වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගසනු එපා, වැදි බණ මැදින් මුණි බන ‍තෝරා අසනු !

0
776

දැන් ලංකාවේ තත්වය ඇන්ජිම අක්‍රියව අහසේ පාවෙන ගුවන් යානයක් බඳුය.පයිලට් මාරු කිරීම , අරගල, IMF සාකච්ඡා,තෙල් පෝලිම් ඇතුළු සියල්ල සිදුවන්නේ ඇන්ජිම අක්‍රීය වී ඇති යානය තුලය.

මෙවැනි තත්වයක්දී සියල්ලන්ගේ ප්‍රමුඛ වගකීම විය යුත්තේ  යානය ගොඩ බස්සවා  ඇන්ජිම රෙපෙයාර් කිරීමය.  එනම් බංකොලොත්භාවයෙන් මිදී  ආර්ථිකය යලි පන ගැන්වීමය.

ලංකාව මුහුණ දී සිටින අනතුර ජනතාව තේරුම් ගෙන නැත , තවද විපක්ෂය භයානක ලෙස ජනයා නොමග යවමින් සිටියි.

ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය  හමුවේදී ජනයා  නොමග යවන ප්‍රකාශ ගණනනාවක් කළේය, එම ගජබින්න අද ජාතික පුවත්වපත් වල හෙඩ්ලයින් බවත් පත්ව තිබුණි.

ඔවුන්ගේ ගජබින්න වලට ජාතක කතාද ඈදා ගත්හ. හර්ෂණ රාජකරුනා සත්තිගුම්භ ජාතක කතාව උපමාවට ගෙන අමුතු කතාවක් කීවේය

රනිල් හොරු රංචුව අතරට වැ‍ටුන ගිරා පැටියා බව හර්ෂණ කීවේය. තාපස ආරාමයට වැ‍ටුන ගිරා පැටියා සජිත් බව  ඉඟි කළේය.

කරුණු එසේ හෙයින් සජිත් වැ‍ටුන තාපසාරාමයේ තාපසයන්ගේ වත ගොත විමසා බලමු.

1. මෙම ජාතක කතාව කී හර්ෂන අරජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයෙකි. තවද ඇලොසියස්ගෙන් මුදල් ගත් 18 දෙනෙක් සිටින්නේ සජිත් සමගය.

2. රන්ජන් සිරගතවූ අළුත හර්ෂණ ඔහු බැලීමට සිරගෙදරට ගියේය. අනතුරුව රන්ජන සමහ සෙල්‍ෆියක් ගත් මොහු එය තමන්ගේ මුහුණු පොතේ පල කලේය.මෙම සිදුවීම නිසා රන්ජන් කබලෙන් ලිපට වැ‍ටුණි.හර්ෂණ කළ නොසන්ඩාල ක්‍රියාවේ දඩුවම් විදීමට සිදුවූයේ රන්ජන්ටය . හර්ෂන තක්කඩි  පාහරයෙක් බව ට තේරුම් ගැනීමට එම සිදූවීම  ප්‍රමාණවත්ය.

3. සජිත්  පිං කැට මුදල්  නැතහොත් සංස්කෘතික අරමුදලේ බිලියන1.2  ක් අවභාවිතා කළ චූදිතයෙකි. ගෙවල් 3000 හැදීමට තිබූ මුදල් උදාගම් වල සමරු පලක සදහා වියදම් කල අයෙකි

4. පසුගිය ඉරිදා ‘New revelations over SL foreign debt default” යන ශීර්ෂයෙන් ලිපියක් සන්ඩෙටයිම්ස් පුවත් පතේ පලවිය.  ණය ගෙවීමට හැකිව තිබියදී  මහ බැංකු අධිපති බුන්වත් බව ප්‍රකාශ කළ බව එමගින් කියවුණි.මේ  නිසා රටට සිදුවූ හානිය ඉලක්කම් වලින් කිව නොහැකි තරම් විශාලය .  දන්නා  ඉතිහාසය තුල රටට සිදු කළ  විශාලතම හානිය  මෙයයි. මෙම අපරාධයේ මහ මොළ කරු ඊනියා ආර්ථික ඔස්තාර හර්ෂද සිල්වාය.

මේ ආදී වශයෙන් සජබ තාපසාරාමයේ තාපසයන්ගේ වත්ගොත ගැන පොතක් ලිවිය හැක.නමුත් ඉන් පලක් නැත. මක්නිසාදයත් අද  පුරවැසියෙකුගේ ප්‍රමුඛ  යුතු කම  පසුගිය දේ ගැන කතා කිරීම නොවේ. මක් නිසාදයත්  ඇන්ජිම අක්‍රියව ගුවනේ පාවෙන යානාව ආරක්ෂිතව ගොඩබෑම පලමු රාජකාරිය කර ගත යුතු වන හෙයිනි.