චීන නැව පි‍ටුපස කාල බෝම්බය සහ රතන සාදුට ඉහලූ මුතු කුඩය

0
647

චීන යුවාන් වැන්ග් 5’ හම්බන්තොට වරායට මුළු කලාපයම උණුසුම කළ පුවතකි. මෙය වෙළද නෞකාවක් නොවේ.එය චීන People’s Liberation Army (PLA) ට අයත් මිලිටරි නෞකාවකි. මෙම නෞකාව අද ලෝකයේ මිළ අධිකතම සම්පත එනම්  තොරතුරු  හඹා යන්නකි.

චීන නැව ලංකාවට සේන්දු වූයේ ඉන්දු-ඇමෙරිකා විරෝධය මැදය

චීන නැව හම්බන්තොට වරායට පැමිනීම ලංකාවේ මාධ්‍ය මෙන්ම ජත්‍යන්තර මධ්‍ය සියල්ලේ ප්‍රමුඛ පුවත විය . ජත්‍යන්තර මාධ්‍ය මෙම සිදුවීම දු‍ටුවේ භූදේශපාලන කාල බෝම්බයක් ලෙසිනි. ලංකාවේ මාධ්‍ය මෙම සිදුවීම දු‍ටුවේ එම කෝනයෙන් නොවේ .

ලංකාවේ මාධ්‍ය මෙම සිදුවීම දෙස බැලුවේ පාට කණ්නාඩි වලිනි. ඇතමෙක්  සරත් වීරසේකර  දු‍ටුවේය . තවත් අයෙක් විමල් දු‍ටුවේය . ඇතමෙක්  රතන හිමිට ඉහලූ  මුතු කුඩය දු‍ටුවේය.

නමුත් එම අවස්ථාවේ සරත් වීරසේකර , විමල් වීරවංශ  කළ කතා හෝ චින නැව පි‍ටුපස සැඟවුන කාල බෝම්බය  දු‍ටුවේ නැත

National Aeart අප චීන නැව පි‍ටුපස කාල බෝම්බය දු‍ටුවේය. අප එම සිදුවීම වාර්තා කළේ, ”ලංකාවට චීනයෙන් දරුණු ප්‍රතිචාරයක්, චීන නැවේ සිදුවීම දුරදිග යන හැඩ” යන ශීර්ෂයෙනි.

චීන නැවට අනුමැතිය දීම පසුව එය වෙනස් කිරීම රනිල්ගේ අනුදැනුම මත සිදු වූවකි. අවසානයේ ඉන්දීය විරෝධය මැද යලි නැවට අවසර දුන්නේ රනිල්ය.

මේ වන විට  ලංකාව  එරො ප්ලොට් ගුවන්යානය අත් අඩංගුවට ගැනීම නිසා රුසියාව  සමග ගැ‍ටුමක් ඇති කොටගෙන ඇත. චීන නැවට  අනුමැතිය දීම ප්‍රමාද කිරීම නිසා චීනයද  අමනාප වී ඇත.

මේ වන විට ලංකාවට එරෙහිව 46/1 ලෙස UNHRC යොජනාවක් සමමත  කොට ඇත. එළබෙන සැප්තැම්බර් මාසයේදී UNHRC  51 වන සැසිය පැවැත්වීමට නියමිතය. (සැප් 12 සිට ඔක් 7 දක්වා)

එදා සිට අද දක්වාම UNHRC  එකේ ලංකාවට පක්ෂව සිටියේ චීන-රුසියා පිලේ රටවල් ටිකය. නමුත් ඉදිරියෙදී ඔවුන් නිහඩ වීමට ඉඩ ඇත මෙම තත්වය යටතේ  ලංකාව සම්බන්ධ යෝජනාවක් UNHRC එකේ  පමනක් නොව , UN Security Council  එකේද සම්මත වීමට ඉඩ ඇත.

එවැනි යෝජනාවක් සම්මත වුවහොත් එය එය රාජපක්ෂ පිලට අවාසි දායක ලෙස බලපානු ලබයි. නමුත් ඉන් රනිල්ට වාසියක් සිදුවිය හැක.

රනිල් පොහොට්‍ටුවට එරෙහිව  යුධ ප්‍රකාශ කරන්නේ තුරුම්පු  අතේ තබාගෙන බව මින් පැහැදිලි වෙයි. රනිල් චීන නැව තොරොම්බල් කළේ නිකම් නොවන බව දැන් පැහැදිලිය

එමෙන්ම ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය වෙනුවෙන් දියත් වී ඇති ඉන්දු-චීන සීතල යුද්ධය දිනෙන් දිනම උණුසුම් වෙමින් පවතියි