මාරයා වෙදා ලෙස පැමිනෙමින් සිටී

0
814

ලංකාවේ බිදවැටීමට දේශීය බල අධිකාරිය වගකිව යුතුය. නමුත් විනාශයේ වගකීම පාර්ලීමේන්තුවේ 225ට සීමා නොවේ. විනාශයේ චූදිතයන් අනුපිළිවෙන් පහත පරිදිය.

  1. ජනමාධ්‍ය – මොවුන් අපක්ෂපාතීව සත්‍ය වාර්තා කළ යුතුය. නමුත් ඔවුන් නොකළේ එයමය
  2. අධිකරණය – පුද්ගලයන්ට ඉහලින් නීතිය තැබුවේ නම් මේසා විනාශයක් වන්නෙ නැත
  3. විධායකය – දේශපාලනඥයන්ට වඩා රාජ්‍ය සේවකයන් සිදුකළ විනාශය වැඩිය
  4. මහජන නියෝජිතයන් – ප්‍රධාන බලකණු අසාර්ථක වීම නිසා මහජන නියෝජිතයන් අයාලේ ගියහ.

කෙසේ වුවද ලංකාවේ බිඳවැටීම දේශීය බල අධිකාරියට සීමා නොවේ. එය සැලසුම් සහගත කුමන්ත්‍රණයකි.තායිලන්තය ලොව වැඩිම බෞද්ධයන් පිරිසක් වාසය කරන රටය. එහි ජනගහනයෙන් 95% බෞද්ධයන්ය.මෑතකදී තායිලන්තයේ Future Forward නමින් දේශපාලන කැ‍රැල්ලක් බිහි විය. ‘‘Yellow shirt movement ”කීවේ මොවුන්ටමය Future Forward තායිලන්තයේ අගනුවර වට කළේය. රාජ්‍ය යාත්‍රණය අඩපන කළේය. ජාතික රාජ්‍ය බිඳ වැට්ටවීමට කුමන්ත්‍රණය කළේය. නමුත් ජේෂ්ඨ දේශපාලනඥයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ජාතික රාජ්‍ය ආරක්ෂා විය.

දෙවන වටයේදී Future Forward කැ‍රැල්ල දේශපාලන පක්ෂයක් බවට පත්විය.ඔවුන් කැරලි උණුසුම සමග මැතිවරණයක් දිනා ගත්හ.Future Forward පක්ෂය ආසන 81 ක් දිනා ගත්තේය. ඔවුන් තෙවන විශාලතම දේශපාලන බලවේගය විය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් 2 ක් විය. එනම්

  1. බෞද්ධාගම රාජ්‍ය පාලනයෙන් වෙන් කළ යුතු බව
  2. හමුදාවේ බලතල කප්පාදු කිරිම

Future Forward ව්‍යාපෘතිය තායිලන්තයේ බෞද්ධාගම සහ මිලිටරිය හෑල්ලුවට ලක් කළේය.කෙසේ වුවද කෙටි කාලයක් තුල Future Forward පක්ෂයේ ඇතුලාන්තය හෙළි විය. Future Forward ව්‍යාපෘතියට Clinton Global Initiative (CGI) මුදල් පොම්ප කොට ඇති බව හෙළි විය. සමස්ථ මෙහෙයුමේ ගෝඩ් ෆාදර්   ඉලුමිනාටි  සංවිධානය බව හෙළි විය.

මෑතක කාලයේ තායිලන්තය, වෙනිසුවෙලාව, ලිබියාව, ඉරාකය, යේමනය ,හයිටි, යුක්‍රේනය ඇතුළු රටවල් ගණනාවක රෙජීම් චේන්ජ් ව්‍යාපෘති සිදුවිය. ඇතැම් රටවල ජාතික රාජ්‍ය බිඳවැ‍ටුණි. මෙම කුමන්ත්‍රණ පි‍ටුපස සිටි බලල්අත් පසුව හෙළි විය. ඔවුන් පහත පරිදිය .

  • Illuminati
  • Central Intelligence Agency (CIA)
  • National Endowment for Democracy(NED)
  • Clinton Global Initiative (CGI)

ලංකාවේ රාජ්‍ය බිඳවැට්ටවීම පි‍ටුපස මේ සියළු සංවිධාන සිටියි. ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ලෙස ක්‍රියා කළ ප්‍රධාන  ආයතන සහ පුද්ගලයන්  කිහිපයක් ඇත.

  1. චන්ද්‍රිකා බණ්ඩාරනායක
  2. නීතීඥ සංගමය
  3. බෝන් අගේන් ආගමික කල්ලිය
  4. එල්.ටී.ටී.ඊ දේශපාලන අංශය
  5. මුස්ලිම් ව්‍යාපාරිකයන්

චන්ද්‍රිකා නොහොත් ඇගේ වෛරය

බෞද්ධ භික්ෂුවක් විසින් සිය පියා ඝාතණය කිරීම නිසා චන්ද්‍රිකා බෞද්ධ විරෝදීය .Clinton Global Initiative (CGI) දකුණු ආසියා ප්‍රධානියා ඇයයි. චන්ද්‍රිකා හරහා අරගලයට මුදල් පොම්ප කළේය. දෙස් විදෙස් නම ගිය ගිය පුද්ගලයන් රේජීම් චේන්ජ් ව්‍යාපෘතියේ ඉන්තන් බවට පත් කළේය.

සාලිය පීරිස් නීතිඥ සංගමයේ ඇසට වැලි ගැසූ හැටි

බෝන් අගේන් නිකායේ සාලිය පීරිස් නීතීඥ සංගමය නොමග  යැව්වේය. සාලිය පීරිස්  කුමන්ත්‍රණයේ පෙරගමන් කරුවෙකු විය. ඊනියා අරගලයෙ දෙවන මරණය සිදුවුනෙ රඹුක්කනදීය. එම වින්දිතයා වෙනුවෙන් ඉතිහාසයේ විශාලතම නීතිඥ පිරිස පෙනි සිටියෝය.එනම් පොලීසියට එරෙහිව නීතිඥවරු 238 ක් පෙල ගැසුනහ. මේවා Paid campaign බව ඔප්පු කිරීමට සාක්ෂි ඇත.

ඇමෙරිකාව  සහ ලංකාවේ අධිකරණය

ජූලි 6 දින හදිසි නීති විවාදයේදී නීති ක්ෂේත්‍රයට ඇමෙරිකාව විසින් ඇ.ඩො මි 4.3 පොම්ප කර ඇති අයුරු විමල් වීරවංස සභා ගත කළේය.රාජ්‍යයේ  ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ඉල්ලු  උසාවි නියෝග ප්‍රතික්ෂේප වූ රහස විමල් සභා ගත කල ලිපිගොණු තූල විය.

බෝන් අගේන් ආගමික කල්ලිය

බෝන් අගේන් ආගමික කල්ලිය අරගලයේ ප්‍රධාන භූමිකාවක් ඉ‍ටු කළේය.බෝන් අගේන් නිකායේ ප්‍රධානියා වූ එරාන් සජිත් සමග දේශපාලනය කළේය. සජිත් බලයට ගෙන ඒම  සහ බෞද්ධ කඳවුර විනාශ කිරීමේ අරමුණින් මොවුන් අරගලයට සහාය විය.

රනිල්ගේ නිවස ගිණි තැබූ බෝන් අගෙන් අනුගාමික  සජිත්ගේ ගෝල පිරිස  අතේ මාට්‍ටු විය. රෙහාන් ජයවික්‍රම, දුලංජලී ප්‍රේමදාස, නියොමාල් පෙරේරාගේ පුත්‍රයා ඇතුළු  බෝන් අගේන් ප්‍රභූ කල්ලිය වීඩියෝ සාක්ෂිද සහිතව  කො‍ටු විය. රනිල්ගේ ගෙට ගිණි තැබූ නියොමාල්ගේ පුතා මේ වන විට රටින්ද පැන ගොස් ඇත

එල්.ටී.ටී.ඊ දේශපාලන අංශය

තුවක්කුවෙන් ලබා ගැනීමට නොහැකි වූදේ  රට අරාජික කර ලබා ගැනීමට කොටි ඩයස්පෝරාව උත්සාහ කළහ. අරගලය වෙනුවෙන් පෙනී සිටි මහාචාර්ය මායා ජෝන් කොටි ඩයස්පෝරාවේ සහ පල්ලියේ ප්‍රොක්සියකි. දෙමළ ඩයස්පෝරාව කුමාර් ගුනරත්නම්ට සහ අන්තරේට මුදල් පොම්ප කළහ.

මුස්ලිම් ව්‍යාපාරිකයන්

මාස්, නෝ ලිමිට්, බ්‍රන්ඩික්ස්, කූල් පැනට්, උලමා සභාව,මුස්ලිම් හාජියාර්, ෆැෂන් බක්  අරගලයට මුදල් පොම්ප කළ බවට චෝදනා ලැබ සිටින ප්‍රධාන පාර්ෂව කිහිපයකි.

දැන් අරගලයේ සැඟවුන කථාව පැහැදිළිය . රාජ්‍යය කඩාවැටීමේ ඇත්ත කථාව පැහැදිලිය. ආර්ථික අර්බුධය තාවකාලික එකකි.

රාජ්‍යයේ කඩා  වැටීම  හමුවේ පාර්ලීමේන්තුවේ 225 පමනක් දඩුකඳේ ගසා ඇත.විනාශයේ පලමු පෙල චූදිතයන් වන ජනමාධ්‍ය, රාජ්‍ය සේවකයන්,විදේශීය තානපතින්  ගැලවුම්කරුවන් වී සිටියි. අද රාජ්‍ය ගොඩගැනීම ගැන උපදෙස් දෙන්නේ මොවුන්ය . වික්ටර් අයිවන්ගේ, නන්දලාල් වීරසිංහගේ,සාලිය පීරිස්ගේ, ජූලි චංගේ වර්තමාන  හැසිරීම මාරයා වෙදා ලෙසින් පැමිණීමකි.

මක්නිසාදයත් ජාතික රාජ්‍යයේ කඩා වැඩීමට අවුරුදු පහෙන් පහට මාරු වූ දේශපාලනඥයන්ට වඩා මොවුන් වගකිවයුතුය.