ලංකාවේ හොරකමේ හැඩය -හොරු යයි, අනෙක් උන්ට ලේබල් අලවන බොහොමයක් අය ඇත්තටම හොරුය

0
113

පන්නල අඟලුම් සමාගමකින් කෝටි 18 කට වැඩි මුදලක් වංචාකල එහි විධායක නිළධාරියෙකු පෙරේදා ( දෙසැ 16 ) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

පෞද්ගලික සමාගම්කින් මේසා මුදලක් වංචා කළ ප්රථම හෝ අවසන් අවස්ථාව මෙය නොවේ. ලංකාව් බැංකු, මූල්ය , රක්ෂණ, සන්නිවේදන, ගුවන් සේවා, ඉඳිකිරීම් ඇතුළු සියළුම සමාගම් වල මෙවැනි වංචා සිදු වෙයි.

නමුත් ඒ පිලිබද තොරතුරු සමාජ ගත වුවහොත් මහජන විශ්වාසය කඩා වැටිය හැකි බැවින් අදාල සමාගම් එවා සගවා තබා ගනියි. එනම් දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් සිදුකරන වංචා මෙන් ඒවා එළියට එන්නේ නැත.

පෞද්ගලික අංශය තුල ඉහල සිට පහලටම දූෂණය පැතිරී ඇත. තවද විගණන කාර්යේදී හෙලි වන්නේ සුළු සේවකයන් සහ විධායක නිලධාරීන් සිදු කරන වංචා පමනි. එනම් Top management සිදුකරන දූෂණ සහ වංචා හෙළි නොවෙයි . තවද එම වංචා සොයා ගැනීමට බැරි තරම් ශූක්ෂමය.

මෙම ලියුම්කරු 2012-2021 ඉන්දියාවේ ප්රමුඛ බිලියනපතියෙකු වන මිකී ජග්ත්යානිට අයත් Landmark සමාගමේ Business intelligence unit එකේ සේවය කළේය. 2016 දී මෙම සමාගමට RFID තාක්ෂණය හදුන්වා දියයුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව ඉදිරිපත් කළේ එහි CEO කෙනෙකි. එම ව්යාපෘතියට යන වියදම ඇ.ඩො.මිලියන 26ක් විය.

නමුත් RFID වයාපෘතිය පලදායක නොවන බව ව්යාපාර බුද්ධි අංශයේ මතය විය. කෙසේ වුවද ව්යාපාර බුද්ධි අංශයේ වාර්තාව නොසලකා RFID ව්යාපෘතිය ක්රියාත්මක විය . මාස 6ක් ගතවෙත්ම එය අසාර්ථක බව ඉතා පැහැදිලි විය.

කෙසේ වුවද RFID ව්යාපෘතිය සඳහ අතිවිශාල මුදලක් ආයොජනය කර තිබූ බැවින් එය එක් රැයකින් අත්හැර දැමීමට නොහැකි විය. අවසානයේ තවත් පිරිවැය දරමින් අසාර්ථක ක්රමය නඩත්තු කිරීමට සමාගමට සිදුවිය.

RFID ආයෝජනය සුදු අලියෙක් වුවද ඒ වන විට එය හදුන්වා දුන් CEOගේ සාක්කුවට 12 % කට කොමිස් මුදලක් වැටී තිබුණි. (රු බිලියන 1.5 පමන කොමිස් මුදලකි ) නමුත් ගණුදෙණුවේ ස්වභාවය අනුව අදාල CEO වංචාවක් කළ බව ඔප්පු කිරීමට නොහැකිය.එමෙන්ම RFID ව්යාපෘතිය අසාර්ථක වූ බව බාහිර ලෝකය දන්නේ නැත . පෞද්ගලික අංශයේ ඉහලම නිළධාරීන් වංචා කරන්නේ මේ අයුරිනි.

ලෝකයේ දියුණු රට වල සුපිරි වෙළද සැල් ජාලය ශක්තිමත් නිසා තොග වෙළෙන්දාට ස්ථානයක් නැත. දියුණු රට වල නිෂ්පාදකයා සුපිරි වෙළද සැල් ජාලය හරහා කෙලින්ම පාරිබෝගියා සමග සම්බන්ධ වෙයි. මේ නිසා අතර මැදියන්ට ගසාකෑමට අවස්ථාව අඩුය. එහි වාසිය ගොවීන්ට ( නිෂ්පාදකයාට) සහ පාරිබෝගිකයාට ලැබෙයි.නමුත් ලංකාවේ සුපිරි වෙළද සැල් ජාලය එසේ නොවේ.

කීල්ස් සමාගම මීට වසර 3කට පෙර ”Scan and go” නමින් ස්වය සේවා ක්රමයක් හදුන්වා දුන්නේය . මේ අනුව භාන්ඩ ස්කෑන් කිරීම සහ ගෙවීම කිරීම ( කාඩ් මගින් ) පාරිබෝගිකයාටම කළ හැකි විය.වසර 3කට පෙර කීස්ල් සමාගම හදුන්වා දුන් ස්වයං සේවා ක්රමයේ වර්තමාන තත්වය පහත පරිදිය.

1. කීල්ස් පාරිබෝගිකයන්ගෙන් 1000ට එක් අයෙකුවත් මෙම ක්රමය භාවිතා කරන්නේ නැත

2. ලෝකයේ දියුනු රටවල් මෙම ක්රමය හදුන්වා දුන්නේ මීට වසර 25 කට පෙරය

3. අද Retail Operations දෝලනය වන්නේ RFID next level අවධියේය

4. ලංකාවේ මිනිසුන්ගේ පරිඝණක සාක්ෂරතාව දුර්වල නිසා කිල්ස් ස්වයං සේවා කවුන්ටර් වල සේවකයන් දෙදෙනා බැගින් රඳවා ඇත

5. දියුණු රටවල මිනිසුන් මෙන් නොව ලංකාවේ මිනිසුන් තවමත් සිටින්නේ වැඩවසම් යුගයේය. අනෙකා ලවා වැඩේ කර ගැනීම මිස තමා කිරීමට ඔවුන් කැමති නැත

6.ඛේදනීය ලෙස ඉතා අඩු වැටුපක් ලැබන කීල්ස් සේවකයන්ට ඉතා ඉහල පිරිවැයක් සහිත ස්වයං සේවා ක්රමය නඩත්තු කිරීමට සිදුව ඇත.

”Scan and go’ ක්රමය අසාර්ථක වුවද පිරිවැයක් දරමින් අසාර්ථක ක්රමය නඩත්තු කිරීමට ඔවුන්ට සිදුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ඉහල ඇවරිය අත යටින් සිදු කළ හොර ගණුදෙනු නිසාය.

තවද ආයතනය පෞද්ගලික වුවද එහි සිදුවන සොරකම් වල විපාකද මහජනයා මත පැටවීම වැලැක්විය නොහැක

කෙසේ වුවද ලංකාවේ මිනිසුන් සිතන්නේ , කථා කරන්නේ සොරුන් සිටින්නේ පාර්ලීමේන්තුවේ පමනක්ය ලෙසිනි. ලංකාවේ සොරුන් තුන් වර්ගයකි

1. ලේබල් හොරු -හොරකම කිරීම හෝ නොකිරිම කෙසේ වුවද හුදෙක් ‍රැල්ලට ලේබල් වූ හොරු

2. පට්ට හොරු – වෘත්තියක් ලෙස සොරකම් කරන  නමුත් මෙතෙක් අසු නොවූ හොරු, ලංකාවේ වැඩියෙන්ම සිටින්නේ මොවුන්ය

3. වෙන්ඩ හොරු – සොරකම් කිරීමට අවස්ථාවක් ලැබන තුරු බලාගෙන සිටින හොරු , ලංකාවේ දෙවැනියට වැඩිම පිරිස මොවුන්ය

රවි කරුණානායක ඔයිල් ෆාම් වගාවේ තහනම ඉවත් කිරීම්ට කටයුතු කිරීම හොද දෙයක් බව වාර්තාවක් පලකරමින් නැෂනල් ඇලට් ඊයේ ප්රකාශ කළේය. එහිදී ප්රස්තුත ගත කාරණය නොසලකා රවීට බැංකු හොරා යයි ඇතැමුන් චෝදනා කළහ .හොරු යයි, අනෙක් උන්ට ලේබල් අලවන බොහොමයක් අය ඇත්තටම හොරු බව දැන් පැහැදිළිය .