ලංකාවට චීනයෙන් දරුණු ප්‍රතිචාරයක් – නැවේ සිදුවීම දුර යන හැඩ !

0
646

‘යුවාන් වැන්ග් 5’ අද එනම් අගෝස්තු 16 දින හම්බන්තොට වරායට පැමිණියේය.

ලංකාවේ රජය චීන නැවට මුලින් අවසර දී පසුව එය වෙනස් කළේය. රනිල්ට ඉතා සමීප දේශපාලනඥයෙක් චීන නැවෙන් අල්ලස් ඉල්ලූ බවටද වාර්තා පලවිය . එම වාර්තා පරිදි  මෙලෙස අල්ලස් ඉල්ලා තිබුනේ චීන නැවට අනුමැතිය දීම  කල හැකි බව පවසමිනි .

මෙවැනි අලකලංචි හමුවේ චීන නැවට පක්ෂව ලංකාවේ දේශපාලන කන්ඩායම් 2 ක් පෙනී සිටියහ.

1. විමල් , උදය, වාසු, රතන පිල ( බැසිල් විරෝධී පිල)

2. ජවිපෙ

චීන නැව පිළිගැනීමට ජවිපෙ ඉදිරිපෙල කිසිවෙකු වරාය වෙත නොගියහ . නැව පිළිගැනීමට වාසුදේව , විමල් හා අතුරලියේ රතන හම්බන්තොට වරායට ගියහ. ජනාධිපතිගේ නියෝජිතයා ලෙස සරත් වීරසේකර ගියේය.

ලංකාවේ රජය චීන නැව පිලිබද සිදුවීමේදී හත් පොලේ ගා ගත්තේය .එම තත්වය නිසා චීනයට විශාල අවමානයක් සිදුවිය.

චීන නැව පිළිගැනීමට අද විශේෂ උත්සවයක් පැවැත් වුණි. ඊට ජනාධිපතිගේ නියොජිතයෙකුද  සහභාගි විය.රනිල් වෙනුවෙන් එහි ගියේ සරත් වීරසේකරය.

සාමාන්‍යයෙන් ජනාධිපතිගේ නියෝජිතයෙක් නැවක් පිළිගැනීමට ගිය විට ඔවුන් නැව තුලට කැඳවාගෙන යාම සිදුවෙයි. නැව ඇතුලතදී ඔවුන්ට ගාඩ් ඔෆ් ඔනර් එකක් පවා ලබා දීම සිදු කරනු ලබයි

අහෝ ඛේදයකි!!  චීන නැවේ කපිතාන් ජනාධිපතිගේ නියෝජිතයා ලෙස චීන නැව පිළිගැනීමට ගිය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකට අතට අත දිම පවා ප්‍රතික්ෂේප  කළේය.

වැපිරූ දේ නෙලා ගැනීමට සිදුවන බවට කියමනක් ඇත .

අද දින සිදු වූයේ අන් යමක් නොව  චීනයට අවමාන කළ ලංකාවට ප්‍රතිචාර දැක්වීමය.

පසු සටහන – ශ්‍රී ලාංකික ප්‍රභූන් නැව තුලට නොගත්තේ  නීරෝධායන නීති වලට අනුව බව චීනය  ප්‍රකාශ කොට ඇත. එය සත්‍ය  නොවන  බවට සාක්ෂි ඇත.