තණ කන මිනිසුන්ගේ පක්ෂයක් බවට පත්ව ඇති එජාපය බත් කන මිනිසුන්ගේ පක්ෂයක් බවට පත් කිරීමට නම්

0
111

එ.ජා.පයේ විශේෂ මහා සම්මේලනය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් ඊයේ පැවැත්වුනි එහිදී පක්ෂයට නව ව්යවස්ථාවක් හඳුන්වා දීමට නියමිත විය

එජාපයේ වර්තමාන තත්වය.(ලක්ෂණ)

1. ප්රජාතන්ත්ර ලක්ෂණ වලට වඩා වැඩවසම් ලක්ෂණ බහුලය
2. දක්ෂතා ඇති අයට වඩා නායකයාගේ අධෝමුඛය ලෙවකන අයට තැනක් ඇත
3. ඊනියා කේවට්ටයන් එමටය
4. බොහොමයක් තනතුරු උසුලන්නේ වැඩ බැරි ටාසන්ලාය
5. තාක්ෂණය අතින් ගල් යුගයේ සිටියි
6. පක්ෂය ගෝලීය ප්රවණතා අනුව වෙනස් වී නැත

කරුණු එසේ හෙයින් අත්තිවාරමේ සිට පක්ෂය යලි ගොඩනගන පෙරස්ත්රොයිකාවක් අවශ්ය වී ඇත . එම ප්රථිසංස්කරණ ගෙන ඒමේදී ජන විඥානයේ සිදුව ඇති වෙනස් කම් හඳුනාගත යුතුව ඇත.

1. ජාතිය බේරා ගන්නා දියසේන කුමාරවරු ගැන තිබූ විශ්වාසය බිඳී ඇත
2. පෞද්ගලීකරණයට එරෙහිව තිබූ විරෝධය මිය ගොස් ඇත
3. බිල්ලන් මවා ඡන්ද ගොඩ වැඩි කර ගැනීම දුෂ්කර වී ඇත
4. කහ සිවුරු වලින් දේශපාලන බංකර් හැදූ යුගය නිමා වී ඇත ( කතෝලික ලෝගුවද මීට ඇතුලත්ය )
5. ජාවාරම්කාර මාධ්ය මුදලාලිලාගේ දේශපාලන ගේම් එළිදරව් වී ඇත
6. නිළධාරීවාදය ජනතා උදහසට ලක්වෙමින් ඇත
7 . උද්ගෝෂණ, වැඩවර්ජන ප්රතික්ෂේප වී ඇත
8. සුභසාදන ආර්ථිකයක විපාක සහ නිෂ්පාදන ආර්ථිකයක වාසි , ජනයාට අද්දැකීමෙන් තේරුම් ගොස් ඇත
ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ල අද පවතින්නේ බත් කන මිනිසුන්ගේ පක්ෂ ලෙස නොව තණ කන මිනිසුන්ගේ පක්ෂ ලෙසය .එහි වෙනසක් දැකීමට නම් නියෝජිත ප්රජාතන්ත්රවාදය සහ වගවීම, පක්ෂ ව්යවස්ථාවෙන් අර්ථවත් කළ යුතුය.