ජවිපෙ ගමන්මග ගැන බිම්මට්ටම සමග පිළිසඳර (01) – රතු නායකයාගේ අවංකබව පිලිබද ඓතිහාසික ගැටලුව

0
90

1960-80 කාලය වාමාංශික දේශපාලනයේ ස්වර්ණමය යුගය විය. චීනය, සෝවියට්දේශය,චෙකොස්ලෝවෙකියාව ඇතුලු රටවල් ගණනාවකින් වාමාශික ව්‍යාපාරය විචිත්‍ර විය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බන්ඩාරනායක වාමාශික ව්‍යාපාරය සමග විය.බ ඇය පැහැදිළිවම ඇමෙරිකන් විරෝධි විය.

සිරිමාවෝ 1961 අංක 28 දරන විශේෂ පනත ගෙනවිත් ෂෙල්, මොබිල්, කැල්ටෙක්ස්, Exxon, Standard Oil යන බහුජාතික සමාගම් ලංකාවෙන් එළවා දැමුවාය.තවද වන්දි ගෙවීමකින් තොරව අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් 83ක් රජයට පවරා ගත්තාය. සමාජවාදී කඳවුරෙන් ආධාර ගෙන මෙරට විශාල කර්මාන්තශාලා බිහි කළාය.

සිරිමාවොගේ වාමාංශික ප්‍රතිපත්ති නිසා ඇමෙරිකන් – ශ්‍රී ලංකා සබඳතා අර්බුධයට ලක්විය. එකල CIA,  Most wanted  ලැයිස්තුවේ පලමු 25 දෙනා අතර සිරිමාවොගේ නමද විය.

සැබැවින්ම සිරිමාවො තරම් ජවිපෙ ප්‍රතිපත්ති වලට සමාන්තරවූ දේශපාලකයෙකු මෙරට සිටියේ නැත. අනාගතයේ බිහි වන්නේද නැත. නමුත් සිරිමාවොගේ රජය පෙරලා දැමීමට ජවිපේ සන්නද්ධ කැ‍රැල්ලක් දියත් කළේය.

රෝහන විජේවීරගේ මෙහෙයුම එතැනින් නතර වූයේ නැත. රෝහන විජේවීර, ජේ.ආර් ජයවර්ධනගේ පක්ෂයෙන් මුදල් ගෙන ”ගමනක අවසානයේ ආරම්භය”  නමින් ටැබ්ලොයිඩ් පොතක් ලීවේය. ගමින් ගමට ගොස් ඒ පිළිබද සම්මන්ත්‍රණ කළේය. විජේවීර,  සිරිමාවෝ දේශපාලන වශයෙන්  මරා දැමීමට කුමන්ත්‍රණය කළේය.

මෙවැනි කුමන්ත්‍රණ නිසා එකල ඇත්ත පත්තරය රෝහන විජේවීර හැදුන්වූයේ CIA  ඩබල් ඒජන්ට් කෙනෙකු ලෙසිනි.

එකල  රෝහන විජේවීර ගැන සැක මතුවූ ආකාරයට මෙකල අනුර කුමාර ගැන සැක මතුවී ඇත.  අනුර ගැන බිම්මට්ට්මේ  ජනයාට සැක මතුවීමට හේතු

1. සාමාජිකයන් දැනුමෙන් බලගන්වන අධ්‍යාපනික වැඩසටහන නැවැත්වීම

2. පක්ෂයේ අරමුදල් පරිපාලනය සම්බන්ධයෙන් පැවැති විනිවිදභාවය අවසන් කොට අත්තනෝමතික ලෙස කටයුතු කිරීම

3. දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ට තැනදීමේ ප්‍රාරම්භක ක්‍රමවේදය නවත්වා  එහෙයියන්න්ට තැන දීම

4. ඇමෙරිකන් තානපති, ධම්මික පෙරේරා , විජේදාස රාජපක්ෂ වැනි චරිත සමග ගනුදෙනු කොට ජවිපෙ පදනම දෙදරවා හැරීම

5. දුප්පත් පූර්ණ කාලීන සාමාජිකයන්ට අඩු සැලකිලි දක්වා පොහොසත් ජාවාරම්කරුවන්ට වැඩි තැනක් දීම