චීන නැවට එරෙහි විරෝධය ච්‍රෝජන් අශ්වයෙකි

0
513

‘යුවාන් වැන්ග් 5 ’ නමැති චීන නෞකාව ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ අගෝස්තු 11ය .

නැව පිලිගැනීමට මෙරට ආණ්ඩුව මූලිකව එකඟතාව පළකර තිබුණත් මේවන විට එම ගමන කල්දමන ලෙස චීනයට දැනුම් දී ඇත. ඒ ඉන්දියාවේ මැදිහත්වීම නිසාය.

ලංකාවේ ආණ්ඩුවේ ද්විත්ව ස්වභාවය ගැන චීනය බරපතල ලෙස ප්රතිචාර දක්වා ඇත

මධ්යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ලබාදීමට එකඟ වී තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 51ක ණය මුදල අත්හිටුවා ඇත. ඒ හේතුවෙන් මෙරට පුරවැසියන් 2500 ක පමන රැකියා අහිමි වී ඇත

චීනය ඇ.ඩො.බ් 1.5 ක ස්වොප් විණිමය පහසුකමක් ලබා දුන්නේය. එම ගණුදෙනුවට අදාල ගැලපුමක් ලෙස රු.බි 285 ක හිගයක් ඉල්ලිමට චීනයට හැකියාව ඇත.(බංගලාදේශ ස්වොප් පහසුකම සම්බන්ධයෙන් මෙම ගැලපීම සිදු කොට ඇත)චීනය එය ඉල්ලීමට සූදානමින් සිටියි.

ශ්රී ලංකාව මේවන විට IMF ණයක් ඉල්ලා ඇත. ණය අනුමත කිරීම සදහා කොන්දේසියක් ලෙස චීන ණය ප්රතිව්යුහගත කළ යුතු බව IMF දන්වා ඇත. යුවාන් වැන්ග් 5 සිදුවීම නිසා චීන ණය ප්රතිව්යුහගත කිරීම අවුල් වී ඇත

IMF කොන්දේසි වලට අනුගත නොවීම නිසා ලංකාව ලැබීමට නියමිත අනෙක් ආධාරද අහිමිවන තත්වයක් උද්ගතව ඇත .

ටුනායක ගුවන්තොටුපලේ පර්යන්ත 2 ඉඳිකිරීම සදහා ජපන් ආධාර යටතේ ලබා දීමට නියමිතවූ ඇ.ඩො.මි 570 මුදල් අත්හිටුවා ඇත.

ජයිකා ණය අහිමි වීමට ආසන්නතම හේතුව IMF ආයතනය විසින් ණය යලි ප්රතිව්යුහකරගත යුතු බවට පනවා ඇති කොන්දේසිය ඉටු නොවන බව පෙනී යාමය.

2022 මාර්තු මාසයේදී UNHRC 49 වැනි සැසිවාරය පැවැත් වුණි. එහිදී 46/1 යෝජනාව ගැන වාද විවාද කෙරුණි. 46/1 යනු යුද ගැටුම් පැවති සමයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වීම සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට UNHRC එකට බලය පවරන යෝජනා සම්මතයකි.

එම සැසිය සදහා ජි.එල්, සබ්රි ඇතුලු නියෝජිතයන් පිරිසක් සහභාගි විය. එහිදී ජී.එල් සාක්ෂි එකතු කිරීමට සම්පූර්ණයෙන් විරුද්ධත්වය පළ කළේය. එය එක්සත් ජාතීන්ගේ පදනමේ මූලයට එල්ල කරන පහරක් බව කීවේය. රජයට විශාල ජනවරමක් ඇතැයි ජි.එල් කීවේය.

දැන් එදා ජී.එල් කී කතා සියල්ල බොරු වී ඇත. කොටින් කියතොත් ජනතා කැරැල්ලක් හමුවේ රටේ ජනපති රටින්ද පලා ගොස් ඇත.

ජී.එල්ගේ කතාවෙන් පසුව UNHRC කොමසාරිස්වරිද දීර්ඝ කතාවක් කළාය. මෙම අන්තර්ක්රියාකාරී සංවාදයට සහභාගිවූ රටවල් 45 න් 31 ක් ශ්රී ලංකාව වෙත සිය සහාය පළ කළහ.

ශ්රී ලංකාවට පක්ෂ වූයේ සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, ප්රජාතාන්ත්රික මහජන උතුරු කොරියානු ජනරජය, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුසය, සිම්බාබ්වේ, එරිත්රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්රජාතාන්ත්රික ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානයයි.

එනම් ජපානය හැර අන් සියළුම රටවල් චීන කඳවුරේ රටවල්ය.‘යුවාන් වැන්ග් 5 සිදුවීම නිසා චීනය අමනාප වුවහොත් චීන කඳවුරේ රටවල් ලංකාවට එරෙහි වනු ඇත.

ඉදිරි සැසිවාරයෙදී බ්රිතාන්යයේ අනුග්රහයෙන් “ශ්රී ලංකාවේ වගවීම පිළිබඳ ව්යාපෘතිය” නමින් යෝජනා සම්මතයක් ගෙන ඒමට නියමිතය. චීන කඳවුරේ සහාය අහිමි වුවහොත් ලංකාවට එරෙහි යෝජනාව ඉහලින්ම සම්මත වනු ඇත.

අනතුරුව UNHRC ව්යාපෘතියට ජාත්යන්තර අධිකරණ බලය ලබා ගැනීම සදහා එය එ.ජා ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැක . ලංකාව නිෂේධ බලය හිමි චීනය සහ රුසියාව සමග අමනාප වී සිටින පසුබිමක අදාල යෝජනාවට එ.ජා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීම නිසැකවම සිදුවනු ඇත.

ගෝඨාභය පුටුවෙන් එලවෙන තෙක් ලංකාවේ ආරක්ෂක අංශ එම කුමන්ත්රණය ගැන දැන සිටියේ නැත. දැන් ඊලගට සිදුවන්නේ ලංකවට එරෙහිව එ.ජා අධිකරණ බලය යෙදවීමේ කුමන්ත්රණයයි. අවාසනාවට ලංකාවේ බුද්ධි අංශ දෑස් වසාගෙන අත් පි‍ටුපසට කොට බැඳගෙන සිටින බව පෙනී යයි.ලංකාවේ බුද්ධි අංශ හුදෙක් නමට පමනක් ඇති ආයතන සමූහයකිලංකාවේ බුද්ධි අංශ හුදෙක් නමට පමනක් ඇති ආයතන සමූහයකි

‘යුවාන් වැන්ග් 5 නැව ආපසු හැරවීම එක්තරා ආකාරයකට China’s Belt and Road Initiative (BRI) ව්‍යපෘතියම ආපසු හැරවීමකි

චීන නැවට එරෙහි විරෝධය ට්රෝජන් අශ්වයෙකි. චීන නැව ලංකාවට බලහත්කාරයෙන් ඇතුළුවන විට මෙරට ස්වරීත්වය ගැන කතා කරන උන් වෙදුන් වෙස් ගත් මාර පුතුන් බව සිහිතබා ගත යුතුය.