මෙරට ඔයිල් පාම් වගාව පිළිබද මිත්‍යාව සහ ඇත්ත- සෑම පුරවැසියෙක්ම කියවියයුතු ලිපියක්

0
94

ශ්‍රී ලාංකිකයන් අකුරු ලිවීමේ සහ කියවීමේ හැකියාවෙන් ඉදිරියෙන් සිටියද ප්‍රඥාවෙන් ඉතා පසුගාමී ජාතියකි. තවද එකී ප්‍රඥාවේ හිඩස පිරී ඇත්තේ මෝඩකමින් සහ කුහකත්වයෙනි . ධම්මික නම් තකක්ඩි වෙදාගේ කොරෝනා පැණිය බොන්න කිලෝ මීටර ගණන් පෝලිමේ සිටියේ එහෙයිනි. තවත් වරෙක  අධෝමුඛයෙන් සින්දු කියූ කුවේට් කුමාරි නම් කාන්තාවක් ප්‍රමෝට් කළහ ,  ලෝකය ජය ගත් යෝහානි නම් සුපිරි ගායිකාවට කථා හැදූහ .

එකී පුරවැසියන් 2019 දී  රාජ්‍ය  පාලනයට ඉඳුරාම නුසුදුසු  ගෝඨාභය  රාජපක්ෂ   සිංහාසනාරූඩ කළේය.ගෝඨාභය ජනපති වූ පසු වැඩ කළේ ” වළං කඩේ ගොනා ” මෙන්ය. ජාවාරම්කරුවන්ට ”ගෝඨා”  රබර් සීල් එකක් විය. ඔහුගේ මෝඩ තීන්දු  රට බංකොළොත්වීමට  හේතු විය.

ගෝඨාභයගේ තක්කඩි තීන්දු කිහිපයක් පහත පරිදිය. 
1. කොරෝනා වසංගත කාලයේ  ගුවන් තො‍ටුපල වසා  සිදුකළ නීරෝධායන ජාවාරම
2. කොරෝනා මළ සිරුරු  භූමදානයට ඉඩ නොදී  රට අපවාදයට ලක්කිරීම
3. රසායනික පොහොර තහනම
4. දේශීය ෆාම් ( ක‍ටු පොල් ) වගාව තහනම් කිරීම.

අද අප කථා කරන්නේ ෆාම්  වගාව තහනම් කිරීම  පිළිබදවය. ෆාම් ඔයිල් යනු ඉඳිනු ෆාම් ගෙඩි වලින් ලබා ගන්නා තෙල් වර්ගයකි.එය එළව්ළු තෙල් ගනයට වැටෙයි.  මෙහි ප්රධාන වශයෙන් සංතෘප්ත, ඒකීය සංතෘප්ත සහ බහු සංතෘප්ත  (saturated, monounsaturated and polyunsaturated) වශයෙන් මේද වර්ග 3 ක් අඩංගුය. පාම් තෙල්වල වැඩි වශයෙන්  අසංතෘප්ත මේදය  සහ බහු අසංතෘප්ත මේදය අඩංගු වන නිසා එය සෞඛ්යයට හිතකර බව පිළිගනු ලබයි.

ශ්‍රී ලංකාවේ ආහාරයට ගන්නා තෙල්වලින් 82% ක් පාම් ඔයිල් වේ. පොල් තෙල්වලට හිමිවන්නේ 12% කි. ලෝකයේ ආහාරයට ගන්නා තෙල්වලින් 62 % ක්  පාම් ඔයිල් වේ.

තවද මිනිස් ආහාර බොහොමයක ෆාම් තෙල් අඩංගුය.  ඒවා අතර මාගරින්, අයිස්ක්‍රීම්, බිස්කට්, සැකසූ මස් නිෂ්පාදන, චොකලට්,  රස කැවිලි, ක්ෂණික නූඩ්ලස්,  සහ  කිරිපිටි  ප්‍රධානය.  තවද බිස්කට් , රසකැවිලි වැනි කල්තබා ගන්නා ආහාර පොල්තෙල් යොදා ගෙන නිෂ්පාදනය කළ නොහැකි අතර ඊට ෆාම් තෙල් යෙදීම අත්‍යවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකාව ෆාම් තෙල් ආනයනය කරන  රටක් වන අතර වසරකට ඒ සඳහා  ඇමෙරිකන් ඩොලර් මිලියන 270 ක් පමන වැය කරයි. වෙනත් වචන වලින් කිවහොත් මෙය  වසකට රසායනික පොහොර ආනයනය කිරීමට වැය කරන මුදලට ආසන්න අගයකි .

ගෝඨාභය  ෆාම් වගාව  තහනම්  කිරීමට හේතු 2ක් බලපෑවේය .

1. දේශීය නාමය කරපින්නාගෙන සිටින මෙරට  පොල් තෙල් වෙළෙන්දන් ලබා දුන් අල්ලස් සහ වැරදි දත්ත .
2. තම ව්‍යාපරික සගයා වන පිරමිඩ් විල්මාට edible oil වෙළද පොළ ඒකාධිකාරියක්  ලබා දීම

ඉහත කරුණු ගෝඨාභයගේ සැගවුණ අරමුණු විය.  නමුත්  ෆාම්තෙල් තහනම් කිරීමට හේතුව දේශීය පොල් තෙල් නිෂ්පාදනය දිරි ගැන්වීම සහ පරිසරය සු‍රැකීම බව ගෝඨා රටට පෙන්වූයේය.

ලංකාව තුල පාම්තෙල් වෙනුවට පොල්තෙල් ආදේශකයක් ලෙස යොදා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක. වර්තමානයේ රටේ සාමාන්‍ය පොල් ඵලද‌ාව හෙක්ටයාරයකට මෙ.ටොන් 0.8 කි. පාම්ඔයිල් වෙනුවට  පොල්තෙල් ආදේශ කිරීමට නම් පොල් වගා බිම් පස් ගුණයකින් වැඩි කළ යුතුය. නමුත් මෙරට තුල එවැනි විශාල භූමි ප්‍රමාණයක් නැත.

පාම්ඔයිල් අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටො.  4. ක් පමණ වේ. ෆාම් වගාව හරහා මෙරට එළවළු තෙල් අවශ්‍යතාව දේශීයව සපුරා ගත හැකි පසුබිමක් ඇත

ෆාම් තෙල් කර්මාන්තයේ  සාපේක්ෂ වාසිය 
1. ගස් පැල කිරීම සහ වගා භූමි නඩත්තුව පහසුය
2. යටිරෝපණය අඩු නිසා වල් මර්දනය අවශ්‍ය නොවෙයි
3. එක් සේවකයෙකුට අක්කරයකට වැඩි  වගා භූමියක් පහසුවෙන් නඩත්තු කළ හැක
4. පළිබෝධ හානි අඩුය
5. අවු 4 කින් පලදාව ලැබෙන අතර , අවු 20  නොකඩවා පලදාව ලැබෙයි .
6. වර්ෂය පුරා පලදාව ලැබෙයි
7. එක් සේවකයෙකුට විශාල වගා භූමියක් නඩත්තු කළ හැකි නිසා ඔවුන් ලබන වැ‍ටුප වැඩිය

ෆාම් වගාවේ වාසි සලකා බැලූ 2014- 2019 පැවැති  රජය ඊට අනුග්‍රහය දැක්වූයේය. එම කාලය තුල හෙක්ටයාර 12000 ක ෆාම් වගා කෙරුණි.රු බිලියන 26 කට වැඩි ආයෝජනයක් සිදුවිය .  5000 කට ආසන්න ‍රැකියා අවස්ථා බිහිවිය. නමුත් ගෝඨාබය  ගැසට් පත්‍රයක් නිකුත් කොට එක් ‍රැයකින් ෆාම් වගාව තහනම් කළේය. ගෝඨාභයගේ ක්‍රියාව සම්ස්ථ අයෝජක ප්‍රජාව බියට පත් කල බිහිසුණු සිදුවීමක් විය.

ගෝඨාභය ෆාම් වගාව තහනම් කිරීමට පාදක කරගත් හේතු සියල්ල ව්‍යාජ ඒවාය.  එය හුදෙක් කොරෝනා මළසිරුරු භූමදානයට පැනවූ තහනම් මෙන්ම ඊනියා එකකි.භූගත ජලය සහ උලපත් ආරක්ෂා කිරීම ෆාම් වගාව තහනම් කිරීමේ මූලික අරමුන බව ගෝඨා කීවේය.  ෆාම් වගාවෙන් ජල මූලාශ්‍ර සිඳී යන බව පෙන්වීමට ගෝඨා යොදාගත් දත්ත සහ සූත්‍ර සියල්ල වැරදිය. (ගෝඨා  ෆාම් වගාව තහනම් කිරීමට යොදාගත් දත්ත සහ සූත්‍ර වැරදි බව ඔප්පු කීරීමට සාක්ෂි නැෂනල් ඇලට් සතුය)

මැලේසියාවේ  භූමි ප්රමාණයෙන් 18% ක් ෆාම් වගාව සඳහා යොදාගෙන ඇත. එය වසර 50 පුරා පැවත එන වගාවකි. නමුත් මැලේසියාවේ භූගත ජලයෙහි  අඩුවීමක් වාර්තා වී නැත. තවද එරට දළ ජාතික නිෂ්පාදනයට ෆාම් වගාවෙන්  ලැබෙන දායකත්වය 2.7% කි.  ෆාම් තෙල් අපනයනයෙන්  ඇමෙරිකන් ඩොලර් බිලියන 9 ක්  උපයා ගනියි.  එනම් ලංකාව ඇගලුම් සහ සංචාරක  කර්මාන්තයෙන් උපයන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩිය  . මැසියානු ජාතිකයන්  ලක්ෂ 5 කට ෆාම් තෙල් කර්මානතය තුල ‍රැකියා අවස්ථා ලැබී ඇත..

ලංකාවේ ඊනියා මහාචාර්යවරු ෆාම් වගාව තහනම් කිරීමට  ගෝඨාභයට උපදෙස් දෙන විට  ඉන්දියාවේ උගතුන් ෆාම් වගාව වැඩි කිරීමට නරේන්ද්‍ර මෝඩිට උපදෙස් දුන්නේය. මෝදිට උපදෙස් දුන්නේ ඊනියා උගතුන් පිරිසක් නොව ඉන්දියානු තාක්ෂණික කොමිසමය. එය පර්යේෂණ සහ නව  දැනුම  සොයා යනු වස්  1960 දී අගමැති ශ්‍රී නේරු පිහිටවූ ආයතනයකි. ඉන්දියාවේ ෆාම් වගාව හෙක්ටයාර් මිලියන 2 කින් වැඩි කිරීමට එම ආයතනය මෝදිට උපදෙස් දුන්නේය. ඒ අනුව  මෝදි ෆාම් වගාව සඳහා සහනාධාර සහ බැංකු ණය ඇති කළේය.

මේ වන විට ගෝඨා විසින් අත්තනෝමතික ලෙස තහනම් කළ ෆාම් වගාවට යලි අවසර දීමට  හිටපු මුදල් ඇමති රවි කරුණානායක පෙරමුණ ගෙන ඇත. රවි යනු   ලෝකයේ නව ආර්ථික ‍රැළි, පෙරළි ප්‍රවණතා සමග ගනුදෙනු කරන මිනිසෙකි .  ගෝඨා විසින් ගත් වැරදි  ආර්ථික තීන්දු   නව ලෝක ප්‍රවණතා වලට අනුව   සංශෝධනය කිරීමට රවී පෙරමුණ ගැනීම හොද දෙයකි

එපමනක් නොව 2016 දී රවී ආරම්භ කළ  සහ දැනට නැවතී ඇති පහත ව්‍යාපෘති යලි  ආරම්භ කළ යුතුය .

1. ලංකාව ගෝලීය ඊ කොමර්ස් ජාලයට  සම්බන්ධ කරන ව්යාපෘතිය. (ලංකාව Global e commerce platform එකට  ජාලගත වීම හරහා Pay pal වැනි පහසුමක් ලංකාවට ලබා ගත හැක  )

2. Dry port නොහොත් රට ඇතුළත වරාය සංකල්පය.

3. විදේශ වෙළද නැව් වලට ලියා ශ්රී ලංකා ධජය යටතේ ලියා පදිංචි කිරීමට ඉඩ දීමේ ව්යාපෘතිය

4. සාගර ආර්ථිකයක් බිහිකිරීම