කරුණා අක්කා සහ ජූලි අක්කා කියා දුන් පාඩම – අනුර කුමාරගේ යකුසා කල්ලියට යා හැකි දුර

0
241

රෝහන විජේවීර ජවිපේ නිර්මානය කළේ ජාතික විමුක්තිය තුලින් සමාජවාදය කරා යාමටය .නමුත් අනුර කුමාර යටතේ රෝහන විජේවීරගේ මිෂන් එක සහ විෂන් එක උඩු යටිකුරු වී ඇත.

එදා රෝහන විජේවීර ලංකාවේ ආර්ථික සහ මිලිටරි මර්මස්ථාන ඩැහැ ගැනීමට මානබලමින් සිටින ඉන්දීයාව සහ බටහිර රටවල් දු‍ටුවේ සතුරන් ලෙසිනි. නමුත් අනුර කුමාර එම රටවල සුරතලෙකු වී ඇත .

රෝහන විජේවීර සංවිධානයේ කොඳුනාරටිය ලෙස දු‍ටුවේ අධ්‍යාපන තුලින් බලවන්ත කළ කාඩරයන්ය. නමුත් අනුර කුමාර සංවිධානයේ කොඳුනාරටිය ලෙස දකින්නේ ඩීල් සහ මුදල් ය.

එදා සිටි විජේවීරගේ ගෝලයන්ට ලෝක ආර්ථිකය සහ භූ දේශපාලනය ගැන පෘථුල දැණුමක් විය . නමුත් අනුර කුමාරගේ ගෝලයන් දන්නා දෙයකුත් නැති නොදන්නා දෙයකුත් නැති ” පදපරමයින්” පිරිසකි.

ඉහත ඡායා රූපයේ සිටින්නේ රෝහන විජේවීරගේ දකුණු අත වන් වූ, ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකාවක වූ කරුණා අක්කාය. පසුගිය සතියේ ඇය මිය ගියාය. නමුත් අනුර කුමාරගේ ජවිපෙ ඇය පිළිබදව කථා කරන්නේ නැත.

අද කරුණා අක්කා ගැන කථා කරන්නේ ජවිපෙන් ඉවත්වූ පෙර‍ටුගාමී ක්‍රියාකාරීන්ය. නමුත් ඔවුන් කරුණා අක්කා ගැන කථා කරන්නේ කරුණා අක්කාට ඇති ආදරයට නොව අනුර කුමාර සමග ඇති වෛරය නිසාය

හේතුව අනුර කුමාරගේ ජවිපෙ සහ රෝහන විජේවීරගේ ජවිපෙ යනු එක් සංවිධානයක් නොව සංවිධාන 2කි. පළමුවැනි ජවිපෙ කැ‍රැල්ල සමග සිටි 99% අද අනුර කුමාරගේ ජවිපෙ සමග නැත. දෙවැනි ජවිපෙ කැ‍රැල්ල සමග සිටි 90% අද අනුර කුමාරගේ ජවිපෙ සමග නැත.

රෝහන විජේවීර මුදල් පරිපාලනයේ විනිවිදභාවයට මුල් තැන දුන්නේය. අනුර කුමාර මුදල් පරිපාලනයේ විනිවිදභාවය සම්පූරණයෙන් නොසලකා ඇත. ගෝල්ෆේස් අරගලය නිමාවූ සැනින්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආධාර නම්වූ දිය පහර, තම කුඹුරට හරවා ගැනීමට අනුර කුමාර ක්‍රියා කළේය.

ගමක මරණාධාර සමිතියක වුවද මුදල් පරිපාලනයේ විනිවිද භාවයක් ඇත. සමිතියට ලැබූන ආධාර සහ වියදම් පිලිබද විස්තරය එහි සමාජිකයන්ගේ දැන ගැනීම සඳහා ප්‍රදර්ශන කරයි .

නමුත් අනුර කුමාරගේ ජවිපෙට මුදල් ලැබෙන්නේ කෙසේද ඒවාට සිදු වන්නේ කුමක්ද යන්න දන්නේ යකුසා කල්ලිය ( අනුර කුමාරගේ කල්ලිය ) කල්ලිය පමනි.

මේ වන විට අනුර කුමාර බටහිර රටවල , මැද පෙරදිග සහ කොරියාව වැනි රට වල සංචාරය කිරීම අරඹා ඇත. හෙට අනිද්දා ඇමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය.මෙම සංචාරවල මුඛ්‍ය අරමුණ මුදල් එකතු කිරීමය

ආණ්ඩුව පෙරලීමට 71 , 89 යන කාලවල සන්නද්ධ අරගල දෙකක් දියත් කළ, 2022දී අර්ධ සන්නද්ධ අරගයලය් දියත් කළ,ජවිපේ වැනි කල්ලියක් එකතු කරන බිලියන ගණන් රුපියල් සහ ඩොලර් ගැන ජාතික බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නිහඬ ඇයි? විශේෂ ලිපිය මීලගට බලාපොරොත්තු වන්න