කිරීම  ගැන තේරෙන භාෂාවෙන් කතා කරමු.

ශ්‍රී ලංකාවේ  ආනයන කාණ්ඩ තුනකි. එනම් පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, හා ආයෝජන භාණ්ඩ ය.  ඉන් විශාලම පංගුව අන්තර් භාන්ඩ වෙයි . එය 57 %කි.රෙදිපිළි හා රෙදිපිළි උපාංග, ලෙදර්, ලෝහ වර්ග, රසායනික , පොහොර මීට උදාහරණ වෙයි.

මෙම භාන්ඩ නිෂ්පාදන සදහා යෙදවුමකි. මෙම භාන්ඩ වලට සීමා පැනවීම රටේ නිෂ්පාදනය අඩු විමට හේතු වෙයි

මෙම භාන්ඩ වලට සීමා පැනවීමෙන් ව්‍යාපාර විශාල ප්‍රමණයක් වැසීයාමට හේතු විය. තවත් අතෙකින් අපනයන ආදායම අඩු වීමට හේතු විය

රට විශාල අර්බුධයකට ලක්ව ඇති විටක න්‍යායන් මත පදනම් වී ක්‍රියා කිරිම භයානකය .ලංකාවේ ආර්ථිකය කඩා වැ‍ටුනේ  ආර්ථික න්‍යායන් ගෙඩි පිටින් ඇප්ලයි කිරීම නිසාය

මහ බැංකු අධිපතිගෙන් විමසීමට තවත් ප්‍රශ්න කිහිපයක් ඇත 

1.  විදේශ ණය ගෙවීමට නොහැකි බව මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර පාර්ලීමේන්තුව දැනුවත් නොකළේ ඇයි?

2. රාජය ආයතන වාණිජ බැංකු වෙතින් ලබා ගත් ණය පැහැර හැර තිබෙනවා නේද ?

3. ක්ෂනික මිලදී ගැනීම නිසා විදේශ විනිමය මිලියන ගණනින් අහිමි වනවා නේද ?සැලැස්මකට අනුව රටට අවශ්‍ය භාන්ඩ මාස කිහිපයකට පෙර ඇණවුම්  නොකරන්නේ ඇයි ?

4. පසුගිය කාලය පුරාවට මහ බැංකුව විශාල පිරිවැයක් යොදා ඩොලරයට සාපේක්ෂව රුපියල පාලනය කළේය . අප තවමත් එම ක්‍රමය පවත්වාගෙන යන්නේද ?

5. රජය විසින් දේශීය සැපයුම් කරුවන්ට  ගෙවීමට ඇති හිග මුදල කොපමනද  ?

6. EPF,ETF ගිණුමෙන් රජය කොපමන මුදලක් ණය ගෙන තිබේද ?  එම අරමුදල් සුරක්ෂිතද ?

7. පොලී අනුපාත ඉහළ දැමීම කොටස් වෙළෙඳපල කෙරෙහි අහිතකර ලෙස බලපෑම සාමාන්‍ය තත්වයකි, ලංකාවේ තත්වය කෙබදුද?

අතුරු අයවැය අනිද්දා, පොහොට්‍ටුව ඊට එරෙහිව යයිද ,රනිල්ට බඩු බනිස්ද?

0

රනිල් මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කරන ප්‍රථම අයවැය (අතුරු) අනිද්දා එනම් 30 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.  අයවැය පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 4ක් වාද විවාද කිරීමට නියමිත අතර , සැප් 2 ඡන්ද විමසිමට නියමිතය.

අනිද්දා  ඉදිරිපත් කිරීමට යන අතුරු අයවැයට පොහො‍ටුවේ සහාය නොලැබිය හැකි බව මධ්‍ය කිහිපයක් වාර්තා කොට ඇත.ඇමති ධූර  නොලැබූ  පොහොට්‍ටු මන්ත්‍රීන් රනිල්ට එරෙහිව යාමට තීන්දු කොට ඇති බව එම මාධ්‍ය වාර්තා කොට ඇත.

කරුනු එසේ හෙයින් එම තත්වය  පිලිබදව රනිගේ සමීපතයකුගෙන් අප විමසීමක් කළෙමු.  එහිදී ඔහු කී කරුනු පහත පරිදිය.

1. ඇමති ධූර නොලැබීම පිළිබදව පොහොට්‍ටු මන්ත්‍රීන් ගණනාවක් රනිල් සමග අසතුටෙන් සිටින බව සත්‍යකි.නමුත් එය රනිල් සහ පොහොට්‍ටුව අතර ගැ‍ටුමක් නොවේ.

2. අයවැයක් සම්මත කරගැනීමට හොහැකි වුව හොත් එහි අවසාන ප්‍රතිඵලය පාර්ලීමේන්තුව විසුරුවා හැරීමය. මැතිවරණයකින් පසුව බිහිවන රජය  මීට වඩා අස්ථාවර එකක් වීම නොවැලැක්විය හැක.

3. අතුරු අයවැය ජනයාට සෙත සැලසීම සහ වැරදී ආර්ථික ප්‍රතිපත්ති කිහිපයක් නිවරදි කිරීම උදෙසා පිලියෙල කල එකකි.

4. ඇමති ධූර ඉල්ලා කරන සටන සාම්ප්‍රදායික එකකි . එම කෝණයයෙන් බල විට එය සාධාරණ සටනකි.  නමුත් දැන්  සිටින්නේ අති විශේෂ  කාල වකවානුවකයි. සාම්ප්‍රදායික පිළියම් යෙදිය නොහැකි කාලයකය.

5. පොහො‍ටු මන්ත්‍රීන් හොඳ ඉවකින් යුතු පිරිසකි. තමන්ගේ ගෙල සියතින් සිඳ ගැනීමට තරම්  මෝඩයන් නොවේ .  එමනිසා අතුරු අයවැය ඉහල ඡන්ද ප්‍රතිශතයකින් නියත වශයෙන්ම සම්මත වීමට නියමිත බව තොරතුරු දුන් ප්‍රභලයා කීවේය

මාරයා වෙදා ලෙස පාර්ලීමේන්තු එයි – නන්දලාල්ගෙන් මන්ත්‍රීන්ට පන්තියක්

0

මහබංකු අධිපති රට  බංකොලොත් යයි  ප්‍රකාශ කළේ  ලංකාවට ණය ගෙවීමට හැකියාව තිබියදී බව ගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත් පත හෙලිදරව් කොටතිබුණි.

මූලාශ්‍ර ගණනාවකින් ඩොලර් ණය ගැනීමට සැලසුම් කර තිබූ බවත් නන්දලාල්ගේ  සාහසික මාධ්‍ය සාකච්ඡාව නිසා එම සැලසුම් උඩු යටිකුරු වූ බව සන්සේ ටයිම්ස් හෙලිකොට තිබුනි.එම ලිපිය පලවීමෙන් පසු නන්දලාල් සන්ඩෙ ටයිම්ස් පාලන අධිකාරියට කතා කොට තර්ජනය කළ බව මාධ්‍ය වාර්තා කොට තිබුණි

මෙම උණුසුම අතරතුරම,  ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහ බැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවක් සංවිධානය කොට ඇත .ඊට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත

මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතය.

මහජනතාව වෙනුවෙන් පහත ප්‍රශ්න මහබැංකු අධිපතිගෙන් විමසන ලෙස  ඉල්ලා සිටිමු.

1. ණය ගෙවීමට හැකිව තිබියදී , ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කිරීම ඓතිහාසික වරදකි.

2. බුන්වත්භාවය පිළිබදව පාර්ලීමේන්තුව දැනුවත් නොකිරීම වරදකි. නිසි පටිපාටියෙන් බැහැරව එවැනි සංවේදී කරුණක් කෙලින්ම දෙස් විදෙස් මාධ්‍ය වලට ප්‍රකාශ කිරීම වරදකි.

3. ලංකාවේ ආහාර හිගයි කියමින්  හදිසියේ ඉන්දියාවෙන් ආහාර නැවක් එවීම , හිගන්නන් පවා මුදල් එවීම  ලංකාව බුන්වත් බව  ලෝකයට පෙන්වීමට සිදුකල කුමන්ත්‍රණ වෙයි . මේවා ඉන්දයාවේ රෝ සංවිධානයේ කූට සැලසුම්ය.

4. 2012 ඉන්දියාවේ ආර්ථිකය කඩා වැ‍ටුනු විට, ඉන්දියාවට ගොඩ ගැනීමට පත් කළ  IMF නියෝජිතයා තමා බව  නන්දලාල්ම  පවසා ඇත.නන්දලාල් රෝ ඔත්තු සේවයට අනුබද්ධ Central Economic Intelligence Bureau (CEIB) එකට සම්බන්ධ බවට  ප්‍රකට ට්විටර් පි‍ටු ගනනාවකින් චෝදනා කොට ඇත.

5.ලංකාවේ ආර්ථික කඩා වැටීම ඉන්දියාවට හොද ඉල්ලමක් විය. ඉන්දියාව ලංකාවට උදව්  කරන මුවාවෙන් සෑම ක්ෂේත්‍රයකින්ම පහේ අසීමිතව ලාබ උපයා ඇත. ඉන්දියාවට වාසි වනලෙස ගත් ආර්ථික තීන්දු වලට නන්දලාල් උදව් කළාද ?

6. ‘ගෝඨා ගෝ’ කැ‍රැල්ල විදෙස් හස්ථයක් විසින් මෙහෙයූ බවට ඕනෑ තරම් සාක්ෂි ඇත.  නන්දලාල් අප්‍රි 12 වැනිදා ලංකාව බුන්වත් රටක් ලෙස ලෝකයා හමුවේ ප්‍රකාශ කළේ එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙසද ?

7. ගෝඨා  ඉල්ලා අස්වී දින තුනකින් ,  IMF නොයාම වරදක් බව නන්දලාල් කීවේය.වසර 12 පුරා මහ බැංකුවේ දෙවෙනියා වූ ඔහු එවැනි ප්‍රකාශයක් කිරීමේ සුජාත භාවය කුමක්ද ?

තාරුන්‍යයේ 2022 ජංගි අරගලයට හේතු වූ කරුණු මොනවාද?

0

පේ රටේ 1971 හා 89 දී තරුණ කැරලි  දෙකක් සිදුවිය.  ඒවාට හේතු වු කරුනු සෙවීම සදහා කොමිසම්  පත් කළේය2022දී යලිත් තරුණ කැ‍රැල්ලක් ඇති විය.

2022 තරුණ කැ‍රැල්ලේ  ප්‍රධාන සටන් පාඨ කිහිපයකි

1. ගෝඨා ගෙදර යැවීම
2. දූෂිත නිසා 225 එපා
3. රාජ්‍ය නායකයන් වයස්ගත වූවන් බව
4. ආර්ථික සහන

ගෝඨා ගෙදර යැවීමෙන් සිදුවූයේ රනිල් බලයට පත් වීමය , එම සිදුවීමෙන්ම කැරලිකරුවන්ගේ ලහු‍ටු ලාමක දැක්ම විද්‍යා මාන විය

ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් 95 % පමණ වයස 50 ඉක්මවූ අය වෙයි. ලෝකයේ 40 අඩු රාජ්‍ය නායකයන් සිටින්නේ තිදෙනෙකි,  ඒ ‍ෆින්ලන්තයේ ,සැන් මරීනෝ , සහ උතුරු කොරියාවේය.

225 දූෂිත බව හුදු මෝඩ කථාවකි.  මක්නිසාදයත් රටක ප්‍රධාන බල කනු 4කි.  225ට වඩා,රටේ අනෙක් බල කණු 3 වන රාජ්‍ය සේවය   ජනමාධ්‍ය , සහ නීති ක්ෂේත්‍රය දූෂිතය.

අද ලංකාව බංකොලොත් වී ඇත. ඊට හේතුව 225 හේ දූෂණ යයි බොහෝ දෙනෙකු සිතයි.නමුත් එය ඇත්ත නොවේ.  රට බංකොලොත් වූයේ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාම නිසාය. ලංකාවේ රජය ආදයම මෙන් තුන්ගුණයක් වියදම් කරයි.රට තුලට එන ඩොලර් ප්‍රමාණය මෙන් දෙගුණයක් ආනයන සදහා වියදම් කරයි.

පසුගිය වසර 50 පුරා අදායම් වියදම් අතර වෙනස සහ ඩොලර් හිගය සදහා පිලියම් ලෙස කරන්නේ පිට රටින් ඩොලර් ණය ගැනීමය.ලංකාවේ විදේශ ණය වලින් 50% එදා වේල ණය වෙයි.(රාජ්‍ය සේවක වැ‍ටුප් ගෙවීමට, ණය ගෙවීමට ගන්නා ණය )

ලංකාවට ආනයනය කරන ඉන්ධන වලින් 60% යොදවන්නේ විදුලි බලය නිෂ්පාදනය කිරීමටය. ශ්‍රී ලංකා විදුලි බල මණඩලයේ වැඩිම ඒකක ප්‍රමාණයක් පරිබෝජනය කරන්නේ ජාතික ජල සම්පාදන දෙපාර්තමේන්තුවය .ඔවුන් වාර්ශිකව රු බිලියන 3.3 ක් ඒ සදහා වැය කරයි

සූර්යාලෝකය මෙන් විදුලිය, ඉන්ධන,  ගෑස්, පොහොර නොමිලේ ලැබෙන්නේ නැත. විදුලි බිල , ජල බිල වැඩි කිරීමේ සූත්‍රය ඔනෑම ගොනෙකුට ඉහත දත්ත හරහා තේරුම් ගත හැක .

ආර්තික සහන ලබා දුන හොත්  ඒ සදහා මුදල් රනිල් හෝ බැසිල් ගෙදරින් ගෙන එන්නේ නැත. එම වියදම දැරිමට සිදුවන්නෙ ජනතාවටමය.

කරුණු එසේ හෙයින් හුදෙක් බොරු විරෝධතා හකුලාගෙන නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතිකාව දැන්වත් ආරම්භ කළ යුතුය.

71 සහ 89 කැරලි වලට හේතූ  භූතවූ කරුණු කුමක් වුවත් 2022 කැ‍රැල්ලට හේතූ වූයේ තරුණයන්ගේ  ප්‍රඥාවේ හිග කමය.

අනෙක් කරුන මෙම කැ‍රැල්ලේ සාමාජිකයන්ගෙන් බහුතරය සහශ්‍රයේ දරුවන්ය . ( 2000 පසු ඉපදුන දරුවන්ය).

මොවුන් ස්මාට් ෆෝන් එක අතේ තබාගෙන ඉපදුන අය වෙයි. අවාසනාවට ඔවුන් ස්මාට් ෆොන් එක භාවිතා කොට තම දැනුම වැඩි කර නොගත්තේය . ඔවුන් එය පස්කම් සැප සෙවීම සදහා බාවිතා කළේය . එම සැපට ඔවුන් ඇබ්බැහි වූහ . එම සැප සියල්ල ආනයනය කළ ඒවා විය. කොරෝනා වසංගතය පැමිනීම නිසා ආනයක එම භාන්ඩ හා සේවා ඇනහිටියේය .

දැනුමෙන් හීන වූ ඔවුන් ආර්ථික අර්බුධයට උද්ගෝෂණ වලින් විසදුම් සෙවිය හැකි යයි සිතූහ.අරගල වලින් දේශපාලන අර්බුධවලට මිස, ආර්ථික අර්බුධවලට විසදුම් සෙවිය නොහැකි බව ඔවුන් නොදැන සිටියහ. අරගල වලින් ආර්ථික අර්බුධය උග්‍ර වන බව ඔවුන් නොදත්හ

කරුණු එසේ හෙයින් නිෂ්පාදන ආර්ථිකය පිළිබද කතිකාව මෙන්ම රටේ දරුවන්ගේ සාමාන්‍යය දැනීම ඉහල නැංවිය යුතුය. එසේ නොමැති වුවහොත් කපටි නාකි මයිනන් සහ දෙස් විදෙස් දුෂ්ඨ බලවේග , ඔවුන්ගේ ප‍ටු දේශපාලන ව්‍යාපෘති සදහා දරුවන් යොදාගනු ඇත

වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගසනු එපා, වැදි බණ මැදින් මුණි බන ‍තෝරා අසනු !

0

දැන් ලංකාවේ තත්වය ඇන්ජිම අක්‍රියව අහසේ පාවෙන ගුවන් යානයක් බඳුය.පයිලට් මාරු කිරීම , අරගල, IMF සාකච්ඡා,තෙල් පෝලිම් ඇතුළු සියල්ල සිදුවන්නේ ඇන්ජිම අක්‍රීය වී ඇති යානය තුලය.

මෙවැනි තත්වයක්දී සියල්ලන්ගේ ප්‍රමුඛ වගකීම විය යුත්තේ  යානය ගොඩ බස්සවා  ඇන්ජිම රෙපෙයාර් කිරීමය.  එනම් බංකොලොත්භාවයෙන් මිදී  ආර්ථිකය යලි පන ගැන්වීමය.

ලංකාව මුහුණ දී සිටින අනතුර ජනතාව තේරුම් ගෙන නැත , තවද විපක්ෂය භයානක ලෙස ජනයා නොමග යවමින් සිටියි.

ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවේදී ජනයා  නොමග යවන ප්‍රකාශ ගණනනාවක් කළේය, එම ගජබින්න අද ජාතික පුවත්වපත් වල හෙඩ්ලයින් බවත් පත්ව තිබුණි.

ඔවුන්ගේ ගජබින්න වලට ජාතක කතාද ඈදා ගත්හ. හර්ෂණ රාජකරුනා සත්තිගුම්භ ජාතක කතාව උපමාවට ගෙන අමුතු කතාවක් කීවේය

රනිල් හොරු රංචුව අතරට වැ‍ටුන ගිරා පැටියා බව හර්ෂණ කීවේය. තාපස ආරාමයට වැ‍ටුන ගිරා පැටියා සජිත් බව  ඉඟි කළේය.

කරුණු එසේ හෙයින් සජිත් වැ‍ටුන තාපසාරාමයේ තාපසයන්ගේ වත ගොත විමසා බලමු.

1. මෙම ජාතක කතාව කී හර්ෂන අරජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයෙකි. තවද ඇලොසියස්ගෙන් මුදල් ගත් 18 දෙනෙක් සිටින්නේ සජිත් සමගය.

2. රන්ජන් සිරගතවූ අළුත හර්ෂණ ඔහු බැලීමට සිරගෙදරට ගියේය. අනතුරුව රන්ජන සමහ සෙල්‍ෆියක් ගත් මොහු එය තමන්ගේ මුහුණු පොතේ පල කලේය.මෙම සිදුවීම නිසා රන්ජන් කබලෙන් ලිපට වැ‍ටුණි.හර්ෂණ කළ නොසන්ඩාල ක්‍රියාවේ දඩුවම් විදීමට සිදුවූයේ රන්ජන්ටය . හර්ෂන තක්කඩි  පාහරයෙක් බව ට තේරුම් ගැනීමට එම සිදූවීම  ප්‍රමාණවත්ය.

3. සජිත්  පිං කැට මුදල්  නැතහොත් සංස්කෘතික අරමුදලේ බිලියන1.2  ක් අවභාවිතා කළ චූදිතයෙකි. ගෙවල් 3000 හැදීමට තිබූ මුදල් උදාගම් වල සමරු පලක සදහා වියදම් කල අයෙකි

4. පසුගිය ඉරිදා ‘New revelations over SL foreign debt default” යන ශීර්ෂයෙන් ලිපියක් සන්ඩෙටයිම්ස් පුවත් පතේ පලවිය.  ණය ගෙවීමට හැකිව තිබියදී  මහ බැංකු අධිපති බුන්වත් බව ප්‍රකාශ කළ බව එමගින් කියවුණි.මේ  නිසා රටට සිදුවූ හානිය ඉලක්කම් වලින් කිව නොහැකි තරම් විශාලය .  දන්නා  ඉතිහාසය තුල රටට සිදු කළ  විශාලතම හානිය  මෙයයි. මෙම අපරාධයේ මහ මොළ කරු ඊනියා ආර්ථික ඔස්තාර හර්ෂද සිල්වාය.

මේ ආදී වශයෙන් සජබ තාපසාරාමයේ තාපසයන්ගේ වත්ගොත ගැන පොතක් ලිවිය හැක.නමුත් ඉන් පලක් නැත. මක්නිසාදයත් අද  පුරවැසියෙකුගේ ප්‍රමුඛ  යුතු කම  පසුගිය දේ ගැන කතා කිරීම නොවේ. මක් නිසාදයත්  ඇන්ජිම අක්‍රියව ගුවනේ පාවෙන යානාව ආරක්ෂිතව ගොඩබෑම පලමු රාජකාරිය කර ගත යුතු වන හෙයිනි.

චීන නැව පි‍ටුපස කාල බෝම්බය සහ රතන සාදුට ඉහලූ මුතු කුඩය

0

චීන යුවාන් වැන්ග් 5’ හම්බන්තොට වරායට මුළු කලාපයම උණුසුම කළ පුවතකි. මෙය වෙළද නෞකාවක් නොවේ.එය චීන People’s Liberation Army (PLA) ට අයත් මිලිටරි නෞකාවකි. මෙම නෞකාව අද ලෝකයේ මිළ අධිකතම සම්පත එනම්  තොරතුරු  හඹා යන්නකි.

චීන නැව ලංකාවට සේන්දු වූයේ ඉන්දු-ඇමෙරිකා විරෝධය මැදය

චීන නැව හම්බන්තොට වරායට පැමිනීම ලංකාවේ මාධ්‍ය මෙන්ම ජත්‍යන්තර මධ්‍ය සියල්ලේ ප්‍රමුඛ පුවත විය . ජත්‍යන්තර මාධ්‍ය මෙම සිදුවීම දු‍ටුවේ භූදේශපාලන කාල බෝම්බයක් ලෙසිනි. ලංකාවේ මාධ්‍ය මෙම සිදුවීම දු‍ටුවේ එම කෝනයෙන් නොවේ .

ලංකාවේ මාධ්‍ය මෙම සිදුවීම දෙස බැලුවේ පාට කණ්නාඩි වලිනි. ඇතමෙක්  සරත් වීරසේකර  දු‍ටුවේය . තවත් අයෙක් විමල් දු‍ටුවේය . ඇතමෙක්  රතන හිමිට ඉහලූ  මුතු කුඩය දු‍ටුවේය.

නමුත් එම අවස්ථාවේ සරත් වීරසේකර , විමල් වීරවංශ  කළ කතා හෝ චින නැව පි‍ටුපස සැඟවුන කාල බෝම්බය  දු‍ටුවේ නැත

National Aeart අප චීන නැව පි‍ටුපස කාල බෝම්බය දු‍ටුවේය. අප එම සිදුවීම වාර්තා කළේ, ”ලංකාවට චීනයෙන් දරුණු ප්‍රතිචාරයක්, චීන නැවේ සිදුවීම දුරදිග යන හැඩ” යන ශීර්ෂයෙනි.

චීන නැවට අනුමැතිය දීම පසුව එය වෙනස් කිරීම රනිල්ගේ අනුදැනුම මත සිදු වූවකි. අවසානයේ ඉන්දීය විරෝධය මැද යලි නැවට අවසර දුන්නේ රනිල්ය.

මේ වන විට  ලංකාව  එරො ප්ලොට් ගුවන්යානය අත් අඩංගුවට ගැනීම නිසා රුසියාව  සමග ගැ‍ටුමක් ඇති කොටගෙන ඇත. චීන නැවට  අනුමැතිය දීම ප්‍රමාද කිරීම නිසා චීනයද  අමනාප වී ඇත.

මේ වන විට ලංකාවට එරෙහිව 46/1 ලෙස UNHRC යොජනාවක් සමමත  කොට ඇත. එළබෙන සැප්තැම්බර් මාසයේදී UNHRC  51 වන සැසිය පැවැත්වීමට නියමිතය. (සැප් 12 සිට ඔක් 7 දක්වා)

එදා සිට අද දක්වාම UNHRC  එකේ ලංකාවට පක්ෂව සිටියේ චීන-රුසියා පිලේ රටවල් ටිකය. නමුත් ඉදිරියෙදී ඔවුන් නිහඩ වීමට ඉඩ ඇත මෙම තත්වය යටතේ  ලංකාව සම්බන්ධ යෝජනාවක් UNHRC එකේ  පමනක් නොව , UN Security Council  එකේද සම්මත වීමට ඉඩ ඇත.

එවැනි යෝජනාවක් සම්මත වුවහොත් එය එය රාජපක්ෂ පිලට අවාසි දායක ලෙස බලපානු ලබයි. නමුත් ඉන් රනිල්ට වාසියක් සිදුවිය හැක.

රනිල් පොහොට්‍ටුවට එරෙහිව  යුධ ප්‍රකාශ කරන්නේ තුරුම්පු  අතේ තබාගෙන බව මින් පැහැදිලි වෙයි. රනිල් චීන නැව තොරොම්බල් කළේ නිකම් නොවන බව දැන් පැහැදිලිය

එමෙන්ම ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය වෙනුවෙන් දියත් වී ඇති ඉන්දු-චීන සීතල යුද්ධය දිනෙන් දිනම උණුසුම් වෙමින් පවතියි

ගෝඨා 24 ලංකාවට ගොඩබසින පුවත මෙන්ම, ඔහු දේශපාලනයට එන පුවත අසත්‍යකි

0

හිටපු ජනධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 දින ලංකාවට පැමිනෙන බව වෙබ් අඩවි ගණනාවක් වාර්තා කොට ඇත.

ගෝඨා පිළිගැනීමට   ගුවන්තො‍ටුපොල වෙත  යන කැම්පේන් පවා ආරම්භ කොට ඇත

මෙම පුවත් සියල්ලේ මූලශ්‍රය වූයේ  උදයංග විසින් කරන ලද ප්‍රකාශයකි

නමුත් ගෝඨා 24 දින ලංකාවට පැමිණෙන පුවත මෙන්ම ඔහු යලි දේශපාලනයට පැමිනෙන පුවත අසත්‍ය එකකි

නවතම තොරතු‍රු අපට වාර්තා වූයේ හිටපු ජනාධිපතිවරායාට අතිශ්‍ය සමිප   ආරංචි මාර්ගයකිනි

ලංකාවට චීනයෙන් දරුණු ප්‍රතිචාරයක් – නැවේ සිදුවීම දුර යන හැඩ !

0

‘යුවාන් වැන්ග් 5’ අද එනම් අගෝස්තු 16 දින හම්බන්තොට වරායට පැමිණියේය.

ලංකාවේ රජය චීන නැවට මුලින් අවසර දී පසුව එය වෙනස් කළේය. රනිල්ට ඉතා සමීප දේශපාලනඥයෙක් චීන නැවෙන් අල්ලස් ඉල්ලූ බවටද වාර්තා පලවිය . එම වාර්තා පරිදි  මෙලෙස අල්ලස් ඉල්ලා තිබුනේ චීන නැවට අනුමැතිය දීම  කල හැකි බව පවසමිනි .

මෙවැනි අලකලංචි හමුවේ චීන නැවට පක්ෂව ලංකාවේ දේශපාලන කන්ඩායම් 2 ක් පෙනී සිටියහ.

1. විමල් , උදය, වාසු, රතන පිල ( බැසිල් විරෝධී පිල)

2. ජවිපෙ

චීන නැව පිළිගැනීමට ජවිපෙ ඉදිරිපෙල කිසිවෙකු වරාය වෙත නොගියහ . නැව පිළිගැනීමට වාසුදේව , විමල් හා අතුරලියේ රතන හම්බන්තොට වරායට ගියහ. ජනාධිපතිගේ නියෝජිතයා ලෙස සරත් වීරසේකර ගියේය.

ලංකාවේ රජය චීන නැව පිලිබද සිදුවීමේදී හත් පොලේ ගා ගත්තේය .එම තත්වය නිසා චීනයට විශාල අවමානයක් සිදුවිය.

චීන නැව පිළිගැනීමට අද විශේෂ උත්සවයක් පැවැත් වුණි. ඊට ජනාධිපතිගේ නියොජිතයෙකුද  සහභාගි විය.රනිල් වෙනුවෙන් එහි ගියේ සරත් වීරසේකරය.

සාමාන්‍යයෙන් ජනාධිපතිගේ නියෝජිතයෙක් නැවක් පිළිගැනීමට ගිය විට ඔවුන් නැව තුලට කැඳවාගෙන යාම සිදුවෙයි. නැව ඇතුලතදී ඔවුන්ට ගාඩ් ඔෆ් ඔනර් එකක් පවා ලබා දීම සිදු කරනු ලබයි

අහෝ ඛේදයකි!!  චීන නැවේ කපිතාන් ජනාධිපතිගේ නියෝජිතයා ලෙස චීන නැව පිළිගැනීමට ගිය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකට අතට අත දිම පවා ප්‍රතික්ෂේප  කළේය.

වැපිරූ දේ නෙලා ගැනීමට සිදුවන බවට කියමනක් ඇත .

අද දින සිදු වූයේ අන් යමක් නොව  චීනයට අවමාන කළ ලංකාවට ප්‍රතිචාර දැක්වීමය.

පසු සටහන – ශ්‍රී ලාංකික ප්‍රභූන් නැව තුලට නොගත්තේ  නීරෝධායන නීති වලට අනුව බව චීනය  ප්‍රකාශ කොට ඇත. එය සත්‍ය  නොවන  බවට සාක්ෂි ඇත.

 

හර්ෂ- නන්දෙ කල්ලියේ කුමන්ත්‍රණ පරයා, වසර 20 පසු වෙළද ශේෂය ධන වෙයි

0

වෙළද ගිණුමේ ශේෂය යනු ආනයන සහ අපනයන අතර වෙනසයි. වසර 20 කට පසු ලංකාවේ වෙළද ගිණුමෙ ශේෂය ධන අගයක් ගෙන  ඇත. මෙවැනි වාසි සහගත තත්වයක් අවසාන වතාවට වාර්තා වී ඇත්තේ 2002 වසරේදීය.

ලංකාවේ ආර්ථිකය විනාශ කළේ දේශපාලනඥයන් විසින් යයි පැවසීම  බොරුවකි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාව පාලනය කරන කාලයේ පටන් ලංකාවේ වෙළද ගිණුමෙ පැවතියේ හිගයකි.

එකල ලංකාවේ සහ ඉන්දියාවේ  ආදයම් සහ වියදම් කළමනාකරණය කළේ එක් (P&L) ගිණුමකිනි. යටත් විජිත සමයේදී ලංකාවේ මෙහෙයුම් වියදම අධික විය. බ්‍රිතාන්‍යයන්, ඉන්දියාවේ මෙහෙයුම් වලින් විශාල ලාභයක් ලැබූ අතර ලංකාව දිව්වේ පාඩු පිටය . ලංකාවේ අලාභය ඉන්දීය ගිණුමෙන් කවර් කළේය

ඉන්දියාවට නිදහස ලබා දීමෙන්  පසු ලංකාව යටත්විජිතයක් ලෙස පවත්වාගෙන යාම බ්‍රිතාන්‍යන්ට අවාසිදායක විය.එම නිසා සුද්දන් ලංකාව අතහැරියේය  ලංකවේ ආර්ථික අර්බුධය එදා සිටම පැවත එන්නක් බව මින් පෙනී යයි. ලංකාව නිදහස ලබන විට සිංගපූරුවට ඉදිරියෙන් සිටියා යයි පැවසීම හරසුන් එකකි . එය ”ඌ විශ්ව විද්‍යාලයට තේරුනාට මොකද , හොඩියේ පන්තියේදී ඌට වඩා මමනෙ දක්ෂ ” වැනි කතාවකි.

ලංකාව බංකොලොත් වූයේ මෙරට මිනිසුන්ගේ අවිචාරවත් බව , කුහකත්වය සහ කම්මැලිකම නිසාය. පිනට කා  ලොරි ටෝක් දෙන කුහක මිනිසුන් නිසාය. උදාහරණක් ලෙස ජවිපෙ දූෂණයට එරෙහිව විශාල හඬක් නගයි. නමුත් පාඩු ලබන ශ්‍රී ලන්කන් , විදුලිබල මණ්ඩලය , ඛනිජතෙල් , රාජ්‍ය සේවය  ප්‍රතිව්‍යුහ ගත කරනවාට ඔවුන් අකමැතිය.

දියුණු රටවල මිනිසුන් අයවැයක් ගෙන එන විට  ආයෝජන වියදම් පිළිබදව විමසා බලයි. ලංකාවේ මිනිසුන් විමසන්නේ බඩු මිල අඩු කිරීම, පඩි වැඩිකිරීම වැනි දේ පමනි.  ලංකාවේ උන් බලන්නේ පිනට කෑම ගැන පමනි. උන් පිනට කන්නේ ගිණි පොලියට විදේශ රටවලින්ගත් ණය වලිනි . අපේ උන් පිනට කන විට, ණය පියවන්නේ කෙසේද (Pay back), ණය වල ආයෝජිත ප්‍රතිලාබය{ROI) වැනි සංචරක ගැන මීක් නැත . රට බංකොලොත් වීමට ඇත්ත හේතුව මේකය.

මහ බැංකු අධිපති  නන්දලාල් සහ ඊනියා ආර්ථික ඔස්තාර් හර්ෂ  ලංකාව බුන්වත් යයි ප්‍රකාශ කළේ ණය ගෙවා දැමීමට හැකියාව තිබියදීය. ලංකාව බංකොලොත් යයි ප්‍රකාශ කරන විට මේ වසරේ ගෙවිය යුතු ණය වලින් අඩක් පමන ගෙවා තිබුණි.

ජූලි මාසයේ ගෙවීමට තිබූ බිලියනය  ISB එකක් මගින් පියවීමට සැලසුම් කොට තිබුණි.චීන ණය පියවීමට ඔවුන් සමග එකග වූ වෙනම සැලසුමක් තිබුණි. අවසන් කාර්තුව වෙනවිට  IMF ණයක් ලබා ගැනීමට සැලසුම් කොට තිබුණි, සංචාරක කර්මාන්තය යලි ඇරඹීමට සැලසුම් කොට තිබුනි.අපනයන වර්ධනය කරගැනීමට සැලසුම් කොට තිබුණි.

එම සැලසුම් අවුල් වීමට හේතු 2ක් බල පෑවේය

  •  ඊනියා අරගලය
  •  හර්ෂ- නන්දලාල් කල්ලිය විසින් ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කිරීම

පසුගිය කාලය ලංකාවට එරෙහිව ඇතුලතින් මෙන්ම පිටතින් සතුරු බලවේග වැඩිම ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ කාලයකි. එවැනි තත්වයක් තුල වෙළද ගිණුම සතු‍ටුදායක වීම ලංකාව ලද ජයග්‍රහණයකි.

ණය ගෙවීමට හැකිව තිබියදී, හර්ෂ-නන්දේ කල්ලිය විසින් රට බංකොලොත් යයි ප්‍රකාශ කීරීම,  දන්නා ඉතිහාසයේ ලංකාවට සිදුකරන ලද විශාලතම අලාභය ලෙස හැදින්වීමෙහි වරදක් නැත. කරුණු එසේ හෙයින්,  වෛද්‍යවරරුන්  ලෙස වෙස්වලාගෙන පැමිනෙන සාතන්ලා  පිළිබදව පුරවැසියන් සිහිබුද්ධියෙන් වැඩ කළ යුතුය.

චීන නැවට එරෙහි විරෝධය ච්‍රෝජන් අශ්වයෙකි

0

‘යුවාන් වැන්ග් 5 ’ නමැති චීන නෞකාව ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ අගෝස්තු 11ය .

නැව පිලිගැනීමට මෙරට ආණ්ඩුව මූලිකව එකඟතාව පළකර තිබුණත් මේවන විට එම ගමන කල්දමන ලෙස චීනයට දැනුම් දී ඇත. ඒ ඉන්දියාවේ මැදිහත්වීම නිසාය.

ලංකාවේ ආණ්ඩුවේ ද්විත්ව ස්වභාවය ගැන චීනය බරපතල ලෙස ප්රතිචාර දක්වා ඇත

මධ්යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ලබාදීමට එකඟ වී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 51ක ණය මුදල අත්හිටුවා ඇත. ඒ හේතුවෙන් මෙරට පුරවැසියන් 2500 ක පමන රැකියා අහිමි වී ඇත

චීනය ඇ.ඩො.බ් 1.5 ක ස්වොප් විණිමය පහසුකමක් ලබා දුන්නේය. එම ගණුදෙනුවට අදාල ගැලපුමක් ලෙස රු.බි 285 ක හිගයක් ඉල්ලිමට චීනයට හැකියාව ඇත.(බංගලාදේශ ස්වොප් පහසුකම සම්බන්ධයෙන් මෙම ගැලපීම සිදු කොට ඇත)චීනය එය ඉල්ලීමට සූදානමින් සිටියි.

ශ්රී ලංකාව මේවන විට IMF ණයක් ඉල්ලා ඇත. ණය අනුමත කිරීම සදහා කොන්දේසියක් ලෙස චීන ණය ප්රතිව්යුහගත කළ යුතු බව IMF දන්වා ඇත. යුවාන් වැන්ග් 5 සිදුවීම නිසා චීන ණය ප්රතිව්යුහගත කිරීම අවුල් වී ඇත

IMF කොන්දේසි වලට අනුගත නොවීම නිසා ලංකාව ලැබීමට නියමිත අනෙක් ආධාරද අහිමිවන තත්වයක් උද්ගතව ඇත .

ටුනායක ගුවන්තොටුපලේ පර්යන්ත 2 ඉඳිකිරීම සදහා ජපන් ආධාර යටතේ ලබා දීමට නියමිතවූ ඇ.ඩො.මි 570 මුදල් අත්හිටුවා ඇත.

ජයිකා ණය අහිමි වීමට ආසන්නතම හේතුව IMF ආයතනය විසින් ණය යලි ප්රතිව්යුහකරගත යුතු බවට පනවා ඇති කොන්දේසිය ඉටු නොවන බව පෙනී යාමය.

2022 මාර්තු මාසයේදී UNHRC 49 වැනි සැසිවාරය පැවැත් වුණි. එහිදී 46/1 යෝජනාව ගැන වාද විවාද කෙරුණි. 46/1 යනු යුද ගැටුම් පැවති සමයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වීම සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට UNHRC එකට බලය පවරන යෝජනා සම්මතයකි.

එම සැසිය සදහා ජි.එල්, සබ්රි ඇතුලු නියෝජිතයන් පිරිසක් සහභාගි විය. එහිදී ජී.එල් සාක්ෂි එකතු කිරීමට සම්පූර්ණයෙන් විරුද්ධත්වය පළ කළේය. එය එක්සත් ජාතීන්ගේ පදනමේ මූලයට එල්ල කරන පහරක් බව කීවේය. රජයට විශාල ජනවරමක් ඇතැයි ජි.එල් කීවේය.

දැන් එදා ජී.එල් කී කතා සියල්ල බොරු වී ඇත. කොටින් කියතොත් ජනතා කැරැල්ලක් හමුවේ රටේ ජනපති රටින්ද පලා ගොස් ඇත.

ජී.එල්ගේ කතාවෙන් පසුව UNHRC කොමසාරිස්වරිද දීර්ඝ කතාවක් කළාය. මෙම අන්තර්ක්රියාකාරී සංවාදයට සහභාගිවූ රටවල් 45 න් 31 ක් ශ්රී ලංකාව වෙත සිය සහාය පළ කළහ.

ශ්රී ලංකාවට පක්ෂ වූයේ සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, ප්රජාතාන්ත්රික මහජන උතුරු කොරියානු ජනරජය, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුසය, සිම්බාබ්වේ, එරිත්රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්රජාතාන්ත්රික ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානයයි.

එනම් ජපානය හැර අන් සියළුම රටවල් චීන කඳවුරේ රටවල්ය.‘යුවාන් වැන්ග් 5 සිදුවීම නිසා චීනය අමනාප වුවහොත් චීන කඳවුරේ රටවල් ලංකාවට එරෙහි වනු ඇත.

ඉදිරි සැසිවාරයෙදී බ්රිතාන්යයේ අනුග්රහයෙන් “ශ්රී ලංකාවේ වගවීම පිළිබඳ ව්යාපෘතිය” නමින් යෝජනා සම්මතයක් ගෙන ඒමට නියමිතය. චීන කඳවුරේ සහාය අහිමි වුවහොත් ලංකාවට එරෙහි යෝජනාව ඉහලින්ම සම්මත වනු ඇත.

අනතුරුව UNHRC ව්යාපෘතියට ජාත්යන්තර අධිකරණ බලය ලබා ගැනීම සදහා එය එ.ජා ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැක . ලංකාව නිෂේධ බලය හිමි චීනය සහ රුසියාව සමග අමනාප වී සිටින පසුබිමක අදාල යෝජනාවට එ.ජා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීම නිසැකවම සිදුවනු ඇත.

ගෝඨාභය පුටුවෙන් එලවෙන තෙක් ලංකාවේ ආරක්ෂක අංශ එම කුමන්ත්රණය ගැන දැන සිටියේ නැත. දැන් ඊලගට සිදුවන්නේ ලංකවට එරෙහිව එ.ජා අධිකරණ බලය යෙදවීමේ කුමන්ත්රණයයි. අවාසනාවට ලංකාවේ බුද්ධි අංශ දෑස් වසාගෙන අත් පි‍ටුපසට කොට බැඳගෙන සිටින බව පෙනී යයි.ලංකාවේ බුද්ධි අංශ හුදෙක් නමට පමනක් ඇති ආයතන සමූහයකිලංකාවේ බුද්ධි අංශ හුදෙක් නමට පමනක් ඇති ආයතන සමූහයකි

‘යුවාන් වැන්ග් 5 නැව ආපසු හැරවීම එක්තරා ආකාරයකට China’s Belt and Road Initiative (BRI) ව්‍යපෘතියම ආපසු හැරවීමකි

චීන නැවට එරෙහි විරෝධය ට්රෝජන් අශ්වයෙකි. චීන නැව ලංකාවට බලහත්කාරයෙන් ඇතුළුවන විට මෙරට ස්වරීත්වය ගැන කතා කරන උන් වෙදුන් වෙස් ගත් මාර පුතුන් බව සිහිතබා ගත යුතුය.