අතුරු අයවැය අනිද්දා, පොහොට්‍ටුව ඊට එරෙහිව යයිද ,රනිල්ට බඩු බනිස්ද?

0
517

රනිල් මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කරන ප්‍රථම අයවැය (අතුරු) අනිද්දා එනම් 30 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.  අයවැය පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 4ක් වාද විවාද කිරීමට නියමිත අතර , සැප් 2 ඡන්ද විමසිමට නියමිතය.

අනිද්දා  ඉදිරිපත් කිරීමට යන අතුරු අයවැයට පොහො‍ටුවේ සහාය නොලැබිය හැකි බව මධ්‍ය කිහිපයක් වාර්තා කොට ඇත.ඇමති ධූර  නොලැබූ  පොහොට්‍ටු මන්ත්‍රීන් රනිල්ට එරෙහිව යාමට තීන්දු කොට ඇති බව එම මාධ්‍ය වාර්තා කොට ඇත.

කරුනු එසේ හෙයින් එම තත්වය  පිලිබදව රනිගේ සමීපතයකුගෙන් අප විමසීමක් කළෙමු.  එහිදී ඔහු කී කරුනු පහත පරිදිය.

1. ඇමති ධූර නොලැබීම පිළිබදව පොහොට්‍ටු මන්ත්‍රීන් ගණනාවක් රනිල් සමග අසතුටෙන් සිටින බව සත්‍යකි.නමුත් එය රනිල් සහ පොහොට්‍ටුව අතර ගැ‍ටුමක් නොවේ.

2. අයවැයක් සම්මත කරගැනීමට හොහැකි වුව හොත් එහි අවසාන ප්‍රතිඵලය පාර්ලීමේන්තුව විසුරුවා හැරීමය. මැතිවරණයකින් පසුව බිහිවන රජය  මීට වඩා අස්ථාවර එකක් වීම නොවැලැක්විය හැක.

3. අතුරු අයවැය ජනයාට සෙත සැලසීම සහ වැරදී ආර්ථික ප්‍රතිපත්ති කිහිපයක් නිවරදි කිරීම උදෙසා පිලියෙල කල එකකි.

4. ඇමති ධූර ඉල්ලා කරන සටන සාම්ප්‍රදායික එකකි . එම කෝණයයෙන් බල විට එය සාධාරණ සටනකි.  නමුත් දැන්  සිටින්නේ අති විශේෂ  කාල වකවානුවකයි. සාම්ප්‍රදායික පිළියම් යෙදිය නොහැකි කාලයකය.

5. පොහො‍ටු මන්ත්‍රීන් හොඳ ඉවකින් යුතු පිරිසකි. තමන්ගේ ගෙල සියතින් සිඳ ගැනීමට තරම්  මෝඩයන් නොවේ .  එමනිසා අතුරු අයවැය ඉහල ඡන්ද ප්‍රතිශතයකින් නියත වශයෙන්ම සම්මත වීමට නියමිත බව තොරතුරු දුන් ප්‍රභලයා කීවේය