හර්ෂ- නන්දෙ කල්ලියේ කුමන්ත්‍රණ පරයා, වසර 20 පසු වෙළද ශේෂය ධන වෙයි

0
579

වෙළද ගිණුමේ ශේෂය යනු ආනයන සහ අපනයන අතර වෙනසයි. වසර 20 කට පසු ලංකාවේ වෙළද ගිණුමෙ ශේෂය ධන අගයක් ගෙන  ඇත. මෙවැනි වාසි සහගත තත්වයක් අවසාන වතාවට වාර්තා වී ඇත්තේ 2002 වසරේදීය.

ලංකාවේ ආර්ථිකය විනාශ කළේ දේශපාලනඥයන් විසින් යයි පැවසීම  බොරුවකි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාව පාලනය කරන කාලයේ පටන් ලංකාවේ වෙළද ගිණුමෙ පැවතියේ හිගයකි.

එකල ලංකාවේ සහ ඉන්දියාවේ  ආදයම් සහ වියදම් කළමනාකරණය කළේ එක් (P&L) ගිණුමකිනි. යටත් විජිත සමයේදී ලංකාවේ මෙහෙයුම් වියදම අධික විය. බ්‍රිතාන්‍යයන්, ඉන්දියාවේ මෙහෙයුම් වලින් විශාල ලාභයක් ලැබූ අතර ලංකාව දිව්වේ පාඩු පිටය . ලංකාවේ අලාභය ඉන්දීය ගිණුමෙන් කවර් කළේය

ඉන්දියාවට නිදහස ලබා දීමෙන්  පසු ලංකාව යටත්විජිතයක් ලෙස පවත්වාගෙන යාම බ්‍රිතාන්‍යන්ට අවාසිදායක විය.එම නිසා සුද්දන් ලංකාව අතහැරියේය  ලංකවේ ආර්ථික අර්බුධය එදා සිටම පැවත එන්නක් බව මින් පෙනී යයි. ලංකාව නිදහස ලබන විට සිංගපූරුවට ඉදිරියෙන් සිටියා යයි පැවසීම හරසුන් එකකි . එය ”ඌ විශ්ව විද්‍යාලයට තේරුනාට මොකද , හොඩියේ පන්තියේදී ඌට වඩා මමනෙ දක්ෂ ” වැනි කතාවකි.

ලංකාව බංකොලොත් වූයේ මෙරට මිනිසුන්ගේ අවිචාරවත් බව , කුහකත්වය සහ කම්මැලිකම නිසාය. පිනට කා  ලොරි ටෝක් දෙන කුහක මිනිසුන් නිසාය. උදාහරණක් ලෙස ජවිපෙ දූෂණයට එරෙහිව විශාල හඬක් නගයි. නමුත් පාඩු ලබන ශ්‍රී ලන්කන් , විදුලිබල මණ්ඩලය , ඛනිජතෙල් , රාජ්‍ය සේවය  ප්‍රතිව්‍යුහ ගත කරනවාට ඔවුන් අකමැතිය.

දියුණු රටවල මිනිසුන් අයවැයක් ගෙන එන විට  ආයෝජන වියදම් පිළිබදව විමසා බලයි. ලංකාවේ මිනිසුන් විමසන්නේ බඩු මිල අඩු කිරීම, පඩි වැඩිකිරීම වැනි දේ පමනි.  ලංකාවේ උන් බලන්නේ පිනට කෑම ගැන පමනි. උන් පිනට කන්නේ ගිණි පොලියට විදේශ රටවලින්ගත් ණය වලිනි . අපේ උන් පිනට කන විට, ණය පියවන්නේ කෙසේද (Pay back), ණය වල ආයෝජිත ප්‍රතිලාබය{ROI) වැනි සංචරක ගැන මීක් නැත . රට බංකොලොත් වීමට ඇත්ත හේතුව මේකය.

මහ බැංකු අධිපති  නන්දලාල් සහ ඊනියා ආර්ථික ඔස්තාර් හර්ෂ  ලංකාව බුන්වත් යයි ප්‍රකාශ කළේ ණය ගෙවා දැමීමට හැකියාව තිබියදීය. ලංකාව බංකොලොත් යයි ප්‍රකාශ කරන විට මේ වසරේ ගෙවිය යුතු ණය වලින් අඩක් පමන ගෙවා තිබුණි.

ජූලි මාසයේ ගෙවීමට තිබූ බිලියනය  ISB එකක් මගින් පියවීමට සැලසුම් කොට තිබුණි.චීන ණය පියවීමට ඔවුන් සමග එකග වූ වෙනම සැලසුමක් තිබුණි. අවසන් කාර්තුව වෙනවිට  IMF ණයක් ලබා ගැනීමට සැලසුම් කොට තිබුණි, සංචාරක කර්මාන්තය යලි ඇරඹීමට සැලසුම් කොට තිබුනි.අපනයන වර්ධනය කරගැනීමට සැලසුම් කොට තිබුණි.

එම සැලසුම් අවුල් වීමට හේතු 2ක් බල පෑවේය

  •  ඊනියා අරගලය
  •  හර්ෂ- නන්දලාල් කල්ලිය විසින් ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කිරීම

පසුගිය කාලය ලංකාවට එරෙහිව ඇතුලතින් මෙන්ම පිටතින් සතුරු බලවේග වැඩිම ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ කාලයකි. එවැනි තත්වයක් තුල වෙළද ගිණුම සතු‍ටුදායක වීම ලංකාව ලද ජයග්‍රහණයකි.

ණය ගෙවීමට හැකිව තිබියදී, හර්ෂ-නන්දේ කල්ලිය විසින් රට බංකොලොත් යයි ප්‍රකාශ කීරීම,  දන්නා ඉතිහාසයේ ලංකාවට සිදුකරන ලද විශාලතම අලාභය ලෙස හැදින්වීමෙහි වරදක් නැත. කරුණු එසේ හෙයින්,  වෛද්‍යවරරුන්  ලෙස වෙස්වලාගෙන පැමිනෙන සාතන්ලා  පිළිබදව පුරවැසියන් සිහිබුද්ධියෙන් වැඩ කළ යුතුය.