යුගයේ මහා ඛේදවාචකය, විදේශ ණය එක් ‍රැයකින් 50% කින් වැඩි වෙයි

0
465

මේ වන විට ලංකාව බංකොලොත් රටකි රුපියලට සාපේක්ෂව  ඩොලරය ඉහල යාම නිසා ණය අර්බුදය තවත් බරපතල වී ඇත.

විදේශ විනිමය වලින් වාණිජ ණය ගැනීම මාරාන්තිකය. මක්නිසාදයත් ඒවා විදේශ විනිමයෙන්ම ආපසු ගෙවීමට සිදු වේ.

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම වැඩිවන විට, ඊට අනුලෝමව ණය බර වැඩි වෙයි.

මහා පරිමාණයෙන් විදෙස් විනිමය වානිජ ණය ගැනීම මර උගුලක් වන්නේ මේ නිසාය.

2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඇමරිකානු ඩොලරය UNP ආණ්ඩුව යටතේ රුපියල් 183 දක්වා වැඩිවී වැඩි විය.

2015 ජනවාරියේදී UNP ආණ්ඩුව බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39 ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 අවසානය වන විට රුපියල් ට්‍රිලියන 12 දක්වා ඉහල ගියේය.

 UNP ආණ්ඩුව යටතේ ඩොලරය ඉහල යාම නිසා, 28 % කින් විදෙස් ණය වැඩි විය.

ගෝටාභය ආන්ඩුව බාරගන්නා විට ඩොලරය 183 ක් වූ අතර දැන් එය 364කි. ගෝටාභය ආයසයෙන් පාලනය කළ ඩොලරය, හදිසියේ පාලනයෙන්  නිදහස්  කළේය . ඒ අනුව ඩොලරය එක් ‍රැයකින් රු 364 දක්වා ඉහල ගියේයගෝඨාගේ ආණ්ඩුව යටතේ රුපියලේ වටිනාකම බිඳවැටීම හේතුවෙන්,  49 % කින් විදෙස් ණය වැඩි විය