තාරුන්‍යයේ 2022 ජංගි අරගලයට හේතු වූ කරුණු මොනවාද?

0
603

පේ රටේ 1971 හා 89 දී තරුණ කැරලි  දෙකක් සිදුවිය.  ඒවාට හේතු වු කරුනු සෙවීම සදහා කොමිසම්  පත් කළේය2022දී යලිත් තරුණ කැ‍රැල්ලක් ඇති විය.

2022 තරුණ කැ‍රැල්ලේ  ප්‍රධාන සටන් පාඨ කිහිපයකි

1. ගෝඨා ගෙදර යැවීම
2. දූෂිත නිසා 225 එපා
3. රාජ්‍ය නායකයන් වයස්ගත වූවන් බව
4. ආර්ථික සහන

ගෝඨා ගෙදර යැවීමෙන් සිදුවූයේ රනිල් බලයට පත් වීමය , එම සිදුවීමෙන්ම කැරලිකරුවන්ගේ ලහු‍ටු ලාමක දැක්ම විද්‍යා මාන විය

ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් 95 % පමණ වයස 50 ඉක්මවූ අය වෙයි. ලෝකයේ 40 අඩු රාජ්‍ය නායකයන් සිටින්නේ තිදෙනෙකි,  ඒ ‍ෆින්ලන්තයේ ,සැන් මරීනෝ , සහ උතුරු කොරියාවේය.

225 දූෂිත බව හුදු මෝඩ කථාවකි.  මක්නිසාදයත් රටක ප්‍රධාන බල කනු 4කි.  225ට වඩා,රටේ අනෙක් බල කණු 3 වන රාජ්‍ය සේවය   ජනමාධ්‍ය , සහ නීති ක්ෂේත්‍රය දූෂිතය.

අද ලංකාව බංකොලොත් වී ඇත. ඊට හේතුව 225 හේ දූෂණ යයි බොහෝ දෙනෙකු සිතයි.නමුත් එය ඇත්ත නොවේ.  රට බංකොලොත් වූයේ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට සුභසාදන ආර්ථිකයක් පවත්වාගෙන යාම නිසාය. ලංකාවේ රජය ආදයම මෙන් තුන්ගුණයක් වියදම් කරයි.රට තුලට එන ඩොලර් ප්‍රමාණය මෙන් දෙගුණයක් ආනයන සදහා වියදම් කරයි.

පසුගිය වසර 50 පුරා අදායම් වියදම් අතර වෙනස සහ ඩොලර් හිගය සදහා පිලියම් ලෙස කරන්නේ පිට රටින් ඩොලර් ණය ගැනීමය.ලංකාවේ විදේශ ණය වලින් 50% එදා වේල ණය වෙයි.(රාජ්‍ය සේවක වැ‍ටුප් ගෙවීමට, ණය ගෙවීමට ගන්නා ණය )

ලංකාවට ආනයනය කරන ඉන්ධන වලින් 60% යොදවන්නේ විදුලි බලය නිෂ්පාදනය කිරීමටය. ශ්‍රී ලංකා විදුලි බල මණඩලයේ වැඩිම ඒකක ප්‍රමාණයක් පරිබෝජනය කරන්නේ ජාතික ජල සම්පාදන දෙපාර්තමේන්තුවය .ඔවුන් වාර්ශිකව රු බිලියන 3.3 ක් ඒ සදහා වැය කරයි

සූර්යාලෝකය මෙන් විදුලිය, ඉන්ධන,  ගෑස්, පොහොර නොමිලේ ලැබෙන්නේ නැත. විදුලි බිල , ජල බිල වැඩි කිරීමේ සූත්‍රය ඔනෑම ගොනෙකුට ඉහත දත්ත හරහා තේරුම් ගත හැක .

ආර්තික සහන ලබා දුන හොත්  ඒ සදහා මුදල් රනිල් හෝ බැසිල් ගෙදරින් ගෙන එන්නේ නැත. එම වියදම දැරිමට සිදුවන්නෙ ජනතාවටමය.

කරුණු එසේ හෙයින් හුදෙක් බොරු විරෝධතා හකුලාගෙන නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතිකාව දැන්වත් ආරම්භ කළ යුතුය.

71 සහ 89 කැරලි වලට හේතූ  භූතවූ කරුණු කුමක් වුවත් 2022 කැ‍රැල්ලට හේතූ වූයේ තරුණයන්ගේ  ප්‍රඥාවේ හිග කමය.

අනෙක් කරුන මෙම කැ‍රැල්ලේ සාමාජිකයන්ගෙන් බහුතරය සහශ්‍රයේ දරුවන්ය . ( 2000 පසු ඉපදුන දරුවන්ය).

මොවුන් ස්මාට් ෆෝන් එක අතේ තබාගෙන ඉපදුන අය වෙයි. අවාසනාවට ඔවුන් ස්මාට් ෆොන් එක භාවිතා කොට තම දැනුම වැඩි කර නොගත්තේය . ඔවුන් එය පස්කම් සැප සෙවීම සදහා බාවිතා කළේය . එම සැපට ඔවුන් ඇබ්බැහි වූහ . එම සැප සියල්ල ආනයනය කළ ඒවා විය. කොරෝනා වසංගතය පැමිනීම නිසා ආනයක එම භාන්ඩ හා සේවා ඇනහිටියේය .

දැනුමෙන් හීන වූ ඔවුන් ආර්ථික අර්බුධයට උද්ගෝෂණ වලින් විසදුම් සෙවිය හැකි යයි සිතූහ.අරගල වලින් දේශපාලන අර්බුධවලට මිස, ආර්ථික අර්බුධවලට විසදුම් සෙවිය නොහැකි බව ඔවුන් නොදැන සිටියහ. අරගල වලින් ආර්ථික අර්බුධය උග්‍ර වන බව ඔවුන් නොදත්හ

කරුණු එසේ හෙයින් නිෂ්පාදන ආර්ථිකය පිළිබද කතිකාව මෙන්ම රටේ දරුවන්ගේ සාමාන්‍යය දැනීම ඉහල නැංවිය යුතුය. එසේ නොමැති වුවහොත් කපටි නාකි මයිනන් සහ දෙස් විදෙස් දුෂ්ඨ බලවේග , ඔවුන්ගේ ප‍ටු දේශපාලන ව්‍යාපෘති සදහා දරුවන් යොදාගනු ඇත